Kandy Youth

Kandy Youth ජාතික තරුණසේවා සභාවේ මහනුවර දිස්ත්‍රික් නිල ෆේස්බුක් පිටුව

වෘත්තීය ජීවිතය ජයගන්න...ඔබත් එන්න උලපනේ තරුණ සේවා පුහුණු මධ්‍යස්ථානයටනවක සිසුන් බඳවා ගැනීම ඇරඹුණා.වැඩි විස්තර සඳහා කතා ක...
27/12/2025

වෘත්තීය ජීවිතය ජයගන්න...
ඔබත් එන්න උලපනේ තරුණ සේවා පුහුණු මධ්‍යස්ථානයට
නවක සිසුන් බඳවා ගැනීම ඇරඹුණා.
වැඩි විස්තර සඳහා කතා කරන්න අපට.....

18/05/2025
03/05/2025

A/L වලින් පස්සේ

කරන්නේ මොනාද කියලා හිතලා අතරමං වෙලාද?

මේ සෙනසුරාදා ඒ කියන්නේ මැයි 03 වෙනිදා සවස 6.30 ඉදලා Youth එකේ Facebook සහ YouTube එකට සම්බන්ධ වන ඔයාට සියළුම ප්‍රශ්න විස‍ඳාගැනීමට අවස්තාව ලැබෙනවා.

➡️සවස 6.30 ට රජයේ විශ්වවිද්‍යාලයකට යන්න බලාගෙන ඉන්න ඔබට

➡️සවස 7.00 ට ලංකාවෙම වෙනත් උසස් අධ්‍යාපන මාවතකට යොමු වෙන්න ඉන්න ඔබට

➡️සවස 7.30 ට රැකියාවකට යන්න හිතාගෙන ඉන්න ඔබට

➡️සවස 8.00 ට විදේශ රැකියාවකට යන්න හිතන ඔබට

➡️සවස 8.30 ට NVQ වගේ වෘත්තීය සුදුසුකමක් හදාගන්න හිතන ඔබට

➡️සවස 9.00 ට ව්‍යාපාරිකයෙක් වෙන්න හිතන ඔබට

➡️සවස 9.30 ට උසස් අධ්‍යාපනයට විදේශගත වෙන්න හිතන ඔබට

✨ඉතින් ඔබේ අවශ්‍යතාවයන්ට අනුව සජීවීව Youth එකේ Facebook සහ YouTube එකට සම්බන්ධ වෙන්න අමතක කරන්න එපා.

මතක තියාගන්න, වෘත්තීය හා මනෝ උපදේශනය වියදමකින් තොරවම ලබාගන්න හැටිත් හැම දේශනයක්ම අවසානයේ සරළව පැහැදිළි කරලා දෙනවා.

ජාතික තරුණ සේවා සභාව මගින් විෂය ප්‍රවීණයින්ගේ සහභාගීත්වයෙන් නොමිලේ පැවැත්වෙන, *"නිර්මාණකරණයට අත්වැලක්"* තෙදින නේවාසික වැ...
23/04/2025

ජාතික තරුණ සේවා සභාව මගින් විෂය ප්‍රවීණයින්ගේ සහභාගීත්වයෙන් නොමිලේ පැවැත්වෙන, *"නිර්මාණකරණයට අත්වැලක්"* තෙදින නේවාසික වැඩමුළුව :

* කාව්‍ය, ගීතරචනා - මැයි 29,30,31

* නවකතා, කෙටි කතා - ජුනි 6,7,8

* චිත්‍ර - ජුනි 5

* නිවේදන - ජුනි 14 යන දිනයන්හී දී පැවැත් වේ.

මෙම වැඩමුළුවට සහභාගී වීමට ඔබත්, අයදුම් කරන්න.

මේ සඳහා, *අයදුම්පත සමඟ ඔබේ නිර්මාණත්* අප වෙත එවන්න. නිර්මාණ භාර ගන්නා අවසන් දිනය *අප්‍රේල් 30* වේ.

ඔබ නිර්මාණ ඉදිරිපත් කිරීමේ දී,

• කාව්‍ය සහ ගීත රචනා සඳහා තම නිර්මාණ තුනක් සමග අයදුම් කළ යුතුය.

• චිත්‍ර සඳහා, අඳින ලද චිත්‍රයක පිටපතක් සමග අයදුම් කළ යුතුය.

