Kalutara Vidyalaya - OLD Boys' Association

Kalutara Vidyalaya - OLD Boys' Association This is official page for Kalutara Vidyalaya - OLD Boys' Association. Kalutara Vidyalaya was founded in Kalutara on 13th January 1941 by Sir Cyril De Zoysa.

16/02/2026
16/02/2026

Sri Lanka, England qualified progress through to the next round, while Afghanistan stay in contention on a manic Monday.

13/02/2026


( පාසල ආරම්භයේ සිට නිදහස් අධ්‍යාපනයට එක්වීම දක්වා )

සිරිල්ද සොයිසා මහතාගේ ආරාධනාවකට අනුව මොරටු විද්‍යාලයේ විදුහල්පති ඩී.ඩී.පී සමරවීර මහතා 1941 ජනවාරි මස 24 වැනි දින කළුතර විද්‍යාලයේ මුල්ම විදුහල්පති ලෙස වැඩ භාර ගන්නා ලදී. 1943 මාර්තු මස 01 වැනි දින මුල්ම උප විදුහල්පති ලෙස එම්.එන්.එම් බද්උද්දීන් මහතාත්, පහල අංශයේ අධීක්ෂක ලෙස ඩී.කේ.යූ සිල්වා මහතාත් වැඩ භාරගන්නා ලදී.

- ආදර්ශ පාඨය හා ගීතය -
කළුතර විද්‍යාලයේ මුල්ම ආදර්ශ පාඨය වූයේ “උත්සහ වන්තං ජනානං කිං නසාදියන්ති“ යන්නයි. උත්සහවන්ත ජනයාගේ කුමක් නම් සිදු නොවෙත්ද යන්න එහි සිංහල තේරුම විය. ආරම්භයේදී පාලි ආදර්ශ පාඨයක් තිබුනද පසු කලෙක එය වෙනස් විය. පසුව එකල පැවති පාසල්වලට වෙනස් මගක් ගනිමින් සිංහල ආදර්ශ පාඨයක් පලමුවරට යොදන ලදී. ඒ “දෑ සමය සුරකිනු“ යන්නයි. කළුතර විද්‍යාලයේ මුල් කාලීන සංගීත ගුරුවරයා වූ අනංගලාල් අතුකෝරල මහතා කළුතර විද්‍යාලයේ ගීතය නිර්මාණය කරන ලද අතර කළුතර බාලිකා විද්‍යාලයේ ගීතයද මීට සමගාමීව සකස් කරන ලදී.

- පාසල අනුමත කිරීම -
බලාපොරොත්තු වූ ප්‍රගතිය ලබාගෙන තිබූ බැවින් කළුතර විද්‍යාලය ජ්‍යෙෂ්ඨ ද්විතියික පාසලක් ලෙස අනුමත කිරීමට අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ විධායක කමිටුව තීරණය කල බව 1941 ජූනි මස 05 වන දින දරණ ලිපිය මගින් අධ්‍යාපන අධ්‍යක්ෂකතුමා ශ්‍රීමත් සිරිල්ද සොයිසා මහතා ප්‍රමුඛ කළුතර තරුණ බෞද්ධ සංගමයට දන්වන ලදී.

- කළුතර බාලිකා විද්‍යාලය ආරම්භ කිරීම -
කළුතර විද්‍යාලය අනුමත කිරීමෙන් පසුව බාලක හා බාලිකා වශයෙන් පාසල් දෙකක් බිහිකර ගැනීම බෞද්ධ සමිතියේ අරමුණ විය. එම නිසා 1941 ඔක්තෝබර් මස 21 වන දින බෞද්ධ බාලිකා විද්‍යාලයක් ආරම්භ කිරීම සදහා අධ්‍යාපන අධ්‍යක්ෂකට කළුතර බෞද්ධ සමිතිය විසින් ලිපියක් යවන ලදී. “කොළඹ සිට සැතපුම් 27 1/4ක් දුරින් කොළඹ ගාලු පාරට යාබදව පිහිටි අක්කර 05කින් යුතු ක්ලැමලි හවුස් හෙවත් අල්විස් වලව්ව මෙම පාසල පිහිටුවීම සදහා තෝරාගෙන ඇත. නිවසේ අයිතිකරු කොළඹ පදිංචි දොස්තර ඩී.බී ද අල්විස් මහතාය. මෙහි වර්ග අඩි 3057ක් ඇති බවත්, ලමුන් 235ක් සදහා එම ඉඩකඩ ප්‍රමාණවත් බවත්“ එම ලිපියේ සදහන් වේ.

