12/01/2026
🚀 අනාගතයේ නායකයින් වෙනුවෙන් ‘See It to Be It’ 17 වන පියවර!
කළුඅග්ගල ශාන්ත ජෝන් බොස්කෝ විද්යාලයේ (St. John Bosco's College) අනාගතය දිනන්නට වෙර දරන දක්ෂ සිසු සිසුවියන් 85 දෙනෙකු වෙනුවෙන් "The Hope" අප සංවිධානය කළ 17 වන ව්යාපෘතිය පසුගියදා ඉතා සාර්ථකව නිමාවට පත් වුණා.
විශේෂත්වය වුණේ මෙවර වැඩමුළුව සඳහා පාසලේ සියලුම ශිෂ්ය නායක නායිකාවන් එක් වීමයි! 🌟
අපි මොකද කළේ? හුදෙක් ක්රීඩාවට පමණක් සීමා නොවී, හෙට ලෝකයේ වෙනස් වන වෘත්තීය අවස්ථා (Career Paths) ගැන ඔවුන්ව දැනුවත් කිරීම මෙවර අපේ ප්රධාන අරමුණ වුණා. විශේෂයෙන්ම Data Science, Software Engineering වැනි තාක්ෂණික ක්ෂේත්රයේ නව රැකියා අවස්ථා ගැන ඔවුන් තුළ තිබුණේ පුදුමාකාර උනන්දුවක්.
Firehouse Technology - FHTS ආයතනය විසින් පිරිනැමූ වෘත්තීය මාර්ගෝපදේශන (Career Guide) පොත් පිංච ඇසුරින්, තමන්ගේ හෙට දවස නිවැරදිව සැලසුම් කරගන්නා ආකාරය ගැන අපි ඔවුන් සමඟ සාකච්ඡා කළා. 💻📖
අපගේ මෙම උත්සාහයට ශක්තියක් වූ Firehouse Technology - FHTS ආයතනයටත්, පාසලේ විදුහල්පතිතුමා ඇතුළු ගුරු මණ්ඩලයටත්, "The Hope" කණ්ඩායමටත් අපගේ හෘදයාංගම ස්තුතිය!
"See It to Be It" - සිහින දකින දරුවන්ට, සිහිනයට යන මඟ පෙන්වන්නට අප සූදානම්!