Past Pupils association - Embilipitiya Maha Vidyalaya

Past Pupils association - Embilipitiya Maha Vidyalaya Embilipitiya Maha Vidyalaya Past Pupils Association Official Page

2026 ලැබුවා වූ සිංහල අලුත් අවුරුද්ද සියලු දෙනාටම සුභ නව වසරක් වේවා...!
14/04/2026

2026 ලැබුවා වූ සිංහල අලුත් අවුරුද්ද සියලු දෙනාටම සුභ නව වසරක් වේවා...!

ඇඹිලිපිටිය මහා විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමයේ මහා සභාව සහ නිල වරණය පසුගිය 2026/03/28 වෙනිදා ඇඹිලිපිටිය මහා විද්‍යාලයේදී පැ...
30/03/2026

ඇඹිලිපිටිය මහා විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමයේ මහා සභාව සහ නිල වරණය පසුගිය 2026/03/28 වෙනිදා ඇඹිලිපිටිය මහා විද්‍යාලයේදී පැවැත්විණ එහි දී පාසලේ උන්නතිය සඳහා විශේෂ යෝජනා රැසක් සභා සම්මත කරගන්නා ලදී. එහි දී ඒකමතිකව තෝරා පත් කරගනු ලැබූ නව නිලධාරී මණ්ඩලය.

01 සභාපති - සුරේෂ් මහතා (විදුහල්පතිතුමා)
02 උපසභාපති - සිසිර සේනාධීර මහතා
03 ප්‍රධාන ලේකම් - ප්‍රසාද් මල්වත්ත මහතා
04 උපලේකම් - ධනුෂ්ක මහතා
05 භාණ්ඩාගාරික - ප්‍රදීප් නිශාන්ත මහතා
06 උප භාණ්ඩාගාරික - සම්පත් චමින්ද මහතා
07 ප්‍රධාන සංවිධායක - දිලිප් සුරංග මහතා
අනුකමිටු ලේකම්වරු
08 තොරතුරු තාක්ෂන ලේකම් - කසුන් චම්පක මහතා
09 ක්‍රීඩා ලේකම් - වරුණ ප්‍රියංකර මහතා
10 සුභසාධන ලේකම් - ප්‍රසාද් මහතා
11 සෞන්දර්ය කලා ලේකම් - සුරංග මහතා
12 ජනමාධ්‍ය ලේකම් - අබේනායක මහතා
13 විදේශ සබඳතා ලේකම් - එරන්ද බානුක මාහතා
14 අධ්‍යාපන ලේකම් - MD අසංක මහතා
15 කැඳවුම්කරු - සාන්ත වික්‍රම මහතා
16 ගිණුම් පරීක්ෂක - නානායක්කාර මහතා

19/03/2026
ඇඹිලිපිටිය කලාප අන්තර් විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමයේ දෙවැනි සභා වාරය නොවැම්බර් 16 දින දේදුණු රිසෝට් උත්සව ශාලාවේදී පවත්වන...
18/11/2025

ඇඹිලිපිටිය කලාප අන්තර් විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමයේ දෙවැනි සභා වාරය නොවැම්බර් 16 දින දේදුණු රිසෝට් උත්සව ශාලාවේදී පවත්වන ලදී.

ර/ඇඹිලිපිටිය මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයට අනුබද්ධ 84/87 ආදි ශිෂ්‍ය කණ්ඩායමේ වාර්ෂික සුහද හමුව මෙවර 2025.11.08 වන දින...
11/11/2025

ර/ඇඹිලිපිටිය මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයට අනුබද්ධ 84/87 ආදි ශිෂ්‍ය කණ්ඩායමේ වාර්ෂික සුහද හමුව මෙවර 2025.11.08 වන දින ඇඹිලිපිටිය උඩගම ඇල පාරේ පිහිටි බෙමාරේ උත්සව ශාලාවේදි උදෑසන පැය 08.00 සිට පැය 17.00 දක්වා කාලය තුල 49 දෙනෙකුගේ සහභාගිත්වයෙන් අති විශිෂ්ඨ ලෙස පවත්වන ලදි.

