08/07/2026
36 වන ජාතික යෞවන මහා ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් ජාතික තරගාවලිය - 2026
ජූලි මාස 4 , 5 දින දෙකක් පුරාවට ගාල්ල දිස්ත්‍රිකය කේන්ද්‍ර කරගනිමින් අති උත්කර්ෂවත් ලෙස පැවැත්විය.
* කාන්තා ක්‍රිකට් තරගාවලිය - හික්කඩුව මහජන ක්‍රීඩාංගනයේදී.
* පිරිමි ක්‍රිකට් තරගාවලිය කාලසටහන් දෙකකට අනුව - රජ්ගම මහජන ක්‍රීඩාංගනය ද , සීනිගම ශ්‍රී විමලබුද්ධි පාසල් ක්‍රීඩාංගණයේ ද පැවැත්වුණා
ඒ වගේම කාන්තා , පිරිමි අවසන් මහා තරගය තරුණ සේවා සභා ඉතිහාසයේ ප්‍රථම වතාවට විදුලි ආලෝකය මත්තේ ගාල්ල ශ්‍රී විමලබුද්ධි පාසල් ක්‍රීඩාංගනයේදී පැවැත්විය.
ජාතික සැහැල්ලු පන්දු ක්‍රිකට් පිරිමි තරගාවලියේ
ශූරතාවය - සත්කාරක ගාල්ල දිස්ත්‍රික්කය
අනු ශූරතාවය - මහනුවර දිස්ත්‍රික්කය
දිනගාත් අතර,
ජාතික සැහැල්ලු පන්දු ක්‍රිකට් කාන්තා තරගාවලියේ
ශූරතාවය - හම්බන්තොට දිස්ත්‍රික්කය
අනුශූරතාවය - සත්කාරක ගාල්ල දිස්ත්‍රික්කය දිනාගත්තේය.
ජාතික යෞවන ක්‍රිකට් තරඟාවලිය සාර්ථක කරගැනීම සදහා සහයෝගය ලබාදුන් සියලු දෙනාට අපගේ ප්‍රණාමය.
District Federation Of Youth Clubs - Galle