Rural Women's Front

Call Directions Contact the organization

Rural Women's Front The Rural Women’s Front was born with the Symposium of Women Leaders in 1988, due to the need to b

Care Work - Building District Level Coalition - Second Knowledge Sharing Session
10/09/2026

Care Work - Building District Level Coalition - Second Knowledge Sharing Session

Rural Women’s Front (RWF) විසින් Asia Foundation ආයතනයේ සහයෝගය ඇතිව, St. John Ambulance Association & Brigade in Sri Lan...
04/09/2026

Rural Women’s Front (RWF) විසින් Asia Foundation ආයතනයේ සහයෝගය ඇතිව, St. John Ambulance Association & Brigade in Sri Lanka සමඟ එක්ව සංවිධානය කළ දෙදින First Aid Training Programme එක සාර්ථකව අවසන් කළෙමු.

කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් කටයුතු කරන සංවිධානවල කාර්ය මණ්ඩලය සඳහා පැවැත්වූ මෙම පුහුණුවේදී, හදිසි අවස්ථාවලදී නිවැරදිව හා කඩිනමින් ප්‍රථමාධාර ලබාදීමට අවශ්‍ය න්‍යායාත්මක දැනුම මෙන්ම ප්‍රායෝගික කුසලතා ලබා ගැනීමට අපගේ කණ්ඩායමට හැකි විය.

මෙම පුහුණුව ඉතා සාර්ථකව මෙහෙයවමින් ප්‍රායෝගික හා අන්තර්ක්‍රියාකාරී දැනුම සඳහා සම්පත් දායකත්වය ලබා දුන් , ගාල්ල St. John Ambulance Association & Brigade in Sri Lanka හි, Mr. Chamindu Dilshan මහතාට විශේෂ ස්තුතිය පිරිනමන අතර Pasindu Manimelwadu මහතාට ද ස්තුතිවන්ත වෙමු.

එමෙන්ම, මෙම වැදගත් වැඩසටහන සඳහා සහයෝගය ලබාදුන් Asia Foundation ආයතනයට අපගේ අවංක ස්තුතිය පුද කරමු.

ප්‍රථමාධාර යනු දැනුමක් පමණක් නොව, අවශ්‍ය මොහොතේ ජීවිතයක් සුරැකීමට සූදානම්ව සිටීමේ හැකියාවකි. ❤️

ප්‍රජාවට වගවීමෙන්, සාධාරණ හා සියල්ල ඇතුළත් කරගන්නා සමාන සේවාවක් වෙනුවෙන්… 🤝🌿ප්‍රජාවට වගකියන, සාධාරණ, සියල්ලන් ඇතුළත් කරග...
30/08/2026

ප්‍රජාවට වගවීමෙන්, සාධාරණ හා සියල්ල ඇතුළත් කරගන්නා සමාන සේවාවක් වෙනුවෙන්… 🤝🌿

ප්‍රජාවට වගකියන, සාධාරණ, සියල්ලන් ඇතුළත් කරගන්නා සහ සමාන රාජ්‍ය සේවාවක් ගොඩනැගීමේ අරමුණ පෙරදැරි කරගනිමින්, රාජ්‍ය සේවය තුළ පවතින ගැටළු, අභියෝග හා බාධාවන් හඳුනාගෙන ඒවාට සාධනීය විසඳුම් සෙවීම සඳහා පැවැත්වූ දෙදින පුහුණු සැසිය 2026 අගෝස්තු 28 සහ 29 දෙදින තුළ ගාල්ල හසාරාහිදී සාර්ථකව පැවැත්විණි.

මෙම වැඩසටහන සඳහා ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සහකාර දිස්ත්‍රික් ලේකම් ප්‍රමුඛ නිලධාරීන්, කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන්, ගාල්ල කොට්ඨාසය හා වක්වැල්ල පොලිස් කාන්තා හා ළමා කාර්යාංශයේ නිලධාරීන්, කරාපිටිය ජර්මන් මිත්‍රත්ව කාන්තා රෝහලේ මිතුරු පියස නියෝජිතයන් මෙන්ම කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ග්‍රාම නිලධාරී වසම්වල නිලධාරීන් ද සහභාගි වූහ.

