Lions Club of Galle Akmeemana Centinnial

Lions Club of Galle Akmeemana Centinnial Lions Club of Galle Akmeemana Centinnial

ගාල්ල අක්මීමන සෙන්ටිනියල් සිංහ සමාජය විසින් සිංහ දර්ශනයේ නිර්මාතෘ මෙල්වින් ජෝන්ස් සිහි කිරීම 2026.01.18 දින සිංහ සල් රුක...
19/01/2026

ගාල්ල අක්මීමන සෙන්ටිනියල් සිංහ සමාජය විසින් සිංහ දර්ශනයේ නිර්මාතෘ මෙල්වින් ජෝන්ස් සිහි කිරීම 2026.01.18 දින සිංහ සල් රුක් ගමගේ ගේ නිවසේදී පැවැත්වීය. මෙල්වින් ජෝන්ස් සමරු දේශනය සිංහ ආනන්ද අබේවික්‍රම විසින් සිදු කරන ලදී.

පළමු උප සිංහාධිපති සිංහ රවි කලංසූරිය MJF සහ දෙවන උප සිංහාධිපති සිංහ රන්ජිත් අබේසුන්දර MAF නිල පිවිසුම සහ මාසික රැස්වීම 2...
13/12/2025

පළමු උප සිංහාධිපති සිංහ රවි කලංසූරිය MJF සහ දෙවන උප සිංහාධිපති සිංහ රන්ජිත් අබේසුන්දර MAF නිල පිවිසුම සහ මාසික රැස්වීම 2025.12.12 දින ගාල්ල මකුළුව blue heaven hotel හිදී පැවැත්විණි .මෙම අවස්තාවට සම්මේලන ලේකම් සිංහ ප්‍රසාද් කොහොඹන් PMJF , MJF , MAF , ප්‍රධාන කැබිනට් නිළධාරී සිංහ මෙත්සිරි ද සිල්වා MJF, MAF ප්‍රාදේශීය සභාපති සිංහ කපිල කොහොඹන්ගේ MAF , කැබිනට් නිළධාරි සිංහ උපාලි ද සිල්වා MJF, ප්‍රාදේශීය භාණ්ඩාගාරික , ගාල්ල ඩයමන්ඩ් සිංහ සමාජයේ සභාපති සිංහ ගීත ශාන්ත MAF සහභාගි විය .

306 D 8 දිස්ත්‍රික් සිංහාධිපති තුමාගේ සංකල්පයක් වන දහම් පාසල් බල ගැන්වීමේ අදහසට සමගාමීව 2025.11.09 දින ගාල්ල මකුළුව බුද්...
09/11/2025

306 D 8 දිස්ත්‍රික් සිංහාධිපති තුමාගේ සංකල්පයක් වන දහම් පාසල් බල ගැන්වීමේ අදහසට සමගාමීව 2025.11.09 දින ගාල්ල මකුළුව බුද්ධසිංහාරාම විහාරස්තානයේදී ශ්‍රී ඉන්දරතන දහම් පාසලේ විශේෂ දක්ශතා දැක්වූ දරුවන් 80 ක් ඇගයීමට ලක් කළෙමු. මේ අවස්තාවට විහාරස්තානයේ නායක ස්වාමීන් වහන්සේ, දහම් පාසලේ ප්‍රධානාචාර්ය ස්වාමීන් වහන්සේ , GST සම්බන්ධීකාරක සිංහ චින්තක ධර්මසෝම MAF ප්‍රාදේශීය සභාපති සිංහ කපිල කොහොඹන්ගේ MAF , ගාල්ල අක්මීමන සෙන්ටිනියල් සිංහ සමාජයේ සභාපතිනි සිංහ සන්ධ්‍යා පතිරණවසම් MAF අධ්‍යක්ෂ සිංහ කමිල් ශාන්ත කුමාර MAF , භාණ්ඩාගාරික සිංහ ඉරාජ් ගුණසේකර MAF සහ පළමු උප සභාපති සිංහ චමින්ද ගුණවර්ධන සහභාගි විය.

ප්‍රාදේශීය සභාපති කපිල කොහොඹන්ගේ MAF, JP ගේ නිල පිවිසුම සහ මාසික රැස්වීම 2025.10.31 දින ප.ව.7.00 ට තලගහ villa wishpary g...
07/11/2025

ප්‍රාදේශීය සභාපති කපිල කොහොඹන්ගේ MAF, JP ගේ නිල පිවිසුම සහ මාසික රැස්වීම 2025.10.31 දින ප.ව.7.00 ට තලගහ villa wishpary greens හිදී පැවැත්විණි . මාසික රැස්වීම සදහා අප සාමාජිකයින් 20 ක් සහභාගි විය . මෙම අවස්තාවට GLT සම්බන්ධීකාරක සිංහ රන්ජිත් ජයතිලක MAF , GMT සම්බන්ධීකාරක සිංහ තුසන්ත නානායක්කාර , නියෝජ්‍ය කැබිනට් ලේකම් සිංහ ආනන්ද අබේවික්‍රම MAF, කාන්තාවන් සවිබල ගැන්වීමේ සම්බන්ධීකාරක සිංහ රීටා ස්වර්ණමාලා MJF , කලාපීය සභාපති සිංහ ලහිරු මුණසිංහ MJF , MAF ඇතුලු සිංහ නායකයින් රාශියක් සහභාගි විය.

