Wickramabahu PPA

Directions

Wickramabahu PPA The official page for past pupils association of Wickramabahu Central College - Gampola

2027 වර්ෂයේ 06 ශ්‍රේණියට දරුවන් ඇතුලත් කිරීම.   මෙවර ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල මත 2027 වර්ෂයට 06 ශ්‍රේණිය සදහා වික්‍රමබාහ...
20/09/2026

2027 වර්ෂයේ 06 ශ්‍රේණියට දරුවන් ඇතුලත් කිරීම.
මෙවර ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල මත 2027 වර්ෂයට 06 ශ්‍රේණිය සදහා වික්‍රමබාහු මධ්‍ය විද්‍යාලයට ආදි ශිෂ්‍ය පදනම මත දරුවන් ඇතුළත් කිරීමට අපේක්ෂා කරන ආදි සිසුන් පහත කරුණු පිළිබද අවධානය යොමු කරන්න.
1. ආදි ශිෂ්‍ය පදනම මත ඇතුලත් කල හැක්කේ ඉතා සීමිත සිසුන් පිරිසකි.
2. ⁠දරුවාගේ මව/පියා ආදි ශිෂ්‍ය සංගමයේ යාවජීව සාමාජිකයෙක් විය යුතුය.
3. ⁠පාසලට අයදුම්පත යොමු කරන ලිපි කවරයේ ඉහළ වම්පස “ආදි ශිෂ්‍ය පදනම “ යන ලෙසින් සඳහන් කරන්න. එහි පිටපතක් හැකි ඉක්මනින් ආදි ශිෂ්‍ය සංගමයට භාර දෙන්න.

වැඩි විස්තර හා සම්බන්ධීකරන කටයුතු සදහා
ගරු සභාපති රාජපක්ෂ මයා 0706865192
ගරු ලෙකම් සම්පත් නාකන්දල මයා 0773790193
ගරු විධායක සභික පද්මසිරි මයා - 0771139932

උණුසුම් සුබ පැතුම්!2026 ජාතික පාසල් ක්‍රීඩා ජූඩෝ තරගාවලියේ **සමස්ත බාලක ශූරතාවය** දිනාගත් **ගම්පොළ වික්‍රමබාහු ජාතික පාස...
14/09/2026

උණුසුම් සුබ පැතුම්!
2026 ජාතික පාසල් ක්‍රීඩා ජූඩෝ තරගාවලියේ **සමස්ත බාලක ශූරතාවය** දිනාගත් **ගම්පොළ වික්‍රමබාහු ජාතික පාසල්** ජූඩෝ කණ්ඩායමට අපගේ හදපිරි උණුසුම් සුබ පැතුම්!
විද්‍යාලයටත්, ගම්පොළ පුරවරයටත් අතිමහත් කීර්තියක් අත්කර දුන් සියලුම ක්‍රීඩකයන්ට, කැපවීමෙන් කටයුතු කළ ආචාර්ය මණ්ඩලයට සහ පුහුණුකරුවන්ට දීප්තිමත් අනාගතයකට සුබ පතන්නෙමු!

වික්‍රමබාහු මධ්‍ය විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමය

වික්‍රමබාහු මධ්‍ය විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයෙන් කෘතවේදී සටහනක්...වික්‍රමබාහු මධ්‍ය විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ අරමුද...
13/09/2026