එහිදි ලබාගත් ඡායාරූප කිහිපයක් මේ සමග යොමුකරමි.

මෙහිදි අප කණ්ඩායම ආරම්භක දිනයේදිම ඉදිරිපත් කරන ලද දැවැන්තම කාර්යය ලෙස අප ඉගෙන ගත් විදුහලට විශාල අඩුවක්ව තිබු මහල් ගොඩනැගිල්ලක් ඉදිකිරිම සඳහා වු යෝජනාව මේ වන විට මල්පල ගැන්වෙමින් තිබීම පිළිබඳ අතිශය සතුටට මෙන්ම අඩම්බරයට පත්වන බවද සිහිපත් කරන ලදි.

මෙහිදි මෙම විදුහලේ ගොඩනැගිල්ල ඉදිකිරීම සදහා දායක වන ලද අප 84/87 කණ්ඩායමේ පහත සඳහන් සාමාජික සාමාජිකාවන්ද ඇගැයීමට ලක්කරන ලදි.

01. කහගලහේවා - 50,000/=
02. ගාන්ධි නඩරාජා - 5,000/=
03. විමලසේන ජයසිංහ - 150,000/=
04. සුජිත් තිලකරත්න - 25,000/=
05. ජයන්ත වන්නිගම - 50,000/=
06. සරත් කුමාර - 50,000/=
07. වෝල්ටර් / සුජාතා - 100,000/=
08. කලුගම්පිටිය - 50,000/=
09. දයාසීලි - 15,000/=
10. ස්වර්ණලතා - 25,000/=
11. ප්‍රභාත් - 16,000/=

ඒ අනුව මෙම ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා අප 84/87 කණ්ඩායම විසින් මේ දක්වා රුපියල් පන්ලක්ෂ තිස්හය දාහක් (536,000/=) මුදලක් පරිත්‍යාග කර ඇති බව ඉතා සතුටින් දැනුම් දෙමි.

ඇඹිළිපිටිය මහා විද්‍යාලයේ ප්‍රධාන ආදි ශිෂ්‍ය සංගමයට අනුබද්ධව පිහිටුවා ඇති අනිකුත් අනු ආදි ශිෂ්‍ය කණ්ඩායම්ද මෙම ක්‍රියාව ආදර්ශයට ගෙන එම කණ්ඩායම් වල නායකයින් මුලික වී එම කණ්ඩායමේ සියළු දෙනා සමග සාකච්ඡා කර කිසියම් හෝ මුදලක් මෙම ගොඩනැගිල්ල සඳහා එකතු කරදීමට හැකි නම් එය ඉගෙන ගත් විදුහලට කරන මහත් ගෞරවයකි. එසේ කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.

වර්තමානයේ පාසල් පද්ධතියේ ඇති දුර්වලතා, අක්‍රමිකතා, සංවර්ධනයට ඇති බාධා මගහරවා ගනිමින්. පාසල් දු පුතුන්ගේ අධ්‍යාපන සහ විෂය...
03/11/2025

වර්තමානයේ පාසල් පද්ධතියේ ඇති දුර්වලතා, අක්‍රමිකතා, සංවර්ධනයට ඇති බාධා මගහරවා ගනිමින්. පාසල් දු පුතුන්ගේ අධ්‍යාපන සහ විෂය බාහිර කටයුතු තව තවත් ඉහළට ඔසවා තැබීම සඳහා ම අරමුණු කරගනිමින්.

“සම්පත් වලින් පිරිපාසල් පද්ධතියක් යහපත් දරු පිරිසක්” බිහිකරලීමේ තේමාව යටතේ.

ඇඹිලිපිටිය කලාප අන්තර් විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමය පිහිටවීම නොවැම්බර් 2 දින දේදුණු රිසෝට් උත්සව ශාලාවේදී සිදු කරන ලදී.