විවිධ රාජ්‍ය ආයතන හා සේවා අංශ නියෝජනය කරමින් එක්වූ නිලධාරීන් අතර අත්දැකීම් හා අදහස් හුවමාරු කරගනිමින්, රාජ්‍ය සේවය ලබාදීමේදී පවතින ප්‍රායෝගික ගැටළු, අභියෝග හා බාධාවන් හඳුනාගැනීමටත්, ඒවා මඟහරවා ගනිමින් වඩාත් සංවේදී, ප්‍රවේශ විය හැකි, සාධාරණ හා සියලු පුරවැසියන්ට සමාන සේවාවක් ලබාදීම සඳහා ගත හැකි ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීමටත් මෙය වැදගත් අවස්ථාවක් විය.

මෙම දෙදින පුහුණු වැඩසටහ සඳහා නීතිඥ රදීකා ගුණරත්න සම්පත්දායකත්වය ලබා දෙමින් වැඩසටහනේ සාර්ථකත්වයට මහත් දායකත්වයක් ලබා දුන්නාය. ⚖️🌿

සමාන සේවාවක් — සාධාරණ සමාජයක් — ශක්තිමත් ප්‍රජාවක්. 💚






කොළඹ LNW:හිටපු අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන් සම්බන්ධ බාල වයස්කාර දැරියක අපයෝජනය කිරීමේ සිද්ධියට අදාළ නඩුකරය පසුග...
27/08/2026

කොළඹ LNW:හිටපු අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන් සම්බන්ධ බාල වයස්කාර දැරියක අපයෝජනය කිරීමේ සිද්ධියට අදාළ නඩුකරය පසුගියදා අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග විය.

දැරියගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටිමින් අයට සාධාරණය ඉටුවිය යුතුය යන්න අවධාරණය කරමින් ගැමි කාන්තා පෙරමුණ නිහඬ විරෝධයක් දක්වන ලදී.

ඔවුන් එම විරෝධය අඛණ්ඩවම සිදුකරමින් හිඳියි.

මෙවරද එම නඩුව නැවත කැඳවූ අවස්ථාවේදී ගැමි කාන්තා පෙරමුණ නියෝජනය කරමින් නීතීඥවරියන් සිව් දෙනෙකුගේ කණ්ඩායමක් පෙනී සිටියහ.

මෙහිදී දැකගත හැකි වූ දෙයක් වූයේ දැරිය වෙනුවෙන් විවිධ සංවිධාන, කණ්ඩායම් සහ පුද්ගලයන් පසුගිය නඩුවාරයේ නීතීඥ නියෝජනය ලබාදී තිබුණ ද මෙවර එය සීමා සහිත වීමයි.

නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජනය ද මෙවර දැරිය වෙනුවෙන් තිබී නැත. ඒ අනුව සිවිල් සංවිධාන නීතීඥ නියෝජනය මෙවර අගතියට පත් පාර්ශවය වෙනුවෙන් සිදුවූ කැපී පෙනෙන සිදුවීමක් විය. සුපුරුදු පරිදි මෙවර ද සැකකාර හිමිනම වෙනුවෙන් ජනාධිපති නීතීඥවරුන් ඇතුළු 20 දෙනෙකුගේ පමණ කණ්ඩායමක් පෙනී ඉඳ තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් මූලික මහේස්ත්‍රාත් විමර්ශනය සිදු කෙරෙන අනුරාධපුර අධිකරණය වෙත අද දින වන විට DNA වාර්තා 3 ක් ලැබී තිබිණි. තවද වින්දිත දැරියගේ මානසික සෞඛ්‍ය පිළිබඳ වාර්තාවක් ගැනීම සඳහා රාගම රෝහලේ විශේෂඥ මනෝවෛද්‍යවරයෙකු වෙත නොතීසි නිකුත් කිරීම ද සිදුවිය. සිද්ධිය සම්බන්ධ දුරකථන ඇමතුම් වාර්තා අද දිනය වන විට ද ලැබී නොතිබිණි. ඒ අනුව ඉදිරි නඩු දිනය වශයෙන් දිගු දිනයක් වන 2027 ජනවාරි 8 වැනිදා ලබාදීම සිදුවිය.