• නිවේදන සඳහා තම හඬෙහි MP 3 ගොනුවක් *[email protected]* වෙත ඉදිරිපත් කළ යුතුය.

නිර්මාණ එවිය යුතු ලිපිනය : *සහකාර අධ්‍යක්ෂක, (සෞන්දර්ය කුසලතා සංවර්ධනය) ,ජාතික තරුණ සේවා සභාව,මහරගම.*
(වැඩි විස්තර සඳහා 0711926625)

අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු එන්න පොල්ගොල්ල තරුණ පුහුණු මධ්‍යස්ථානයට !!අමතන්න  0812499500
27/03/2025

අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු එන්න පොල්ගොල්ල තරුණ පුහුණු මධ්‍යස්ථානයට !!
අමතන්න 0812499500

මහනුවර දිස්ත්‍රික් යෞවන සමාජ සම්මේලනය මඟින් මහනුවර මහරෝහලෙහි 11/12 වාට්ටු  ද්විත්වයෙහි තීන්ත ආලේප කිරීමෙහි කර්තව්‍යයේ ආර...
14/03/2025

මහනුවර දිස්ත්‍රික් යෞවන සමාජ සම්මේලනය මඟින් මහනුවර මහරෝහලෙහි 11/12 වාට්ටු ද්විත්වයෙහි තීන්ත ආලේප කිරීමෙහි කර්තව්‍යයේ ආරම්භක දිනය සාර්ථක ලෙස නිමවිය !!
2025.03.13

Congratulations Kandy Youth Team !!

National Youth Award Ceremony 2024ජාතික තරුණ සේවා සභාව මගින් 44 වන වරට සංවිධානය කල ජාතික යෞවන සම්මාන උළෙලේ බටහිර වාදන කො...
07/03/2025

National Youth Award Ceremony 2024

ජාතික තරුණ සේවා සභාව මගින් 44 වන වරට සංවිධානය කල ජාතික යෞවන සම්මාන උළෙලේ බටහිර වාදන කොන්සල් ෂ්ලූට් ප්‍රථම ස්ථානය ජයග්‍රහණය කල මහනුවර දිස්ත්‍රික්කයේ පාතහේවාහැට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ හංසිකා ගමගේ මෙනවියට හදවතින්ම සුභ ප්‍රාර්ථනය කරමු !!

Leadership Development Program  !!මහනුවර දිස්ත්‍රික් යෞවන සමාජ සම්මේලනය මඟින් විමලරත්න කුමාරගම මහා විද්‍යාලීය ශිෂ්‍ය නාය...
03/03/2025

Leadership Development Program !!

මහනුවර දිස්ත්‍රික් යෞවන සමාජ සම්මේලනය මඟින් විමලරත්න කුමාරගම මහා විද්‍යාලීය ශිෂ්‍ය නායක මණ්ඩලය වෙනුවෙන් ක්‍රියාත්මක කරන ලද ධාරිතා සංවර්ධන සහ නායකත්ව පුහුණු වැඩසටහනක් සාර්ථකව පවත්වන්නට යෙදුණි !!

මහනුවර දිස්ත්‍රික් යෞවන සමාජ සම්මේලනය සහ කුණ්ඩසාල යෞවන සමාජ ප්‍රාදේශීය බලමණ්ඩලය විසින් පොල්ගොල්ල උඩගුන්නෑපාන බෝධිමල්කඩ ව...
24/02/2025

මහනුවර දිස්ත්‍රික් යෞවන සමාජ සම්මේලනය සහ කුණ්ඩසාල යෞවන සමාජ ප්‍රාදේශීය බලමණ්ඩලය විසින් පොල්ගොල්ල උඩගුන්නෑපාන බෝධිමල්කඩ විහාර දහම් පාසල් දරු දැරියන් සහ උඩගුන්නෑපාන සහස්‍රා යෞවන සමාජ තරුණ තරුණියන් වෙනුවෙන් සංවිධානය කරනු ලැබූ ධාරිතා සංවර්ධන සහ නායකත්ව පුහුණු වැඩසටහන පොල්ගොල්ල උඩගුන්නෑපාන බෝධිමල්කඩ විහාරස්ථානයේ දී සාර්ථකව පවත්වන්නට යෙදුණි !!

Address

Kandy

Telephone

+94812200055

Website

Alerts

Be the first to know and let us send you an email when Kandy Youth posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share