Madhawa Chapter

Call Directions Contact the organization

Madhawa Chapter Free hearts

11/10/2026

🥺

ප්‍රකට ඉන්දීය නළු නානා පටේකාර් ගෝවා හිදී අභාවප්‍රාප්ත වූ අතර මිය යන විට ඔහුගේ වයස අවුරුදු 75කි.නානා පටේකාර්ගේ පුත්‍රයා ව...
10/10/2026

ප්‍රකට ඉන්දීය නළු නානා පටේකාර් ගෝවා හිදී අභාවප්‍රාප්ත වූ අතර මිය යන විට ඔහුගේ වයස අවුරුදු 75කි.

නානා පටේකාර්ගේ පුත්‍රයා වන මල්හාර පටේකාර්, බීබීසී මරාති හි සහකාර මාධ්‍යවේදිනී ප්‍රාචි ප්‍රතිභා ශිරිෂ් වෙත තම පියාගේ මරණය තහවුරු කළේය.
PTI ප්‍රවෘත්ති ඒජන්සියට අනුව, නානා පටේකාර් බ්‍රහස්පතින්දා අලුයම ගෝවා හි පිහිටි සිය නිවසේදී හෘදයාබාධයකින් මියගොස් තිබේ.
75 හැවිරිදි නානා පටේකාර් සිය නිවාස සංකීර්ණයේ සිහිසුන්ව වැටී සිටියදී සොයා ගැනීමෙන් පසුව පෞද්ගලික රෝහලක් වෙත රැගෙන එනු ලැබූ බව එම රෝහලේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයකු වන ශේකර් සල්කාර් පැවසීය.
මිනිත්තු 45ක් අඛණ්ඩව හදිසි ප්‍රතිකාර ලබාදුන්නද පටේකාර් ගේ ජීවිතය බේරා ගැනීමට නොහැකි වූ බව සල්කාර් සඳහන් කළේය.

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී රාජ්දීප් සර්දේශායි, නානා පටේකාර්ට සිය ශෝකය පළ කරමින් මෙලෙස සටහන් කළේය:
"විශිෂ්ට නළුවෙක් විතරක් නෙමෙයි ඉතා සමීප මිතුරෙකු වූ නානා පටේකාර් තවදුරටත් අප අතර නැහැ. ඔහු මීට සුළු වේලාවකට පෙර ගෝවා හිදී අභාවප්‍රාප්ත වුණා. මම ඔහු සමඟ ඊයේ කතා කළා. ඔහුගේ අවසන් වචන වූයේ 'Kalji ghe Raja' (රජා, පරිස්සමින් ඉන්න) කියලයි."
"නානා සාහේබ්, රිදී තිරයේදී වගේම ඉන් පිටතදීත් මට ඔබව දැඩිව සිහිවෙනවා. දුකේදී වගේම සැපේදීත් ඔබ හැමවෙලාවෙම මාත් එක්ක සිටියා. ඕම් ශාන්ති.''

ඉන්දීය චිත්‍රපට ක්ෂේත්‍රයේ ප්‍රවීණ නළුවෙකු වන නානා පටේකාර්ගේ අභාවය පිළිබඳ පුවත අතිශය කම්පන සහගතයි. ඒ වෙනුවෙන් මගේ හෘදයාංගම ශෝකය පළ කරනවා."ඉන්දීය මධ්‍යම රජයේ අමාත්‍ය නිතින් ගඩ්කාරි සිය ශෝකය පළකරමින් සටහනක් තබා තිබිණි.
"නානා සහ මා අතර ඉතා සමීප හා මිත්‍රශීලී සබඳතාවක් තිබ්බා. සිය ප්‍රබල රංගන කුසලතාව තුළින් නානා පටේකාර් දශක පහකට අධික කාලයක් පුරා මරාති සහ හින්දි සිනමාවේ රසඥතාවෙන් යුත් ප්‍රේක්ෂකයන්ගේ හදවත් දිනා ගත්තා. සුවිශේෂී දෙබස් උච්ඡාරණ විලාසය මගින් ඔහු චිත්‍රපට චරිත රැසක් අමරණීය කළ අතරම, තමන්ටම ආවේණික වූ අනන්‍යතාවක් ද ගොඩනඟා ගත්තා."
"ඔහුගේ වියෝව ඉන්දීය චිත්‍රපට ක්ෂේත්‍රයට විශාල පාඩුවක්. 'නාම් පදනම' හරහා ග්‍රාමීය මහාරාෂ්ට්‍රයේ ජල සංරක්ෂණය සහ ජල පෝෂක කළමනාකරණය වෙනුවෙන් ඔහු ඉටු කළ කාර්යභාරය අතිශය කැපී පෙනෙන සහ වැදගත් එකක්. සියදිවි හානි කරගත් ගොවි පවුල් වෙත ඔහු ලබා දුන් සහයෝගය බොහෝ දෙනෙකුට මහත් අස්වැසිල්ලක් වුණා. නානා දක්ෂ කලාකරුවෙකු සහ නළුවෙකු විතරක් නෙමෙයි, සමාජය පිළිබඳ සංවේදී පුද්ගලයෙකු ද වුනා. ඔහුගේ ආත්මයට සැනසීම ලැබේවා. ඕම් ශාන්ති."

