Next page - Isuru prasanga

Call Directions Website Contact the organization

Next page - Isuru prasanga I am Isuru Prasanga, a Sri Lankan writer. My passion is to learn, explore, and share meaningful ideas with you.

මේ අප්‍රිකානු රටකින් බිහිවූ පළමු බෞද්ධ භික්ෂුණිය ලෙස සැලකෙන ධම්මකාමී තෙරණියගේ සේයාරුවකි. උගන්ඩා ජාතික කාන්තාවක වූ ඇය 200...
26/09/2026

මේ අප්‍රිකානු රටකින් බිහිවූ පළමු බෞද්ධ භික්ෂුණිය ලෙස සැලකෙන ධම්මකාමී තෙරණියගේ සේයාරුවකි. උගන්ඩා ජාතික කාන්තාවක වූ ඇය 2008 වසරේ දී පැවිදි දිවියට ඇතුළත් වූවාය. මේ පිළිබද වැඩි විස්තර සදහා පළමු කොමෙන්ටුවේ ඇති වීඩියෝවට පිවිසෙන්න.

👉 ශ්‍රී ලංකාවේ ආදි බ්‍රාහ්මී ශිලා ලේඛන (ක්‍රි.පූ. 3 වන සියවස – ක්‍රි.ව. 1 වන සියවස)🔹සඳහන් නාමය : ආදි සිංහල ප්‍රාකෘත / ලං...
25/09/2026

👉 ශ්‍රී ලංකාවේ ආදි බ්‍රාහ්මී ශිලා ලේඛන (ක්‍රි.පූ. 3 වන සියවස – ක්‍රි.ව. 1 වන සියවස)
🔹සඳහන් නාමය : ආදි සිංහල ප්‍රාකෘත / ලංකාදීපය
▪️දෙමළ ඊළමක් ගැන සඳහන් නොවේ !

👉 නාසික් ගුහා ශිලා ලේඛනය (ක්‍රි.ව. 2 වන සියවස, මහාරාෂ්ට්‍ර, ඉන්දියාව)
🔹සඳහන් නාමය : සෙතගිරි / සිහළ සමුද්‍රික බලපරාසය
▪️දෙමළ ඊළමක් ගැන සඳහන් නොවේ !

👉 නාගාර්ජුනකොණ්ඩ ශිලා ලේඛනය (ක්‍රි.ව. 3 වන සියවස, ආන්ද්‍ර ප්‍රදේශය, ඉන්දියාව)
🔹සඳහන් නාමය : සිහළ විහාරය / සිහළදීපය / තම්බපණ්ණි
▪️දෙමළ ඊළමක් ගැන සඳහන් නොවේ !

👉 සමුද්‍රගුප්තගේ අලහබාද් කුළුණු ශිලා ලේඛනය (ක්‍රි.ව. 4 වන සියවස, උත්තර් ප්‍රදේශය, ඉන්දියාව)
🔹සඳහන් නාමය : සෛම්හලක — කිත්සිරිමෙවන් රජුගේ දූත මෙහෙවර සම්බන්ධයෙන්.
▪️දෙමළ ඊළමක් ගැන සඳහන් නොවේ !

👉 චෝළ අධිරාජ්‍යයේ ගල් ශිලා ලේඛන (ක්‍රි.ව. 10–11 වන සියවස්, තමිල්නාඩුව)
🔹සඳහන් නාමය : සිංගලම් / සිංගල දේශම් / සිංගලර් / ඊළමණ්ඩලම්
▪️දෙමළ ඊළමක් ගැන සඳහන් නොවේ !

👉 මහාභාරතය – සභා පර්වය (පුරාණ ඉන්දියාව)
🔹සඳහන් නාමය : සිම්හල
▪️දෙමළ ඊළමක් ගැන සඳහන් නොවේ !

👉 රාමායණය (පුරාණ ඉන්දියාව)
🔹සඳහන් නාමය : ලංකා
▪️දෙමළ ඊළමක් ගැන සඳහන් නොවේ !

👉 හර්ෂවර්ධනගේ ‘රත්නාවලී’ (ක්‍රි.ව. 7 වන සියවස, උතුරු ඉන්දියාව)
🔹සඳහන් නාමය : සිම්හල-දේශය
▪️දෙමළ ඊළමක් ගැන සඳහන් නොවේ !

