සෙවනගල
ඌව පළාතේ මොණරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය මැතිවරණ කොට්ඨාශයේ සෙවනගල ප්‍රාදේශිය ලේකම් කාර්යාලය පිහිටා ඇත. උෂ්ණ දේශගුණයක් පැවතියද ප්‍රදේශයටම ආවේණික වු විවිධ තුරු ලතාවන්ගෙන් හා විවිධ සත්ව කොටිඨාශවලින් මෙම ප්‍රදේශය පොහොසත්ය. වර්ග සැතපුමි 137ක භූමි ප්‍රමාණයකින් සමන්විත මෙම බල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසමි 14කි. ඓතිහාසික වටිනාකමෙන් යුතු දෙවන පිය රජු විසින් ඉදිකර ලදැයි සැලකෙන තුංකමගල රජ මහා විහාරය ප
ිහිටා ඇත්තේ මෙහි ය. ලෝ සුපතල ඌරු සිඨා වැවට අමතරව ජාතික සමිපතක් වන සෙවනගල සිනි කර්මාන්තශාලාව ද මෙහි පැමිණෙන ඹබට දැක ගත හැකිය. මෙම කොට්ඨාශයේ ජනගහනය 42894 පමණ වේ.
මෙම ප්‍රාදේශයේ ජනතාවගේ ප්‍රධාන ආදායම් මාර්ගය වන්නේ කෘෂිකර්මාන්තයයි. ප්‍රාදේශයේ ජීවත්වන ජනතාවගෙනන් 80% පමණ කෘෂිකර්මාන්තය පදනම් කරගත් ජීවන රටාවකට නැඹුරුවී ඇත. කෘෂිකර්මාන්තය ගත්විට ජනතාව ජනපද වැසියන් වීම නිසා ඉඩම් හිමි වීමේදී බොහෝ දුරට සමාන කම් දැකිය හැකි ය. කෘෂිකර්මය ප්‍රධාන ආදායම් උත්පාදන මර්ගයක් වන අතර නිසි පරිදි වර්ෂාව ලැබෙන කාලවල දී යහපත් ආදායම් තත්ත්වයක් දැකිය හැකි වන නමුත් නියග කාලවල දී මෙම ආදායම ද නොලැබී යයි.
සත්ව පාලනය ආශ්‍රිත රැකියාවල නියුක්ත පිරිස් ද සුළු වශයෙන් දැකිය හැකි ය. සත්වපාලනයේ දී ගවපාලනය ප්‍රධාන තැනක් ගනි. මේ හැරුනුවිට රාජ්‍ය අංශයේ රැකියාවල නියුක්ත වුවන් ද සුළු වශෙයන් දැකිය හැකිය. පෞද්ගලික අංහයේ රැකියා ගත්විට ඇගළුම් කර්මාණ්තය හා බැදුන රුකියාවල නියුක්තවුවන් දැකිය හැකිය. ඇගළුම් කර්මාන්තය ආශ්‍රිත රැකියාවල යෙදෙන පිරිස් තරැණියන් වීම නිසා විවාහ වීමත් සමග ඒම රැකියාවලින් ඉවත් වන බවක් පෙනී යයි.
සෙවනගල සීනි සමාගම ද සෙවනගල කොට්ඨාශයේ ජිවත්වන ජනතාවගේ ආර්ථික තත්ත්වය නගා සිටුවීම කෙරෙහි ඉමහත් බලපෑමක් කර ඇති බව පෙනී යයි. ජල සම්පාදනය මැනවින් සිදුකරනු ලබන පහත්බිම් ප්‍රදේශවල උක් වගා ඉඩම් හිමිකරුවන්ගේ ආදායම යහපත් වුව ද උස්බිම් ප්‍රදේශවල උක්වගා ඉඩම් හිමිකරුවන්ගේ ආදායම යහපත් නොවන බව පෙනී යයි. ඒම ඉඩම් හිමිකරුවන් ආදේශක වගාවන් ලෙස කෙසෙල්, ගස්ලබු, වැනි වගාවන් කෙරෙහි යොමු වී ඇත. සුන්දර වලවේ ගං කොමලියට මායිම්ව ආරම්භ වන සෙවනගල. රත්නපුර හා හම්බන්තොට දිස්ත්‍රික් අවසන් වන ඉසව්වට හා මොණරාගල දිස්ත්‍රික්කයේ ආරම්භයේ පිහිටා ඇත වලවේ යෝජනා ක්‍රමය යටතේ මූලික ජල මූලාශ්‍රයන් ලැබෙන අතර ප්‍රදේශයේ ගොවි ජනතාව ඉන් තම ගොවිතැනට අවශ්‍ය ජලය ලබාගනී. ප්‍රදේශයේ දුවා දරුවන්ට සිප්සතර ලබා දෙන පාසල්. රෝහල්.තැපැල් කන්තොරු. පුස්තකාල. ආදී සියලුම යටිතල පහසුකම් වලින්ද අප ප්‍රදේශය පොහොසත්ය