නානා පටේකාර් අවසන් වරට දක්නට ලැබුණේ විශාල් භාරද්වාජ්ගේ ආදරණීය ක්‍රියාදාම ත්‍රාසජනක චිත්‍රපටයක් වන O'Romeo හි ය. ෂාහිඩ් කපූර් සහ ත්‍රිප්ති දිම්රි රංගනයෙන් දායක වූ එම චිත්‍රපටය 2026 පෙබරවාරි මාසයේදී නිකුත් වූ අතර, එහි මුම්බායි බුද්ධි අංශයෙහි ප්‍රධානියා වන ඉස්මයිල් ඛාන්ගේ චරිතය ඔහු නිරූපණය කළේය.
ඔහු අනිල් කපූර්ගේ Subedar චිත්‍රපටයේ ද රංගනයෙන් දායක වූ අතර එය 2026 මාර්තු මාසයේදී Prime Video ඔස්සේ නිකුත් විය. ඊට පෙර ඔහු Housefull 5 (2025) සහ Vanvas (2024) චිත්‍රපටවල ද රංගනයෙන් දායක විය. 2026 වසරේදී ප්‍රකාශ් ජා ගේ දේශපාලන නාට්‍ය මාලාවක් වන Sankalp හරහා ඩිජිටල් වේදිකාවලට ද ඔහු පිවිසි අතර, එහි Maat Saheb/Kanhaiya Lal ගේ ප්‍රධාන චරිතය නිරූපණය කළේය.
මුත්තණුවන්ගේ මතකයන් අවදි කරමින් රිතේෂ් දේශ්මුක් තැබූ සංවේදී සටහන
රංගන ශිල්පී රිතේෂ් දේශ්මුක්, නානා පටේකාර් සමඟ ගත කළ කාලය සිහිපත් කරමින් ඔහු වෙත සිය ශෝකය පළ කළේය."අද මට වචන නැහැ. මගේ හදවතට අකුණු පහරක් වැදුණා වගේ දැනෙනවා,'' රිතේෂ් එලෙස සටහන් කළේය
නානා ගිහින්... මේ එකම වාක්‍යය මගේ මනස හිරිවැටී යන තරමටම මා නිහඬ කරලා.
ඔබ රංගනයෙන් සීමා මායිම් නැති අහස වගෙයි. ඔබේ සුවිශේෂී රංගන විලාසය තුළින්, කිසිවෙකුටත් බිඳ දැමිය නොහැකි ස්ථානයක් ප්‍රේක්ෂක හදවත් තුළ ඔබ හිමිකර ගත්තා.
ඇතැම්විට තිරය මත බැබළෙන වීරයෙක්, ඇතැම් විට ඇඟ කිලිපොළා යන සුළු දුෂ්ටයෙක්, තවත් විටෙක බැරෑරුම් මුහුණක් පිටුපස සැඟවුණු හාස්‍යය පිරුණු විනෝදකාමීයෙක්.
ඔබේ රංගනය තුළ සෑම වර්ණයක්ම ජීවමාන විය.
ඔබ තිරය මත වීරයෙකු වුවත්, තිරයෙන් පිටුපස ඊටත් වඩා උතුම් මිනිසෙකු විය. 'Bluffmaster' සහ 'Housefull 5' චිත්‍රපටවලදී ඔබ සමඟ එකට රඟපෑමට ලැබීම මා ලැබූ භාග්‍යයකි. නමුත් මරාති චිත්‍රපටයකදී ඔබ සමඟ වැඩ කිරීමට තිබූ ආශාව ඉටු නොවූ සිහිනයක් විදිහට ඉතිරිව ඇත.
ඔබේ වචන, මා ඔබ සමඟ කළ සංවාද, පිටට තට්ටු කරමින් දක්වපු අගය කිරීම් සහ අපි එකට සිනාසුණු අවස්ථා තමයි මගේ සැබෑම වත්කම්.
ඔබේ පවුලේ සාමාජිකයන්ට, ආදරණීයන්ට සහ මිලියන ගණනක් වන රසිකයන්ට මාගේ හෘදයාංගම සංවේගය පළ කරනවා.
සැබෑවටම, අද එක් යුගයක අවසානයක්.
හෘදයාංගම උපහාරය."