👉 දීපවංශය සහ මහාවංශය (ක්‍රි.ව. 4–5 වන සියවස්, ශ්‍රී ලංකාව
🔹සඳහන් නාමය : සිහළදීපය / ලංකාදීපය / තම්බපණ්ණි
▪️දෙමළ ඊළමක් ගැන සඳහන් නොවේ !

👉 මිලින්ද ප්‍රශ්නය (ක්‍රි.ව. 1–2 වන සියවස්, වයඹදිග ඉන්දියාව)
🔹සඳහන් නාමය : සිහළ
▪️දෙමළ ඊළමක් ගැන සඳහන් නොවේ !

👉 ග්‍රීක–රෝම වාර්තා – ටොලමි සහ මෙගස්තනීස් (ක්‍රි.පූ. 300 – ක්‍රි.ව. 2 වන සියවස)
🔹සඳහන් නාමය : ටැප්‍රොබේන් (තම්බපණ්ණි) / සාලිකේ [සිහළ)/ සිමවුන්ඩු
▪️දෙමළ ඊළමක් ගැන සඳහන් නොවේ !

👉 චීන අධිරාජ්‍ය වාර්තා – ෆා-ෂියන් සහ ෂුවාන්-සාං (ක්‍රි.ව. 5–7 වන සියවස්)
🔹සඳහන් නාමය : සෙන්ග්-කා-ලෝ (සිංහල / සිංහ රාජධානිය)
▪️දෙමළ ඊළමක් ගැන සඳහන් නොවේ !

👉 සංගම් දෙමළ සාහිත්‍යය – පට්ටිනප්පාළෛ (ක්‍රි.ව. මුල් සියවස්)
🔹සඳහන් නාමය : ඊළම් (සමස්ත දිවයින හැඳින්වීමට) / ඊළවර්
▪️දෙමළ ඊළමක් ගැන සඳහන් නොවේ !

👉 සම්භාව්‍ය දෙමළ වීර කාව්‍ය – සිලප්පතිකාරම් (ක්‍රි.ව. 2 වන සියවස)
🔹සඳහන් නාමය : ඉලංකෛ ( ලංකා යන්නෙහි ද්‍රවිඩ ශබ්ද අනුවර්තනය)
▪️දෙමළ ඊළමක් ගැන සඳහන් නොවේ !

👉 සම්භාව්‍ය දෙමළ භක්ති කාව්‍ය – පෙරිය පුරාණම් සහ තක්කයාගප්පරණි (ක්‍රි.ව. 12 වන සියවස)
🔹සඳහන් නාමය : සිංගලම් / සිංගල දේශම්
▪️දෙමළ ඊළමක් ගැන සඳහන් නොවේ !

👉 අරාබි සහ පර්සියානු වාර්තා – ඉබ්නු බතුතා සහ අල්-ඉද්‍රිසි (ක්‍රි.ව. 9–14 වන සියවස්)
🔹සඳහන් නාමය : සෙරන්ඩිබ් (සිම්හලදීප යන්නෙන් ව්‍යුත්පන්න වූ)
▪️දෙමළ ඊළමක් ගැන සඳහන් නොවේ !

👉 යුරෝපීය යටත් විජිත වාර්තා (ක්‍රි.ව. 1505 සිට)
🔹සඳහන් නාමය : Ceilão / Zeilan / Ceylon ( සෙරන්ඩිබ් / සිම්හල යන්නෙන් ව්‍යුත්පන්න වූ.)
▪️දෙමළ ඊළමක් ගැන සඳහන් නොවේ !

👉 කේරළ මානව විද්‍යාත්මක වාර්තා – එළව ප්‍රජාව
🔹සඳහන් නාමය : එළව (ඊළම් / සිම්හල ප්‍රදේශයෙන් සංක්‍රමණය වූවන් ලෙස)
▪️දෙමළ ඊළමක් ගැන සඳහන් නොවේ !

සංස්කෘත, පාලි, ග්‍රීක, චීන, අරාබි, යුරෝපීය සහ සම්භාව්‍ය දෙමළ භාෂාවලින් ලියැවුණු ශිලා ලේඛන, සම්භාව්‍ය සාහිත්‍ය කෘති සහ ජාත්‍යන්තර ඓතිහාසික වාර්තා සියල්ලම පාහේ මෙම දිවයින සිහළ, ලංකා හෝ ඒවායේ විවිධ භාෂාමය අනුවර්තන නාමයන්ගෙන් හඳුන්වා ඇත.

