Shraddha Charity Organization

Shraddha Charity Organization Shraddha Charity Organization

20/04/2026

හැකිතාක් share කරන්න...

ජීවිත ගණනක් බේරාදීමට ඔබත් එක්වන්න...
076 811 2232

මහමෙව්නාව අසපු සංචිතය සහ ශ්‍රද්ධා මාධ්‍ය ජාලය එක්ව 2026 අප්‍රේල් මස 11 වන දින අම්පාර - ශ්‍රී සද්ධාතිස්ස මහමෙව්නාව භාවනා ...
20/04/2026

මහමෙව්නාව අසපු සංචිතය සහ ශ්‍රද්ධා මාධ්‍ය ජාලය එක්ව 2026 අප්‍රේල් මස 11 වන දින අම්පාර - ශ්‍රී සද්ධාතිස්ස මහමෙව්නාව භාවනා අසපුවේදී සංවිධානය කළ රුධිර දාන පින්කමෙන් රැස්කරගත් සියලු පුණ්‍ය ධර්මයෝ;

ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහමෙව්නාව භාවනා අසපුවාසී මහා සංඝරත්නයටත්, උපස්ථාන කමිටුවේ පිරිසටත්, මේ සඳහා ශ්‍රමයෙන්, ධනයෙන් හා වචනයෙන් උපකාර කළ සියලු දෙනාටත් අනුමෝදන් වෙත්වා!

එමෙන්ම කැපවීමෙන් කටයුතු කළ රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ වෛද්‍ය කාර්යමණ්ඩලයටත් මේ උතුම් පින අනුමෝදන් වෙත්වා!

මෙම පින්කම දැක බලා අනුමෝදන් වන ඔබ සැමටත් මේ සොඳුරු පින සසර දුකින් නිදහස් වීම පිණිසත්, ගෞතම බුදු සසුනේදීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කරගැනීම පිණිසත් හේතු වාසනා වේවා!

තෙරුවන් සරණයි!

18/04/2026

ලේ දන්දීමෙන් සිරුර දුර්වල වෙනවාද?

🔴 ශ්‍රද්ධා මාධ්‍ය ජාලයත් මහමෙව්නාව අසපු සංචිතයත් එක්ව සංවිධානය කරන "ශ්‍රද්ධා රුධිර දාන කඳවුරු මාලාව"...

🤝 සංවිධාන කටයුතුවලට ශක්තියක් වීම සඳහා ඔබටත් දායක විය හැකියි.

📞 දායකත්වය සඳහා විමසන්න - 071 77 55 217

🌍 වැඩිදුර විස්තර සඳහා: https://sco.lk/sinhala/blood-donation/
#රුධිරදානය

මහමෙව්නාව අසපු සංචිතය සහ ශ්‍රද්ධා මාධ්‍ය ජාලය එක්ව 2026 අප්‍රේල් මස 12 වන දින පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේදී සංවිධාන...
14/04/2026

මහමෙව්නාව අසපු සංචිතය සහ ශ්‍රද්ධා මාධ්‍ය ජාලය එක්ව 2026 අප්‍රේල් මස 12 වන දින පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේදී සංවිධානය කළ රුධිර දාන පින්කමෙන් රැස්කරගත් සියලු පුණ්‍ය ධර්මයෝ;

ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහමේව්නාව භාවනා අසපුවාසි මහා සංඝරත්නයටත්, මෙම පින්කම සංවිධානය කළ පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ යොවුන් බෝධිඥාන සභාවට සහ උපස්ථාන කමිටුවේ පිරිසටත්, මේ සඳහා ශ්‍රමයෙන්, ධනයෙන් හා වචනයෙන් උපකාර කළ සියලු දෙනාටත් අනුමෝදන් වෙත්වා!

එමෙන්ම රුධිරය දන්දුන් 313 දෙනෙකු වූ දායක පිරිසටත්, කුරුණෑගල රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ කැපවීමෙන් කටයුතු කළ වෛද්‍ය කාර්යමණ්ඩලයටත් මේ උතුම් පින අනුමෝදන් වෙත්වා!

මෙම පින්කම දැක බලා අනුමෝදන් වන ඔබ සැමටත් මේ සොඳුරු පින සසර දුකින් නිදහස් වීම පිණිසත්, ගෞතම බුදු සසුනේදීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කරගැනීම පිණිසත් හේතු වාසනා වේවා!