අල්ලපු ගෙදර CCTV එකෙන් ඔබේ පෞද්ගලිකත්වයට තර්ජනයක් ද? මෙන්න ගත හැකි නීතිමය ක්‍රියාමාර්ගඅල්ලපු ගෙදර CCTV එකෙන් ඔබේ පෞද්ගලි...
10/10/2026

අල්ලපු ගෙදර CCTV එකෙන් ඔබේ පෞද්ගලිකත්වයට තර්ජනයක් ද? මෙන්න ගත හැකි නීතිමය ක්‍රියාමාර්ග

අල්ලපු ගෙදර CCTV එකෙන් ඔබේ පෞද්ගලිකත්වයට තර්ජනයක් ද? CCTV (Closed-Circuit Television) යනු වර්තමානයේ සුලභව භාවිත වන ආරක්ෂක මෙවලමකි.

පොදු ස්ථානවල පමණක් නොව පෞද්ගලික වශයෙන් නිවාස සහ වෙළෙඳ සල් ආශ්‍රිතව ද CCTV පද්ධති සවි කර ඇති අයුරු බහුල ලෙස දැකිය හැකි ය.

කෙසේ වෙතත්, CCTV සවිකිරීම සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු අතර විවාදාත්මක කරුණු සමාජ මධ්‍යවල පළ කෙරෙන අතර, ඒ සම්බන්ධයෙන් ඇති නීතිමය තත්ත්වය පිළිබඳව නිසි අවබෝධයක් ඇති බව පෙනී යන්නේ නැත.

නීතිමය තත්ත්වය
1995 අංක 14 දරන සාක්ෂි (විධිවිධාන) පනත සහ 2022 අංක 9 දරන පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත තුළින් CCTV සවිකිරීම්වලට අදාළ නීතිමය තත්ත්වයන් පැහැදිලි කෙරේ.

පෞද්ගලිකත්වය (Privacy): ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහ සාමාන්‍ය නීතිය යටතේ යමෙකුගේ පෞද්ගලිකත්වයට බාධා කිරීම සිවිල් වරදක් ලෙස සැලකේ. ඒ අනුව, අන් අයගේ රූප හෝ වීඩියෝ ඔවුන්ගේ කැමැත්තෙන් තොරව අනවශ්‍ය ලෙස පටිගත කිරීම මෙම නව පනත යටතේ ගැටලුවක් විය හැකි ය.

මහජන පීඩාව (Nuisance): අසල්වැසියෙකුගේ දෛනික ජීවිතයට බාධාවක් හෝ මානසික පීඩාවක් ඇති වන ආකාරයට කැමරා සවිකර තිබීම ගැටලුවකි.

ගැටලු මතු වන අවස්ථා
අසල්වැසි හෝ යාබද නිවසක පහත දැක්වෙන ආකාරයෙන් CCTV කැමරා සවි කර ඇත්නම් නීතිමය ගැටලු මතු වනු ඇත.

ඔබේ නිවසේ ජනේල හෝ දොරවල් තුළින් නිවස ඇතුළත පෙනෙන ආකාරයට,
ඔබේ නිවසේ හෝ ඉඩමේ ඇතුළත කොටස් නිරීක්ෂණය වන ආකාරයට,
ඔබේ මිදුල, පිහිනුම් තටාකය හෝ පෞද්ගලිකව භාවිත ස්ථාන ඉලක්ක වන ආකාරයට,
ඔබේ පවුලේ සාමාජිකයන්ගේ දෛනික කටයුතු නිරන්තරයෙන් පටිගත වන ආකාරයට කැමරා සවි කර තිබේ නම් ඊට අදාළව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ඔබට අවස්ථාව පවතී.
ගත හැකි නීතිමය ක්‍රියාමාර්ග
යම් ස්ථානයක සවි කර ඇති CCTV කැමරා පද්ධතියක් මගින් ඔබගේ පෞද්ගලිකත්වයට බාධාවක් සිදුවන බව හැඟෙන්නේ නම්, හෝ ඔබගේ නිවස දෙසට කැමරාවක් යොමු වී ඇති බව හැඟෙන්නේ නම් ඊට එරෙහිව ඔබට නීතිමය ක්‍රියාමාර්ග ගත හැකි ය.

නීතිඥ කසුනි හේරත් රූපවාහිනී නාලිකාවක වැඩසටහනකදී පෙන්වා දුන්නේ, CCTV පද්ධතියක් හරහා යමෙකුගේ ආරක්ෂාවට, පෞද්ගලිකත්වයට හෝ ගෞරවයට හානි වන්නේ නම් එය වරදක් බව ය.

ඒ අනුව, එවැනි අවස්ථාවකදී ආසන්නයේ පිහිටි පොලිස් ස්ථානයට ගොස් පැමිණිලි කිරීමට ඔබට අවස්ථාවක් ඇත.

එහිදී, පළමුව එම ගැටලුව සමථ මූල මණ්ඩලයට යොමු කරන අතර, එහිදී නිරාකරණය කර ගත නොහැකි නම් අධිකරණයට පවා යාමට අවස්ථාව පවතී.

