සද්ධම් ආර්ය පදනම - Saddham Arya Foundation

සද්ධම් ආර්ය පදනම -  Saddham Arya Foundation ප්‍රතිපත්තියෙන් ප්‍රතිවේදය සොයා යන සදහම් පරපුර

තිලෝගුරු අමාමැණී බුදු පියාණන් වහන් සේ අප වෙත මහා කරුණාවෙන් ධර්මයක්‌ දේශනා කළේ අපේ ජීවිතයේ සාර්ථකත්වය පිණිසමය. දුක්‌ නැති කිරීම පිණිසමය. සාන්ත සුවපත් භාවයට පත්වීම පිණිසමය. එවැනි ජීවිතයක්‌ නිර්මාණය කරන්නට වෙරදරන සද්ධර්මය පෙරටුගොටගත් ආර්ය එකතුවක්‌..........

17/01/2026

🌕 දුරුතු පෝදා සිල් වැඩසටහන

📅 2026 ජනවාරි 3
මෙම වැඩසටහන උදේ වරුවේදී පැවැත්වුණේ පල්ලෙපොල, ශ්‍රී වේළුවනාරාමය විහාරස්ථානයේදීය. 🛕🙏

එම විහාරස්ථානයේ ඇති වැදගත්කම මෙම video එක තුළ සඳහන් වේ. 📹✨

ඔබ සියළු දෙනාම මෙම පිංකම මෙත්සිතින් යුතුව අනුමෝදන් කර ගනිත්වා! 🌸😇

තෙරුවන් සරණයි! ☸️🙏

කායික, මානසික විඩාව නිවා ගැනීම පිණිස සිදු කරන වැඩසටහන් මාලාව2026, ජනවාරි මස 25 වන දින (මෙය ඉරිදා දිනයකි)පස්වරු 1.30 සිට ...
10/01/2026

කායික, මානසික විඩාව නිවා ගැනීම පිණිස සිදු කරන වැඩසටහන් මාලාව

2026, ජනවාරි මස 25 වන දින (මෙය ඉරිදා දිනයකි)

පස්වරු 1.30 සිට පස්වරු 4.30 දක්වා

කිරිබත්ගොඩ, ශ්‍රී සුදර්ශනාරාමය

Google map location of that place -
https://maps.app.goo.gl/4nMv8TQqyKkmzcsv9

වාඩි වීම සඳහා සුදුසු ආසනයක් (කොට්ටයක් වැනි දෙයක්) රැගෙන ඒම අගය කරන්නෙමු

බුද්ධ වන්දනාව සිදු කිරීම සඳහා අවශ්‍ය කරන මල්, පහන් තිර, පොල්තෙල්, හඳුන්කූරු, ගිලන්පස යනාදිය රැගෙන ඒම වඩාත් සුදුසු වේ.

මෙම වැඩසටහන ඔබ අනිවාර්යයෙන්ම පැමිණෙනවා නම් පමණක් ඒ බව පහත සඳහන් දුරකථන අංකයට WhatsApp පණිවිඩයක් මඟින් පමණක් දැනුම් දෙන්න.
දුරකථන ඇමතුම් නොගැනීම වඩාත් අගය කරන්නෙමු.

071 289 9181 - මහීකා රණවක

එදිනට, සුදු වතින් සහ මෙත් සිතින් පැමිණීමට ඔබ සැමට ගෞරවණීය ආරාධනා
තෙරුවන් සරණයි
🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏

09/01/2026
01/01/2026

🌿 කායික, මානසික විඩාව නිවා ගැනීම පිණිස සිදු කරන වැඩසටහන් මාලාව 🧘‍♂️✨

📅 සෑම මසකම අවසන් ඉරු දින

🕒 පස්වරු 1.30 සිට 4.30 දක්වා 🕑🕕

📍 කිරිබත්ගොඩ, ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේදී 🏯

🎤 මෙහෙයවීම:
වෛද්‍ය ගයාන් ජයවර්ධන මහතා 👨‍⚕️🩺

🙏 මෙම වැඩසටහන සඳහා ඔබ සියළුදෙනාගේම ගෞරවණීය පැමීණීම මෙත්සිතින් යුතුව අගය කරන්නෙමු ❤️