තෙරුවන් සරණයි!

ගාල්ල මහමෙව්නාව භාවනා අසපුවේ අභිනව ධර්මශාලාවේ පවත්වන ලද පළමු ලේ දන්දීමේ වැඩසටහන 🩸ඊයේ දිනයේ උදෑසන සිට සවස 3.00 දක්වා බොහෝ...
12/04/2026

ගාල්ල මහමෙව්නාව භාවනා අසපුවේ අභිනව ධර්මශාලාවේ පවත්වන ලද පළමු ලේ දන්දීමේ වැඩසටහන 🩸
ඊයේ දිනයේ උදෑසන සිට සවස 3.00 දක්වා බොහෝ දෙනාගේ සහභාගීත්වයෙන් අති සාර්ථකව පවත්වන ලදී.🙏
මියැදෙනා හදකට පණනලක් වන්නට ලේ බිඳක් දන්දෙමු යන සොඳුරු පැතුමත් සමග ඊයේ දිනය පුරාම අප විසින් රැස් කල සියලු පින්
අපගේ ගුරුදේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත්, මහමෙව්නාව භාවනා අසපුවාසී, රට ලෝ වාසී පින්වත් මහ සඟරුවනට නිදුක් නීරෝගී දීර්ඝායුෂ පිණිසත් උතුම් චතුරාර්ය සත්‍යාවබෝධය පිණිසත් උපකාර වේවා!!!
ඊයේ දිනය පුරාම බොහෝ වෙහෙස වෙමින් මේ පුණ්‍ය කටයුත්ත සාර්ථක කරගැනීම පිණිස වෙහෙස මහන්සි වූ පින්වත් වෛද්‍ය මහත්ම මහත්මීන්ටත් හෙද කාර්ය මණ්‌ඩලයේ පින්වත් මහත්ම මහත්මීන්ටත්,
පරිත්‍යාගශීලී සිතින් රුධිර දානය සඳහා පැමිණි සුපින්වත් ඔබ සැමටත්,
මෙම පුණ්‍ය කටයුත්තේ සාර්ථකත්වයට ශක්තියක් වෙමින් දිවා රෑ වෙහෙස නොබලා කැපවූ ගාල්ල මහමෙව්නාව භාවනා අසපුවේ උපස්ථාන කමිටුවේ සැදැහැති සුපින්වතුන්ටත්, යොවුන් සභාවේ තරුණ දරුවන් ද ඇතුළු සැදැහැවත් උපාසක උපාසිකාවන් සියලු දෙනාටත්
අභිනව ධර්ම ශාලාව ඉදිකිරීම වෙනුවෙන් දායකත්වය ලබා දුන් සුපින්වත් සැමටත්..
දැකබලා මේ සොඳුරු පින අනුමෝදන් වන සියලු දෙවියන්ටත්..
සුපින්වත් ඔබ සැමටත්
සුවසේම නිදුක් නීරෝගී ව දීර්ඝායු සුව පිණිසත් ,
සුවසේම චතුරාර්ය සත්‍යාවබෝධය ලැබීම පිණිසත මේ උතුම් පිනේ ආනුභාවය ඒකාන්තයෙන් ම උපකාර වේවා....🙏🙏
ගාල්ල මහමෙව්නාව භාවනා අසපුව

"මියැදෙනා හදකට පණනලක් වන්නට ලේ බිඳක් දන්දෙමු" යන උදාර පුණ්‍ය චේතනාව පෙරදැරිව, ශ්‍රද්ධා රූපවාහිනිය පිහිටි කඩුවෙල මහමෙව්නා...
11/04/2026

"මියැදෙනා හදකට පණනලක් වන්නට ලේ බිඳක් දන්දෙමු" යන උදාර පුණ්‍ය චේතනාව පෙරදැරිව, ශ්‍රද්ධා රූපවාහිනිය පිහිටි කඩුවෙල මහමෙව්නාව බෝධිඤාණ භාවනා අසපු පරිශ්‍රයේ දී 2026-04-11 වන දින ලේ දන්දීමේ කඳවුරක් පැවැත්විණි. ජාතික රුධිර සංචිතයට සවියක් වනු පිණිස පවත්වනු ලැබූ මෙම මහා පුණ්‍ය කර්මයට රුධිර දායකයින් 200 කට ආසන්න ප්‍රමාණයක් සහභාගී වූහ.