අදාළ කැමරා තමන්ගේ පෞද්ගලිකත්වයට, ආරක්ෂාවට හෝ ගෞරවයට බාධාවක් බව ඔබ තහවුරු කර ගත යුතු බව ශ්‍රී ලංකා පොලිසියේ CCTV කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් බීබීසී සිංහල සේවයට පැවසීය.

ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කළ පසු, පොලිසිය ඒ පිළිබඳව සොයා බලා අදාළ කැමරාව හෝ කැමරා කිහිපය අන් අයට බාධාවක් නොවන පරිදි වෙනස් කරන ලෙස පොලිසිය දැනුම් දෙනු ඇත.

'සාරධර්ම පිළිබඳ ප්‍රශ්නයක්'
මේ අතර, ශ්‍රී ලංකා පොලිසියේ CCTV කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා පැවසුවේ, "CCTV සවි කිරීමේදී අන් අයට හානියක් හෝ බාධාවක් නොවන අයුරින් සවි කිරීමට වග බලා ගත යුතු" බව ය.

"මේක සාරධර්ම පිළිබඳ ප්‍රශ්නයක්. නීතියට වඩා මෙතනදි සාරධර්ම ගැන හිතන්න වෙනවා."

මේ අතර, CCTV පද්ධතියක් ක්‍රියාත්මක වන්නේ නම්, ඒ පිළිබඳව දැනුම් දීම සඳහා යම් පුවරුවක් ප්‍රදර්ශනය කිරීම ද කළ යුතු ය.

10/10/2026

පාසල හිනැස්සු පුවත්

ශ්‍රී ලංකාව පුරා වේගයෙන් ව්‍යාප්ත වන චීන සිසිල් බීම ජාල: ව්‍යාපාර මොඩලය, තරුණ ආකර්ෂණය සහ සෞඛ්‍ය අභියෝගබිං චුන් (Bing Chu...
10/10/2026

ශ්‍රී ලංකාව පුරා වේගයෙන් ව්‍යාප්ත වන චීන සිසිල් බීම ජාල: ව්‍යාපාර මොඩලය, තරුණ ආකර්ෂණය සහ සෞඛ්‍ය අභියෝග

බිං චුන් (Bing Chun), බිංෂුවේ (Bingxue) වැනි චීනයෙන් ආරම්භ වූ බබල් ටී, අයිස්ක්‍රීම් සහ සිසිල් බීම අලෙවි කරන වෙළෙඳ නාම වසරක් වැනි කෙටි කාලයක් තුළ ශ්‍රී ලංකාව පුරා වේගයෙන් ව්‍යාප්ත වී තිබේ.

වසර 14කට පෙර චීනයේදී ස්ථාපනය කෙරුණු බිං චුන් ශාඛා 66කට අධික ගණනක් මේ වන විට ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 10ක් ආවරණය වන පරිදි පිහිටුවා ඇති බව බිං චුන් ශ්‍රී ලංකා වෙබ් අඩවියේ දැක්වේ.

බිංෂුවේ ශ්‍රී ලංකාවේ සිය පළමු ශාඛාව 2026 මැයි මාසයේදී දෙහිවලින් ආරම්භ කළ අතර, තවත් නාගරික ප්‍රදේශ වෙත ව්‍යාප්ත වීමේ සැලසුම් ද ප්‍රකාශයට පත් කර තිබිණි.

මීට අමතරව මෙවැනි නිෂ්පාදන අලෙවි කරන තවත් වෙළෙඳ නාම කිහිපයක් ද ශ්‍රී ලංකාවේ ජනප්‍රිය වෙමින් පවතින නමුත්, බිං චුන් සහ බිංෂුවේ යන වෙළෙඳ නාම දෙක ම මෑත කාලයේදී වේගවත් ව්‍යාප්තියක් පෙන්නුම් කර තිබේ.

මෙම සියලු ව්‍යාපාර "ෆ්‍රැන්චයිස් ව්‍යාපාර" ආකෘතියක් අනුගමනය කරමින් එක ම ආකාරයේ ආහාර නිෂ්පාදන බොහෝවිට අඩු මිල ගණන්වලට අලෙවි කරන අතර සමාජ මාධ්‍ය ප්‍රචාරණය ඔස්සේ විශේෂයෙන් තරුණ පාරිභෝගිකයන් අතර ජනප්‍රියත්වයට පත්ව ඇති බව නිරීක්ෂණය වෙයි.

නමුත් මෙම ජනප්‍රියත්වය පිටුපස ඇත්තේ, අලෙවි උපාය මාර්ගයක් ද, නව පාරිභෝගික සංස්කෘතියක් ද, නැතහොත් ඒ දෙකේ ම එකතුවක් ද? එවැනි නිෂ්පාදනවල සෞඛ්‍යමය බලපෑම් මොනවා ද? ඒවා සම්බන්ධයෙන් ප්‍රමාණවත් නියාමනයක් ක්‍රියාත්මක වන්නේ ද? බීබීසී සිංහල ඒ පිළිබඳව කළ සොයා බැලීමකි, මේ.