☸️ “ධර්මයෙහි හැසිරෙන්නා ධර්මය විසින්ම ආරක්ෂා කරනු ලබයි“ ☸️

මෙම වැඩසටහන පිළිබඳව ඉදිරි තොරතුරු පහත සඳහන් වන මෙම Whatsapp සමූහයට සම්බන්ධ වීම මගින් ඔබට දැන ගත හැකිය

https://chat.whatsapp.com/EX9jx9ft4rtIfxVj4CCQI1

31/12/2025
ගිහි ගෙදරින් නිවන් දොරටමිනිසත් භවයේ ඵල නෙළීමටයිකහගල සාරානන්ද ස්වාමීන් වහන්සේගේ අදහස් දැක්වීමකි- හතරවෙනි ලිපිය -මෙම සාකච්...
26/12/2025

ගිහි ගෙදරින් නිවන් දොරට
මිනිසත් භවයේ ඵල නෙළීමටයි

කහගල සාරානන්ද ස්වාමීන් වහන්සේගේ අදහස් දැක්වීමකි

- හතරවෙනි ලිපිය -

මෙම සාකච්ඡාවේ අන්තර්ගතය මූලාශ්‍ර ඇසුරින් පහත පරිදි සාරාංශගත කළ හැකිය:

💫 හැඳින්වීම සහ පසුබිම

ගිහි ගෙදර සිට ධර්ම මාර්ගය අනුගමනය කිරීම සහ නිවන පිණිස කටයුතු කිරීම අතිශය දුෂ්කර කාර්යයක් වුවද, සසර බිය දන්නා පිරිසක් එක්ව කල්‍යාණ මිත්‍රයන්ගේ උපදෙස් මත මෙම ධර්ම සාකච්ඡා මාලාව ආරම්භ කර ඇත. බෞද්ධ උපදේශන පාඨමාලාවේ ප්‍රධාන ආචාර්ය කහගල සාරානන්ද ස්වාමීන් වහන්සේ විසින් මෙහෙයවනු ලබන මෙම සාකච්ඡාවේ අරමුණ වන්නේ ගිහි පින්වතුන්ගේ ජීවිත ගැටලුවලට ධර්මානුකූල මඟ පෙන්වීමක් ලබා දීමයි. ස්වාමීන් වහන්සේ පෙන්වා දෙන්නේ අපගේ ජීවිත සාර්ථක කර ගැනීමට බුදු දහම පදනම් කරගත්තද, ලෝකයේ පවතින ඕනෑම විශිෂ්ට දර්ශනයකින් ගත හැකි සාරවත් දේ ලබා ගැනීමට පැකිලිය යුතු නැති බවයි.

💫 ආචාර ධර්ම පිළිබඳ විග්‍රහය

මෙම දේශනයේ ප්‍රධාන මාතෘකාව වන්නේ ජීවිත ගැටලු විසඳා ගැනීම සඳහා ආචාර ධර්මවල ඇති අදාළත්වය යන්නයි. ආචාර ධර්ම යනු මනුෂ්‍යයන්ට පමණක් අදාළ වන හැසිරීම් රටා වන අතර, බුදු දහමට අනුව මෙයට කායික හා වාචසික ක්‍රියාවන්ට අමතරව මානසික ක්‍රියා (හිතන ආකාරය) ද ඇතුළත් වේ.

යමක් සදාචාර හෝ දුරාචාර දැයි තීරණය කිරීමේදී බුදු දහම බහුතර කැමැත්ත වෙනුවට විශේෂ මිම්මක් භාවිතා කරයි. අම්බලට්ඨික රාහුලෝවාද සූත්‍රයට අනුව, යම් ක්‍රියාවක්:

* තමන්ට අයහපතක් (පීඩාවක්) වේ නම්,
* අනුන්ට (මනුෂ්‍ය, සත්ව හෝ පරිසරයට) අයහපතක් වේ නම්,
* තමන් සහ අනුන් යන දෙපාර්ශවයටම අයහපතක් වේ නම්,
එය දුරාචාරයක් ලෙස හැඳින්වේ. යම් ක්‍රියාවක් තමන්ට හා අනුන්ට හිත පිණිස, යහපත පිණිස පවතින්නේ නම් එය සදාචාරයකි. දුරාචාරය සැමවිටම දුක් උපදවන (දුක්ඛ සමුදය) අතර, සදාචාරය දුක් නැති කිරීමට (දුක්ඛ නිරෝධය) හේතු වේ.

