01/01/2026
සහන සේවය 01 ජනවාරි 2026
2026 වසරට ආශීර්වාද පතමින් වසර විස්සකට පෙර 2005 වසරේදී ආරම්භ කරන ලද අපගේ සමාජ සේවා පුණ්‍යකටයුත්ත සුපුරුදු පරිදි මෙම ජනවාරි මස පලමු වන දිනත් පවත්වන ලදි.
මෙම මාසයේ දී වියළි ආහාර පාර්සල් 225 ලබා දීමට ආධාර කරන ලද්දේ ඇමරිකාවේ වාසය කරන දේවිකා වගගේ මහත්මිය තම මියගිය දෙමාපියන්ට පිං පිණිස, ඇමෙරිකාවේ වෙසෙන ඩේවිඩ් අමරසිංහ මහතා සහ රාගම ලෙජන්ඩ්ස් සිංහ සමාජයේ සිංහ අජන්තා ගුණතිලක සහ සිංහ ශාන්ත ගුණතිලක විසිනි.
කඩවත තැපැල් කාර්යාලයෙන් මාසික සහන මුදල් ලබා ගන්නා වැඩිහිටියන් වෙනුවෙන් එම වියළි සලාක ලබා දෙන අතර ඔවුන් වෙත උදේ ආහාර පාර්සලයක් ලබා දීම කඩවත ජයමාවතේ පදිංචි ටී එම් ආර් බී තෙන්නකෝන් මහතා සහ එම මහත්මිය විසිනි. ඔවුන් දෙදෙනාගේම මියගිය දෙමාපියන්ට පිං පිණිස සිදුකරන ලදි.
එම ආධාර ලබා ගැනීමට පැමිණි අසරණ වැඩිහිටියන් වෙත මාළුපාන් සහ කොල කැඳ ලබා දීම රාගම ලෙජන්ඩ්ස් සිංහ සමාජයේ සභාපති තුමා ඇතුලු සාමාජිකයින් විසින් සිදු කරන ලදි.
එම කටයුත්ත ඉටුකිරීමට පැමිණි දානපතියන්ට සහ අපගේ විධායක සභික මහතුන්ට උදේ ආහාරය ලබාදීම අප විධයක සභික කඩවත ඉන්ද්‍රා හෝටලය අධිපති සුදත් හේමන්ත මහතා විසින් සිදුකරන ලදි.
මෙම සියළුම කටයුතු සදහා දායක වූ සහ අනුග්‍රහය දැක්වූ සියලුම දෙනාටත් ඔවුන්ගේ පවුලේ සැමටත් නිදුක් නිරෝගී චිර ජීවනය ප්‍රාර්ථනා කරන අතර ඔවුන් සැමගේ සියලු යහපත් සිතුම් පැතුම් ඉටුවේවායි ප්‍රාර්ථනා කරන්නෙමු. අදින් ආරම්භවන 2026 නව වර්ෂය සියලුම දෙනාට ඉතාම්ත් වාසනාවන්ත එකක් වේවායි පතමු.
SAHANA SEWAYA 01ST DECEMBER 2026
With blessings for the year 2026, our charity social service initiative, which was started twenty years ago in 2005, was conducted as customary on the 1st of January this year as well.
During this month, assistance was provided to distribute 225 dry ration parcels. These were generously donated by Mrs. Devika Wagage, who resides in the United States, in memory of her late parents; Mr. David Amarasinha, he also residing in the United States; and Lion Ajanta Gunathilake and Lion Shantha Gunathilake of the Ragama Legends Lions Club.
The dry ration parcels were distributed to elderly beneficiaries who receive their monthly allowance from the Kadawatha Post Office. In addition, breakfast parcels were provided to them by Mr. T. M. R. B. Tennakoon and his wife, residents of Jaya mawatha, Kadawatha, in memory of both of their late parents.
Fish buns and kola kenda (herbal porridge) were served to the underprivileged elderly who came to receive the assistance, and this was carried out by the President and members of the Lions Club of Ragama Legends.
Breakfast was also provided to the donors who attended the event and to our executive committee members by our executive committee member, Mr. Sudath Hemantha, proprietor of Indra Hotel, Kadawatha.
We extend our heartfelt gratitude to everyone who contributed to and supported all these activities. We wish them and their families good health, long life, and happiness, and hope that all their noble thoughts and wishes may come true. As the New Year 2026 begins today, we wish it to be a truly fortunate and prosperous year for everyone.🙏🙏🙏