2025.10.25 දින දංගෙදර ප්‍රදේශයේ ගංවතුර ආපදාවට ලක්වූ පවුල් දෙකක් සදහා වියළි ආහාර පාර්සල් ලබා දෙන ලදී. මෙහි ව්‍යාපෘති සභාප...
25/10/2025

2025.10.25 දින දංගෙදර ප්‍රදේශයේ ගංවතුර ආපදාවට ලක්වූ පවුල් දෙකක් සදහා වියළි ආහාර පාර්සල් ලබා දෙන ලදී. මෙහි ව්‍යාපෘති සභාපතිත්වය සිංහ දුශ්‍යන්ත පද්ම කුමාර වන අතර මේ අවස්තාවට LCI දිස්ත්‍රික් සම්බන්ධීකාරක, ගාල්ල අක්මීමන සෙන්ටිනියල් සිංහ සමාජයේ සභාපති සිංහ සන්ධ්‍යා පතිරණවසම් MAF සහ කැබිනට් නිළධාරි සිංහ අජිත් පුෂ්පකුමාර සහභාගි විය.

2025.10.17 දින වැඩිහිටි දිනයට සමගාමීව විජිත හෙළ වැඩිහිටි නිවාසයට රාත්‍රි ආහාරය ලබා දුන් අතර ආයතනයට අත්‍යාවශ්‍ය ව තිබූ වි...
18/10/2025

2025.10.17 දින වැඩිහිටි දිනයට සමගාමීව විජිත හෙළ වැඩිහිටි නිවාසයට රාත්‍රි ආහාරය ලබා දුන් අතර ආයතනයට අත්‍යාවශ්‍ය ව තිබූ විදුලි පංකාවක් පිරිනමන ලදී. සියලු වැඩිහිටියන් සදහා මුදල් පරිත්‍යාගයක් ද ලබා දෙන ලදී.මෙහි ව්‍යාපෘති සභාපතිත්වය කාන්තා කමිටු සාමාජිකා ගාල්ල අක්මීමන සෙන්ටිනියල් සිංහ සමාජයේ අධ්‍යක්ෂ සිංහ චිත්‍රා බමුණුසිංහ MAF දරන ලදී. මෙම අවස්තාවට සම්මේලන ලේකම් සිංහ ප්‍රසාද් කොහොඹන් PMJF , PMAF , ප්‍රාදේශීය සභාපති සිංහ කපිල කොහොඹන්ගේ MAF , LCI දිස්ත්‍රික් සම්බන්ධීකාරක ගාල්ල අක්මීමන සෙන්ටිනියල් සිංහ සමාජයේ සභාපති සිංහ සන්ධ්‍යා පතිරණවසම් MAF , භාණ්ඩාගාරික සිංහ ඉරාජ් ගුණසේකර MAF සහ සිංහ නිරෝශා නිල්මිණී පෙරේරා සහභාගි විය .

ගාල්ල අක්මීමන සෙන්ටිනියල් සිංහ සමාජයේ සභාපති, 306 D8  LCI දිස්ත්‍රික් සම්බන්ධීකාරක සිංහ සන්ධ්‍යා පතිරණවසම් ගේ ව්‍යාපෘති ...
14/10/2025

ගාල්ල අක්මීමන සෙන්ටිනියල් සිංහ සමාජයේ සභාපති, 306 D8 LCI දිස්ත්‍රික් සම්බන්ධීකාරක සිංහ සන්ධ්‍යා පතිරණවසම් ගේ ව්‍යාපෘති සභාපතිත්වයෙන් මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධ වැඩ සටහනක් ගා/දංගෙදර ජයවර්ධන විද්‍යාලයේදී 2025.10.14 දින පවත්වන ලදී. මෙහි සම්පත් දායකත්වය ප්‍රජා පොලිස් දිස්ත්‍රික් සංවර්ධන නිළධාරී භාග්‍යා තුසන්ති මිය විසින් ලබා දුන් අතර ප්‍රජා පොලිස් ඒකකයේ ස්ථානාධිපති ජයලත් මයා, අතිරේක පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ සිංහ චිත්‍රා බමුණුසිංහ , ගාල්ල අක්මීමන සෙන්ටිනියල් සිංහ සමාජයේ අධ්‍යක්ෂ සිංහ කමිල් ශාන්ත කුමාර සහ භාණ්ඩාගාරික සිංහ ඉරාජ් ගුණසේකර සහභාගි විය .