💫 ගිහි ජීවිතය සහ ආචාර ධර්මවල ප්‍රායෝගික අදාළත්වය

ගිහි ගෙදර යනු බාධා සහ කෙලෙස් බහුල ස්ථානයක් වුවද, ආචාර ධර්ම මඟින් එහි නිවීමක් ඇති කර ගත හැකිය. විශේෂයෙන් ක්ෂේත්‍ර දෙකකදී මෙහි අදාළත්වය පෙන්වා දෙයි:

1. ආර්ථිකය:

ධනය ඉපයීමේදී සදාචාර සම්පන්න වීම නිවන් දොරටුව විවෘත කිරීමට හේතු වේ.

උපයන ධනය ආරක්ෂා කර ගැනීම (ආරක්ඛ සම්පදා) සහ එය වියදම් කිරීමේදී ආචාර ධර්ම අනුගමනය කිරීම වැදගත් වේ.

එහිදී ආදායම කොටස් හතරකට බෙදා පරිහරණය කරන ලෙස බුදු දහම උපදෙස් දෙයි.

2. මානව සම්බන්ධතා:

ස්වාමි-භාර්යා සම්බන්ධතාවය ගිහි ගෙදර කේන්ද්‍රීය සබඳතාවයයි.

එකිනෙකාට ගරු කරමින්, ආදරය කරමින් ආචාර ධර්ම රැකීම තුළින් පවුල් ජීවිතය තුළ නිවීමක් සහ සැනසීමක් උදා වේ.

💫 කුඩා දේවල වැදගත්කම සහ නිගමනය

ඉතා කුඩා ආචාර ධර්ම පවා ජීවිතයේ සහනයට බලපායි.
උදාහරණයක් ලෙස, නිවසක පිරිසිදු කරන උපකරණ (කොස්ස, මොප් එක ආදිය) නියමිත ස්ථානයක පිළිවෙළට තැබීම වැනි සරල පුරුදු මඟින් අනවශ්‍ය ගැටුම් සහ සිත් තැවුල් වළක්වා ගත හැකිය.

බුදුරජාණන් වහන්සේ පවා ශික්ෂා පද පැනවූයේ කිසියම් ගැටලුවක් මතු වූ අවස්ථාවකදී සියලු දෙනා සමඟ සාකච්ඡා කර එකඟතාවයකට පැමිණීමෙනි.

අවසාන වශයෙන්, ගැඹුරු භාවනා හෝ අභිධර්මය හැදෑරීමට ප්‍රථම, මෙවැනි මූලික ආචාර ධර්ම හා ශික්ෂණය ඇති කර ගැනීම නිවී සැනසුණු ජීවිතයක් කරා යන ගමනට අත්‍යවශ්‍ය පදනම වන බව මූලාශ්‍රවල අවධාරණය කෙරේ.

අතීතයේ සිට පැවත එන උපමාවක් ලෙස දක්වතොත්, ශක්තිමත් ගොඩනැගිල්ලක් තැනීමට පෙර එහි අත්තිවාරම හොඳින් සැකසිය යුතු වන්නා සේම, නිවන් මඟ වැනි ගැඹුරු ආධ්‍යාත්මික ගමනක් ආරම්භ කිරීමට පෙර ආචාර ධර්ම නමැති අත්තිවාරම ජීවිතය තුළ ගොඩනඟා ගත යුතුය.

කායික, මානසික විඩාව නිවා ගැනීම පිණිස සිදු කරන වැඩසටහන් මාලාව2025, දෙසැම්බර් මස 28 වන දින (මෙය ඉරිදා දිනයකි)පස්වරු 1.30 ස...
15/12/2025

කායික, මානසික විඩාව නිවා ගැනීම පිණිස සිදු කරන වැඩසටහන් මාලාව

2025, දෙසැම්බර් මස 28 වන දින (මෙය ඉරිදා දිනයකි)

පස්වරු 1.30 සිට පස්වරු 4.30 දක්වා

කිරිබත්ගොඩ, ශ්‍රී සුදර්ශනාරාමය

Google map location of that place -
https://maps.app.goo.gl/4nMv8TQqyKkmzcsv9

වාඩි වීම සඳහා සුදුසු ආසනයක් (කොට්ටයක් වැනි දෙයක්) රැගෙන ඒම අගය කරන්නෙමු

බුද්ධ වන්දනාව සිදු කිරීම සඳහා අවශ්‍ය කරන මල්, පහන් තිර, පොල්තෙල්, හඳුන්කූරු, ගිලන්පස යනාදිය රැගෙන ඒම වඩාත් සුදුසු වේ.