සැකකාර පල්ලේගම හේමරතන හිමි අද දින ද සුපුරුදු පරිදි කිසිදු ගේට්ටු පරීක්ෂාවකින් තොරව, විනිසුරුවරුන් නීතීඥවරුන් සහ අධිකරණ කාර්ය මණ්ඩලය පැමිණෙන ගේට්ටුවෙන් පැමිණ ඇති බව ට අධිකරණය ඉදිරියේ නීතීඥවරයෙකු විසින් මතු කරන ලදී. මෙය ගරු විනිසුරුගේ අවධානයට යොමු වූ අතර, අධිකරණයේ ආරක්ෂාව භාරව සිටින ස්ථානාධිපතිවරයාගෙන් මේ සම්බන්ධව විමර්ශන වාර්තාවක් කැඳවන ලෙස ද නියෝග නිකුත් කෙරිණි.

කොළඹ LNW:හිටපු අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන් සම්බන්ධ බාල වයස්කාර දැරියක අපයෝජනය කිරීමේ සිද්ධියට අදාළ නඩු...

21/08/2026

✊✊⚖️ 2026 අගෝස්තු 21 වන දින අනුරාධපුර ළමා අපයෝජන නඩුව නැවත කැඳවූ අවස්ථාවේදී ගැමි කාන්තා පෙරමුණ නියෝජනය කරමින් මෙවර ද නීතීඥවරියන් සිව් දෙනෙකුගේ කණ්ඩායමක් පෙනී සිටියහ. මෙහිදී දැකගත හැකි වූ දෙයක් වූයේ දැරිය වෙනුවෙන් විවිධ සංවිධාන, කණ්ඩායම් සහ පුද්ගලයන් පසුගිය නඩුවාරයේ නීතීඥ නියෝජනය ලබාදී තිබුණ ද මෙවර එය සීමා සහිත වීමයි. නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජනය ද මෙවර දැරිය වෙනුවෙන් නොතිබිණි. ඒ අනුව සිවිල් සංවිධාන නීතීඥ නියෝජනය මෙවර අගතියට පත් පාර්ශවය වෙනුවෙන් සිදුවූ කැපී පෙනෙන සිදුවීමක් විය. සුපුරුදු පරිදි මෙවර ද සැකකාර හිමිනම වෙනුවෙන් ජනාධිපති නීතීඥවරුන් ඇතුළු 20 දෙනෙකුගේ පමණ කණ්ඩායමක් පෙනී සිටියහ.

සිද්ධිය සම්බන්ධයෙන් මූලික මහේස්ත්‍රාත් විමර්ශනය සිදු කෙරෙන අනුරාධපුර අධිකරණය වෙත අද දින වන විට DNA වාර්තා 3 ක් ලැබී තිබිණි. තවද වින්දිත දැරියගේ මානසික සෞඛ්‍ය පිළිබඳ වාර්තාවක් ගැනීම සඳහා රාගම රෝහලේ විශේෂඥ මනෝවෛද්‍යවරයෙකු වෙත නොතීසි නිකුත් කිරීම ද සිදුවිය. සිද්ධිය සම්බන්ධ දුරකථන ඇමතුම් වාර්තා අද දිනය වන විට ද ලැබී නොතිබිණි. ඒ අනුව ඉදිරි නඩු දිනය වශයෙන් දිගු දිනයක් වන 2027 ජනවාරි 8 වැනිදා ලබාදීම සිදුවිය.

සැකකාර පල්ලේගම හේමරතන හිමි අද දින ද සුපුරුදු පරිදි කිසිදු ගේට්ටු පරීක්ෂාවකින් තොරව, විනිසුරුවරුන් නීතීඥවරුන් සහ අධිකරණ කාර්ය මණ්ඩලය පැමිණෙන ගේට්ටුවෙන් පැමිණ ඇති බව ට අධිකරණය ඉදිරියේ නීතීඥවරයෙකු විසින් මතු කරන ලදී. මෙය ගරු විනිසුරුගේ අවධානයට යොමු වූ අතර, අධිකරණයේ ආරක්ෂාව භාරව සිටින ස්ථානාධිපතිවරයාගෙන් මේ සම්බන්ධව විමර්ශන වාර්තාවක් කැඳවන ලෙස ද අද දින නියෝග නිකුත් කෙරිණි.

ගැමි කාන්තා පෙරමුණ මෙවරත් සිවිල් සංවිධාන විරෝධතාවයේ නියමුවා ලෙස..

මෙවර ද ගැමි කාන්තා පෙරමුණ සංවිධානයේ ප්‍රධානත්වයෙන් සහ සංවිධාන ශක්තියෙන් යුතුව අධිකරණ පරිශ්‍රය ඉදිරිපිට නිහඬ විරෝධතාව පැවැත්විණි. මේ සඳහා ගැමි කාන්තා පෙරමුණ ප්‍රමුඛ ගාල්ල, නුවර, මහියංගන දිස්ත්‍රික්කවල සිවිල් හා ප්‍රජාමූල සංවිධාන එක්ව සිටි අතර, කොළඹ සිට ක්‍රියාත්මක වන සිවිල් සංවිධාන අතරින් විරෝධතාවය සඳහා එක්ව සිටියේ පරිවර්තන් සංවිධානය පමණි. පසුගිය ජූනි මස නඩුව මුල් වරට ගැණුනු දිනයේ සිට ගාල්ල ගැමි කාන්තා පෙරමුණ මෙම නිහඬ විරෝධයේ නියමුවා ලෙස කටයුතු කරයි.

මෙම සංවිධාන නියෝජනය කරමින් සුදු ඇඳි කතුන් 50කට ආසන්න ප්‍රමාණයක්, කඳුළු සළන කුඩා දැරියක් සිහිගන්වන බෝනික්කන් ඔසවා ගනිමින් යුක්තිය වෙනුවෙන් කළ නිර්මාණශීලී නිහඬ මෙහෙයුම වෘත්තීය ඡායාරූප ශිල්පියෙකුගේ කැමරා කාචයක මැනවින් සටහන් ව තිබේ. ‘‘අපි කොහොමද බය නැතුව දරුවන් පන්සලට යවන්නේ?‘, ‘අපේ අරගලය ධාර්මිකයි‘ වැනි නිර්මාණශීලී වැකි ඒවායේ සටහන් ව තිබිණි.

🕊️ Rural Women's Front's Unbroken Fight for the Anuradhapura Child Abuse Case – A Silent Protest by Women in White ✊

Today (21st), as the Anuradhapura child abuse case was recalled in court, a team of four female lawyers appeared representing the Gami Kantha Peramuna (Rural Women’s Front).

Notably, while various organizations, groups, and individuals provided legal representation for the young victim during the previous hearing, such representation was severely limited this time. The Attorney General's Department was also absent in representing the victim. Consequently, civil society legal representation became a crucial lifeline for the aggrieved party. Meanwhile, as usual, a massive legal team of about 20 lawyers, including President’s Counsels, appeared on behalf of the suspect monk.

🔬 Regarding the investigation:
As of today, 3 DNA reports have been submitted to the Anuradhapura Magistrate's Court conducting the inquiry. A notice was also issued to a psychiatrist at Ragama Hospital to obtain a report on the victim's mental health. However, the telephone call records related to the incident have STILL NOT been received. Due to these delays, the court set the next hearing date for a distant future: January 8, 2027.

🚨 Bypassing Court Security:
In court today, a lawyer pointed out that the suspect, Palllegama Hemarathana Thero, once again entered the court through a gate used by judges, lawyers, and court staff—completely bypassing standard security checks. Drawing the judge's attention to this, the court ordered the official in charge of court security to submit an investigation report on the matter.

✊ The Silent Protest:
Once again, led by the RWF, a powerful silent protest was held outside the court premises. Community and civil organizations from Galle, Kandy, and Mahiyanganaya districts joined forces. Among Colombo-based civil organizations, only the 'PARIVARTAN' organization stood in solidarity with the protest. The RWF has been leading this silent protest since the very first hearing back in June, 2026.

Nearly 50 women dressed in white participated in this creative and emotional silent demonstration. Holding dolls to symbolize the weeping little girl, they demanded justice for her. The powerful scene, captured through the lens of a professional photographer, featured creative placards reading:"How can we send our children to the temple without fear?" and "Our struggle is righteous."