චීනයෙන් ශ්‍රී ලංකාවට
Henan Liangdi Catering Management Co., Ltd. සමාගමට අයත් Bing Chun Tea නම් තේ පාන ජාල සන්නාමය 2012 වසරේදී ආරම්භ කෙරිණි.

2024 වසරේදී නිකුත් කර ඇති එහි වෙළෙඳ නාම අත්පත්‍රිකාවකට අනුව, එහි ප්‍රමුඛතම නිෂ්පාදනය වන්නේ 'ෆෘට්ස් ජැස්මින් මිල්ක් ටී' (Fruits Jasmine Milk Tea) ය.

නමුත් අද වන විට ඔවුන්ගේ නිෂ්පාදන Bubble Tea, Milk Tea, Fruit Tea, Milkshake, Sundae සහ Ice cream ආදී නිෂ්පාදන දක්වා වර්ධනය වී ඇත.

"ව්‍යාපාර ආරම්භ කරන තරුණ තරුණියන් සඳහා ජනප්‍රිය සන්නාමයක්," ලෙස එය තම ව්‍යාපාරය හුවා දක්වා ඇති අතර "සෑම තේ කෝප්පයක් ම ඉතා සැලකිල්ලෙන් පිළියෙල කිරීමටත්, උසස් ම තත්ත්වයේ අමුද්‍රව්‍ය භාවිතයෙන් සෑම නිෂ්පාදනයක් ම සකස් කිරීමටත් කටයුතු කරන බව" එහි වෙළෙඳ නාම අත්පත්‍රිකාවේ සඳහන් කර තිබේ.

2022 දෙසැම්බර් වන විට චීනය පුරා බිං චුන් වෙළෙඳසල් 1,500කට වඩා පිහිටුවා 2023 ඔක්තෝබර් වන විට එම ජාලය ලොව පුරා වෙළෙඳසල් 2,600කට වැඩි ගණනක් දක්වා ප්‍රසාරණය වී ඇත.

බිං චුන් වෙබ් අඩවියේ සඳහන් පරිදි ඔවුහු වෙළෙඳපළ ව්‍යාප්තියත් සමග, සමාගම ගෝලීය වශයෙන් ෆ්‍රැන්චයිස් ගිවිසුම් 4,000කට අධික සංඛ්‍යාවක් අත්සන් කර ඇති අතර රටවල් 30කට අධික සංඛ්‍යාවක සිය අලෙවිසල් ක්‍රියාත්මක කරති.

බිංෂුවේ යනු, Jinan Baodao Enterprise Management Consulting Co., Ltd යටතේ පවතින, තේ පාන, අයිස්ක්‍රීම් සහ කෝපි සඳහා විශේෂිත වූ ප්‍රමුඛ පෙළේ චීන තේ පාන සන්නාමයක් බව එහි වෙබ් අඩවියේ දැක්වේ.

2014 වසරේ ආරම්භ කර ඇති මෙම ව්‍යාපාරය 2023 වසරේ සිට ඉන්දුනීසියාව, මැලේසියාව, වියට්නාමය, කාම්බෝජය, සිංගප්පූරුව, මියන්මාරය, ලාඕසය, කසක්ස්ථානය, පිලිපීනය, එක්සත් ජනපදය, කැනඩාව, බෲනායි, තායිලන්තය සහ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 14ක් දක්වා සිය මෙහෙයුම් පුළුල් කර තිබේ.

ලොව පුරා අලෙවිසල් 4500කට අධික ගණනකට ඔවුහු හිමිකම් කියති. බිංෂුවේ සහ අනෙක් වෙළෙඳ නාම ද බිං චුන් හා සමාන නිෂ්පාදන අලෙවි කරයි.

පොදුවේ ගත් කල බිං චුන් සහ බිංෂුවේ යන චීන වචනවල සාමාන්‍ය අර්ථය වන්නේ "සිසිල්" යන්න ය.

සෞඛ්‍යමය බලපෑම

මෙවැනි නිෂ්පාදන පරිභෝජනය කළ ඇතැම් සමාජ මාධ්‍ය පරිශීලකයින් සඳහන් කර තිබුණේ, ඒවායේ අධික සීනි ප්‍රමාණයක් අඩංගු වන බව ය. කෙසේ වෙතත්, එම සීනි ප්‍රමාණය නිෂ්පාදනවල පැහැදිලිව සඳහන් කර නොමැති බවට ද ඇතැමුන් චෝදනා කර තිබිණි.

ඒ පිළිබඳව වැඩිදුර සොයා බැලීම සඳහා බීබීසී සිංහල මෙම අලෙවිසල් දෙකකට ගොස් නිරීක්ෂණයක් කළේ ය.