මෙම වැඩසටහන ඔබ අනිවාර්යයෙන්ම පැමිණෙනවා නම් පමණක් ඒ බව පහත සඳහන් දුරකථන අංකයට WhatsApp පණිවිඩයක් මඟින් පමණක් දැනුම් දෙන්න.
දුරකථන ඇමතුම් නොගැනීම වඩාත් අගය කරන්නෙමු.

071 289 9181 - මහීකා රණවක

එදිනට, සුදු වතින් සහ මෙත් සිතින් පැමිණීමට ඔබ සැමට ගෞරවණීය ආරාධනා
තෙරුවන් සරණයි
🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏

05/12/2025

එක් සති මෛත්‍රී භාවනාව

- පසුගිය ව්‍යසනයට මුහුණ දුන් අපගේම ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් සෙත් පතා ද,
- එම ව්‍යාසනයෙන් දිවි අහිමි වූ අපගේම ජනතාවට පිං පතා ද
- ඉදිරියට පැමිණිය හැකි වැසි සමයෙන් ජීවත්වන සියලුම රටවාසීන්ට රැකවරණය, ආශිර්වාදය පතා ද

ස්වාභාවික ආපදා විපත් වලින් ශ්‍රී ලංකාව මාතාව ආරක්ෂා වීමටත්
දෙවිදේවතාවුන්ගේ ආශිර්වාදය ආරක්ෂාව ලබාගැනීමටත්

✨ සතියක් පුරාවටම
✨ රාත්‍රී 10 ත් 11 ත් අතර කාලය
✨ඉහත වීඩියෝවේ දැක්වෙන ආකාරයට මෛත්‍රීය භාවනා වඩා,

✨අවසානයේ,
🔸 දෙවියන්ට පිං දී
🔸සියලු රටවාසීන්ට ආශිර්වාද කර
🔸" දේවෝ වස්සතු කාලේන
සස්ස සම්පත්ති හේතු ච
ඵිතෝ භවතු ලෝකෝ ච
රාජා භවතු ධම්මිකෝ" ආදී ගාථා පාඨය ද සජ්ජායනය කර

සමාන්‍යයෙන් භාවනා වඩන, භාවනා නොවඩන ඔබ සියලුදෙනාටම

අපට කල හැකි මේ කර්තව්‍යය සඳහා මෙත් සිතින් ආරාධනය කරමු ...🙏

📌 මෘදුකාංගය නැත්නම් ලබා ගැනීමට 👇
Android: https://play.google.com/store/apps/details?id=com.nirvanaya.meditation

iPhone / iPad: https://apps.apple.com/bn/app/meditation-guide/id6755171823

ස්තූතියි
තෙරුවන් සරණයි🙏

https://youtu.be/Tte8ro89Xbgආපදාවට ලක් වූ, සහන සේවා සලසන හා ශ්‍රී ලාංකික අප සැවොම ඇසිය යුතුම වැදගත් පණිවිඩයක් 🙏මෙම පණිවි...
30/11/2025

https://youtu.be/Tte8ro89Xbg

ආපදාවට ලක් වූ, සහන සේවා සලසන හා ශ්‍රී ලාංකික අප සැවොම ඇසිය යුතුම වැදගත් පණිවිඩයක් 🙏

මෙම පණිවිඩය සමාජගත කිරීමට ඔබගේ මිතුරන් අතර ඔබගේ සමාජ මාධ්‍ය වල බෙදා හැරීමෙන් ඔබට හැකි ආකාරයෙන් උපකාර කරන්න. 🙏

Enjoy the videos and music you love, upload original content, and share it all with friends, family, and the world on YouTube.

