04/11/2024
පුංචි සමනල් පැටවුන්ට ලස්සනට පියාඹන්න ශක්තිමත් අත්තටු අරගෙන ඉගෙනුමට අත්වැලක් අපි මේ පාර එන්නේ තිනියාවල මහා විද්‍යාලයටයි.
කලින් වගේම අපේ මේ project එකෙත් මූලිකවම අරමුණ වෙන්නෙ අපේ පුංචි නංගිලා මල්ලිලා වෙනුවෙන් ඔවුන්ට අවශ්‍ය සියළුම අධ්‍යාපන උපකරණ, ලිපි ද්‍රව්‍ය ලබාදීමයී..
ඉතිං ඔබත් කැමතියී නේද අපේ මේ පුංචි සමනල් පැටවු ටික ලස්සනට වගේම ශක්තිමත්ව එයාලගේ ගමන යනවා දකින්න... එහෙනං එකතුවෙන්න අපිත් එක්ක මේ සමනල් පැටවුන්ට දිරියක් වෙන්න.
ඔයාලට ද්‍රව්‍යමය වශයෙන් අපිට පොත්, පෑන්, පැන්සල් ආදී දේවල් ලබා දෙන්න පුළුවන්.. තවත් විදිහකින් සහය දෙනවනම් අපගේ ගිණුම් අංක වෙත මුදලින් ආධාර සැපයීමත් සිදු කරන්න පුළුවන්..
අපගේ ලංකා බැංකු (BOC bank) - 86129781
Igenumata Athwalak
(Galle Super Grade Branch) ගිණුමට මුදල් බැර කළ හැක..
තවත් පුංචි ඉල්ලිමක් තියෙනවා. ඒ තමයි අපිට සල්ලි ආපු විදිය, වියදම් සිදු වූ විදිහ පිළිබඳව records තියෙන්න ඕන නිසා අනිවාර්යයෙන්ම මුදල් බැර කල පසු ඔයාගේ නම සහ දුරකථන අංකය එක්ක බැංකුවෙන් දෙන රිසිට් එක අපිට එවන්න අමතක කරන්නත් එපා.
වැඩි විස්තර සඳහා අපිට කතා කරන්න.
සදේශ් - 071 744 0775
පසන් - 077 931 2984
එරන්ද - 075 099 5288
පසුගිය වසර කිහිපය තුල නිහඩව ඉගෙනුමට අත්වැලක් ව්‍යාපෘතියට සම්බන්ධ වූ සියලූම දෙනාට ගෞරවනීය ස්තූතිය පුදකරන අතර මේ වසරේත් ඉගෙනුමට අත්වැලක් ව්‍යාපෘතියට දායක විමට අප හා සම්බන්ධ වන මෙන් ඉල්ලා සිටිමූ.