Mount Clifford Range Society

Mount Clifford Range Society Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Mount Clifford Range Society, Community Organization, Homagama.

Mount Clifford Range අලුත් අවුරුදු පොළ - 2026​2026 අප්‍රේල් මස 4 වනදා සහ 5 වනදා පැවැත්වීමට නියමිත අලුත් අවුරුදු පොළ සඳහා...
24/03/2026

Mount Clifford Range අලුත් අවුරුදු පොළ - 2026
​2026 අප්‍රේල් මස 4 වනදා සහ 5 වනදා පැවැත්වීමට නියමිත අලුත් අවුරුදු පොළ සඳහා කුටි (Stalls) වෙන්කරවා ගැනීම දැන් ආරම්භ කර ඇත.
​පවුල් 400ක් පමණ ජීවත් වන මෙම නිවාස සංකීර්ණයේ ප්‍රධාන වටරවුම සහ ප්‍රධාන මාර්ග දෙපස මෙම වෙළඳ කුටි සඳහා අවස්ථාව ලබාදීමට අප බලාපොරොත්තු වේ. ඉහළ මිලදී ගැනීමේ හැකියාවක් ඇති පාරිභෝගික පිරිසක් වෙත ඔබේ නිෂ්පාදන සහ සේවාවන් සමීප කිරීමටත්, ඔබේ ව්‍යාපාරය සඳහා හොඳ ප්‍රචාරණයක් ලබා ගැනීමටත් මෙය ඉතා කදිම අවස්ථාවකි. මෙම සුවිශේෂී ව්‍යාපාරික අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්නා ලෙස අපි නිවාස සංකීර්ණ වාසීන්ට සහ ව්‍යාපාරිකයින්ට ආරාධනා කර සිටිමු.
​වෙළඳ කුටි ප්‍රධාන කාණ්ඩ දෙකක් යටතේ සංවිධානය කෙරේ:
​1. MCR පදිංචිකරුවන් සඳහා වන වෙළඳ කුටි
​ආහාර පාන කුටි: රුපියල් 2,500 කි. (කුටියේ ප්‍රමාණය: Summer hut)
​වෙනත් වෙළඳ කුටි: රුපියල් 5,000 කි. (ප්‍රමාණය: 10x10 canopy)
​සටහන: සහභාගිවන්නන් විසින්ම 10x10 ප්‍රමාණයේ වියන් (Canopy) රැගෙන ආ යුතු අතර, අවශ්‍යතාවය අනුව වියන් එකකට වඩා වැඩි ප්‍රමාණයක් භාවිතා කළ හැක.
​2. වාණිජ අංශයේ වෙළඳ කුටි (Commercial Stalls)
​ගාස්තුව: රුපියල් 25,000 කි.
​අනුග්‍රාහකත්ව අවස්ථා (Sponsorships) පිළිබඳ විමසීම් කළ හැක.
​Singer, Abans, SLT, Dialog වැනි වාණිජ ආයතන සඳහා සෘජුවම අයදුම් කළ හැක.
​වැදගත් උපදෙස් සහ කොන්දේසි:
​අයදුම්පත්: මේ සඳහා අවශ්‍ය අයදුම්පත් MCR කළමනාකරණ කාර්යාලයෙන් ලබා ගත හැක.
​බාහිර පුද්ගලයින්: වාණිජ නොවන බාහිර පාර්ශවයන්ට කුටි වෙන්කරවා ගැනීමේදී අනිවාර්යයෙන්ම MCR පදිංචිකරුවෙකු මාර්ගයෙන් අයදුම් කළ යුතු අතර, එහි වගකීම අදාළ පදිංචිකරුවා සතු විය යුතුය. (වාණිජ ආයතන සඳහා මෙය අදාළ නොවේ).
​වැඩිදුර තොරතුරු: කරුණාකර MCR කළමනාකරණ කාර්යාලය අමතන්න.

අයදුම්පත් ලබා ගැනීමේ අවසන් දිනය 2026 අප්‍රේල් මස 01 දිනයි

Address

Homagama
10200

Alerts

Be the first to know and let us send you an email when Mount Clifford Range Society posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Mount Clifford Range Society:

Shortcuts

Share