Mahamevnawa Gilan Bhikshu Asapuwa

Mahamevnawa Gilan Bhikshu Asapuwa Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Mahamevnawa Gilan Bhikshu Asapuwa, Nonprofit Organization, Bombuwala, kaluthara.

සිල් ගුණදම් පුරන මහා සංඝ රත්නය උදෙසා ප්‍රතිකාර ලබමින් නිසංසල පරිසරයක් තුළ මානසික සුවය පිරිහී යා නොදී තව තවත් චිත්ත දියුණුව ලබා ගෞතම බුදු සසුගේ පිළිසරණ ලැබීමට උචිත අයුරින් මහමෙව්නාව භාවනා අසපු සංච්තයට අනුබද්ධව ඉදිවන කළුතර මහමෙව්නාව ගිලන් භික්ෂු අසපුව.

29/05/2026
28/05/2026

අනාගතය අදයි!

පැහැදුනු සිතින් කරන පින මහත් සැප උපදවයි.
26/05/2026

පැහැදුනු සිතින් කරන පින මහත් සැප උපදවයි.

භාග්‍යවතුන් වහන්සේගේ අග්‍ර උපස්ථායක, ධර්ම භාණ්ඩාගාරික, බහුශ්‍රැත, සතිමත්, ගතිමත්, ධ්තිමත් වූ ආනන්ද මහරහතන් වහන්සේට මාගේ ...
24/05/2026

භාග්‍යවතුන් වහන්සේගේ අග්‍ර උපස්ථායක, ධර්ම භාණ්ඩාගාරික, බහුශ්‍රැත, සතිමත්, ගතිමත්, ධ්තිමත් වූ ආනන්ද මහරහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා! #රහත්මුණිවරු

21/05/2026

හඬ නගා බුදුගුණ කියමු!

තුණුරුවණ කෙරෙහි ඇති පැහැදීම පින බලවත් කරයි.
19/05/2026

තුණුරුවණ කෙරෙහි ඇති පැහැදීම පින බලවත් කරයි.

සෙනසුන් පනවන භික්ෂූන් වහන්සේලා අතර අග්‍රවූ දබ්බමල්ලපුත්ත මහ රහතන් වහන්සේට අපගේ නමස්කාරය වේවා.  #රහත්මුණිවරු
17/05/2026

සෙනසුන් පනවන භික්ෂූන් වහන්සේලා අතර අග්‍රවූ දබ්බමල්ලපුත්ත මහ රහතන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. #රහත්මුණිවරු

16/05/2026

ඔබට රන්වන් දිවසළු තියෙනවා. රන්කොඩි ලෙල දෙනවා, රන් ආභරණවලින් සැරසිලා ඉන්නවා. රන්වන් පාට සඳුන්වලින් ගත තවරාගෙන ඉන්නවා. රන්වන් පාට මහනෙල් මල් පැළඳගෙන ඉන්නවා.

ප්‍රාසාදයත් රන්වන්. සයනාසනත් රන්වන්. රන්බඳුන් තියෙනවා. රන්වන් කුඩ තියෙනවා. දිව්‍ය රථත් රන්වන්. ඒ අශ්වයනුත් රන්වන් පාටයි. ඒ විජිනි පතුත් රන්වන් පාටයි.

සුන්දරී, ඔබ ඉස්සර මනුස්ස ලෝකෙදි මොන වගේ කුසල කර්මයක්ද කළේ. පින්වත් දෙව්දුව, අපි මේ ඔබෙන් අහන්නෙ මෙවැනි පුණ්‍ය විපාකයක් ලබන්ට හේතු වුන පුණ්‍ය කර්මය ගැනයි.

සක් දෙවිඳුනි, වැටකොළු නමින් වැල් ජාතියක් තියෙනවා. මං ඒ වැලෙන් මල් හතරක් කඩාගත්තා. මට ලොකු බලාපොරොත්තුවක් තිබුනෙ නෑ. මං ඒ මල්ගෙන බුදු රජුන්ගේ ස්ථූපය කරා ගියා.

ශාස්තෘන් වහන්සේ ගේ උතුම් බුදු සිරුර ගැන හිතද්දී මගේ හිතට පුදුමාකාර සතුටක් දැනුනා. මං ඒ ස්ථූපය ගැනමයි සිත සිතා හිටියේ. ඒ ගවදෙන එනවා මං දැක්කෙ නෑ.

මට ස්ථූපය ළඟට ගිහින් මල් පූජා කරගන්නා අදහස ඉටුකර ගන්න බැරි වුනා. ගව දෙන ඇනලා මං මැරුනා. ඉතින් මට ඒ පින රැස් කර ගන්න පුළුවන් වුනා නම් මීටත් වඩා උතුම් සැප ලැබෙනවා කියලයි මට හිතෙන්නේ.

පින්වත් දේවේන්ද්‍රය, මඝවා නම් වූ උතුම් දෙවිඳ. මං ඒ පුණ්‍ය කර්මයෙන් තමයි මිනිස් ශරීරය අත්හැරලා ඔබ අතරට පැමිණුනේ.

තව්තිසා දෙව්ලොවට අධිපති මඝවා නම් වූ ඒ උතුම් දෙවිදුන් තව්තිසා දෙවිවරුන්ව පැහැදෙන විදිහට මාතලී දිව්‍ය පුත්‍රයාට මෙහෙම කිව්වා.

පින්වත් මාතලී, මේ පුණ්‍ය විපාකය දිහා බලන්න. හරි අසිරිමත් නේද? දිය යුතු දේ ඉතා යන්තම් දෙයක් වුනත් ඒ පින මහත්ඵල ඉපදෙව්වා නෙව.

තථාගත වූ බුදුරජාණන් වහන්සේ ගැන වේවා, තථාගත ශ්‍රාවකයන් ගැන වේවා සිත පහදවා ගෙන සුළු දෙයක් දුන්නත් ඒ දක්ෂිණාව අල්ප වෙන්නෙ නෑ.

පින්වත් මාතලී, එන්න අපිත් තථාගතයන් වහන්සේගේ ධාතූන් වහන්සේලා වඩ වඩාත් පුදමු. පින් කිරීමමයි සැපය කියන්නෙ.

බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටිද්දීත්, උන්වහන්සේ පිරිනිවන් පෑවට පස්සෙත් සම සිතින්ම යම් පූජාවක් කරනවා නම් සම විපාක ලැබෙනවා. මේ සත්වයන් සුගතියේ උපදින්නෙ සිත පිහිටුවා ගන්නා වූ යහපත් දේ අනුවමයි.

යම් කෙනෙකුට පූජා සත්කාර කරන දායකයන් සුගතියේ උපදිනවා නම්, ඒ තථාගතයන් වහන්සේලා ඒකාන්තයෙන්ම ලෝකයට පහළ වන්නේ බොහෝ දෙනාට යහපත උදාකරන්ටමයි.

සාදු ! සාදු !! සාදු !!!

පීත විමානය- විමානවත්ථු- ඛුද්දක නිකාය

14/05/2026

මෙලොවින් අවසන් නොවන දෙය.

13/05/2026

🔴 ශ්‍රී අංගුලිමාල මහා සෑයේ පැවැත්වෙන - ශ්‍රී ශාක්‍යමුනි සර්වඥ ධාතු වන්දනාව පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ සාකච්ඡාව

පිවිසෙන්න 👉 https://youtu.be/bZ71QnHCv3w

Address

Bombuwala
Kaluthara

Alerts

Be the first to know and let us send you an email when Mahamevnawa Gilan Bhikshu Asapuwa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share