Bandaranayake College Gampaha - 2002 GROUP

Bandaranayake College Gampaha - 2002 GROUP Legend Of The 2002. Come and share your unforgettable memories with us.

23/04/2026

අපගේ පාසලේ නව නියමුවන් ලෙසින් පත්වූ ජී.ඩී. සරත් බන්දු ගුණසේකර මහතාණෙනි, දරුවන්ගේ අනාගතය බබළවන්න ඔබගේ නායකත්වය සහ ශක්තිය තුළින් හැකිවේවායි, ආදි ශිෂ්‍ය සංගමය විසින් මෙසේ හෘදයාංගම සුභ පැතුම් එක් කරමු!

28/01/2026

ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයීය කීර්තිමත් ආදිශිෂ්‍ය ලුතිතන් කොයාන් චමිත සහෘදය,
ඔබට උතුම් නිවනින් සැනසීම ලැබේවා...!!!

ආදිශිෂ්‍ය ලුතිතන් කොයාන් චමිත සොයුරා හදිසියේ ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් අද දින තම දිවිසැරිය නිමකෙරූ බව සාතිශය සංවේගයෙන් යුතුව මෙසේ දැනුම් දෙමු.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ සේවය කරමින්, ඇමරිකානු සීල් විශේෂ පාඨමාලාව සාර්ථකව නිමකළ, පළමු ශ්‍රී ලාංකිකයා ලෙස ඉතිහාසයට එක්වූ කොයාන්, රටටත් පාසලටත් සුවිසල් කීර්තියක් එක්කල සුජාත බණ්ඩාරනායකවරයකු ලෙස ඔබ අප සිත් හි නොමැකෙන මතකයක් ඉතිරිකර ඇත.

සොයුර, මේ භවකතරේදී යළිදු කිසිදු මෙවන් අකල් මරණයක් නොවේවා..!!
සොයුර ඔබට සුබ ගමන්....

ආදිශිෂ්‍ය සංගමය
බණ්ඩාරනායක විද්‍යාලයය.
ගම්පහ.

ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ 2002 වසර කණ්ඩායමේ ඉගෙනුම ලැබූ, අද වන විට අප අතරින් සමුගෙන ඇති අපගේම සොයුරන් සිහිපත් කර පවත්ව...
10/01/2026

ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ 2002 වසර කණ්ඩායමේ ඉගෙනුම ලැබූ, අද වන විට අප අතරින් සමුගෙන ඇති අපගේම සොයුරන් සිහිපත් කර පවත්වනු ලබන,

"විශේෂ බෝධිපූජා පිංකම සහ ධර්ම දේශනාව..." ☸☸

මෙම මස එනම් 2026.01.25 වන ඉරුදින සවස 4.00 ට පූජ්‍ය හගුරන්කෙත චන්ද්‍රරතන ස්වාමීන් වහන්සෙගේ වැඩමවීමෙන් උඩුගම්පොල
ශ්‍රී සුදර්මාරාමය විහාරස්‍ථානයේදී පවත්වනු ලැබේ.

මියගිය සහෝදරයන්ගේ පවුලේ සාමාජිකයිකන්ද මෙම පිංකම සදහා සහභාගි වීමට නියමිතය..

එබැවින් සහෝදරවරුනි, මියගිය අපේම සොයුරන්ට පිං අනුමෝදන් කිරීම පිණිස
ඔබත් ඔබගේ පවුලේ සාමාජිකයන්ද සමග මෙම අවස්තාවට සහභාගී වන මෙන් ඇරයුම් කරමු. 🙏🙏🙏

2002 අප වසර කණ්ඩායම නියෝජනය කල, නමුත් දැනට ජීවිතුන් අතර නොමැති අප ලැබැදි සොයුරන් සිහිකර, ඔවුන් උදෙසා සිදුකරන පහන් පූජාව ...
17/11/2025

2002 අප වසර කණ්ඩායම නියෝජනය කල, නමුත් දැනට ජීවිතුන් අතර නොමැති අප ලැබැදි සොයුරන් සිහිකර, ඔවුන් උදෙසා සිදුකරන පහන් පූජාව සහ ධර්ම දේශණය 2025 දෙසැම්බර් 07 වැනි දින සවස 6.00 පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. ඒ සදහා සහභාගීවන මෙන් මෙත් සිතින් ආරාධනා කර සිටිමු....!!!

12/10/2025
තරඟාවලියට තව දින 2 යි!කුසලාන 110 ක්....!!! පදක්කම් 300 ක් ඔබ වෙනුවෙන්ම සූදානම්.. ඉක්මන් කරන්න. හැකි ඉක්මනින්ම ලියාපදිංචි...
10/10/2025

තරඟාවලියට තව දින 2 යි!

කුසලාන 110 ක්....!!! පදක්කම් 300 ක් ඔබ වෙනුවෙන්ම සූදානම්.. ඉක්මන් කරන්න. හැකි ඉක්මනින්ම ලියාපදිංචි වී ඔබගේ අසුන වෙන්කරගන්න.

🏆️🎖️️සියලුම කාණ්ඩ සඳහා1–10 ස්ථාන: කුසලාන, පදක්කම් සහ සහතික

🎖️11 ස්ථානයයේ සිට ලකුණු 2.5 ට වඩා ගන්නා සියලුම සිසුන් ට කුසලතා පදක්කම් + සහතික

📜සියලුම තරගකරුවන්ට වටිනා සහභාගිත්ව සහතිකයක්

🏆️හොඳම පාසල හෝ හොඳම ඇකඩමිය-1,2,3ස්ථාන

📝 ලියාපදිංචි වීම:
https://forms.gle/fn47ApKsaGAE4sK59

📌 WhatsApp සමූහය එකතු වීමට:
https://chat.whatsapp.com/IAaZhXVdjm3Fiw7DJz0VpK?mode=ems_copy_t

මෙම වටිනා අවස්ථාව අත් නොහරින්න! අදම ලියාපදිංචි වන්න

06/10/2025

Address

Gampaha
11000

Alerts

Be the first to know and let us send you an email when Bandaranayake College Gampaha - 2002 GROUP posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Bandaranayake College Gampaha - 2002 GROUP:

Share