එහිදී නිරීක්ෂණය වූයේ, බිං චුන් සිසිල්බීමවල, අවසරලත් කෘත්‍රිම පැණි රසකාරක අඩංගු බවත්, වයස අවුරුදු තුනට අඩු දරුවන් සඳහා ඒවා නිර්දේශ නොකරන බවත් සඳහන් ලේබල් අලවා ඇති බව ය.

කෙසේ වෙතත්, එහි භාවිත කර ඇති කෘත්‍රිම පැණි රසකාරක මොනවා ද? යන්න ලේබලයේ සඳහන් නොවීය.

එමෙන් ම, පාරිභෝගිකයන්ට තමන් කැමති පරිදි සීනි මට්ටම අඩු හෝ සාමාන්‍ය ලෙස තෝරා ගැනීමට අවස්ථාව සලසා දී ඇති බව ද නිරීක්ෂණය විය.

මෙම පාන සකස් කිරීමේදී කාර්ය මණ්ඩලය කුඩා තරාදියක් භාවිත කරන අතර, ඒ මත බඳුන තබා අමුද්‍රව්‍ය මැන පානය සකස් කරන අයුරු ද බීබීසීයට නිරීක්ෂණය විය.

බිංෂුවේ නිෂ්පාදන මිල දී ගැනීමේදී 0% සිට 100% දක්වා සීනි මට්ටම තෝරා ගැනීමට හැකි වුව ද, ඒවායේ කෘත්‍රිම පැණි රසකාරක අඩංගු ද යන්න නිෂ්පාදනයේ ලේබලයේ නිශ්චිතව සඳහන් කර නොතිබිණි.

නමුත් අප සීනි මට්ටම 100%ක් ලෙස ඉල්ලා සිටිය ද, ඔවුන් ලබා දුන් නිෂ්පාදනයේ එය 120%ක් ලෙස සඳහන් කර තිබිණි.

මීට අමතරව, එහි පානයේ ප්‍රමාණය "Normal" ලෙසත්, Ice, Black, Sugar සහ Boba ලෙස අඩංගු ද්‍රව්‍ය ද ලේබලයේ සඳහන් කර තිබිණි.

බීබීසී සිංහල කළ නිරීක්ෂණයේදී අනාවරණය වූයේ, මෙම නිෂ්පාදන සකස් කිරීමේදී බිංෂුවේ ෆෘක්ටෝස් භාවිත කරන බව ය.

ඒ සඳහා විශේෂ යන්ත්‍රයක් භාවිත කරන බව නිරීක්ෂණය වූ අතර, එය "Fructose Machine" ලෙස ලේබල් කර තිබිණි. පාරිභෝගිකයා තෝරා ගන්නා සීනි මට්ටම අනුව ෆෘක්ටෝස් ප්‍රමාණය එක් කිරීම සඳහා එහි වෙන වෙන ම බොත්තම් ද යොදා තිබිණි.

බීබීසීය සිංහල සමග අදහස් දක්වමින් ජාත්‍යන්තර සෞඛ්‍ය විද්‍යායතනයේ උපකුලපති සහ පෝෂණ විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස අනතුරු ඇඟවූයේ, සීනි බහුල ආහාර ගැනීම නිසා ස්ථූලභාවය, දියවැඩියාව, අධිරුධිර පීඩනය සහ අනෙකුත් බෝ නොවන රෝග වැළඳීමේ අවදානම ඉහළ යන බව ය.

පුද්ගලයෙකු දිනකට සීනි තේ හැඳි 6කට වඩා භාවිත නොකළ යුතු බවට ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් නිර්දේශ කර ඇති බවත් එම ප්‍රමාණය ඉක්මවා අධික ලෙස සීනි භාවිතයට ගැනීමෙන් බෝ නොවන රෝග ඇතිවීමේ ප්‍රවණතාව වැඩි වන බවත් ඇය පෙන්වා දුන්නා ය.

විශේෂඥ වෛද්‍යවරිය සඳහන් කළේ, සීනි එවැනි ආහාර නිරන්තරයෙන් පරිභෝජනය කිරීමෙන් සීනි ආහාරවලට ඇති ලැදි බව ඉහළ යන අතර ම එය දන්ත සෞඛ්‍යයට ද අහිතකර ලෙස බලපාන බව ය.

"මේක නිසා තමයි අපි කියන්නේ, මේ වගේ ඕනෑ ම සීනි බහුල ආහාරයක් දෙනකොට කොච්චර ප්‍රමාණයක් ඒකේ සීනි තියෙනවා ද කියන එක වර්ගීකරණය කරලා ලේබල් එකක තියෙන්න ඕනේ.