2025.10.10 දින මානසික සෞඛ්‍ය යහ පැවැත්ම උදෙසා සිංහ පර්ලින් සූතිකා ගේ සභාපතිත්වයෙන් හපුගල සෙනෙහසේ නවාතැන වැඩිහිටි නිවාසයේ...
11/10/2025

2025.10.10 දින මානසික සෞඛ්‍ය යහ පැවැත්ම උදෙසා සිංහ පර්ලින් සූතිකා ගේ සභාපතිත්වයෙන් හපුගල සෙනෙහසේ නවාතැන වැඩිහිටි නිවාසයේ නේවාසික දෙමව්පියන් සදහා සවස තේ සහ රාත්‍රි ආහාරය ලබා දුන් අතර වියළි ආහාර, බෙහෙත් වර්ග, සබන් කුඩු, දත් බෙහෙත් ද ලබා දෙන ලදී. සවස 4.00 සිට රාත්‍රි 8.00 දකවා ගීත ගායනා කරමින් එම දෙමවුපියන් ට විනෝදාස්වාදය ලබා දුන්නෙමු. මෙම අවස්තාවට සිංහාධිපති ජගත් වීරසිංහ MJF, MAF, සංවත්සර ලේකම් සිංහ ප්‍රසාද් කොහොඹන් PMJF , PMAF, GLT සම්බන්ධීකාරක සිංහ රන්ජිත් ජයතිලක MAF , ප්‍රාදේශීය සභාපති සිංහ කපිල කොහොඹන්ගේ MAF , පින්නදූව සිංහ සමාජයේ සභාපති සිංහ අනූජ් කොහොඹන්ගේ MJF සහ ගාල්ල අක්මීමන සෙන්ටිනියල් සිංහ සමාජයේ සභාපති , කැබිනට් නිළධාරි සිංහ සන්ධ්‍යා පතිරණවසම් MAF, කැබිනට් නිළධාරී, අධ්‍යක්ෂ සිංහ ජිලිත් නිශාන්ත MAF, කැබිනට් නිළධාරී , අධ්‍යක්ෂ සිංහ කමිල් ශාන්ත කුමාර MAF, කැබිනට් නිළධාරී , අධ්‍යක්ෂ සිංහ වරුණ චන්දික ද සිල්වා MAF, අධ්‍යක්ෂ සිංහ සල් රුක් ගමගේ සහ එම සිංහ කාන්තාව, සිංහ ඩබ්ලිව් . ජේ. පී. හපුතන්ත්‍රි, සිංහ නිරෝශා නිල්මිණි පෙරේරා, සිංහ ප්‍රියංකර ලක්මාල් සහභාගි විය .

මානුෂික යහපැවැත්ම අනුව විශේෂ අවශ්‍යතා ඇති අය සදහා පැවැත්වෙන සම්බෝධියේ නේවාසික දරුවන්ට  සහ වැඩිහිටියන්ට සවස අතුරුපස සමග බ...
05/10/2025

මානුෂික යහපැවැත්ම අනුව විශේෂ අවශ්‍යතා ඇති අය සදහා පැවැත්වෙන සම්බෝධියේ නේවාසික දරුවන්ට සහ වැඩිහිටියන්ට සවස අතුරුපස සමග බීම ලබා දීම, ඔවූන් සමග එක්ව රගමින් ගීත ගායනා කිරීම 2025.10.04 දින සිදු කරන ලදී. මෙහි ව්‍යාපෘති සභාපතිත්වය ගාල්ල අක්මීමන සෙන්ටිනියල් සිංහ සමාජයේ ලේකම් සිංහ අජිත් ගමගේ විසින් සිදු කරන ලදී. සිංහ පර්ලින් සූතිකා දරුවන් සදහා ත්‍යාග ලබා දෙන ලදී. මේ අවස්තාවට කැබිනට් නිළධාරී ගාල්ල අක්මීමන සෙන්ටිනියල් සිංහ සමාජයේ සභාපති සිංහ සන්ධ්‍යා පතිරණවසම් , කැබිනට් නිළධාරී , සිංහ ජිලිත් නිශාන්ත, අධ්‍යක්ෂ සිංහ කුමාර ධම්මික, සිංහ රුවිනි දීපිකා , අධ්‍යක්ෂ සිංහ නලින් සුසන්ත, අධ්‍යක්ෂ සිංහ හපුතන්ත්‍රි, අධ්‍යක්ෂ සිංහ චිත්‍රා බමුණුසිංහ , සිංහ පර්ලින් සූතිකා සහ සිංහ නිරෝෂා නිල්මිණී පෙරේරා සහභාගි විය .

