HRFAC Galle

Directions

HRFAC Galle Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from HRFAC Galle, Nonprofit Organization, Galle.

09/09/2026

වසර හතක් පුරා නඩුවක්… අවසානයේ ප්‍රවේශ මාර්ගය වෙනුවෙන් නැවතත් නීතිමය මඟක්!

ගාල්ල, රජ්ගම ප්‍රදේශයේ තම පාරම්පරික උරුමයෙන් සින්නක්කරව භුක්ති විඳි නිවසට යාමට තිබූ ප්‍රවේශ මාර්ගය රාජ්‍ය සේවයේ බලය භාවිත කරමින්, රාජ්‍ය සේවය අවභාවිත කර කාලයකට පෙර පුද්ගලයකු විසින් අත්පත් කරගෙන ඇති බවට පැමිණිල්ලක් ඉදිරිපත් විය.

එම ගැටලුව නිරාකරණය කර ගැනීම සඳහා නඩුවක් ගොනු කරන ලෙසට උපදෙස් ලැබී, ඊට අදාළ ගාස්තු ද ගෙවා නඩුව පවරා තිබේ. එම නඩුව වසර 07ක් පමණ පවත්වාගෙන ගොස් ඇති අතර, මේ කාලය තුළ නීතිඥවරුන් හා නීතිඥවරියන් තිදෙනකු පමණ ද නඩුව වෙනුවෙන් පෙනී සිට ඇත.

කෙසේ වෙතත්, අවසානයේදී එම නඩුවට නඩු නිමිත්තක් නොමැති බවත්, නඩුව ඉල්ලා අස්කර ගන්නා ලෙසත් දැනුම් දීම හේතුවෙන් සිත් තැවුලට පත් වූ පැමිණිලිකරු ගාල්ල මානව හිමිකම් ප්‍රථමාධර මධ්‍යස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

ඒ අනුව, නීතිඥ උපදෙස් ලබා ගනිමින්, නීතිඥ සහාය නොමැතිව නඩු වාර දෙකකට පෙනී සිටීමට අපට හැකි විය. එහි ප්‍රතිඵලයක් ලෙස, අදාළ කරුණු නැවතත් ගොනු කර ඉඩමට හා නිවසට ප්‍රවේශ මාර්ගය ලබා ගැනීම සඳහා නඩුවක් ගොනු කරන ලෙස ගරු අධිකරණය මගින් අදාළ නීතිඥ මහත්වරුන් වෙත දැනුම් දී ඇත.

මීට අමතරව, අදාළ රාජ්‍ය ආයතන වෙතද ගාල්ල මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානයේ සෘජු මැදිහත්වීම මත අදාළ පුද්ගලයන් හා ආයතන සමඟ සාකච්ඡා වාර දෙකක් පවත්වා ඇති අතර, අධිකරණය වෙත ඉදිරිපත් කිරීම සඳහා අදාළ කරුණු ඇතුළත් වාර්තාවක් ද සකස් කර ඇත.

වසර හතක් පමණ නඩු කටයුතු සඳහාත්, වෙනත් ස්ථාන වෙත ලිපි සකස් කරමින් හා ගමන් කරමින් සිටීම සඳහාත් තම මුදල් විශාල ප්‍රමාණයක් වැය කර, ඉතාමත් අසරණ තත්ත්වයක සිටි අවස්ථාවක, අප මධ්‍යස්ථානයේ සෘජු මැදිහත්වීම සම්බන්ධයෙන් පැමිණිලිකරු සිය කෘතඥතාව පළ කළේය.

#මානවහිමිකම් #නීතිආධාර #නීතිසහාය #ප්‍රවේශමාර්ගය #ඉඩම්අයිතිය #මානවහිමිකම්ප්‍රථමාධාර #ගාල්ල #රජ්ගම

08/09/2026

රු. 11,400ක දීමනාවක් වෙනුවට 69 හැවිරිදි සේවකයාට රු. ලක්ෂ 7ක හිමිකමක්

ගාල්ල ප්‍රදේශයේ ප්‍රසිද්ධ හෝටලයක කම්කරුවෙකු ලෙස සේවය කළ 69 හැවිරිදි පුද්ගලයෙකුට එම ආයතනය මගින් එක් මසක වැටුප ලබා නොදීම සහ සේවයෙන් පහ කිරීම සම්බන්ධයෙන් අප ආයතනය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි.

එම පැමිණිල්ලට අනුව, අප විසින් අදාළ කරුණු කම්කරු කාර්යාලය වෙත යොමු කළ අතර, අදාළ අංශ වෙතද කරුණු ඉදිරිපත් කරමින් මෙම ගැටලුව විසඳීම සඳහා ගාල්ල මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය නියෝජනය කරමින් අපගේ නියෝජිතයෙකුද මැදිහත් විය.

මෙම මැදිහත්වීමත් සමඟ සිදු කළ සටන අවසන් වූයේ මුලදී අදාළ පුද්ගලයාට සේවය අහිමි වීම, අවසන් මාසයේ වැටුප නොලැබීම සහ ඔහු අනියම් කම්කරුවෙකු ලෙස සේවය කර ඇති බවට ආයතනය පාර්ශ්වයෙන් කරුණු ඉදිරිපත් වීමත් සමඟය.

කෙසේ වෙතත්, අදාළ පුද්ගලයා පැවසූ කරුණු අනුව මෙම සිද්ධියට වෙනත් පැතිකඩක්ද ඇති බව අපට පෙනී ගියේය. ආයතනය පවසා තිබූ පරිදි ඔහුගේ සේවා කාලය මාස කිහිපයකට පමණක් සීමා වූවක් වුවද, අදාළ පුද්ගලයා පැවසූ පරිදි ඔහු එම ආයතනයේ ඊට වඩා දීර්ඝ කාලයක් සේවය කර තිබූ බවට කරුණු අනාවරණය විය.

ඒ අනුව වැඩිදුරටත් කරුණු සොයා බැලීමේදී අනාවරණය වූයේ, ආයතනය විසින් සඳහන් කර තිබූ සේවා කාලය 2019 වසරේ මාස කිහිපයක් සහ 2023, 2024 හා 2025 වසරවල මාස කිහිපයක් ලෙස දැක්වුවද, අප විසින් සොයාගත් කරුණු අනුව අදාළ පුද්ගලයා 2015 සහ 2016 වසරවල සිටම එම ආයතනයේ සේවය කර ඇති බවයි.

එමෙන්ම, ඔහු යම් යම් කාලවලදී සේවයෙන් ඉවත්ව ගොස් නැවත සේවයට වාර්තා කර ඇති බවද අනාවරණය විය.

මෙහිදී තවත් වැදගත් කරුණක් අනාවරණය වූයේ, ආයතනය විසින් ඇතැම් කාලසීමාවන් සඳහා සේවක අර්ථසාධක අරමුදල් (EPF) මුදල් තැන්පත් කිරීමට කටයුතු කර තිබුණද, ඇතැම් කාලසීමාවන් සඳහා එම වගකීම පැහැර හැරීම හේතුවෙන් අදාළ පුද්ගලයාට හිමි විය යුතු සේවක අර්ථසාධක අරමුදල් මුදල් අහිමි වී තිබීමයි.

කම්කරු කාර්යාලයේ පැවති දීර්ඝ සාකච්ඡා, කරුණු සොයා බැලීම් සහ අපගේ මැදිහත්වීම හේතුවෙන් අවසානයේ අදාළ පුද්ගලයාට අය විය යුතු මුදල් සහ ඊට අදාළ දඩ මුදල්ද සමඟ ආසන්න වශයෙන් රුපියල් ලක්ෂ 7ක පමණ මුදලක් හිමිවීමට නියමිතව තිබේ.

රුපියල් 11,400ක දීමනාවක් ලෙස අවසන් වීමට තිබූ සිද්ධියක්, අවසානයේ රුපියල් ලක්ෂ 7ක පමණ හිමිකමක් දක්වා ගෙන ඒමට හැකිවීම මෙම මැදිහත්වීමේ විශේෂත්වයකි.

#කම්කරුඅයිතිවාසිකම් #සේවකඅයිතිවාසිකම් #කම්කරුකාර්යාලය #සේවකඅයිතිවාසිකම්සුරකිමු #කම්කරුනීතිය #මානවහිමිකම් #ගාල්ල #සේවකසුබසාධනය #කම්කරුගැටලු

08/09/2026

🎬 54 | නීතියේ සිදුරෙන් රිමාන්ඩ් වන ජීවිත
දුලංජලී අබේරත්නගේ දින 390ක අතිශය දුෂ්කර සිරගත කිරීමේ අත්දැකීම හරහා, නීතියේ බලය පුද්ගල නිදහසට එරෙහිව අනිසි ලෙස භාවිත වන ආකාරය පිළිබඳව ගැඹුරින් විමසා බලන අපගේ නවතම වාර්තා චිත්‍රපටය “54”.

වස, අබිං සහ අන්තරායකර ඖෂධ ආඥාපනතේ 54 වැනි වගන්තිය අනිසි ලෙස භාවිත කිරීමේදී මතුවන බරපතළ මානව හිමිකම් ගැටලු සහ, ගෙතූ චෝදනා මත පුද්ගලයන් ඇප ලබා නොදී දිගු කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමේ ක්‍රියාවලිය දුලංජලීගේ කතාව තුළින් මෙම වාර්තා චිත්‍රපටය ප්‍රශ්න කරයි.

🎥 Produced by: Right to Life Human Rights Centre
🎬 Directed, Filmed & Edited by: Prasad Ranasinghearachchi
🎙️ Narrated by: H. P. Pamodh Lakshan
✍️ Scripted by: Ajith Parakum Jayasinghe

📅 මංගල දර්ශනය: 10 වන බ්‍රහස්පතින්දා
🕒 වේලාව: සවස 03.00
📍 ස්ථානය: සන්ධාර Caffe, තලකොටුව උද්යානය, කොළඹ 05

ආසන සීමිත බැවින් අදම ඔබගේ ආසනය වෙන් කරවා ගන්න!
ආසන වෙන් කරවා ගැනීමට: 076 963 1438

#54

01/09/2026
ගාල්ල මානවහිම්කම් ප්‍රථමාධාර  මද්‍යස්ථානය විසින් සංවිධාන‍ය කරනු ලැබූ 2026/08/13 වන දින  රජය මගින්  රාජ්‍ය නොවන සංවිධාන ස...
14/08/2026

ගාල්ල මානවහිම්කම් ප්‍රථමාධාර මද්‍යස්ථානය විසින් සංවිධාන‍ය කරනු ලැබූ 2026/08/13 වන දින රජය මගින් රාජ්‍ය නොවන සංවිධාන සදහා
ශ්‍රී ලංකා රජය විසින් මෑතකදී නිකුත් කරන ලද *රාජ්‍ය නොවන සංවිධාන (NGO) නියාමනය, අධීක්ෂණය සහ ඇගයීම පිළිබඳ නව කෙටුම්පත පිළිබදව ගාලු දිස්ත්‍රික්කය නියෝජනය නරන රාජ්‍ය නොවන සංවිධාන හා සිවිල් සංවිධාන එකමුතුව මගින් එම පනත පිළිබදව සාකච්ඡාවක් කර එහි ඇති සමහරක් වගන්ති පිළිබදව හා එම වගන්ති යම් සංශෝධනයන් කළ යුතු ආකාරය පිළිබදව ඉතා සාර්ථක සාකච්ඡාක් කර අවසානෙදි එය ලේඛනයක් ලෙස සකස් කර අදාළ අංශ වෙත ඉදිරිපත් කිරිම පිළිබදවද තීරණය කරගන්නා ලදි මෙ සදහා සම්බන්ධ වූ සියලුම සංවිධාන නියෝජනය කරමින් සම්බන්ධ වු මහත්ම මහත්මියන්ට බෙහේවින්ම ස්තුතියි තවද එම සාකච්ඡාව සදහන් මානව සොබා සංවර්ධන කේන්ද්‍රයේ මධ්‍යස්ථානය ලබා දෙමින් සහයෝගය දැක් වු එහි විධායක අධ්‍යක්ෂිකා සංජීවනී කඩවතගේ මහත්මියට ස්තුතියි පිරිනමමි

05/08/2026

නිවසකට කඩා වැදී මරණ තර්ජන කළ පිරිසට ගාල්ල මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානයේ මැදිහත් වීමෙන් බන්ධනාගාරයට!

ගාල්ල පොලිස් බල ප්‍රදේශයේ ගිංතොට, ගිංගඟ මාවතේ පදිංචි තරුණයකුට බීමත් පුද්ගලයකු විසින් පරුෂ වචනයෙන් බැණ තර්ජනය කිරීම හේතුවෙන් දෙපාර්ශ්වය අතර සුළු බහින්බස්වීමක් ඇති වී තිබේ. එම සිද්ධියෙන් පසුව මත්පැන් පානයට තදින් ඇබ්බැහි වූ බව කියන එම පුද්ගලයා සහ ඔහුගේ පුතුන් දෙදෙනා කඩුවක් සහ පොලු මුගුරු රැගෙන පැමිණ, අදාළ තරුණයාගේ නිවසේ ගේට්ටුව කඩා බලහත්කාරයෙන් නිවසට ඇතුළු වී පරුෂ වචනයෙන් බැණ කලහකාරී ලෙස හැසිරී ඇත.

එහිදී නිවසේ ජනේලවලට හානි සිදු කර, ගස් කපා දමා, යකඩ දොරටද හානි සිදු කරමින් නිවැසියන්ට මරණ තර්ජන එල්ල කර ඇති බව සඳහන් වේ. පසුවද කිහිප වතාවක්ම එම නිවසට පැමිණ නිවැසියන්ට මරණ තර්ජන සිදු කර ඇති බව පැවසේ.

මෙම සිද්ධියෙන් පීඩාවට පත් තරුණයාගේ මව වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේ පැවසුවාය.

"අපේ නිවසේ මම, මගේ සැමියා, පුතුන් තිදෙනා සහ සුරතල් සතුන් කිහිප දෙනෙක් ජීවත් වෙනවා.

මේ සිද්ධිය මුලින්ම වුණේ ජූලි 6 වැනිදා. මගේ බාල පුතා ක්‍රීඩා කිරීමට යන අතරතුර බීමත් පුද්ගලයා ඔහු සමඟ බහින්බස්වීමකට පැටලුණා. ඊට පස්සේ මගේ පුතා නිවසට ආවා.

ටික වේලාවකින් එම පුද්ගලයා ඔහුගේ පුතුන් දෙදෙනා සමඟ කඩුවක් සහ පොලු රැගෙන ඇවිත් අපේ ගේට්ටුව කඩාගෙන මිදුලට ඇතුළු වුණා. ඔවුන් අපට පරුෂ වචනයෙන් බැණ බැණ නිවසේ දොරවල් සහ ජනේලවලට පහර දී ඒවාට හානි කළා. ගස්ද කපා දැම්මා.

ඊට පස්සේ අපිව මරලා දානවා කියලා තර්ජනය කළා.

මටත් පහර දුන්නා. ඒ හේතුවෙන් මම ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දින දෙකක් නේවාසිකව ප්‍රතිකාර ලබා ගත්තා. මගේ සැමියාත් දින හතරක් නේවාසිකව ප්‍රතිකාර ලබා ගත්තා.

මගේ පුතා පොලිසියට දුරකථනයෙන් දැනුම් දුන්නත් ඒ අවස්ථාවේ පොලිසිය පැමිණියේ නැහැ. පසුව මගේ වැඩිමහල් පුතා සේවය කරන ස්ථානයේ සිට ගාල්ල පොලිසියට ගොස් පැමිණිල්ලක් කළා.

ඉන් පසුවත් අපි මේ සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල පොලිසිය දැනුවත් කළා. සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය කිහිප වතාවක්ම උත්සාහ කළත් ඒ අවස්ථාවලදී ඔවුන් අත්අඩංගුවට ගැනීමට නොහැකි වුණා.

එම කාලය තුළත් අපට දිගින් දිගටම මරණ තර්ජන එල්ල වුණා. ඒ නිසා අපි මේ පිළිබඳ ගාල්ල දිස්ත්‍රික් මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානයට පැමිණිල්ලක් කළා. එම මධ්‍යස්ථානයේ නිලධාරීන් කිහිප දෙනෙකු අපේ නිවසට පැමිණ සිදු වූ දේපළ හානිය සහ මේ වන තෙක් නීතිය නිසි ලෙස ක්‍රියාත්මක නොවීම පිළිබඳ අදාළ ආයතනවලින් කරුණු විමසා නැවත ඔවුන් දැනුවත් කිරීමට කටයුතු කළා.

පසුව ජූලි 14 වැනිදා ගාල්ල පොලිසිය මඟින් අදාළ පුද්ගලයා සහ ඔහුගේ එක් පුතෙකු අත්අඩංගුවට ගෙන දින 14ක රක්ෂිත බන්ධනාගාර ගත කළා.

ඒ වගේම මෙම පුද්ගලයා සතුව කඩුවක් ඇතුළු තියුණු ආයුධ තිබෙනවා. ඒ නිසා මේ සම්බන්ධයෙන් සාධාරණ හා අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කර, අපට බියෙන් හා සැකයෙන් තොරව ජීවත් විය හැකි පරිසරයක් සලසා දෙන ලෙස අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා."

මේ අතර, මෙම සිදුවීම සම්බන්ධයෙන් සිදු කෙරෙන පොලිස් පරීක්ෂණ සහ අනෙකුත් ආයතනික විමර්ශන පිළිබඳව ගාල්ල දිස්ත්‍රික් මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය විශේෂ අවධානයෙන් පසුවන බවද දැනුම් දී ඇත.

01/08/2026
අද දින ගාල්ල දෙවට ප්‍රදේශයේ සංචාරක ව්‍යාපාරයේ යෙදි සිටින ව්‍යාපාරික ප්‍රජාවගෙන් ගාල්ල මානවහිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය...
27/07/2026

අද දින ගාල්ල දෙවට ප්‍රදේශයේ සංචාරක ව්‍යාපාරයේ යෙදි සිටින ව්‍යාපාරික ප්‍රජාවගෙන් ගාල්ල මානවහිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානයට ලැබුණු පැමිණිල්ලට විසඳුම් ලෙස සාගරයට සම්බන්ධ සියලුම රාජ්‍ය ආයතන සිවිල් සංවිධාන රාජ්‍ය නොවන සංවිධාන හා පොලිස්සිය එක්ව අපගේ මැදිහත් වීම මත එම ස්ථානයේ සංචාරක ව්‍යාපාර පවත්වාගෙන යන අයට විශාල ගැටලුවක් වු අවසර ලත් හා අවසර නොලත් මස් කඩ හා මාලු අලවි සැල් හෝටල් මගින් අපද්‍රව්‍යයන් මුදාහැරීම නිසා අපවිත්‍ර වන සුන්දර දෙවට වෙරළ තිරයට බලපාන ගැටලුව පිළිබඳව සාර්ථකව සාකච්ඡාවක් පවත්වා කඩිනම් විසඳුම් යොජනා ඉදිරිපත් කරන්නට හැකි වීය මේ අවස්ථාවට අපගේ සමාජික මහත්ම මහත්මියන් ද සම්බන්ධ වීය ඒ සෑම දෙනාටම බෙහෙවින්ම ස්තුතියි

Address

Galle

Website

Alerts

Be the first to know and let us send you an email when HRFAC Galle posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share