1942 ජනවාරි මස 07 වන දින පී ද ඇස් කුලරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ක්ලැමලි හවුස් හිදී කළුතර බාලිකා විද්‍යාලය ආරම්භ කරන ලදී. මෙහිදී කළුතර විද්‍යාලයේ ළදරු පංතිවල, පහල හා ඉහල බාලාංශ පංතිවල සිටි සිසුවියන් කළුතර බාලිකා විද්‍යාලයට ඇතුලත් කරන ලදී. ඒ අනුව පලමු වරට කළුතර විද්‍යාලය බාලක පාසලක් බවට පත්විය.

- දෙවන ලෝක යුද්ධය -
1939 සිට 1945 දක්වා ලෝකයම සසල කල දෙවන ලෝක යුද්ධය පැවතුනි. එකල ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය යටත් විජිතයක් වූ නිසා ශ්‍රී ලංකාවටද යුද්ධයේ උණුසුම තදින්ම දැනෙන්නට විය. ජපන් සතුරාගේ ආක්‍රමණයට රත්මලාන ගුවන් තොටුපල ඉලක්ක වී තිබුනු නිසා කොළඹින් පිට වෙනත් රහසිගත ගුවන් තොටුපලක් ඉදිකිරීමට බ්‍රිතාන්‍ය ආණ්ඩුවට අවශ්‍ය විය. මේ සදහා නාගොඩ කටුකුරුන්ද ප්‍රදේශය සුදුසු යැයි තීරණය කල බ්‍රිතාන්‍ය රජය යුධ හමුදාවට නැවතීමට මාටිං බංගලාවත්, ගුවන් තොටුපලට එම භුමියත් වහාම පවරා ගැනීමට නියෝග නිකුත් කරන ලදී. ඒ අනුව 1942 මාර්තු මස 18 වනදින පැය 24ක් ඇතුලත භූමියෙන් සියළු බඩුබාහිරාදිය රැගෙන ඉවත් වන ලෙසට දැනුම් දී තිබේ. වහාම ක්‍රියාත්මක වූ විදුහල්පති ඩී.ඩී.පී සමරවීර මහතා එදින පාසලට නිවාඩු ලබාදුන් අතර විද්‍යාලයට අයත් සියළුම බඩුබාහිරාදිය අල්විස් වලව්වට ගෙනඑන ලදී. ඉන්පසු නැවත කළුතර විද්‍යාලය ආරම්භ කිරීම ගැන සාකච්ඡා පවත්වන ලදී.

- මාටිං බංගලාවේ සිට අල්විස් වලව්වට -
අවසානයේදී කළුතර විද්‍යාලය අල්විස් වලව්වට ගෙනඒමට තීරණය කරන ලදී. ඒ අනුව කළුතර විද්‍යාලය 1942 අප්‍රේල් මස 27 වැනි දින කළුතර බාලිකා විද්‍යාලය පිහිටි එනම් වර්තමාන කළුතර විද්‍යාලය පිහිටි භූමියේම නැවතත් ස්ථාපිත විය. ඒ අනුව කළුතර විද්‍යාලය නැවතත් මිශ්‍ර පාසලක් බවට පත්විය.