වික්‍රමබාහු මධ්‍ය විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයෙන් කෘතවේදී සටහනක්...
වික්‍රමබාහු මධ්‍ය විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ අරමුදල් තරකිරීමේ අරමුණින් සංවිධානය කළ ”ඔළුහැලුවෝ“ වේදිකා නාට්‍ය දැක්ම, ඊයේ (2026.09.12 සෙනසුරාදා) පස්වරු 2.30 ට සහ 6.30 ට අති සාර්ථක ලෙසත්, අතිමහත් ප්‍රේක්ෂක ප්‍රතිචාර මධ්‍යයේත් වේදිකාගත කිරීමට අපට හැකි විය.
මෙම කලාත්මක සන්ධ්‍යාව සාර්ථක කර ගැනීමට ශක්තියක් වූ සැමට අපගේ හදපිරි ප්‍රණාමය මෙසේ පිරිනමන්නෙමු:
• සම්භාවනීය ආරාධිතයන්ට: අපගේ ආරාධනාව පිළිගෙන පැමිණ, මෙම කටයුත්ත අභිමානයෙන් බැබළවූ සියලුම සම්භාවනීය ආරාධිත අමුත්තන්ට, හා අප ආදි ශිෂ්‍ය සංගමයේ භාරකාර හා අනුශාසක මණ්ඩල සාමාජිකයින්ට
• ආදරණීය ප්‍රේක්ෂක ජනතාවට: නාට්‍ය නැරඹීමට පැමිණි වික්‍රමබාහු ආදි සිසු-සිසුවියන්ට, සුභපතන්නන්ට මෙන්ම කලාකාමී ප්‍රදේශවාසී සියලුම වේදිකා නාට්‍ය රසිකයන්ට,
• අනුග්‍රාහක භවතුන්ට: මෙම නාට්‍ය යේ ප්‍රචාරන කටයුතු සදහා, ප්‍රවේශපත් අලෙවියට හා නාට්‍ය කණ්ඩායමේ පහසුකම් සැලසීම පිණිස අනුග්‍රහ දැක්වූ අනුග්‍රාහක භවතුන්ටත්
• රංගන ශිල්පීන් ඇතුළු නාට්‍ය කණ්ඩායමට: අප හා රසික පිරිස සමඟ ඉතා නිහතමානීව ප්‍රේක්ෂක සතුට බෙදාගනිමින් අපූර්ව රංගනයක නිරත වූ නාට්‍ය කණ්ඩායමට,
• වෙනත් සහාය : විද්‍යාලයේ විදුහල්පති තුමිය ඇතුළු ගුරු මණ්ඩලය හා, අනධ්‍යන කාර්ය මණ්ඩලයටත් ප්‍රචාරණ කටයුතු සදහා අනුමැතිය ලබා දෙමින් සහයෝගය දැක්වූ ගම්පල පොලීසියටත්,
• විධායක කමිටුව ඇතුළු සංවිධායක මණ්ඩලයට: තමන්ගේ සියලු රාජකාරි පසෙකලා, වැඩසටහන් සම්බන්ධීකරණය, ප්‍රචාරණය, ප්‍රවේශපත් අලෙවිය, ආරාධනා පත්‍ර යොමුකිරීමේ සිට නාට්‍යය සාර්ථකව අවසන් වන තෙක් තිරය පිටුපස සිට සියලු බර කරට ගත් ආදි ශිෂ්‍ය සංගමයේ විධායක කමිටු සාමාජිකයන් ඇතුළු කැපවූ සැමට,
ඔබ සැමගේ එකමුතුකම සහ අප්‍රතිහ කැපවීම නොමැති වන්නට මෙවැනි දැවැන්ත කලා මංගල්‍යයක් යථාර්ථයක් කරගැනීමට නොහැකි වනු ඇත.
අප සමඟ අත්වැල් බැඳගත් ඔබ සැමට වික්‍රමබාහු මධ්‍ය විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ ගෞරවනීය හා හෘදයාංගම ස්තූතිය!

මෙන්න ඔබට දරුවන් සමග වේදිකා නාට්‍යක් රසවිදීමට අනගි අවස්ථාවක්. හෙට සවස 2.30 ට ජනප්‍රිය රංගන ශිල්පීන් රැසක් සමග “ඔළුහැලුවෝ...
11/09/2026

මෙන්න ඔබට දරුවන් සමග වේදිකා නාට්‍යක් රසවිදීමට අනගි අවස්ථාවක්. හෙට සවස 2.30 ට ජනප්‍රිය රංගන ශිල්පීන් රැසක් සමග “ඔළුහැලුවෝ” නරඹන්න අනිවාර්යයෙන්ම එන්න.

08/09/2026

දිවයිනේ දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පීන් රැසකගේ සහභාගීත්වයෙන් මේ දිනවල ශ්‍රී ලංකාවේ වේදිකා ගතවන ජනප්‍රියම නාට්‍යක් වන ඔළුහැළුවෝ බලන්න සියළු දෙනාම එළඹෙන 12 වැනි සෙනසුරාදා 2.30 ට හා 6.30ට වික්‍රමබාහු ශ්‍රවණාගාරයට පැමිණෙන්න.

04/09/2026

වික්‍රමබාහු මධ්‍ය විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ සංවිධායකත්වයෙන්
සැප්තැම්බර් 12 වෙනිදාට ගම්පොලට එනවා....

චින්තක පීරිස්ගේ අලුත්ම වේදිකා නාට්‍යය
"ඔළු හැලුවෝ"

ගම්පොල වික්‍රමබාහු මධ්‍ය විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී
🕝 දවල් 2.30 සහ සවස 6.30

මේ දවස්වල වේදිකාවේ තියෙන බොහොම ජනප්‍රිය, පවුලේ සැමටම හිනාවෙලා රසවිඳින්න පුළුවන් ලස්සන නාට්‍යයක්.

සරත් කොතලාවල, මිහිර සිරිතිලක, චින්තක පීරිස් සහ ජනක රණසිංහ රංගනයෙන්.

ගම්පොල අවට ඔයාලා හැමෝටම ආරාධනා! එන්න බලන්න

🎭 "ඔළුහැලුවෝ" - සිනහව විතරමයි! 🎭චින්තක පීරිස්ගේ අධ්‍යක්ෂණයෙන් සහ සරත් කොතලාවල, පුබුදු චතුරංග, මිහිර සිරිතිලක, චින්තක පීර...
04/09/2026