"එහෙම නැතුව, පාරිභෝගිකයෝ විදිහට අපි දන්නේ නෑ, අපි මේ ගන්න ආහාරයෙන් කොච්චර සීනි ප්‍රමාණයක් ඇඟට ගන්නවා ද කියලා," ඇය තවදුරටත් පැවසීය.

සීනි සහිත ආහාර කලාතුරකින් ආහාරයට ගැනීම ගැටලුවක් නොවුණ ද, ඒවා දිනපතා ආහාරයට ගැනීමෙන් දීර්ඝකාලීන රෝගාබාධ හටගන්නා බවට ඇය අනතුරු ඇඟවූවා ය.

ඇය සඳහන් කළේ, ඇතැම් කෘත්‍රිම රසකාරක සහ වර්ණක සෞඛ්‍යයට අහිතකර වන අතර, අනුමත නොකළ ඇතැම් රසකාරක සහ වර්ණක නිසා පිළිකා හටගැනීමේ අවදානමක් ද පවතින ය.

ඒ හේතුවෙන්, නිෂ්පාදනයට එකතු කරන කෘත්‍රිම රසකාරක වර්ගය සහ ප්‍රමාණයන් මෙන් ම වර්ණක පිළිබඳව ලේබලයේ නිවැරදිව සඳහන් කිරීම අනිවාර්ය විය යුතු බව ඇය අවධාරණය කළා ය.

තරුණ පරම්පරාව මෙවැනි වෙළෙඳ ප්‍රචාරණවලට පහසුවෙන් හසුවන අතර, ඔවුන් තමන්ට දිනකට ලැබෙන මුදල් මෙවැනි ආහාර සඳහා වැය කරන බව විශේෂඥ වෛද්‍යවරිය පෙන්වා දුන්නා ය.

ඇය සඳහන් කළේ, දිනපතා මෙවැනි සෞඛ්‍යයට අහිතකර ආහාර සඳහා මුදල් යෙදවීමෙන් සෞඛ්‍ය සම්පන්න ආහාර ගැනීමට ඇති අවස්ථාව ඔවුන්ට අහිමි වන බව ය.

"ඉතින් හැම තිස්සේ ම තරුණ පරම්පරාව බලන්න ඕනේ, තමන් කොහොම ද සෞඛ්‍ය සම්පන්න ආහාරවලට පෙළඹෙන්නේ කියන එක. මොකද තරුණ පරම්පරාව තමයි දිගු කාලයක් ජීවත් වෙන්න ඕනේ, ලෙඩ රෝගවලින් වැළකී සිටින්න ඕනේ.

"අපි දැනට දකිනවා සමාජයේ තරුණ අය ඉක්මනින් ලෙඩ රෝගවලට ගොදුරු වෙනවා කියලා. ඉතින් ඒක නිසා තරුණ පරම්පරාව තමන් ගන්නා ආහාර ගැන මීට වැඩිය සැලකිලිමත් වෙන එක, ඒවා ගැන විශ්ලේෂණය කරන එක, ඒවායේ ලේබල් කියවන එක වැදගත්," ඇය පැහැදිලි කළා ය.

සමාගම්වල ප්‍රතිචාරය

පාරිභෝගිකයින්, සමාජ මාධ්‍ය පරිශීලකයින් සහ විශේෂඥයින් මතු කරන කරුණු පිළිබඳව අදහස් විමසමින් බීබීසී සිංහල, බිං චුන් (Bing Chun) සහ බිංෂුවේ (Bingxue) ආයතනවල ශ්‍රී ලංකා වෙබ් අඩවිවල සඳහන් විද්‍යුත් තැපැල් ලිපින වෙත වෙන වෙන ම පණිවිඩ යොමු කිරීමට පියවර ගත්තේ ය.

බීබීසී සිංහල යොමු කළ ප්‍රශ්න අතර, මෙම ව්‍යාපාර සිය නිෂ්පාදනවල භාවිත කරන ප්‍රධාන අමුද්‍රව්‍ය, ඒවායේ මූලාශ්‍ර, ආහාර සුරක්ෂිතතා සහ තත්ත්ව ප්‍රමිතීන් මෙන් ම ශ්‍රී ලංකාවේ අදාළ බලධාරීන්ගෙන් ලබාගෙන ඇති අනුමැතියන්, ලියාපදිංචි කිරීම් හෝ සහතික පිළිබඳ කරුණු ඇතුළත් විය.

ඊට ප්‍රතිචාර දක්වමින් බිං චුන් ශ්‍රී ලංකා මෙසේ සඳහන් කළේ ය:

"ඔබ යොමු කළ ප්‍රශ්න අප සමාලෝචනය කර ඇත. කෙසේ වෙතත්, මේ අවස්ථාවේදී මෙම මාධ්‍ය වාර්තාකරණයට සහභාගී නොවීමට 'බිං චුන් ශ්‍රී ලංකා' තීරණය කර තිබේ.