We will not back down. Justice must be served. ⚖️
fans
Rural Women's Front



අනුරාධපුර දිසා/මහේස්ත්‍රාත් අධිකරණය අභියස,ගැමි කාන්තා පෙරමුණේ මූලිකත්වයෙන් සිවිල් සංවිධාන කිහිපයක එකමුතුවෙන්,"දැරියකගේ හ...
30/06/2026

අනුරාධපුර දිසා/මහේස්ත්‍රාත් අධිකරණය අභියස,

ගැමි කාන්තා පෙරමුණේ මූලිකත්වයෙන් සිවිල් සංවිධාන කිහිපයක එකමුතුවෙන්,

"දැරියකගේ හඬ නිහඬ කළ නොහැක!"

#දැරියකගේහඬනිහඬකළනොහැක













අනුරාධපුර සිද්ධියේ වින්දිතයන් හා සාක්ෂිකරුවන්ට ප්‍රචාරය ලබාදෙමින් සහ ඔවුන්ට බලපෑම් කරමින් සමාජ මාධ්‍ය තුළ සංසරණය වන වීඩි...
27/06/2026

අනුරාධපුර සිද්ධියේ වින්දිතයන් හා සාක්ෂිකරුවන්ට ප්‍රචාරය ලබාදෙමින් සහ ඔවුන්ට බලපෑම් කරමින් සමාජ මාධ්‍ය තුළ සංසරණය වන වීඩියෝ සම්බන්ධ විශේෂ දැනුම් දීමයි.

අනුරාධපුර බාල වයස්කාර දැරියක අපයෝජනය කිරීමේ සිදුවීමේ දැරියගේ පියා ව, 2026 ජූනි 26 වැනි දින පැවති නඩු වාරයෙන් අනතුරුව යූ ටියුබ් මාධ්‍යවේදීන් ඇතුළු කණ්ඩායම් ගණනාවක් විසින් වටකරගෙන විවිධ ප්‍රශ්න අසමින් ඔහුට පීඩාකාරී ලෙස හැසිරෙන අයුරු නිරීක්ෂණය විය. තවද දැරියගේ පියා විසින් සිදුකරනු ලබන ප්‍රකාශයන් හා ප්‍රකාශනයන්ගේ වීඩියෝ ගණනාවක් මේ වන විටත් සමාජ මාධ්‍යවල සංසරණය වේ. මේවායින් වින්දිත දැරියගේ අනන්‍යතාවය, ඇය සිටින ස්ථානය යනාදී පුද්ගලික තොරතුරු මෙන්ම, අධිකරණයේ පවතින නඩු කටයුත්ත සම්බන්ධයෙන් සංවේදී තොරතුරු ගණනාවක් අනාවරණය වේ.

මෙය මෙසේ සිදුවන්නේ 26 වැනි දින විවෘත අධිකරණයේදී දැරියගේ ආරක්ෂාව තහවුරු කරන ලෙසටත්, වින්දිතයන් හා සාක්ෂිකරුවන්ට බලපෑම් නොකරන ලෙසටත් විවෘත අධිකරණයේදී ගරු මහේස්ත්‍රාත්තුමා ලබාදුන් නියෝගයන් නොසලකා ය.

මෙම වීඩියෝ ළඟ තබාගැනීම, සමාජ මාධ්‍ය හරහා පළ කිරීම හා සංසරණය, බෙදා හැරීම, ප්‍රතිනිෂ්පාදනය කිරීම මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාවය පිළිබඳ පනත යටතේ මෙන්ම දණ්ඩ නීති සංග්‍රහය යටතේ ද වරදකි. මෙහිදී විශේෂයෙන්ම, මාධ්‍යවේදීන් විසින් මෙය සිදුකරන විට ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 365 (C)වගන්තිය අනුව එකී මාධ්‍යවේදීන්ට සාපරාධී චෝදනා නගා දඬුවම් කළ හැකි ය.

මෙම නඩු කටයුත්ත සඳහා සෘජුව මැදිහත් වී සිටින සිවිල් සංවිධාන එකමුතුව වෙනුවෙන් ගැමි කාන්තා පෙරමුණ (Rural Women’s Front - RWF) සහ පරිවර්තන් (PARIVARTAN) සංවිධානය, මෙම තත්වය පිළිබඳ සිය කණස්සල්ල පළ කර සිටින අතර, ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට ද බලාපොරොත්තු වේ.