- කළුතර බාලිකාව බෘෘක්ලීන් නිවසට -
යුද්ධ තත්වය දිනෙන් දින වර්ධනය වීම නිසා, කළුතර විද්‍යාලය නැවතත් නාගොඩ මාටින් බංගලාවට ගෙනයාමට නොහැකි විය. එසේම එකම ස්ථානයේ පාසල් දෙකම පවත්වාගෙන යාම පාසල්වල සංවර්ධනයට බාධාවක් වීම නිසා ශ්‍රීමත් සිරිල්ද සොයිසා මහතාගේ පෞද්ගලික නිවස වූ බෘෘක්ලීන් නිවසට කළුතර බාලිකා විද්‍යාලය ගෙනයන ලදී. ඒ අනුව 1942 මැයි මස 25 වනදින සිට කළුතර විද්‍යාලය නැවතත් බාලක පාසලක් බවට පත්වෙමින් වර්ථමාන භූමියේම ස්ථාපිත වූ අතර කළුතර බාලිකා විද්‍යාලය පරණ පාරේ වර්තමානයේ පිහිටි භූමියේ ස්ථාපිත විය.

- නිදහස් අධ්‍යාපනයට එක්වීම -
කළුතර විද්‍යාලය ජ්‍යෙෂ්ඨ ද්විතියික ඉංග්‍රීසි මාධ්‍ය ගාස්තු අයකරන පාසලක් ලෙස ආරම්භ කරන ලදී. නමුත් නිදහස් අධ්‍යාපන පනත මගින් බොහෝ පාසල් නිදහස් අධ්‍යාපනයට එක්වද්දී කළුතර විද්‍යාලයද නිදහස් අධ්‍යාපනයට එක්කල යුතු බව බොහෝ දෙනාගේ අදහස විය. ඒ අනුව 1946 අප්‍රේල් මස 15 වනදින කළුතර විද්‍යාලය බදු අංක A 331/136/259/52 යටතේ රජයට පවරා ගැනීමට ඉඩ දෙමින් නිදහස් අධ්‍යාපනයට එක්විය. පාසල ආරම්භ කරන ලද්දේ බෞද්ධ දරුවන්ට අධ්‍යාපනය ලබාදීමේ අරමුනෙන් නිසා එම අරමුණ ඉටුකිරීමට රජය එකග විය.

12/02/2026


( ඓතිහාසික පසුබිමේ සිට පාසල ආරම්භය දක්වා )

- ඓතිහාසික පසුබිම -
යුරෝපීය ආගමනයට පෙර ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ලබා දුන්නේ පන්සල, පිරිවෙන හෝ කුලය තුලිනි. නූතන පාසල යටත් විජිත පාලනයෙන් අපට උරුම වූවකි. වර්තමාන ස්වරූපයෙන් වූ පාසල දේශීයව විකාශනය වූවක් නොව පිටරටින් ආනයනය කරන ලද්දකි. යටත් විජිත පාලනය තුල රාජ්‍ය වරප්‍රසාද නොලැබීමත්, මිෂනාරි පල්ලිවලින් දේශීය ආගම්වලට විරුද්ධව ගෙනගිය ව්‍යාපාර නිසාත්, මිෂනාරි පාසල්වල අධ්‍යාපනය ලැබූවන්ට රාජ්‍ය අනුග්‍රහය ලැබීම නිසාත් බෞද්ධාගමේ පරිහානියක් සිදුවිය. පසුකලෙක පානදුරාවාදය ඇතුළු පංච මහා වාදයන්ගෙන් පන්නරය ලැබූ බෞද්ධයන් 1874දී කොළඹ විද්‍යෝදය පිරිවෙනත්, 1875දී කැළණිය විද්‍යාලංකාර පිරිවෙනත් පිහිටුවමින් බෞද්ධාගමේ පුනර්ජීවයකට මං පෑදවීය.

මෙකල ඇමරිකාවෙන් පැමිණි කර්නල් ඕල්කට්තුමා ඇතුළු පරම විඥානාර්ථවාදීන්ගේ නායකත්වය ඇතිව ශ්‍රීලංකාවේ බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාර ක්‍රියාත්මක විය. 20වන සියවසේ ආරම්භයත් සමග එම ව්‍යාපාරවල නායකත්වය ගත්තේ අනගාරික ධර්මපාලතුමා හා වලිසිංහ හරිස්චන්ද්‍ර වැන්නවුන්ය. ධර්මපාලතුමා ඉංදියාවේ බෞද්ධාගමික පුනර්ජීවනයට අදාල කටයුතු මෙහෙයවීම සදහා ඉංදියාවට ගියේය. එකල බෞද්ධ පුනර්ජීවන කටයුතුවලට උරදුන් ජාතික නායකයෙකු වූයේ ශ්‍රීමත් සිරිල්ද සොයිසා මැතිතුමාය. මෙතුමා සභාපතිත්වය දැරූ කළුතර බෞද්ධ සමිතිය විසින් කළුතර නාගොඩ බෞද්ධ පාසලක් ආරම්භ කිරීමට උත්සහ දරන ලදී.

