20/09/2026
Clean Up Sri Lanka 2026 සමාරම්භය
පරිසරය වෙනුවෙන් යුතුකමත් වගකීමත් ඉටු කරන Clean up Sri lanka ව්යාපෘතියෙහි හතරවන අදියර අද (සැප්තැම්බර් 20 වනදා) පැවැත්වූ අතර මෙයට සමගාමීව රට පුරා ස්ථාන 500 කට අධික සංඛ්යාවක් පිරිසිදු කිරීමේ කටයුතු කළ අතර 14,000කට අධික පිරිසක් වැඩසටහන සමඟ සම්බන්ධ විය. අවිධිමත් ලෙස පරිසරයට බැහැර කරන පොලිතීන්, ප්ලාස්ටික් පරිසරයෙන් ඉවත් කිරීම වෙනුවෙන් සහ මින් ඉදිරියට එවන් අවිධිමත් බැහැරකිරීම් වැලැක්වීම පිණිස අවැසි දැනුම් බෙදා දෙනු වස් මෙම ව්යාපෘතිය ක්රියාත්මක කෙරේ. Clean up Sri lanka සමාරම්භක උත්සවය කඩුවෙල ශ්රද්ධා මාධ්ය ජාල පරිශ්රය කේන්ද්ර කර ගනිමින් පැවැත්විය.
ශ්රද්ධා මාධ්ය ජාලයේ නියෝජ්ය අනුශාසක පූජ්ය නුවරඑළියේ අමිතසීල ස්වාමීන්ද්රයන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය එම අවස්ථාව සමඟින් එක්ව සිටියහ. කඩුවෙල මහ නගර සභාවේ නගරාධිපති රංජන් ජයලාල් මහතා, කඩුවෙල මහ නගර සභාවේ නාගරික කොමසාරිස් නදීෂා සපරමාදු මහත්මිය, පරිසර අමාත්යංශයේ සහකාර අධ්යක්ෂ මානසී චතුරිකා සෝමචන්ද්ර මහත්මිය,ගරු පරිසර අමාත්යතුමාගේ මහජන සම්බන්ධතා නිලධාරි ශිරෝමි අබේරත්න මහත්මිය ,මධ්යම පරිසර අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් කපිල මහේෂ් රාජපක්ෂ මහතා,
ශ්රද්ධා මාධ්ය ජාලයේ ගරු අධ්යක්ෂ වරුන් වන සනී ප්රනාන්දු මහතා , රංජිත් කිත්සිරි ගොඩකන්ද මහතා, සහ ඉන්දක දේවේන්ද්ර මහතා මෙම අවස්ථාව සමඟ එක්ව සිටියහ. එමෙන්ම 306 බහුදිස්ත්රික් සිංහාධිපති සිංහ රජිත රොද්රිගෝ මහතා, 306 /D5 සිංහාධිපති සිංහ ගයාන් ලක්මාල් මහතා ඇතුලු දිස්ත්රික් සිංහාධිපතිවරුන් සහ සිංහ සාමාජිකයින් මෙන්ම රෝටරි ජාත්යන්තර දිස්ත්රික්ක 3220
රෝටරි ප්රවර්ධන ප්රධානී - ශ්රී ලංකාව සහ මාලදිවයින වෙනුවෙන් සදලි ගීත්මා මෙනවිය ඇතුලු රෝටරි සාමාජිකයින් පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ. දිවයින පුරා ස්ථාන රැසක ම පිරිසිදු කිරීමේ කටයුතු පැවති අතර, කොළඹ, ගම්පහ, යාපනය, අනුරාධපුරය, මහනුවර,අම්පාර ඇතුළු ප්රධාන නගර රැසක අද දිනයේ පිරිසිදු කිරීම් ක්රියාත්මක කෙරිණි. මහමෙව්නා භාවනා අසපු සංචිතයත්, දිස්ත්රික් සිංහ සමාජ,රෝටරි, රෝට්රැක්ට් සහ ඉන්ටරැක්ට් සමාජ කඩුවෙල මාධ්ය අධ්යයන ආයතනය,මහමෙව්නාව බෞද්ධ විද්යාලයේ සිසුන් ඇතුලු පාසල් සිසුන් මෙන් ම මහජනතාව ද මෙම පිරිසිදු කිරීමේ කටයුතු වලට එක්වූහ. ජනතාව තුළ ආකල්මය වශයෙන් වෙනසක් ඇති කරමින් ඉදිරියටත් පරිසරය සුරැකීමේ ආකල්පමය ජනතාව තුළ ඇති කිරීම මෙහි අරමුණයි. රට වෙනුවෙන් යුතුකම ඉටුකිරීමට එක්වූ සියලු දෙනාට පුණ්යානුමෝදනා වේවා!