04/03/2026
2026 මාර්තු මස 02 වන දින මතුගම සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මධ්‍ය විද්‍යාලයීය පෝතක බාලදක්ෂ දරුවන් වෙනුවෙන් “පෝතක එළිමහන් දින වික්‍රමය - 2026” මැයෙන් විශේෂ ප්‍රායෝගික කඳවුරක් විද්‍යාලයීය ක්‍රීඩාංගනයේදී පැවැත්විණි. එහිදී වික්‍රමාන්විත පෝතක ක්‍රියාකාරකම් ඇතුළු ප්‍රායෝගික ක්‍රියාකාරකම් රැසක් දරුවන් වෙනුවෙන් පැවැත්විණි.
මෙම වැඩසටහන සඳහා ආරාධිතයින් ලෙස, නියෝජ්‍ය විදුහල්පති සුජීව ප්‍රියදර්ශන මහතා, නියෝජ්‍ය විදුහල්පති නදුන් වීරප්පුලිගේ මහතා, සහාය දිසා කොමසාරිස් පුහුණු හා ජාත්‍යන්තර කසුන් විජේසේකර මහතා, සහාය දිසා කොමසාරිස් පෝතක පද්මිණී කුලරත්න මහත්මිය, සහාය දිසා කොමසාරිස් කුෂාණි නවෝද්‍යා මහත්මිය, දන්ත චිකිත්සක නිලධාරීනී තිළිණි පියුමාලි මහත්මිය, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනී අනූෂා රුවන් පතිරණ මහත්මිය යන මහත්ම මහත්මීන් සහභාගි විය.
පෝතක දරුවන්ට නවමු අත්දැකීමක් වූ මෙම වැඩසටහන සංවිධානය කරන ලද්දේ එම විද්‍යාලයේ පෝතක බාලදක්ෂ ආකේලා එස්. ඒ. ඩී. ජී. පී. මහීපාල මහත්මිය විසිනි.
මාධ්‍ය ඒකකය,
කළුතර දිසා බාලදක්ෂ ශාඛාව
ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය