Kodigala Kanda Buddhist Centre

Directions Contact the organisation

Kodigala Kanda Buddhist Centre පරපුරෙන් පරපුරට සුරැකෙන
අපේ කාලයේ - අපේ පන්සල 2007 අංක 7 දරණ සමාගම් පනත යටතේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ සංස්ථාගත සංවිධානයකි.(G/A 00201604)

05/09/2026

අපි අද ලස්සනට ගන්න ෆොටෝ එකක්‌, හෙට මරණ දැන්වීමක් වෙන්න පුළුවන්.

04/09/2026
02/09/2026

අපි හැමදේම කරන්නේ අපේ හදගැස්ම ගැහෙනකම් විතරයි.

31/08/2026

Kodigala Kanda Buddhist Centre

මා දුටු ශක්තිමත්ම අරගල කරුවා සිද්ධාර්ථ මහ බෝසතාණන් වහන්සේය..ඔහු පිය රජුගේ රැකවල් තුට්ටුවකට මායිම් නොකර අරගලයට බසිනුයේ තන...
31/08/2026

මා දුටු ශක්තිමත්ම අරගල කරුවා සිද්ධාර්ථ මහ බෝසතාණන් වහන්සේය..

ඔහු පිය රජුගේ රැකවල් තුට්ටුවකට මායිම් නොකර අරගලයට බසිනුයේ තනිවමය...

ඒ අද මෙන් පාලකයන් වෙනස් කර රට වෙනස් කිරීමට නොව

තමාව වෙනස් කර

ලෝවැසි පැවැත්මෙහි සිස්ටම් චෙන්ජ් එක පිණිසය..

අද මව් පියවරු දරු සිඟිත්තන් අත දරා අරගල බිමට පිවිසෙන අයුරු සංවේදී ය..

එහෙත් සිද්ධාර්ථ මහ බෝසතුන් අරගලයට පිවිසෙන්නේ එදාම උපන් සිඟිති පුතු පමණක් නොව මිනිසෙකුට සතු විය යුතු ආදරණීයම පතිනියද සදහටම අත් හරිමිනි..

අද අරගලය වෙත යන්නේ පොකුරු පිටිනි..

එහෙත් සිද්ධාර්ථ මහ බෝසතාණන් වහන්සේට සිටියේ කන්ථක හා ඡන්නයම් පමණි ..

අවසානයේ නේරංජාව අසලදී ඔවුන්ව ද දමා ඔහු අරගලයට බසිනුයේ තට්ට තනිවමය...

අප අරගල කරන්නේ සියල්ල අහිමිව ගිය කල ඒවා ලබා ගැනීමට ය.

එහෙත් සිද්ධාර්ථ මහ බෝසතුන් උපතින්ම ලද සකල විධ සුඛෝපභෝගී හිමිවීම් සියල්ල අතහැර අරගලය ආරම්භ කලේය...

අද අරගල කරුවන් ඉදිරියට යන්නේ කෑමොර දෙමින් ..

නමුත් සිද්ධාර්ථ මහ බෝසතුන් ඉදිරියට ගියේ නිහඬවමය...

ඔහුටද අපූරු සටන් පාඨයක් විය..

"බුද්ධෝහං බෝධයිස්සාමි
මුත්තෝහං මෝචයෙ පරෙ
තිණ්නෝහං තාරයිස්සාමි
සංසාරෝගා මහබ්භයා "

"සසර දුකින් එතරව ලබන සම්මා සම්බුද්ධත්වයට මම පත්වෙමි.මා සේම සසර දුක් විඳින සත්වයෝ සසර දුකින් මුදවාලමි"..

යන්නයී....

ඔහු එය ලියා ගත්තේ ඇඳුමක, පළඳනාවක හෝ ගහක, ගලක නොව සිය හදවත මතය..

යශෝධරාවත් දෙවියනුත් හැර එය අන් කිසිවෙකු දැන සිටියේ ද නැත...

ඔහු අරගල බිමේදී උපවාස කලේය ..

එය දවසක් දෙකක් නොව ..

සා අවුරුද්දකි...

අරගලයේ දුෂ්කරම අවස්ථාවේදි ඔහුට සහය වීමට ඉදිරිපත් වූයේ තවුසන් පස් දෙනෙකි...

අවසානයේ ඔවුන්ද ඔහුව අතැර ගියහ...

ඔහුගේ අරගලයේ උච්චතම අවස්ථාව එලඹෙනුයේ බුද්ධගයා භූමියේදීය ...

ඔහුට එරෙහිව සිටියේ පොලිස් හෝ හමුදා නිලධාරීන් ස්වල්ප දෙනෙකු නොව...

දස බිම්බරක් මාර සේනාවය...

සිද්ධාර්ථ හිතුවක්කාරම අරගලකරුවෙකි ..

දස බිම්බරක් මාර සෙනඟටවත් ඔහුව පාලනය කල නොහැකිව පසු බැස්සහ..

සිද්ධාර්ථ සුපිරි ම අරගල කරුවෙකි ..

ඔහු සියල්ලට ගිනි තබා දවා අළු කලේය.

ඒ ඔහුගේ ඇතුලාන්තයෙ කල්ප ලක්ෂ ගණනක් එකතු වූ ක්ලේෂයන්ය...

ඔබට මට සිහිනෙන් වත් කරන්නට බැරි විනාශයකි එය...

ඔහු සියල්ල සුණුවිසුණු කලේය ..

ඒ සංසාරයේ කැණිමඩල වූ තණ්හාවයි...

අවසානයේ ඔහු අරගලය දිනුවේය..

කිසිදු උදවු උපකාරයක් නැතිවම ඔහු අරගලය දිනන විට ඒ වෙනුවෙන් සක්වල ම ගිගුම් දුන් ජයඝෝෂා නැගුවේ
දෙවියන් හා බඹුන්ය..

එකදු මිනිසෙකු ඔහු වෙනුවෙන් සිටියේ නැත..

ඔබත් මාත් අද අරගල කරනුයේ ජාතිය වෙනුවෙනි...එහෙත් සිද්ධාර්ථ මහ බෝසතුන් සිය අරගලය ආරම්භ කලේ "ජාතිය" නැති කිරීමට ය....

ඒ, ඕලාරික ජාතිකත්වය මරණය සමඟ වෙනස් වන බව ඔහු දැන සිටි නිසාය..

එතනිනුත් ඒ අරගලය නිමා නොවිනි..

මන්ද දෙසැටක් මිත්‍යාදෘෂ්ඨියෙන් පිරි භාරතය තුල සම්‍යදෘශ්ටිය වෙනුවෙන් යලිත් අරගලය ඇරඹිණි..

අවසානයේ හුදෙකලා ඔහු වටා ක්‍රමයෙන් මිනිසුන් එක් රැස් වන්නට විය..

දේවදත්ත වැනි අසත්පුරුෂයන් මෙන්ම..

සච්චක වැනි වාග් ප්‍රහාරකයින් ගේද අඩුවක් නොවිණි...

නමුත් මේ හුදෙකලා අරගලකරුවා
විශ්වයට ම..
සම්මා සම්බුද්ධ විය.
ලෝක විදූ විය. අනුත්තර විය.

සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසුවත් මිනිසුන් ඔහු වෙනුවෙන්, ඔහුගේ දර්ශනය වෙනුවෙන්
අරගල කරති..එහෙත් අරගලය ආරම්භ කල යුත්තේ තමා තුලින් බව ඔහුගේ දර්ශනය විය..

අපි එය ආගමක් කරගෙන ඔහුගේ අරගලය බැහැරින් කෑදරින් තලුමරමින් සිටිමු.

ඔබද අද අරගලයක නිරතව සිටින්නෙකු විය හැක..

අවසාන අරගලයට පෙර සිද්ධාර්ථ මහ බෝසතුන්ද සසරේ නොයෙක් බාහිර අරගල කරන්නට ඇත.

නමුත් ඒ සියළු බාහිර අරගල වල ඇති ශූන්‍ය තාවය වටහාගත් ඔහු අවසානයේ,

තමා සමඟ ..
තමා වෙනුවෙන් කරන අරගලය තෝරා ගන්නට ඇත ..

අද ඔබේ අරගලය ..කෙලෙස් භරිත මිනිසෙකු හෝ සමූහයක් නෙරපීම වෙනුවෙන් විය හැක....එහෙත් නැවත ඔබ විසින් තෝරා ගනුයේද එවැනිම කෙලෙස් පිරි හිස් මිනිසුන්වමය...

ඔවුන්ගෙන්ද කිසිවක් අපේක්ෂා නොකරන්න..

අරගල කරුවන් ලෙස අද ලෝකයේ ඔබට යම් පිළිගැනීමක් ලැබුණද මේ කෙලෙස් පිරුණු ලෝකයේ ඔබත් මමත් තවත් ඉත්තන් පිරිසක් පමණි ..

තවත් වසර දෙකකින් හෝ කිහිපයකින් අපට මේ අරගලයේ සැබෑ වටිනාකම භුක්ති විඳීමට හැකි වනු ද, ඇතැම්විට නොහැකිවනු ද ඇත ..

එවිට සමහරවිට අද මෙන්ම පශ්චාත්තාප වීමටද සිදු විය හැක..

මන්ද අප අරගල කරනුයේ අපෙන් බාහිරවය...හෙට නැවත ඔබට ජීවන අරගල කරන්නට සිදු වනු ඇත.......

එහෙත් ඔබට කියමි ...දිගටම අරගලය ගෙන යන්න ...ඔබට ඔබව හමුවන තුරු අරගලය නොනවත්වා ගෙන යන්න ..

හති වැටෙන්නට ඉඩ නොතබා දිගටම

අරගල කරන්න ...

ඔබේ ඇතුලාන්තයෙන්ම අරගල කරන්න ...

ඔබේම සටන් පාඨයක් තබාගෙන අරගල කරන්න ...සිද්ධාර්ථ මහා බෝසතුන් මෙන්ම..

සිහියෙන් අරගල කරන්න ...
ක්ලේෂයන් යටපත් කිරීම වෙනුවෙන් ...

ඔබව දිනාගනු පිණිසම ..

මම කිසිදා කළු කොඩි අත නොදරමි..

මිත්‍යාදෘෂ්ඨික සංකේතයක් අත දරා ගැනීමට මට ඇවැසි නැත..ශෝකයේත්..වෛරයේත්...අන්ධකාරයේත් කාල වර්ණය මම පිලිකෙව් කරමි...

මන්ද විශ්වයේ හොඳම අරගලකරුවා සිහිකරනු වස් බුදු ධජය මට ප්‍රමාණවත්ය...

එසේම ඔබට කියමි...

ඔය ගින්න නිවී යා නොදෙන්න ...

ගෙදර ආ සැනින් නැවත ඔබේම අරගලය ඔබම පටන් ගන්න.
ඔබව මුදාගනු පිණිස ...

සරුව පිත්තල කයිවාරු වචන වලින් හිස්කම වසා ගන්නා අවස්ථාවාදී කපටියන් යලි මුණ නොගැසෙනු පිණිස ...

කොහේ හෝ පෝලිම් වල යලි ලැගීමට සිදු නොවනු පිණිස ...

වසංගත හමුවේ යලි අසරණ නොවනු පිණිස ...

සාගත වලට යලි කිසිදා ගොදුරු නොවනු පිණිස ...

ලෝක යුද්ධ වල ඉලක්ක නොවනු පිණිස

ඔබව ජාතියෙන් හෙවත් භවයට ගෙන යන උපතින් ඔබව මුදා ගැනීමට ඔබේම
අරගලය, ඔබෙන් ම පටන් ගන්න.

එවිට මමද කියමි..

අරගලයට ජය වේවා ..

29/08/2026

"බුද්ධාගම කියවන්න කියවන්න බොහෝම රසයි, බොහොම රසයි. ඒ වගේම හිතන්න හිතන්න හිතට බොහෝම සැනසිල්ලක් ලැබෙනවා. පිළිපදින්න පිළිපදින්න බොහෝම සැපයි. පින්වතුනි, එවැනි ශ්‍රේෂ්ඨ ධර්මයක් බුද්ධ ධර්මය."

• අතිපූජ්‍ය අම්පිටියේ ශ්‍රී රාහුළ මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ.

Address

Kodigala Kanda Buddhist Centre
Bristol
THELLAMBURA

Opening Hours

Monday 4am - 10pm
Tuesday 4am - 10pm
Wednesday 4am - 10pm
Thursday 4am - 10pm
Friday 4am - 10pm
Saturday 4am - 10pm
Sunday 4am - 10pm

Website

Alerts

Be the first to know and let us send you an email when Kodigala Kanda Buddhist Centre posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organisation

Send a message to Kodigala Kanda Buddhist Centre:

Shortcuts

Share