මා ප්‍රිය සිංහල, දෙමළ, මුස්ලිම් මිතුරනි,
මෙම කුඩා දිවයින අප සියල්ලන්ටම අයිතිය, මෙහි අප සැමට සමගියෙන් ජීවත්වීමට හැකිය. එමනිසා කුඩා කොටසක් ඉල්ලා අමනාප නොවන්න !

උපුටා ගැනීමකි. මුල් සටහන - සොනාල ගුණවර්ධන

23/09/2026

💥 පුවත් නොදැන බමන ගතින්... නටත් අයෙක් සුරා මතින්...
👉 Follow my page for more amazing educational content

👉 මේ ඡායාරූපයේ දැක්වෙන්නේ මහා විද්‍යාඥයෙකු වූ අයිසෙක් නිව්ටන් තම අත් අකුරින් ලියූ සටහනකි. 👉 මේ සටහනේ කියවෙනුයේ 2060 වසරේ...
22/09/2026

👉 මේ ඡායාරූපයේ දැක්වෙන්නේ මහා විද්‍යාඥයෙකු වූ අයිසෙක් නිව්ටන් තම අත් අකුරින් ලියූ සටහනකි.

👉 මේ සටහනේ කියවෙනුයේ 2060 වසරේ සිදුවන ලෝක විනාශයක් ගැන බව කිවතොත් බොහෝ දෙනා පුදුමයට පත් වනු නොඅනුමානය.

👉 ඊටත් වඩාත් පුදුම සහගත කාරණය වනුයේ මෙය නිව්ටන්ගේ විද්‍යාත්මක අනාවැකියක් නොව නිව්ටන් විසින් ක්‍රිස්තියානි බයිබලය පදනම් කොට ගෙන පළ කළ අනාවැකියක් වීමය.

👉 වසර 300කට පමණ පෙර බි්‍රතාන්‍යයේ ජීවත් වූ අයිසෙක් නිව්ටන් යනු ගුරුත්වාකර්ෂණ නියමය, චලිතය පිළිබඳ සුප්‍රකට නියාමයන් තුන ඇතුළු භෞතික විද්‍යාවේ විප්ලවීය සොයාගැනීම්වලට මුල් වූ ලෝකයේ විශිෂ්ටතම විද්‍යාඥයෙකි.

👉 එවැනි විද්‍යාඥයෙකු බයිබලය ඇසුරෙන් මෙවැනි අනාවැකියක් පළ කිරීම බොහෝ දෙනෙකුට ප්‍රශ්න ගැටලු ගණනාවක් මතු කළ හැකි කාරණයකි. එසේ වුවද තදින්ම ආගම් හා සම්බන්ධ වූ ප්‍රබල විද්‍යාඥයන් ලෝකයේ කොතෙකුත් සිටින අතර, ආගම සහ විද්‍යාව අතර සම්බන්ධය ලංකාවේ නිරාගමිකයන් සිතන තරම් සරල එකක් නොවේ. නිව්ටන්ගේ කතාව ඒ බව සනාථ කළ හැකි තවත් එක් උදාහරණයක් පමණි.

👉 බි්‍රතාන්‍යයේ කේම්බි්‍රජ් විශ්වවිද්‍යාලයේ ගණිතය පිළිබඳ මහාචාර්යවරයෙකු වූ නිව්ටන් විද්‍යාව මෙන්ම ආගම ගැනද බරපතළ භක්තියක් පෙන්වූ උග්‍ර දේව භක්තිකයෙකි. ඔහු බයිබලය පිළිබඳ ගැඹුරින් හදාරා ඇති අතර, ඒ සඳහාම හීබෲ භාෂාව උගෙන පැරණි හීබෲ බයිබලය පවා අධ්‍යයනය කර තිබේ.

👉 අයිසෙක් නිව්ටන් බයිබලය දුටුවේ දෙවියන් වහන්සේ විසින් මනුෂ්‍යයාට එවූ පණිවිඩවලට අදාළ රහසිගත කේත රාශියක එකතුවක් වශයෙනි. ඔහු 2060 ලෝක විනාශය ගැන අනාවැකි පළ කරන ලද්දේද බයිබලයේ එළිදරව් හා දානියෙල් යන පොත්වල ඇතැයි කියන රහස් කේතවල අර්ථ විකේතනය ඇසුරෙනි.