🎭 "ඔළුහැලුවෝ" - සිනහව විතරමයි! 🎭

චින්තක පීරිස්ගේ අධ්‍යක්ෂණයෙන් සහ සරත් කොතලාවල, පුබුදු චතුරංග, මිහිර සිරිතිලක, චින්තක පීරිස්, ජනක රණසිංහ ඇතුළු ජනප්‍රිය ප්‍රමුඛ පෙළේ රංගන ශිල්පීන් රැසකගේ දායකත්වයෙන් දිවයින පුරා අතිසාර්ථකව වේදිකා ගතවන "ඔළුහැලුවෝ" විනෝදාත්මක වේදිකා නාට්‍යය නැරඹීමට ඔබටත් ආරාධනා!
"ඔළුව ජපන් කද ඡර්මන්" තේමාව කරගත්, ප්‍රේක්ෂකයින් සිනහවෙන් පිනවන විනෝදාත්මක නිර්මාණයක් ලෙස මෙය ප්‍රකටය. රංගන ශිල්පීන්ගේ ප්‍රබල රංගනයන් හා හාස්‍යෝත්පාදක සිදුවීම් මාලාව ඔබව වෙනස්ම විනෝදාස්වාදයකට රැගෙන යනු ඇත.
එළඹෙන 12 වැනි සෙනසුරාදා සවස 2.30ට හා 6.30ට ගම්පොල වික්‍රමබාහු රංග ශාලාවේදී වේදිකා ගතවෙයි.
ප්‍රවේශපත් - ප්‍රබාත් ඔප්ටිකල්ස් /පිංගො ෆැෂන් / තරිදු ඩිජිටල් / ඔමේගා එන්ටර්ප්‍රයිසස් / සිංගර් පී එල් සි
ධම්මික - 0772707958 / කපිල 0779630390 /පත්මසිරි 0771139932

29/08/2026

වික්‍රමබාහු ආදි ශිෂ්‍ය සංගමයේ අරමුදල් ශක්තිමත් කර ගැනීමේ අරමුණින් “ඔළුහැළුවෝ” වේදිකා නාට්‍ය සැප්තැම්බර් 12 වැනි දින 2.30 හා 6.30 ට අප විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී වේදිකා ගත කෙරේ. මේ සදහා අපේ සියළු ආදි සිසුන් ප්‍රවේශ පත්‍රයක් මිලදී ගෙන සහයෝගය ලබා දෙන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමු.
ප්‍රවේශපත් මිලදී ගැනීමට හා මේ සදහා විවිධ ආයතන හෝ නාට්‍ය රසිකයන් සම්බන්ධ කර දීමට හැකි අය කරුණා කර පහත සහෝදරයින් අමතන්න.
ධම්මික - 0772707958
කපිල - 0779630390
පත්මසිරි - 0771139932

වික්‍රමබාහු ආදි ශිෂ්‍ය සංගමයෙන් ගම්පොල ප්‍රදේශයේ වේදිකා නාට්‍ය රසිකයින්ට තවත් රසවින්දනාත්මක අත්දැකීමක් ....ඔළුහැලුවෝ…! න...
21/08/2026

වික්‍රමබාහු ආදි ශිෂ්‍ය සංගමයෙන් ගම්පොල ප්‍රදේශයේ වේදිකා නාට්‍ය රසිකයින්ට තවත් රසවින්දනාත්මක අත්දැකීමක් ....

ඔළුහැලුවෝ…! නම අහපු ගමන්ම කුතුහලයක් ඇති වෙනවා නේද?

හිසක් කඳෙන් වෙන්වෙයි…!
ඒත් එතැනින් කතාව ඉවර වෙන්නේ නැහැ…
එය නැවත සම්බන්ධ කරගන්න ගන්නා උත්සාහයත් සමඟ, හිනාවෙන් පිරුණු අපූරු සිදුවීම් පෙළක් දිගහැරෙයි!

හාස්‍යය, කුතුහලය, පුදුම සහගත වේදිකා ප්‍රයෝග සහ රසවත් රංගනයන් සමඟින් පවුලේ සැමටම විනෝද විය හැකි නාට්‍ය අත්දැකීමක්!

එන්න… “ඔළුහැලුවෝ” සමඟ හිනා වෙන්න, ශ්‍රී ලංකාවේ දක්ෂ , ජනප්‍රිය, ප්‍රවීන රංගන ශිල්පීන් රැසක් සමගින් .........
පුදුම වෙන්න සහ අමතක නොවන නාට්‍ය අත්දැකීමක් විඳගන්න!
සැප්තැම්බර් 12 අප හා එක් වන්න !
වික්‍රමබාහු ආදි සිසුන් ඇතුළු සියලුම වික්‍රමබාහු ප්‍රජාවටත් සුබ පතන්නන්ටත්
ප්‍රදේශවාසී සියළු වේදිකා නාට්‍ය රසිකයින්ටත් මෙම වෙදිකා නාට්‍ය නරඹා අප සංගමයටද ශක්තියක් වන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමු.
-වික්‍රමබාහු මධ්‍ය විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය-

ආදි ශිෂ්‍ය සංගමයේ නිල T – Shirt එක මිලදී ගැනීමට අවස්ථාවක් ........
19/06/2026

ආදි ශිෂ්‍ය සංගමයේ නිල T – Shirt එක මිලදී ගැනීමට අවස්ථාවක් ........

Address

"Adi Sisu Piyasa", Wickramabahu Central College
Gampola
20500

Website

Alerts

Be the first to know and let us send you an email when Wickramabahu PPA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share