Never Again

Never Again No Second Chance for same mistake �

කිව්වා හරි 😆
14/02/2026

කිව්වා හරි 😆

14/02/2026

අප්පච්චිට Bye කියලා යන්න ඇවිත් අරගලේට ගැහුවලු 🤔

සමහර වීරයන් නිල ලාංඡන සහිත ඇඳුම් අඳින්නේය. තවත් වීරයන් නිල ලාංඡන තිබෙන තොප්පි හිස පළඳින්නේය. ඒ ඔවුන් වීරයන් බව අනෙකාට ඒත...
02/08/2025

සමහර වීරයන් නිල ලාංඡන සහිත ඇඳුම් අඳින්නේය. තවත් වීරයන් නිල ලාංඡන තිබෙන තොප්පි හිස පළඳින්නේය. ඒ ඔවුන් වීරයන් බව අනෙකාට ඒත්තු ගන්වන්නටය. හැබැයි අප මේ කියන්නට යන වීරයාට ඒ කිසිවක් නැත. නමුත් ඔහු ද වීරයෙකි. මේ වීරයා, ‘මොරොචෝ’ (Morocho) නම් සුරතල් බලු පැටවෙකි. මේ ලිපිය ඒ ගැනය.

යුලිසීස් ඩි ඇන්ඩ්‍රියා නෝර්ස් ආර්ජන්ටිනාවේ ගොවිපොළක් හිමි පුද්ගලයෙකි. ඔහුගේ දියණිය සෝෆා ය. දිනක් සෝෆාත්, ඇගේ මිතුරිය යෝලිත් ගොවිපොළේ සෙල්ලම් කරමින් සිටියහ. ගම්බද ප්‍රදේශයක පිහිටා තිබූ ගොවිපොළේ එක්පසෙක වූයේ කැලෑවය. සෙල්ලම් කරන අතරවාරයේ මේ දෙදෙනා කාටත් හොරෙන් කැලෑවට රිංගුවේ පලතුරු කඩන්නටයි.
“අන්න අන්න පලතුරු ගහක්. ඔය ගෙඩි රසයි.”
යෝලි එසේ කීවේ සෝෆාටය. කියූ පමණින්ම සෝෆා ගසට නැංගේය. කුඩා දැරියක් වුවද ඇයට ගස් නැගීමේ හැකියාව තිබුණි. අත්තික්කා ගසක් වූ එහි කහ පැහැයට හැරුනු ඉදුණු ගෙඩි තිබුණේ තරමක් ඉහළට වෙන්නටය. එනිසා සෝෆා තවත් ඉහළට නැංගාය. එහෙත් ඇයට ගසේ වැඩිදුරක් නම් නගින්නට වුණේ නැත. දුටු දසුනින් ඇයට උන්හිටි තැන ද අමතකව ගියාය. එහි සිටියේ ඇඟපතෙන් විශාල සතෙකි.
“දෙවියනේ යෝලි ගහේ මොකෙක්ද ඉන්නවා.”
සෝෆා එසේ කියා කෑ ගසද්දී යෝලි ද ටිකක් අවධානෙන් බැලුවාය. ඇය බලාපොරොත්තු වූයේ කෘමියකු වැනි කුඩා සතෙක් වුවද සිටියේ ව්‍යාඝ්‍ර පවුලේ විශාල පූමා සතෙකි. එතෙක් වෙලාවක් තද නින්දේ පසුවුවද සෝෆාගේ කෑ ගැසිල්ලට පූමා අවදිවී තිබුණි.
“සෝෆා ඉක්මණින්ම බහින්න. ඒ ඉන්නේ පූමෙක්.”
පූමා දරුණු සතෙක් කියා දැන සිටියද සෝෆා පූමෙකු ඇස් දෙකට දැක්කේ එදාය. ඒ වනවිටත් ඌ සිටියේ දැරියව ගොදුරු කරගැනීමේ අදහසින් මාන අල්ලමිනි. එහෙත් යෝලිගේ කෑ ගැසීමට ඈ වේගයෙන් ගසෙන් බසින්නට වූවාය. එහෙත් ටික දුරක් බසිද්දී ඈ එයින් ලෙස්සා වැටුණි.
“එන්න අපි දුවමු. නැත්නම් මෙයා අපිව මරයි.”
එසේ කී යෝමා, සෝෆා ද කැටුව වේගයෙන් ගොවිපොළට දුවන්නට විය. එහෙත් දෙදෙනාගේ වේගයක් තිබුණේ නැත. ඊට හේතුව වූයේ ගසින් ඇදවැටීම නිසා සෝෆාගේ අතපය තුවාල වී ලේ ගලමින් තිබීමයි. ඒ අතරතුරේ ගොදුර වැරදුණු පූමා ද නිකන් සිටියේ නැත. දත් විළිස්සාගෙන ඌ කුඩා දැරියන් දෙදෙනා පිටුපස පැන්නුවේය. එහෙත් එක්වරම සිදුවූයේ පූමා කිසිලෙසකින්වත් බලාපොරොත්තු නොවූ දෙයකි. ඒ තවත් සතෙක් විත් පූමාගේ ඇඟට පැන ඉලක්කය වැරදවීමයි.
ඒ පැමිණියේ ‘මොරොචෝ’ නම් සෝෆාගේ ගොවිපොළේ උන් බලු සුරතලාය. එසේ පැමිණි ඌ පූමාව පෙරළාගෙන සපා කන්නට විය. පූමා ද නිකන් සිටියේ නැත. ඌ ද මොරෝචෝ සපා කෑවේය. ව්‍යාඝ්‍ර පවුලේ කෙරුම්කාරයෙකු ලෙස සැළකෙන කිලෝග්‍රෑම් 200 කට කිට්ටු බර ඇති වැඩුනු පූමෙකු බල්ලකු ඉදිරියේ කිසි අවස්ථාවක පරාජය වන්නේ නැත. එහෙත් මොරොචෝ එකී ඉතිහාසය වෙනස් කරන්නට මෙන් පූමා සමඟ දරුණු සටනක යෙදුනේය.
මොරොචෝ, පූමා සටන එසේ සිදුවෙද්දී කුඩා දැරියන් කෙළින්ම ගොස් නැවතුණේ ගොවිපොළේ නිවසේය. ඔවුන් ගොස් සිද්ධිය සෝෆාගේ පියාට හඬාවැටෙමින් සැළකළේය. ඔවුන් බේරාගැනීමට ආ මොරොචෝ ගැන ද කිව්වේය. එසැනින්ම ඔහු කළේ තම ආරක්ෂාවට ආයුධයක් රැගෙන සටන වන පැත්තට දිවයාමයි. මන්ද තමාගේ පමාවෙන් මොරොචෝගේ මරණය පූමා අතෙන් සිද්ධවෙන බව ඔහු හොඳින්ම දැන සිටියේය. එහෙත් ඔහු එතැනට ගිය විට සිදුව තිබුණේ ඔහු සිතූ දේ අනික් පැත්තය. මියගොස් තිබුණේ නිවසේ බලු සුරතලා නොව පූමා ය.
“දෙවියනේ එහෙම දෙයක් වුණේ කොහොමද?”
සෝෆාගේ පියා එසේ සිතුවද කෙසේ හෝ සිදුව තිබුණේ එයය. එහෙත් දැරියන් දෙදෙනා ආරක්ෂා කිරීමේ සටනේදී මොරොචෝට දරුණු තුවාල සිදුවී තිබුණි. එයිනුත් මුහුණ පෙදෙසට බොහෝ හානි වී තිබුණි. එහෙත් දැරියගේ පියා බලු වීරයාව ඇපඋපස්ථාන කරමින් සුවකිරීමට වග බලාගත් අතර, ඊට මාස කීපයක්ම ගතවිය. 2008 වර්ෂයේ සිදුවූ මේ සිද්ධිය ප්‍රසිද්ධියට පත්විමත් සමඟ මොරොචෝ ආර්ජන්ටිනාවේ ජාතික වීරයෙකු වූ අතර ජීවිත කාලය පුරාම වීරකමේ සංකේතය වූයේ පූමා සමඟ කළ කුරිරු සටනේ නොමැකුනු කැළැල්ය.

