17/06/2026
පොලිස් ශිෂ්‍යභට ඒකකය කොට්ඨාසයක් වශයෙන් ස්ථාපිත කර අදට වසර 04 ක් සපිරීම නිමිත්තෙන් සියලුම පළාත් ආවරණය කරමින් ආගමික වැඩසටහන් රැසක් සංවිධානය කරන ලද අතර කලුතර බෝධීන් වහන්සේ අභියස,මහනුවර ශ්‍රී දළදා වහන්සේ අභියස,සබරගමුව සමන් දේවාලය මෙන්ම උතුම් සිද්ධස්ථාන රැසක පිංකම් මාලාවක් සිදු කරන ලදි.
ශිෂ්‍යභට කොට්ඨාසයේ මෙතෙක් ආ ගමන් මගෙහි පූර්වගාමියා ලෙස කටයුතු කරන ලද පූර්වගාමී අධ්‍යක්ෂතුමන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චින්තක ගුණරත්න මැතිතුමන් කෘතගුණ පූර්වකව සිහිපත් කරන අතර වත්මන් අධ්‍යක්ෂතුමන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පී.ඩී.පී.පෙරේරා මැතිතුමන්ගේ මෙහෙහවීම සහ ස්ථානාධිපතිතුමන් ප්‍රධාන පොලිස් පරීක්ෂක නිලන්ත පේමරත්න මැතිතුමන්ගේ නායකත්වය යටතේ අද වන විට දිවයිනේ පාසල් බොහෝ ප්‍රමාණයක පොලිස් ශිෂ්‍යභට කටයුතු පවත්වාගෙන යාමට හැකියාව ලැබී ඇත.
පොලිස් ශිෂ්‍යභට කොට්ඨාසය මගින් පොලිස්පති කුසලාන ජාතික කදවුරු 05 ක් වාර්ශිකව පවත්වා ඇති අතර බලඇණි ඇගයීම් කදවුරු මෙන්ම පලාත් ඇගයීම් කදවුරු රැසක් පවත්වා විනය ගරුක,නීති ගරුක මෙන්ම ගෞරවාන්විත දරු පරපුරක් සමාජයට දායාද කිරීමට පොලිස් ශිෂ්‍යභට කොට්ඨාසයේ නිළධාරීන් අපමණ වෙහෙසක් ගනු ලබයි.
පොලිස් ශිෂ්‍යභට කොට්ඨාසයේ අනාගතය වෙනුවෙන් ගරු පොලිස්පති තුමන්, නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මැතිතුමන්
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පරිපාලන සංජීව ධර්මරත්න මැතිතුමන්,
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පුහුණු හා උසස් පුහුණුතුමන් නීතිඥ සම්පත් කුමාර ලියනගේ මැතිතුමන්, නියෝජ්‍ය පොලිස්පති බදවා ගැනීම් හා පුහුණු දිසාව ඊ.එම්.ජී.ජගත් සේරම් මැතිතුමන් ඇතුළු සියලුම ජ්‍යෙෂ්ඨ නිළධාරීන් මහත්වරුන් ලබා දෙනු ලබන සහයෝගය ගෞරවයෙන් සිහිපත් කරමු.
එමෙන්ම පොලිස් ශිෂ්‍යභට කොට්ඨාසයේ උන්නතිය හා අභිවෘද්ධිය වෙනුවෙන් කැපවීමෙන් යුතුව උපදේශක දායකත්වය ලබා දෙනු ලබන පරීක්ෂක ශ්‍රේණියේ සහ කණිෂ්ඨ ශ්‍රේණියේ සියලුම උපදේශක නිලධාරී මහත්ම මහත්මීන් ගෞරවයෙන් සිහිපත් කරන අතර විශ්‍රාම ලබා සිටින නිළධරයන්,ස්ථාන මාරු ලබා සිටින සහ මියගිය සියලුම නිලධරයන් ගෞරව පූර්වකව සිහිපත් කරන්නෙමු.