👉 එහෙත් නිව්ටන් මෙහි දී අදහස් කළේ සම්පූර්ණ ලෝක විනාශයක් ගැන නොවේ. ලෝක යුද්ධ, සාගත, වසංගත වැනි විපත් සහිත වර්තමාන සමාජ දේශපාලන ක්‍රමයේ විශාල බිඳ වැටීමක් හා පරිවර්තනයක් 2060 සිදු වන බවත් අනතුරුව ක්‍රිස්තුස් වහන්සේ නැවත ලෝකයට පැමිණ මනුෂ්‍ය ලෝකය තුළ සාමය සමෘද්ධිය රජයන යුගයක් උදාවන බවත් ඔහු පුරෝකථනය කළේය.

👉 එසේ වුවද නිව්ටන් ජීවත්ව සිටි කාලයේ ඔහුගේ ඇතැම් අත්පිටපත් ප්‍රසිද්ධ නොකළ බැවින් වර්ෂ 1727 සිදුවූ නිව්ටන්ගේ මරණයෙන් පසු ගතවූ වසර 300කට ආසන්න කාලයක් යන තුරු මේ අනාවැකි කතාව ලෝකයට රහසක් වශයෙන් පැවතිණි.

👉 1936 වසරේ ලන්ඩනයේ දී මේ අත්පිටපත් විශාල ප්‍රමාණයක් ප්‍රසිද්ධියේ වෙන්දේසි කරනු ලදුව යුදෙව් මහාචාර්යවරයෙකු වූ ඒබ්‍රහම් යහූදා විසින් එම අත්පිටපත් විශාල ප්‍රමාණයක් ජෙරුසලමට රැගෙන ගොස් 1951 වසරේ දී ජෙරුසලමේ පිහිටි ඊශ්‍රායල් ජාතික පුස්තකාලයට පරිත්‍යාග කෙරිණි.

👉 පසුකාලීනව කැනඩාවේ විද්‍යා හා තාක්ෂණ ඉතිහාසය පිළිබඳ මහාචාර්යවරයෙකු වූ ස්ටීවන් ස්නෝබේලන් විසින් දීර්ඝ කාලයක් තිස්සේ මේ අත්පිටපත් ගැන ගැඹුරින් අධ්‍යයනය කළ අතර, නිව්ටන්ගේ ලෝක විනාශ අනාවැකිය ගැන කතාව 2003 වසරේ පෙබරවාරි මාසයේ දී කරළියට එනුයේ එහි ප්‍රතිඵලයක් වශයෙනි.

👉 ඒ අනුව මේ කාරණය ලෝකයට හෙළි කරන ලද්දේ මහාචාර්ය ස්ටීවන් ස්නෝබේලන් විසිනි. ඒ යුගයේ දී ලෝකයේ ප්‍රධාන මාධ්‍ය ආයතන ගණනාවක් විසින් මේ ආන්දෝලනාත්මක පුවත පිළිබඳ කරුණු වාර්තා කොට තිබිණි.

👉 එසේ වුවද නිව්ටන් තමන්ගේ මුල් සටහනේ මේ ගැන ලියා ඇත්තේ බෙහෙවින් පැටලිලි සහගත භාෂාවක් සහ ගණනය කිරීම් එකතුවක් වශයෙන් වන බැවින් එය තේරුම් ගැනීම පහසු කටයුත්තක් නොවේ. බොහෝ දෙනා එය තේරුම් ගන්නා ලද්දේ ස්ටීවන් ස්නෝබේලන් ඇතුළු විද්වතුන් විසින් ඊට සපයන ලද අර්ථ විශ්ලේෂණ ඇසුරෙනි.

👉 මේ පිළිබඳ ඇති වාද විවාද කවරාකාර විය හැකි වුවද මීට අදාළ නිව්ටන්ගේ අත් අකුරින් ලියූ අත් පිටපත් ඇතුළු භෞතික සාධක තවමත් ඉතිරිව තිබේ. එමෙන්ම මේවා නිව්ටන් විසින් ලියන ලද ඔහුගේම අත් පිටපත් බව අද ලෝකයේ පිළිගත් විද්වතුන් විසින් සනාථ කර තිබේ.