1940 ඔක්තෝබර් මස 29 වැනි දින “කළුතර නාගොඩ යෝජිත නව බෞද්ධ විද්‍යාලය“ යන ශීර්ෂයෙන් යුතුව කළුතර බෞද්ධ සමිතිය විසින් කොළඹ අධ්‍යාපන අධ්‍යක්ෂකට යැවූ ලිපියේ මෙසේ සදහන් වේ. “කළුතර කටුකුරුන්ද හංදියේ සිට සැතපුම් 1/8ක් දුරින් මතුගම තෙබුවන පාරේ තට්ටු දෙකේ ගොඩනැගිල්ලක් සහිත අක්කර 11කින් යුත් ඉඩමක් යෝජිත පාසල ඉදිකිරීම සදහා වටිනාකමින් 1/3ක මුදලකට එනම් රු. 50 000කට වර්තමාන අයිතිකරුගෙන් මිලදී ගෙන ඇති බවත්, එහි පංති කාමර 40කට ඉඩකඩ සැලසිය හැකි බවත්, මිශ්‍ර ඉංග්‍රීසි පාසලක් ආරම්භ කිරීම අරමුණ බවත්, නේවාසිකාගාරයක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවත්, ඉදිරියේදී බාලක හා බාලිකා වශයෙන් පාසල් දෙකක් බිහිකිරීම අරමුණ බවත්, කෘෂිකර්මය හා ගෙවතු වගා කර්මාන්ත සදහා වෙනවෙනම අංශ බිහිකිරීමට බලාපොරොත්තු වන බවත්“ එම ලිපියේ සදහන් වේ.

මෙකල දෙවන ලෝක යුද්ධය ආරම්භ වී තිබුනු බැවින් 1940 නොවැම්බර් 01 වනදා කොළඹ අධ්‍යාපන අධ්‍යක්ෂක උක්ත ලිපියට පිලිතුරු සපයමින් කියාසිටියේ “වර්තමාන යුධ තත්වය හේතුකොට ගෙන රජයේ ආධාර ලබන පෞද්ගලික පාසලක් ලියාපදිංචි කල නොහැකි බවයි“. කළුතර බෞද්ධ සමිතිය විසින් 1941ට පෙර පාසල පටන් ගත යුතු බවට කරන ලද ඉල්ලීමක ප්‍රථිඵලයක් වශයෙන් කළුතර පාසල් පරීක්ෂක මේ පිළිබදව වාර්ථාවක් ඉදිරිපත් කරන ලදී. එම වාර්තාවේ උක්ත භූමිය අක්කර 11ක් බවත්, වර්තමාන අයිතිකරු ශ්‍රීමත් සිරිල්ද සොයිසා මහතා බවත්, ගොඩනැගිල්ලේ කාමර 24ක්ද, කොරිඩෝ ආදී කොටස් 17ක්ද, වර්ග අඩි 3750ක් ඇති බවත්, ගොඩනැගිල්ල සිසුන් 289කට ප්‍රමාණවත් බවත්, යෝජිත පාසල මිශ්‍ර ජ්‍යෙෂ්ඨ ද්විතියික ඉංග්‍රීසි මාධ්‍ය පාසලක් බවත්, ලමුන් 150කට ප්‍රමාණවත් ලී බඩු සාදා තිබෙන බවත් එහි සදහන් වේ. ඒ අනුව පාසල ආරම්භ කිරීමට කටයුතු යොදන ලදී.