ඒ සඳහා ඇඹිලිපිටිය මහා විද්‍යාලය, ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලය, හල්මිල්ල කැටිය මහා විද්‍යාලය, මොරකැටිය මහා විද්‍යාලය, උඩවලව මහා විද්‍යාලය යන විද්‍යාලයන්හි ආදි ශිෂ්‍ය සංගම් සහභාගිවිය.

එහිදී නව නිලධාරී මණ්ඩලයක් පත්කිරීම සිදු කරන ලදී.

සභාපති - ඇඹිලිපිටිය මහා විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමයේ සභාපති ලලින්ද කිත්සිරි මහතා.

උපසභාපති - ඇඹිලිපිටිය මහා විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමයේ ලේකම් කසුන් විජේසුන්දර මහතා.

ලේකම් - ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමයේ ලේකම් සංජීව මහතා.

උපලේකම් - ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමයේ සභාපති රත්නායක මහතා.

භාණ්ඩාගාරික - මොරකැටි මහා විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමයේ සභාපති දිලිප් හෙට්ටිආරච්චි මහතා.

සංවිධායක - හල්මිල්ලකැටිය මහා විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමයේ සභාපති කල්‍යාණ සිරි මහතා.

සංවිධාන සහයක - හල්මිල්ලකැටිය මහා විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමයේ ලේකම් දේශල විශ්වනාත් මහතා.

සම්බන්ධීකාරක - ඇඹිලිපිටිය මහා විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමයේ විධායක සභික වරුණ ප්‍රියංකර මහතා.

කැඳවුම්කරු - ඇඹිලිපිටිය මහා විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමයේ භාණ්ඩාගාරික විමල් ජයසිංහ මහතා.

යන නිලධාරීන් ඇඹිලිපිටිය කලාප අන්තර් විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමය සඳහා තෝරා පත් කරන ලදී.

31/10/2025
84/87 ආදී ශිෂ්‍ය කණ්ඩායමේ සංකල්පයකට අනුව ඇඹිලිපිටිය මහා විද්‍යාලය තුළ තෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා ආරම්භ කරන ලද ගිණ...
04/10/2025

84/87 ආදී ශිෂ්‍ය කණ්ඩායමේ සංකල්පයකට අනුව ඇඹිලිපිටිය මහා විද්‍යාලය තුළ තෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා ආරම්භ කරන ලද ගිණුමෙහි ආරම්භක මුදල ලෙස නිමල් R කහගල හේවා මහතා විසින් තැන්පත් කළ රුපියල් 50,000 ක මුදලද ගාන්ධිමදි නඩරාජා මහතා විසින්තැන්පත් කළ රුපියල් 5,000 ක මුදලද V.W. ජයසිංහ මහතා විසින් තැන්පත් කළ රුපියල් 50,000 ක මුදලත් සමග මූලික ශේෂය රුපියල් 105,000 ක මුදලක් තැන්පත් කර තිබුණි. ඉන් අනතුරුව නිමල් විජේසුන්දර මහතා ලබා දුන් රුපියල් 100,000 යේ පරිත්‍යාග මුදලේ සිට රිසිට්පතක් නිකුත් කර පරිත්‍යාග මුදල් ලබා ගන්නා ලදී.

ඔබගේ පරිත්‍යාග
ලංකා බැංකුව ඇඹිලිපිටිය නගර ශාඛාව
ගිණුමේ නම - Old students association
ගිණුම් අංකය- 87355600
BOC swift code- BCEYLKLX
Branch code 322

Address

Embilipitiya Maha Vidyalaya Embilipitiya
Embilipitiya

Telephone

+94770545255

Website

Alerts

Be the first to know and let us send you an email when Past Pupils association - Embilipitiya Maha Vidyalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Past Pupils association - Embilipitiya Maha Vidyalaya:

Share