Rahal Foundation

Rahal Foundation Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Rahal Foundation, Nonprofit Organization, Sankapitti Purana Viharaya, Kaduwela.

මහා රොටි දන්සලකඩුවෙල කොතලාවල සංඛපිට්ඨි පුරාණ රජමහා විහාරස්ථ රහල් පදනම මගින් සංවිධානය කරනු ලැබූ 'මහා රොටි දන්සල' උතුම් වෙ...
01/06/2026

මහා රොටි දන්සල

කඩුවෙල කොතලාවල සංඛපිට්ඨි පුරාණ රජමහා විහාරස්ථ රහල් පදනම මගින් සංවිධානය කරනු ලැබූ 'මහා රොටි දන්සල' උතුම් වෙසක් පුර පසළොස්වක පොහෝ දින (මැයි 30) සවස 5 සිට විහාරස්ථාන භූමියේදී සාර්ථකව පැවැත්වුණු අතර, විශාල පිරිසක් එම කටයුත්ත සමග සම්බන්ධ විය.

මෙම උතුම් සද්කාර්‍ය සාර්ථකව සිදුකරගැනීමට අනුග්‍රහය ලබාදුන් සියලුම දෙනාටත්, තම කාලය ශ්‍රමය කැපකරමින් උදව් උපකාර කළ සියලුම දෙනාටත් පුණ්‍යානුමෝදනා පූර්වක ස්තූතිය පුදකර සිටින අතර, දන්සල සදහා පැමිණි සියලු බැතිමතුන් ඇතුළු සියලුම ගම්වාසීන්ට තුනුරුවනේ ආශිර්වාද නිතැතින්ම ලැබේවා යි ප්‍රාර්ථනා කර සිටිමු.

තෙරුවන් සරණයි !

මාධ්‍ය සංසදය,
රහල් පදනම - සංඛපිට්ඨි පුරාණ රජමහා විහාරය, කොතලාවල, කඩුවෙල.







සියලු සිත්වල කුසල් ජනිත කරවන උතුම් වෙසක් පුර පසළොස්වක පොහෝ දිනයක් වේවා!තෙරුවන් සරණයි !!මාධ්‍ය සංසදය,රහල් පදනම - සංඛපිට්ඨ...
30/05/2026

සියලු සිත්වල කුසල් ජනිත කරවන උතුම් වෙසක් පුර පසළොස්වක පොහෝ දිනයක් වේවා!

තෙරුවන් සරණයි !!

මාධ්‍ය සංසදය,
රහල් පදනම - සංඛපිට්ඨි පුරාණ රජමහා විහාරය, කොතලාවල , කඩුවෙල.

මහා රොටි දන්සලකඩුවෙල කොතලාවල සංඛපිට්ඨි පුරාණ රජමහා විහාරස්ථ රහල් පදනම මගින් සංවිධානය කරනු ලබන 'මහා රොටි දන්සල' උතුම් වෙස...
16/05/2026

මහා රොටි දන්සල

කඩුවෙල කොතලාවල සංඛපිට්ඨි පුරාණ රජමහා විහාරස්ථ රහල් පදනම මගින් සංවිධානය කරනු ලබන 'මහා රොටි දන්සල' උතුම් වෙසක් පුර පසළොස්වක පොහෝ දින (මැයි 30) සවස 5 සිට විහාරස්ථාන භූමියේදී පැවැත්වේ.

උතුම් වෙසක් සිරියේ මෙම අවස්ථාවට සම්බන්ධ වන ලෙස ඔබ සියලුම දෙනාට කෙරෙන ගෞරවනීය ආරාධනයයි...!

තෙරුවන් සරණයි !

මාධ්‍ය සංසදය
රහල් පදනම - සංඛපිට්ඨි පුරාණ රජමහා විහාරය
කොතලාවල, කඩුවෙල.

ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්දේ තුනුරුවන් පුදා ඉදිරි කටයුතු ආරම්භ කිරීමේ අරමුණින්ඓතිහාසික කඩුවෙල කොතලාවල සංඛපිට්ඨ...
18/04/2026

ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්දේ තුනුරුවන් පුදා ඉදිරි කටයුතු ආරම්භ කිරීමේ අරමුණින්

ඓතිහාසික කඩුවෙල කොතලාවල සංඛපිට්ඨි පුරාණ රාජමහා විහාරස්ථානයේ ධාතු මන්දිරයේ විරාජමානව වැඩ වසන ලොව්තුරා සම්මාසම්බුද්ධ රාජෝත්තමයාණන් වහන්සේගේ සර්වඥ ධාතූන් වහන්සේලා 𝟏𝟒 නමක් විෂයෙහි සෑම දිනකම පවත්වනු ලබන සවස තේවා මුරය ඇතුළු අෂ්ඨපාන සහිත ගිලන්පස බුද්ධ පූජාව,

අප්‍රේල් 15 වන දින සවස අප රහල් පදනමේ සාමාජිකයන්ගේ සැදැහැබර දායකත්වයෙන්
පැවැත්විණි.

තෙරුවන් සරණයි !

සූර්‍යයා මීන රාශියේ සිට මේෂ රාශියට සංක්‍රමණය වීමෙන් උදාවූ අලුත් අවුරුද්ද ලක්වාසී, ලෝකවාසී සැමට සතුට සෞභාග්‍යය උදාවන,  යහ...
14/04/2026

සූර්‍යයා මීන රාශියේ සිට මේෂ රාශියට සංක්‍රමණය වීමෙන් උදාවූ අලුත් අවුරුද්ද ලක්වාසී, ලෝකවාසී සැමට සතුට සෞභාග්‍යය උදාවන, යහපත් පැතුම් ඉටුවන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !

තෙරුවන් සරණයි !!

මාධ්‍ය සංසදය,
රහල් පදනම - සංඛපිට්ඨි පුරාණ රජමහා විහාරස්ථානය
කොතලාවල, කඩුවෙල.

ඉපැරණි අලුත් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර  උදා වූ අලුත් අවුරුද්දේ අවසන් චාරිත්‍රය ලෙස සිදුකරන රැකී රක්ෂා සදහා පිටත්වීම,මෙවර...
12/04/2026

ඉපැරණි අලුත් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර

උදා වූ අලුත් අවුරුද්දේ අවසන් චාරිත්‍රය ලෙස සිදුකරන රැකී රක්ෂා සදහා පිටත්වීම,

මෙවර අප්‍රේල් 20 වෙනි සදුදා දින පූර්ව භාග 6.27 ට යෙදෙන සුභ මුහුර්තයේදී, ස්වේත වර්ණයෙන් සැරසී සිදුකිරීම යෙහෙකි.

මාධ්‍ය සංසදය,
රහල් පදනම - සංඛපිට්ඨි පුරාණ රජමහා විහාරස්ථානය
කොතලාවල, කඩුවෙල.

#සංඛපිට්ඨිරජමහාවිහාරය
#රහල්පදනම
#අවුරුදු
#චාරිත්‍ර
#කඩුවෙල







ඉපැරණි අලුත් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර රාත්‍රියේදී ලොවක් එළිය කරන, එමෙන්ම සිසිලසක් ගෙනදෙන චන්ද්‍රයා (සද) උදා වූ අලුත් අව...
12/04/2026

ඉපැරණි අලුත් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර

රාත්‍රියේදී ලොවක් එළිය කරන, එමෙන්ම සිසිලසක් ගෙනදෙන චන්ද්‍රයා (සද) උදා වූ අලුත් අවුරුද්දේදී සිහිපත් කිරීමක් ලෙස සිදුකරන මෙම චාරිත්‍රය
මෙවර අප්‍රේල් 19 දිනට යෙදී ඇති අතර, එදිනට නව සද බැලීම සිදුකරනු යෙහෙකි.

මාධ්‍ය සංසදය,
රහල් පදනම - සංඛපිට්ඨි පුරාණ රජමහා විහාරස්ථානය
කොතලාවල, කඩුවෙල.