ගැමි කාන්තා පෙරමුණ (Rural Women’s Front - RWF)
පරිවර්තන් (PARIVARTAN)
2026.06.27


sᴘᴇᴄɪᴀʟ ɴᴏᴛɪᴄᴇ ʀᴇɢᴀʀᴅɪɴɢ ᴠɪᴅᴇᴏs ᴄɪʀᴄᴜʟᴀᴛɪɴɢ ᴏɴ sᴏᴄɪᴀʟ ᴍᴇᴅɪᴀ ᴛʜᴀᴛ ᴘᴜʙʟɪᴄɪᴢᴇ ᴀɴᴅ ᴇxᴇʀᴛ ᴜɴᴅᴜᴇ ᴘʀᴇssᴜʀᴇ ᴏɴ ᴠɪᴄᴛɪᴍs ᴀɴᴅ ᴡɪᴛɴᴇssᴇs ɪɴ ᴛʜᴇ ᴀɴᴜʀᴀᴅʜᴀᴘᴜʀᴀ ɪɴᴄɪᴅᴇɴᴛ

It has been observed that following the court hearing held on 26 June 2026 concerning the sexual abuse of a minor girl in Anuradhapura, the girl's father was surrounded by several groups, including YouTube journalists, who subjected him to numerous questions and behaved towards him in a manner that appeared distressing and intrusive.

Furthermore, a number of videos containing statements and disclosures made by the girl's father are currently circulating on social media platforms. These videos reveal sensitive information, including the identity of the victimized girl and her whereabouts as well as a range of sensitive information that may affect the ongoing court proceedings.

This situation has arisen despite the orders issued by the learned Magistrate in open court on 26 June, directing that the safety and protection of the girl be ensured and that no influence, pressure, or interference be exerted upon victims and witnesses.

The possession, publication, circulation, distribution, or reproduction of such videos through online platforms constitutes an offence under the Online Safety Act as well as under the Penal Code of Sri Lanka. In particular, where journalists engage in such conduct, criminal charges may be instituted against them under Section 365(C) of the Sri Lankan Penal Code.

The Rural Women's Front (RWF) and PARIVARTAN, on behalf of the coalition of civil society organizations directly involved in these proceedings, wish to express their serious concern regarding this situation and are also willing to take appropriate legal action in this regard.

Rural Women’s Front - RWF
PARIVARTAN

27.06.2026

26/06/2026

අපි ඇය සමගයි!
----
ශ්‍රී ලංකාවේ යුක්තිය කඩිනමින් ලබාගත හැකි දෙයක් නොවේ. අනුරාධපුර වින්දිත දැරියගේ නඩුව අද දින (26) අගෝස්තු මාසයට කල් යද්දී මෙම සිදුවීම සම්බන්ධයෙන් සිවිල් සංවිධාන සහ සමාජය සචල කළ ජනතා ව්‍යාපාරයක් තැනූ ගැමි කාන්තා පෙරමුණේ අපි, අදත් අනුරාධපුර දිසා/ මහේස්ත්‍රාත් අධිකරණය අබියස නිහඬ විරෝධතාවයක නිරත වීමු. අප සමග මේ සිටින්නේ සිය ගණනක සෙනගක් නොව, යුක්තිය ඉල්ලා හඬන සිය ගණනක හදවත් ය. ගැමි කාන්තා පෙරමුණ වෙනුවෙන් වින්දිත දැරියට නීතීඥ නියෝජනය ලබාදෙන, ජ්‍යේෂ්ඨ නීතීඥ මනෝජා ගුරුගේ, ජ්‍යේෂ්ඨ නීතීඥ ගෝපිකා ලොකුගේ ඇතුළු අපගේ නීතීඥ මණ්ඩලයටත් අප සමග එක්වූ සිවිල් සංවිධානවලටත් අපගේ ප්‍රණාමය! යුක්තිය ඉටු වන තෙක් අපි අත් නොහරිමු

Address

No. 147, Cooperative Building, Pettigalawattha
Galle
80000

Telephone

+94711410099

Website

Alerts

Be the first to know and let us send you an email when Rural Women's Front posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Rural Women's Front:

Shortcuts

Share