28/11/2025

කායික, මානසික විඩාව නිවා ගැනීම පිණිස සිදු කරන වැඩසටහන් මාලාව

2025, නොවැම්බර් මස 30 වන දින (මෙය ඉරිදා දිනයකි)

පස්වරු 1.30 සිට පස්වරු 4.30 දක්වා

කිරිබත්ගොඩ, ශ්‍රී සුදර්ශනාරාමය

අයහපත් කාලගුණ තත්ත්වය නිසා මෙම වැඩසටහන මෙදින නොපැවැත්වේ

මෙම වැඩසටහන Zoom මාධ්‍ය හරහා පමණක් පැවැත්වීමට අදහසක් ඇත.
ඒ පිළිබඳව වැඩි විස්තර ඉදිරියේදී අප දැනුම්දිමට බලාපොරොත්තු වෙමු

ස්තූතියි
තෙරුවන් සරණයි

🪷🪷🪷 "සතිමත් මනසකට හුස්මක්" ✨පොහොය දිනය,  නිවාඩු දිනයකි. එය කයට වගේම මනසටත් විවේකයක් අත් කර දෙන විදිහට අර්ථවත් ව ගත කරන්න...
17/11/2025

🪷🪷🪷

"සතිමත් මනසකට හුස්මක්"

✨පොහොය දිනය, නිවාඩු දිනයකි. එය කයට වගේම මනසටත් විවේකයක් අත් කර දෙන විදිහට අර්ථවත් ව ගත කරන්න, මානසික විවේකය සලසා දෙන, ආධ්‍යාත්මය පිරිසිදු කරවන , භාවනාවන් සහ අනෙකුත් ක්‍රියාකාරකම් වලින් නියැලෙමින් අර්ථවත් දිනයක් ගත කරන්න ඔබ සැමට සහෘද සිතින් ආරාධනා!!!🙏

📌 දිනය : 2025 දෙසැම්බර් මස 04 ,පොහෝ දින

📌 වේලාව : උදෑසන 6.00 සිට සවස 3.00 දක්වා

📌 ස්ථානය : දියසරු උයනේදී
https://maps.app.goo.gl/QdjVbd5QJynGkUh67

🔸පැමිණෙන පිරිස පමණක් මෙම කණ්ඩායමට සම්බන්ධ වන්න.
https://chat.whatsapp.com/Jrf0yGYw4okJzRjtMPb1zY?mode=wwt

🔸පැමිණීම පහත වට්ස්ඇප් අංක වලට දන්වන්න.
077 841 0965
077 940 9043
(වයස අවුරුදු 10 වැඩි සැමට)

ස්තූතියි

කායික, මානසික විඩාව නිවා ගැනීම පිණිස සිදු කරන වැඩසටහන් මාලාව2025, නොවැම්බර් මස 30 වන දින (මෙය ඉරිදා දිනයකි)පස්වරු 1.30 ස...
13/11/2025

කායික, මානසික විඩාව නිවා ගැනීම පිණිස සිදු කරන වැඩසටහන් මාලාව

2025, නොවැම්බර් මස 30 වන දින (මෙය ඉරිදා දිනයකි)

පස්වරු 1.30 සිට පස්වරු 4.30 දක්වා

කිරිබත්ගොඩ, ශ්‍රී සුදර්ශනාරාමය

Google map location of that place -
https://maps.app.goo.gl/4nMv8TQqyKkmzcsv9

වාඩි වීම සඳහා සුදුසු ආසනයක් (කොට්ටයක් වැනි දෙයක්) රැගෙන ඒම අගය කරන්නෙමු

බුද්ධ වන්දනාව සිදු කිරීම සඳහා අවශ්‍ය කරන මල්, පහන් තිර, පොල්තෙල්, හඳුන්කූරු, ගිලන්පස යනාදිය රැගෙන ඒම වඩාත් සුදුසු වේ.

මෙම වැඩසටහන ඔබ අනිවාර්යයෙන්ම පැමිණෙනවා නම් පමණක් ඒ බව පහත සඳහන් දුරකථන අංකයට WhatsApp පණිවිඩයක් මඟින් පමණක් දැනුම් දෙන්න.
දුරකථන ඇමතුම් නොගැනීම වඩාත් අගය කරන්නෙමු.

071 289 9181 - මහීකා රණවක

එදිනට, සුදු වතින් සහ මෙත් සිතින් පැමිණීමට ඔබ සැමට ගෞරවණීය ආරාධනා
තෙරුවන් සරණයි
🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏

Address

Imbulgoda
Gampaha

Alerts

Be the first to know and let us send you an email when සද්ධම් ආර්ය පදනම - Saddham Arya Foundation posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to සද්ධම් ආර්ය පදනම - Saddham Arya Foundation:

Share