මානුෂික යහපැවැත්ම අනුව විශේෂ අවශ්‍යතා ඇති අය සදහා පැවැත්වෙන සම්බෝධියේ නේවාසික දරුවන්ගේ  සහ වැඩිහිටියන් ගේ කොණ්ඩය කැපීම 2...
05/10/2025

මානුෂික යහපැවැත්ම අනුව විශේෂ අවශ්‍යතා ඇති අය සදහා පැවැත්වෙන සම්බෝධියේ නේවාසික දරුවන්ගේ සහ වැඩිහිටියන් ගේ කොණ්ඩය කැපීම 2025.10.04 දින සිදු කරන ලදී. මෙහි ව්‍යාපෘති සභාපතිත්වය 306 D 8 කැබිනට් නිළධාරී සිංහ ජිලිත් නිශාන්ත විසින් සිදු කරන ලදී. මේ අවස්තාවට කැබිනට් නිළධාරී ගාල්ල අක්මීමන සෙන්ටිනියල් සිංහ සමාජයේ සභාපති සිංහ සන්ධ්‍යා පතිරණවසම් , ලේකම් සිංහ අජිත් ගමගේ, කැබිනට් නිළධාරි ,අධ්‍යක්ෂ සිංහ කුමාර ධම්මික, සිංහ රුවිනි දීපිකා , අධ්‍යක්ෂ සිංහ නලින් සුසන්ත, අධ්‍යක්ෂ සිංහ හපුතන්ත්‍රි, අධ්‍යක්ෂ සිංහ චිත්‍රා බමුණුසිංහ , සිංහ පර්ලින් සූතිකා සහ සිංහ නිරෝෂා නිල්මිණී පෙරේරා සහභාගි විය .

ලෝක ළමා දිනය වෙනුවෙන් 2025.10.01 දින ගාල්ල අක්මීමන සෙන්ටිනියල් සිංහ සමාජය මගින් ගා/බූස්ස ම.වි. සියලු දරුවන් සදහා උදෑසන ආ...
02/10/2025

ලෝක ළමා දිනය වෙනුවෙන් 2025.10.01 දින ගාල්ල අක්මීමන සෙන්ටිනියල් සිංහ සමාජය මගින් ගා/බූස්ස ම.වි. සියලු දරුවන් සදහා උදෑසන ආහාරය ලබා දෙන ලදී.මෙහි ව්‍යාපෘති සභාපති සිංහ චිත්‍රා බමුණුසිංහ MAF වන අතර මෙම අවස්තාවට සිංහ සන්ධ්‍යා පතිරණවසම් MAF, සිංහ හේමන්ත දොඩන්ගොඩ MAF , සිංහ කමිල් ශාන්ත කුමාර MAF , සිංහ අජිත් පුෂ්පකුමාර සහ සිංහ චමින්ද ගුණවර්ධන සහභාගි විය .

ගාල්ල අක්මීමන සෙන්ටිනියල් සිංහ සමාජයේ කලාපීය සභාපති සිංහ ළහිරු මුණසිංහ PMJF, MJF නිල පිවිසුම 2025.09.30 දින ප්‍රාදේශීය ස...
01/10/2025

ගාල්ල අක්මීමන සෙන්ටිනියල් සිංහ සමාජයේ කලාපීය සභාපති සිංහ ළහිරු මුණසිංහ PMJF, MJF නිල පිවිසුම 2025.09.30 දින ප්‍රාදේශීය සභාපති සිංහ කපිල කොහොඹන්ගේ MAF ගේ නිවසේ දී පැවැත්විණි.මෙම අවස්තාවට සම්මේලන ලේකම් සිංහ ප්‍රසාද් කොහොඹන් PMJF , MJF , MAF සහ GLT සම්බන්ධීකාරක සිංහ රන්ජිත් ජයතිලක MAF සහභාගි විය.ගාල්ල අක්මීමන සෙන්ටිනියල් සිංහ සමාජයේ කලාපීය සභාපති සිංහ ළහිරු මුණසිංහ PMJF, MJF නිල පිවිසුම 2025.09.30 දින ප්‍රාදේශීය සභාපති සිංහ කපිල කොහොඹන්ගේ MAF ගේ නිවසේ දී පැවැත්විණි.මෙම අවස්තාවට සම්මේලන ලේකම් සිංහ ප්‍රසාද් කොහොඹන් PMJF , MJF , MAF සහ GLT සම්බන්ධීකාරක සිංහ රන්ජිත් ජයතිලක MAF සහභාගි විය.

Address

No 04, Magalle Road, Magalle
Galle
80000

Website

Alerts

Be the first to know and let us send you an email when Lions Club of Galle Akmeemana Centinnial posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share