අපි - Api

අපි - Api "අපි", දුෂ්කර පාසලක ඉගෙන ගන්න පුන්චි දර?

"රේල්ලුවේ අපි", මේ ගෲප් එක හැදුවෙ සමාජ සත්කාරයක් වෙනුවෙන්. දුෂ්කර පාසලක් තෝරගන ඒ පාසලේ ඉගෙන ගන්න දරුවන්ට පුන්චි අත්වැලක් වෙන්න. හරියටම කිව්වොත් අඩු පහසුකම් සහිත සහ අඩු අදායම් ලබන පවුල් ඉන්න ප්‍රදේශයක දරුවන් අධ්‍යාපනය ලබන පාසලක් තෝරගන ගෙවීගෙන යන අව්රුද්දෙ අන්තිමට ඒ පාසලට ඊළඟ අව්රුද්දට ඇලුතෙන් 1 වසරට එන ළමයින්ගෙ ඉඳල ඒ පාසලේ දැනට ඉගෙනගන්න සියළුම ළමයින්ට අවශ්‍ය කරන පොත් පෑන් පැන්සල් මකන පාට පෙට්ටි පැන

්සල් පෙට්ටි පාසල් බග් වතුර බෝතල් කෑම පෙට්ටි වගේ මූලික අවශ්‍යතාවන දේවල් ලබාදෙන එක.

2016 අව්රුද්දෙත් මේ වගේ පාසලක් තෝරගන මෙතන ඉන්න අපේ කීපදෙනෙක් එකතුවෙලා තම තමන්ට හැකි ප්‍රමාණයන්ගෙන් මූල්‍යමය භාණ්ඩ ශ්‍රම සහ පරිත්‍යාග දායකත්වයෙන් සාර්ථකව අවසන් කරා. ඒ තඹුත්තේගම ගල්නෑව නෙළුම්පත්ගම විද්‍යාලයට. පහළ ලින්ක් එකෙන් ඒ ගැන උනන්දු අයට බලන්න පුළුවන්. https://goo.gl/QtKKcX

2017 මේ අව්රුද්දෙත් තවත් දුෂ්කර පාසලක් තෝරගන තියනව. මරන්ගහවෙල ඌව කොස්ගම විද්‍යාලය. ඇලුතෙන් ලබන අව්රුද්දට 1 වසරට එන ළමයි එක්ක 9 වසර වෙනකන් ඔක්කොම ළමයි 36යි. කොස්ගම විද්‍යාලයේ විදුහල්පති තුමා එක්ක කතාකරල අවශ්‍ය වෙන පාසැල් කළමණා ලිස්ට් එක හදල ඉවරයි. ඒ ලිස්ට් එක මේ ග්රෲප් චැට් එකේ අපි පෝස්ට් එකක් දාල තියෙන්නෙ.

අපේ මේ කරුණික ඉල්ලීම තමයි, මේ අව්රුද්දෙත් අපි කරන්න යන පාසල් සත්කාර ව්‍යාපෘතියට ඔයාලටත් හැකි ප්‍රමාණයෙන් තම තමන්ට හැකි ප්‍රමාණයන්ගෙන් භාණ්ඩ ශ්‍රම පරිත්‍යාග සහ මූල්‍යමය වශයෙන් දායක වෙන්න කියන එක. ඔයාලගෙ පරිත්‍යාග මූල්‍යමය වශයෙන් වඩා අවශ්‍ය කරන භාණ්ඩ වශයෙන් ලබාදෙනවනම් හුඟක් පහසුයි.

මේ ගැන වැඩි විස්තර "රේල්ලුවේ අපි" ගෲප් එකෙන් සහ මේ අයගෙන් දැනගන්න පුළුවන්.

ජීවනීගෙන් - 0712 925 365
විමුක්තිගෙන් - 0719 043 920
අසේලගෙන් - 0712 053 600

Address

Homagama

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Telephone

0094716853232

Alerts

Be the first to know and let us send you an email when අපි - Api posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to අපි - Api:

Share