#සංඛපිට්ඨිරජමහාවිහාරය
#රහල්පදනම
#අවුරුදු
#චාරිත්‍ර
#කඩුවෙල
#සද







ඉපැරණි අලුත් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර ලැබුවා වූ නව වසරේ නීරෝගි බව සහ ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින් සිදුකරන හිසතෙල් ගෑමේ ච...
12/04/2026

ඉපැරණි අලුත් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර

ලැබුවා වූ නව වසරේ නීරෝගි බව සහ ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින් සිදුකරන හිසතෙල් ගෑමේ චාරිත්‍රය, ආගම සහ සංස්කෘතියද එක්කාසු කරමින් සිදුවන්නකි.

මෙවර අවුරුද්දේ හිසතෙල් ගෑමේ කර්තව්‍යය අප්‍රෙල් මස 15 වැනි බුධ දින පූර්වභාග 06.54 ට යෙදෙන අතර සුභ මුහුර්තයෙන් නැගෙනහිර දිශාව බලා හිසට කොහොඹ පත්ද පයට කොලොන් පත් ද් තබා පච්ච වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී කොහොඹ පත් මිශ්‍ර තෙල් සහ නානු ගා ස්නානය කිරීම යෙහෙකි.

මාධ්‍ය සංසදය,
රහල් පදනම - සංඛපිට්ඨි පුරාණ රජමහා විහාරස්ථානය
කොතලාවල, කඩුවෙල.

#සංඛපිට්ඨිරජමහාවිහාරය
#රහල්පදනම
#අවුරුදු
#චාරිත්‍ර
#කඩුවෙල
#හිසතෙල්ගෑම








ඉපැරණි අලුත් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර ලැබුවා වූ නව වසරේ පවුලේ සහ නෑදෑ හිතමිතුරු පිරිසත් අතර සාමූහිකත්වය, සමගිය සහ අනොන්...
12/04/2026

ඉපැරණි අලුත් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර

ලැබුවා වූ නව වසරේ පවුලේ සහ නෑදෑ හිතමිතුරු පිරිසත් අතර සාමූහිකත්වය, සමගිය සහ අනොන්‍ය සුහදත්වය වර්ධනය වීමට ඉවහල් වන මෙම චාරිත්‍රය මෙවර අප්‍රෙල් මස 14 වැනි අගහරුවාදා දින අපරභාග 12.05 ට රක්ත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සිදුකරනු යෙහෙකි.

මාධ්‍ය සංසදය,
රහල් පදනම - සංඛපිට්ඨි පුරාණ රජමහා විහාරස්ථානය
කොතලාවල, කඩුවෙල.

#සංඛපිට්ඨිරජමහාවිහාරය
#රහල්පදනම
#අවුරුදු
#චාරිත්‍ර
#කඩුවෙල
#ආහාරපිසීම







ඉපැරණි අලුත් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර  නව වසරේ සශ්‍රීකත්වය සහ සෞභාග්‍යය ප්‍රාර්ථනා කරමින් සිදු කරන ලිපගිනි මෙලවීමේ සහ ආ...
11/04/2026

ඉපැරණි අලුත් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර

නව වසරේ සශ්‍රීකත්වය සහ සෞභාග්‍යය ප්‍රාර්ථනා කරමින් සිදු කරන ලිපගිනි මෙලවීමේ සහ ආහාර පිසීමේ චාරිත්‍රය මෙවර අප්‍රෙල් මස 14 වැනි අගහරුවාදා පූර්ව භාග 10.41 ට රක්ත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැද ගිනි මොලවා, කිරිබතක්ද ,කැවිලි වර්ගයක්ද පිළියෙල කරගනු යෙහෙකි.

මාධ්‍ය සංසදය,
රහල් පදනම - සංඛපිට්ඨි පුරාණ රජමහා විහාරස්ථානය
කොතලාවල, කඩුවෙල.

#සංඛපිට්ඨිරජමහාවිහාරය
#රහල්පදනම
#අවුරුදු
#චාරිත්‍ර
#කඩුවෙල
#ආහාරපිසීම







Address

Sankapitti Purana Viharaya
Kaduwela
10640

Website

Alerts

Be the first to know and let us send you an email when Rahal Foundation posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share