- පාසල ආරම්භය -
පලමුවෙන්ම පාසල ආරම්භ කිරීමට ලී බඩුත්, ක්‍රිකට් ක්‍රීඩාංගනයකුත්, පාපන්දු ක්‍රීඩාංගනයකුත්, බැඩ්මින්ටන් ක්‍රීඩා පිටියකුත්, අත් පන්දු හා දැල් පන්දු සදහා වෙනවෙනම ස්ථාන වෙන් කරන ලදී. කළුතර විද්‍යාලය කළුතර යන නමින් 1941 ජනවාරි මස 06 වන දින කළුතර විද්‍යාලයේ විස්තර සහිත නිර්දේශ පත්‍රයක් හෙවත් ප්‍රකාශ පත්‍රයක් නිකුත් කරන ලදී. එම ප්‍රකාශ පත්‍රෙයහි වයස අවුරුදු 4ට වැඩි ගැහැනු ලමුන්ට හා පිරිමි ලමුන්ට ඇතුලත් විය හැකි බවත්, ගාස්තු අයකරන ආකාරයත්, උගන්වනු ලබන විෂයනුත්, ආචාර්ය මණ්ඩලයත්, කළමණාකරණ මණ්ඩලයත් සදහන් වේ.

1941 ජනවාරි 06 වැනි දින පලමුවෙන්ම පාසලට ලමුන් ඇතුලත් කරගන්නා ලදී. ඒ අනුව පාසලට ඇතුලත් කිරීමේ අංක 01 ඩී.ඩී පෙරේරා, අංක 02 ඩී.ඒ ලාලසේන හා අංක 03 ඩී.ඒ.ඩී ධර්මාවතී යන සිසු සිසුවියන් විය. පලමු දිනයේදී ලමුන් 41ක් ඇතුලත් කරන ලදී. ජනවාරි 08 වනදා එක් අයෙකුද, 09 වනදා එක් අයෙකුද, 10 වනදා දස දෙනෙකුද, 11 වනදා තුන් දෙනෙකුද ලෙසින් ලමුන් 56 දෙනෙකුගෙන් හා ආචාර්ය මණ්ඩලය 11 දෙනෙකුගෙන් යුතුව 1941 ජනවාරි මස 13වන සදුදා දින පාසල ආරම්භ කරමින් අධ්‍යාපන කටයුතු ආරම්භ කරන ලදී.

කළුතර විද්‍යාලයේ මුල්ම ලොග් සටහනේ මෙසේ දැක්වේ.
“1941 ජනවාරි මස 13වන සදුදා දිනයේ එනම් අද දිනයේ උදෑසන 8.00ට සිසු සිසුවියන් 56 දෙනෙකු සමග පිරිමි ගුරුවරු 07 දෙනෙකු හා ගැහැනු ගුරුවරියන් 04 දෙනෙකු සහිතව ආචාර්ය මණ්ඩලය 11කින් යුක්තව පාසල ආරම්භ කලා“

11/01/2026
16/12/2025


Welcome to the IPL, Pathum Nissanka 👋 🇱🇰

LIVE: srkl.in/6016BAV1k0 |

Sir cyril  de Zoysa 129 th  commemoration.He was the founder of Kalutara vidyalayaA man of vision & courage.
27/10/2025

Sir cyril de Zoysa 129 th commemoration.
He was the founder of Kalutara vidyalaya
A man of vision & courage.

Lastday in  the adi sisu piyasa of Kalutara Vidyalaya , the PN Foundation donated  two pairs of cricket boots to the und...
26/10/2025

Lastday in the adi sisu piyasa of Kalutara Vidyalaya , the PN Foundation donated two pairs of cricket boots to the under 19 cricket players in Kalutara Vidyalaya.Special thanks to the former cricketer Mr.Rumesh Rangana de Silva. And also thanks to the former coach Mr. Sunil Saluwadana and the persent coach Mr.Jayalathge ,who tookpart in this moment and thanks to the parents of under 19 cricket team,who participated this moment.

Address

Kalutara South
12000

Alerts

Be the first to know and let us send you an email when Kalutara Vidyalaya - OLD Boys' Association posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Kalutara Vidyalaya - OLD Boys' Association:

Share