දැනට අපගේ සම්පත් දෛනික මෙහෙයුම් කටයුතු සහ පාරිභෝගිකයින්ට ගුණාත්මක නිෂ්පාදන ලබා දීම කෙරෙහි යොමු කිරීමට අපි කැමැත්තෙමු."

කෙසේ වෙතත්, බිංෂුවේ වෙත බීබීසී සිංහල යොමු කළ විද්‍යුත් තැපැල් පණිවිඩයට මේ දක්වා ප්‍රතිචාර ලැබී නොමැත.

මීට අමතරව, ISO 22000 හෝ HACCP වැනි ජාත්‍යන්තරව පිළිගත් ආහාර සුරක්ෂිතතා සහතික මෙම ව්‍යාපාර හෝ ඒවායේ ශ්‍රී ලාංකික අලෙවිකරුවන් සතුව තිබේ ද? යන්න බීබීසී සිංහල සොයා බැලූ නමුත්, ඒ බව ස්වාධීනව තහවුරු කර ගැනීමට නොහැකි විය.

මංගල, රේවත
06/10/2026

මංගල, රේවත

අපේක්ෂා රෝහල උදව් ඉල්ලයිමහරගම අපේක්‍ෂා රෝහලේ රෝගී ප්‍රතිකාර කටයුතු සඳහා අවශ්‍ය ඖෂධ සහ ශල්‍ය පරිභෝජන ද්‍රව්‍ය කිහිපයක් පර...
06/10/2026

අපේක්ෂා රෝහල උදව් ඉල්ලයි

මහරගම අපේක්‍ෂා රෝහලේ රෝගී ප්‍රතිකාර කටයුතු සඳහා අවශ්‍ය ඖෂධ සහ ශල්‍ය පරිභෝජන ද්‍රව්‍ය කිහිපයක් පරිත්‍යාග කරන ලෙස රෝහල් බලධාරීන් ඉල්ලීමක් කර තිබේ.

එම ඉල්ලීමට අනුව පරිත්‍යාග ලෙස අවශ්‍ය ඖෂධ අතර Tigecycline somg එන්නත්, Methotrexate 500mg එන්නත්, Fluorouracil 1g එන්නත්, Methotrexate 2.5mg පෙති, Voriconazole 200mg පෙති සහ chlorambucil 2mg කැප්සියුල් අවශ්‍ය වේ.

මීට අමතරව වැඩිහිටි රෝගීන් සඳහා භාවිත කරන Colostomy Bags සහ Plates ද ශල්‍ය පරිභෝජන ද්‍රව්‍ය ලෙස අවශ්‍යව පවතින බව දැනුම් දී ඇත. ඖෂධ සහ ශල්‍ය පරිභෝජන පරිත්‍යාග කිරීමේදී මුල් ඉන්වොයිස් සමග අදාළ පරිත්‍යාග ලබාදෙන ලෙසත්, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) අනුමත ඖෂධ පමණක් තමන් භාරගනු ලබන බවද රෝහල් බලධාරීහු සඳහන් කරති.

ඖෂධ සහ අනෙකුත් පරිත්‍යාග භාරගැනීම සතියේ දිනවල පෙ.ව. 8.00 සිට ප.ව. 4.00 දක්වාත්, සෙනසුරාදා පෙ.ව. 8.00 සිට දහවල් 12.00 දක්වාත් සිදු කරනු ලබන බවත්, මේ සම්බන්ධව වැඩිදුර තොරතුරු සඳහා 0777468503, 0112850252 සහ 0112897377 (Extension 1629) යන දුරකථන අංක අමතන ලෙසත් මහරගම අපේක්‍ෂා රෝහල් බලධාරීහු පරිත්‍යාගශීලීන්ගෙන් ඉල්ලා සිටිති.

වැඩි විස්තර 👉https://tinyurl.com/3bw783tt

04/10/2026

හිගාකන්න මරු චරිතේ 🦮🦮🤭😅

බොහෝ පිරිසක් perfectම දේ එළියට දෙන්න හිතන නිසා ඔවුන් කවදාවත් ඔවුන් සැලසුම් කරන දේවල් පටන් ගන්නේ නැහැ. නමුත් සුපිරි මිනිස...
02/10/2026

බොහෝ පිරිසක් perfectම දේ එළියට දෙන්න හිතන නිසා ඔවුන් කවදාවත් ඔවුන් සැලසුම් කරන දේවල් පටන් ගන්නේ නැහැ.

නමුත් සුපිරි මිනිසුන් කරන්නේ තමන්ට හැකි අයුරින් එය පටන් අරගෙන පසුව එය ක්‍රමයෙන් improve කිරීමයි

30/09/2026

Ane ... 🦮🐕🐩

Address

Homagama
10200

Telephone

+94702087810

Website

Alerts

Be the first to know and let us send you an email when Madhawa Chapter posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Madhawa Chapter:

Shortcuts

Share