Base Hospital Kalawana

Base Hospital Kalawana Type B Base Hospital

21/07/2026
විඩාබර හිතට මොහොතක සුවයක්..කලවාන මුලික රෝහලේ කාර්ය මණ්ඩලය සදහා පවත්වන්නට යෙදුන වාර්ෂික සුහද හමුව මෙවරත් 2026.07.17 වන දි...
20/07/2026

විඩාබර හිතට මොහොතක සුවයක්..
කලවාන මුලික රෝහලේ කාර්ය මණ්ඩලය සදහා පවත්වන්නට යෙදුන වාර්ෂික සුහද හමුව මෙවරත් 2026.07.17 වන දින රාත්‍රියේ වෛද්‍ය අධිකාරිතුමාගේ ප්‍රධානත්වයෙන් සේසත උත්සව ශාලාවෙිදි පැවැත්විණි. එහි අවස්ථා කිහිපයක්.....

ඔබ සැමට බැති සිතින් ආරාධනා....!
26/06/2026

ඔබ සැමට බැති සිතින් ආරාධනා....!

ඩෙංගු මදුරුවාගෙන් බේරෙමු!🦟❌ තව ජීවිතයක් බේරාගමු👇ඩෙංගු මර්ධනය වෙනුවෙන් ඔබේ නිවසෙත් මේ සතියේ "විනාඩි 10"ක් වෙන් කරමු. ඩෙංග...
15/06/2026

ඩෙංගු මදුරුවාගෙන් බේරෙමු!🦟❌ තව ජීවිතයක් බේරාගමු👇

ඩෙංගු මර්ධනය වෙනුවෙන් ඔබේ නිවසෙත් මේ සතියේ "විනාඩි 10"ක් වෙන් කරමු. ඩෙංගු මදුරුවා බිත්තර දාන්නේ අපේම ගෙවල් වල තියෙන පිරිසිදු වතුරේ නිසා

1. මල් පෝච්චි යට තැටි- සතියට සැරයක් හෝදලා අලුත් වතුර දාන්න.
2. පරණ ටයර්, පොල්කටු, බෝතල්- වත්තේ තියෙනවනම් වළලන්න හරි ඉවත් කරන්න.
3. ශීතකරණයේ ජලය එකතුවෙන යට තැටි / AC එකේ වතුර රැදෙන තැන් සතියකට සැරයක් බලන්න.
4. වැසි වතුර බහින කාණුවල අපද්‍රව්‍ය හිරවෙලා වතුර පිරිල ද බලන්න.
5. වතුර පිරිල තියෙන තැන් වැලි ටිකක්වත් දාලා වහන්න.
6. වතුර ටැංකි, බැරල්- හොඳට පරීක්ෂා කරන්න.
7. ගස්වල බෙනවල වැහි වතුර රැඳෙන බැවින් පස් පුරවන්න.
7. වතුර පිරෙන්න පුලුවන් කිසිම දෙයක්- ගෙදර පිටිපස්සට විසි කරන්න එපා.

වේගයෙන් ව්‍යාප්ත වන ඩෙංගු රෝගය මර්ධනය සදහා ඔබේ වගකීම අදම ඉටු කරන්න.

බෙහෙතට වඩා වටින සිනහවකින් කැපවීම, දයාව, වගකීම කියන වචනවලට ජීවමාන උදාහරණ දෙන අපේ හෙද කාර්ය මණ්ඩලය වෙනුවෙන් මැයි මස 12 වෙන...
04/06/2026

බෙහෙතට වඩා වටින සිනහවකින් කැපවීම, දයාව, වගකීම කියන වචනවලට ජීවමාන උදාහරණ දෙන අපේ හෙද කාර්ය මණ්ඩලය වෙනුවෙන් මැයි මස 12 වෙනි දිනට යෙදී තිබුණු " ජාත්‍යන්තර හෙද දිනය" මෙසේ සමරන ලද වගයි.... 💉💊🩺♥️

02/06/2026

කලවාන මූලික රෝහල් කාර්ය මණ්ඩලය විසින් ප්‍රථමවරට සංවිධානය කළ වෙසක් පහන් කූඩු ප්‍රදර්ශනය අද දිනෙන් අවසන්වන බැවින් එය නැරඹීම සඳහා ඔබ සැමට ආරාධනා..

සම්බුදු සිසිලෙන් ලොවම පහන් වේවා !!!!!!!!♥බු.ව 2570 වෙනි ශාක්‍ය මංගල්‍ය නිමිති කරගනිමින් කලවාන මූලික රෝහල් කාර්ය මණ්ඩලය ව...
01/06/2026

සම්බුදු සිසිලෙන් ලොවම පහන් වේවා !!!!!!!!♥
බු.ව 2570 වෙනි ශාක්‍ය මංගල්‍ය නිමිති කරගනිමින් කලවාන මූලික රෝහල් කාර්ය මණ්ඩලය විසින් ප්‍රථම වරට සංවිධානය කරන ලද වෙසක් පහන් කූඩු ප්‍රදර්ශනය කලවාන මූලික රෝහල් පරිශ්‍රයේදී ප්‍රදර්ශනය කෙරේ.....
Base Hospital Kalawana ✽ ✽☆✽ ✽

30/05/2026

කලවාන මූලික රෝහලේ කාර්ය මණ්ඩලීය එකමුතුවෙන් ප්‍රථම වරට සංවිධානය කරනු ලබන වෙසක් පහන් කූඩු ප්‍රදර්ශනය නැරඹීම සදහා ඔබ සැමට ආරාධනා......!! ✿☆♥♥Base Hospital Kalawana

Address

Kalawana

Telephone

045-2255261

Website

Alerts

Be the first to know and let us send you an email when Base Hospital Kalawana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share