එයට සමගාමීව වාසන් දෘෂ්ටි පරීක්ෂණ ආයතනය (Vasan Eye Care) මගින් ස්වේච්ඡාවෙන් නොමිලේ පවත්වනු ලැබූ අක්ෂි පරීක්ෂණ සායනයක් ද එදිනම සිදු කරන්නට යෙදුනි.

මෙම උතුම් කාල දානමය පුණ්‍ය කර්මයෙන් රැස් වූ සියලු පින් දෙවි බඹුන් ඇතුළු සියල්ලෝ ද, පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ද අනුමෝදන් වෙත්වා!
මේ සඳහා අනුශාසනා කළ ස්වාමීන් වහන්සේලාටත්, වැඩසටහනට සහභාගී වූ වෛද්‍ය සහ හෙද කාර්ය මණ්ඩලයටත්, රුධිර දායකයන්ටත්, වැඩසටහන සංවිධානය කළ කඩුවෙල තාවතිංස යාත්‍රා යොවුන් සභාවේ සියලුම සාමාජික සාමාජිකාවන්ටත්, ශ්‍රද්ධා මාධ්‍යජාලයේ සැමටත් මෙම පුණ්‍ය ධර්මයෝ ගෞතම බුදු සසුන තුළ දී ම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කර ගැනීමට හේතු වාසනා වෙත්වා!

11/04/2026
11/04/2026
🩸❤️ ශ්‍රද්ධා රුධිරදාන කඳවුරු මාලාව ❤️🩸2026 අප්‍රේල් 11 සෙනසුරාදාපෙ.ව. 8.00 සිට පැවැත්වේඔබේ පහසුව අනුව ළඟම ස්ථානයට පැමිණෙ...
10/04/2026

🩸❤️ ශ්‍රද්ධා රුධිරදාන කඳවුරු මාලාව ❤️🩸

2026 අප්‍රේල් 11 සෙනසුරාදා
පෙ.ව. 8.00 සිට පැවැත්වේ

ඔබේ පහසුව අනුව ළඟම ස්ථානයට පැමිණෙන්න 🙏

📍 ස්ථාන හා සම්බන්ධතා අංක:

▪️ කඩුවෙල මහමෙව්නාව භාවනා අසපුව
📞 0777 876 898 / 071 2889 898

▪️ බුත්තල මහමෙව්නාව භාවනා අසපුව
📞 076 9877803 / 071 5990618

▪️ මහමෙව්නාව භාවනා අසපුව - ගාල්ල
📞 076 4682807

▪️ අවිස්සාවේල්ල මහමෙව්නාව භාවනා අසපුව
📞 077 5278687

▪️ මහමෙව්නාව ශ්‍රී සද්ධාතිස්ස භාවනා අසපුව - අම්පාර
📞 071 8465686 / 077 7273747

🙏 ඔබේ රුධිර දානය ජීවිතයක් බේරාගැනීමට හැකිවේ.
❤️ එක්වෙමු... ජීවිත රැකගමු!

"දිවි මඟ දිනන සත්කාරය" | ශ්‍රද්ධා අධ්‍යාපන ශිෂ්‍යත්ව📚2026  අප්‍රේල් මාසය වෙනුවෙන් ශිෂ්‍යත්වලාභි දරුවන් 305 දෙනෙකු උදෙසා,...
10/04/2026

"දිවි මඟ දිනන සත්කාරය" | ශ්‍රද්ධා අධ්‍යාපන ශිෂ්‍යත්ව📚
2026 අප්‍රේල් මාසය වෙනුවෙන් ශිෂ්‍යත්වලාභි දරුවන් 305 දෙනෙකු උදෙසා,

🔴"රු. 712, 350/= ක මුදලක්" පිරිනමන ලද බව මෙසේ සිහිපත් කරමු...!

දැයේ දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරිමට ඔබටත් සම්බන්ධ විය හැක.
☎️ 071 232 8883 | 071 775 3035 (ශ්‍රද්ධා අද්‍යාපන ශිෂ්‍යත්ව)
#දිවි_මඟ_දිනන_සත්කාරය

Address

Kaduwela
10640

Telephone

+94714371522

Website

Alerts

Be the first to know and let us send you an email when Shraddha Charity Organization posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Shraddha Charity Organization:

Share