YES Club -SACK

YES Club -SACK School based Gardening Club

17/04/2025

🙏 නළ ළිඳක් පූජා කිරීමේ පින්කම...

🙏 කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගනේවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් හුණුපොළ ග්‍රාමය ආසන්නව පිහිටි වනගත පෙදෙසෙහි කුටියක භාවනානුයෝගීව නිවන් මඟ වඩන ගෞරවනීය මෙහෙණින් වහන්සේ නමක් වැඩවෙසෙති.

🙏 පිණ්ඩපාතයෙන් යැපෙන උන්වහන්සේගේ ජල අවශ්‍යතා සපුරාගන්නේ කුටියට තරමක් ඈතින් පිහිටි ජල පිරිපහදු කරන ආයතනයකින් සපයා ඇති නළයකින් ලබාගන්නා ජලයෙනි.

🙏 එහෙත් බොහෝ දිනවල සවස් කාලයට සහ නිවාඩු දිනවල එම ආයතනය වසා තබන බැවින් අදාළ ජල සම්බන්ධතාවද එම අවස්ථාවලදී නවතා දැමීමට බලධාරීහු කටයුතු කරති.

🙏 එම අවස්ථාවලදී ගෞරවනීය මෙහෙණින් වහන්සේගේ ජල අවශ්‍යතාවන් සපුරාගැනීමට නොහැකිව උන්වහන්සේ පත්වන්නේ දැඩි දුෂ්කරතාවකටය.

🙏 ඊට පිළියමක් ලෙස කුටිය පිහිටි භූමියේ නල ළිඳක් සකස් කිරීමට අපේක්ෂා කරන අතර, එම කටයුත්ත ඉටුකර දිය හැකි පින්වතකු වෙතොත් පහත දුරකතන අංකයෙන් වැඩිදුර තොරතුරු විමසන ලෙස කාරුණිකව ඇරයුම් කරමු.

🙏 කුටිය පිහිටි ස්ථානයට පැමිණ, අදාළ ජල ගැටලුව පිළිබඳ සොයා බලා මෙම මාහැඟි පුණ්‍යකර්මයට දායක වන ලෙස පින් කැමැති සත්පුරුෂයන්ට ගෞරවයෙන් දැනුම් දෙමු.

🙏 විමසීම් - 0713 504 788

19/12/2022

Address

St. Anthony's College
Kandy

Telephone

+94777898092

Website

Alerts

Be the first to know and let us send you an email when YES Club -SACK posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share