රුවන් එස්.සෙනවිරත්න

ඇන්ටන් චෙකොව් විසින් රචිත   කෙටි කතාවකි මහලු ගොවියෙක් තම රෝගී බිරිඳ ,දුර්වල අශ්වයකු විසින් ඇදගෙන යනු ලබන කරත්තයක පිටුපස ...
30/03/2025

ඇන්ටන් චෙකොව් විසින් රචිත කෙටි කතාවකි

මහලු ගොවියෙක් තම රෝගී බිරිඳ ,දුර්වල අශ්වයකු විසින් ඇදගෙන යනු ලබන කරත්තයක පිටුපස අසුනේ තබාගෙන, ඇයව ප්‍රතිකාර සඳහා ඈත නගරයකට රැගෙන ගියේය.

දිගු ගමනේදී, මිනිසා තමාටම කතා කරන්නාක් මෙන් කතාකිරීමටපටන් ගත්තේය

,, ඒ සමඟම ඔහුගේ අසනීප බිරිඳ සනසමින්. ඇය වසර හතළිහක් ඔහු සමඟ ජීවත් වූ අතර, දුෂ්කරතා, දුක්ඛිත හා දුක් වේදනා විඳදරාගනිමින් - වෙහෙස නොබලා කුඹුරුවල වැඩ කරමින්, ගෙදර දොරේ සියලු බර තනිවම කළමනාකරණය කර ගත් අන්දම පැවසුවේය.

මේ අවුරුදු ගණනාව පුරාම ඔහු ඇයට රළු අන්දමින් සැලකූ ඔහුට දැනුනි.

ඔහු ඇයට කරුණාවෙන් හා මුදු මොළොක් ලෙස සැලකිය යුතු බව ඔහුට වැටහුණි

ඇයට මිහිරි හා මෘදු වචන ඇසීමට ඉඩ සැලසිය යුතුවගඔහුට සිතුණු

කාරුණික, ආදරණීය වචනයක්, ජලය තරම් පිවිතුරු සිනහවක් හෝ මුදු මොළොක් බවක් ඇයට පිරිනැමීමට ඔහු කිසි දිනක තම දෛනික චර්යාව තුළ වෙලාවක් සොයා නොගත් නිසා තමා ඇයට අසාධාරණයක් කළ බවත් ජීවිතයද ඇයට අසාධාරණයක් වූ බවත් ඔහු ඇයට කීවේය.

ගමන පුරාම ඔහු දුකෙන් හා පසුතැවිල්ලෙන් කතා කළේය

, ඔහුගේ වචන මිනිස් ආත්මයට ගැඹුරු හෘදයාංගම බවක් එක්කළේය

- වසර හතළිහක් තිස්සේ ඇයට අහිමි වූ ආදරය, උණුසුම සහ මුදු මොළොක් බව වෙනුවෙන් ඔහු ඇයට - වචනයෙන් වන්දි ගෙවීමට උත්සාහ කළේය
ඉදිරි වසරවලදී ඇයගේ සියලු පැතුම් ඉටු කරන බවට සහතික වෙමින් ඔහු පොරොන්දු විය.

නගරයට ළඟා වූ පසු, ඔහු ඉදිරිපස අසුනෙන් බැස ගියේ - ජීවිතයේ පළමු වතාවට - වෛද්‍යවරයා වෙත ඇයව රැගෙන යාමටය
නමුත් අවාසනාවකට මෙන් ඔහුට වැටහී ගියේ ඒ වනවිටත් ඇය මියගොස් ඇති බවය

. ඇය සීතලයි,

නිකම්ම මළ සිරුරක්.

ඔහුගේ මිහිරි හා දුක්බර වදන් ඇසීමට පෙර ඇය මඟදී මිය ගොස් ඇත!

චෙකොව් විසින් ලියන ලද වේදනාවේ කතාව මෙතැනින් අවසන් වේ - මහලු ගොවියා මෙන් අප හැර යමින්, අපටම කතා කරමින්, නමුත් ප්‍රමාද වූ පසුව පමණි.

වචන දැන් ප්‍රයෝජනවත් නැත...
ඔවුන්ගේ අර්ථය නැති වී ඇත!

අප අවට සිටින අයගේ වටිනාකම අපට වැටහෙන්නේ අවසානයේ දී පමණි!

ප්‍රමාද වූ විට ඔබ සතු සියල්ල පිරිනැමීමට වඩා නියම වේලාවට මලක් දීම හොඳය.

හැඟීම් පහව ගිය පසු කවියක් ලියනවාට වඩා හොඳ දෙයක් නියම මොහොතේ කීම යහපත් ය.

මළවුන්ගේ නළල මත සමාව අයදින හාදුවක් වැනි ප්‍රමාද වූ දේවල් වලින් ප්‍රයෝජනයක් නැත.

"ලස්සන දේවල් ප්‍රමාද නොකරන්න... මක්නිසාද ඒවා නැවත කිසිදා නොඑනු ඇත."

(උපුටාගැනීමකි)

28/10/2024

ලොහාන්ට හපන්න පුළුවන් කොල්ලට photo ගහන්න බැහැ.අම්මාගෙ නිතියක් මේක.දැන්වත් නවත්වමු මේ වැඩ මොකාද මේ ටැපික් ඔයිසි 🖕🏻 https://www.facebook.com/share/v/ipWGRetjHMUfoppN/?mibextid=KsPBc6

✌️
22/09/2024

✌️

සද වික්කා ඊයේ රෑ 💵🤑💰
05/09/2024

සද වික්කා ඊයේ රෑ 💵🤑💰

සඳ වික්කා - Sanda Vikkaසඳ වික්කා ඊයේ රෑ දුටුවද සාවිතරු රෑනම අරාබියට අඳ කුලියට දීහිරුට තාම අහවර නෑ ගණන් හිලව් කීඉපුණු කැකු....

03/09/2024

මෙච්චරටම කෙලවෙලා තියන රටක මිනිස්සුන්ගෙ බදු මුදලින් මරික්...කාර්ලා තාම කාර් පදින්න හදනවානේ...

https://youtu.be/PiwIOQQvP3k?si=Sh53-aCSPh-pin4V
10/08/2024

https://youtu.be/PiwIOQQvP3k?si=Sh53-aCSPh-pin4V

අනුර කුමාර සිය ජීවිතයේ කල සංවේදීම කතාව තම පාසලේදී කරයි-මේ නුග ගහ යට තමයි අපි සිල් ගත්තේ බස්නායක ටීචර් දැක්කම....

Address

Hokandara
Hokandara South
10118

Telephone

+94704328648

Website

Alerts

Be the first to know and let us send you an email when Never Again posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Never Again:

Share