👉 ඒ අනුව මේ සම්බන්ධව වාද විවාද තිබේ නම් තිබිය හැක්කේ නිව්ටන් ලියූ කාරණාවලට විවිධ අය ලබාදෙන අර්ථ නිරූපණ සම්බන්ධව පමණි.

👉 නිව්ටන් විසින් මේ ආකාරයට විවිධ මාතෘකා ගැන ලියූ ඔහුගේ අත්පිටපත් දහස් ගණනක් තිබූ අතර, ඊශ්‍රායල් ජාතික පුස්තකාලය, බි්‍රතාන්‍යයේ රාජකීය මිනිට් ආයතනය, කේම්බි්‍රජ් විශ්වවිද්‍යාලය, ලන්ඩන් රාජකීය සංගමය, වැනි ස්ථාන ගණනාවක සහ පෞද්ගලික එකතු විදිහට මේ අත් පිටපත් විශාල ප්‍රමාණයක් තවමත් සුරක්ෂිතව තිබේ.

👉 ඊශ්‍රායල් ජාතික පුස්තකාලය, නිව්ටන් ප්‍රොජෙක්ට් වෙබ් අඩවිය, යුනෙස්කෝ සංවිධානයේ වෙබ් අඩවිය ඇතුළු වෙබ් අඩවිවලින් ඕනෑම අයෙකුට මේ අත්පිටපත් කියවීමටද අද වන විට පහසුකම් සලසා තිබේ.

ඉසුරු ප්‍රසංග

👉 ශ්‍රී ලංකාව ලෝකයේ කුඩාම රට හෝ කුඩාම රටක් යැයි තවමත් බොහෝ දෙනා විශ්වාස කරති. 👉 මේ පින්තූරයේ දක්වා ඇත්තේ ඒ සම්බන්ධව පාර්...
19/09/2026

👉 ශ්‍රී ලංකාව ලෝකයේ කුඩාම රට හෝ කුඩාම රටක් යැයි තවමත් බොහෝ දෙනා විශ්වාස කරති.

👉 මේ පින්තූරයේ දක්වා ඇත්තේ ඒ සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් විසින් පසුගිය 2026 ජාත්‍යන්තර කාන්තා දිනය දා කරන ලද ප්‍රසිද්ධ ප්‍රකාශයකට අදාළ නිදසුනකි.

👉 එසේ වුවද ලෝකයේ කුඩාම රටවල් දහය වන වතිකානුව, මොනාකෝ, නාවුරු, තුවාලු, සන් මැරිනෝ, ලිච්ටෙන්ස්ටයින්, මාෂල් දූපත්, සාන්ත කිට්ස් සහ නෙවිස්, මාලදිවයින, මෝල්ටාව යන රටවල් දහයේම විශාලත්වය වර්ග කිලෝමීටර් 1328.02ක් තරම් සුළු අගයක් වන අතර, 2024 නව භූමි ප්‍රමාණ ගණනය කිරීම් අනුව ශ්‍රී ලංකාවේ විශාලත්වය වර්ග කිලෝමීටර් 67240කි.

👉 මේ අනුව ගත් කල ශ්‍රී ලංකාව ලෝකයේ කුඩාම රටවල් දහයේම විශාලත්වය මෙන් පනස් ගුණයකට වඩා විශාලය.

👉 ලෝකයේ ස්වාධීන රාජ්‍ය 195 ගැන සලකා බැලූ කල ශ්‍රී ලංකාවට වඩා කුඩා රටවල් 75ක් ඒ අතර තිබේ.

👉 එසේ සියල්ල එසේ තිබියදීත් තවමත් බොහෝ දෙනා ශ්‍රී ලංකාව ලෝකයේ කුඩාම රටක් යැයි විශ්වාස කරති.

👉 මේ පිළිබඳ නිදසුනක් මෙහි දක්වා ඇත්තේ මේ ජනප්‍රිය වැරදි මතය රටේ ඉහළම තනතුරු දරන අය අතර පවා තවමත් පැතිර පවතින ආකාරය පෙන්වා දීමට මිස කිසිදු පුද්ගලයෙකුට හෝ පක්ෂයකට අපහාස කිරීමේ අභිලාෂයෙන් නොවේ.

(මෙය මාධ්‍ය විසින් කළ කරුණු විකෘති කිරීමක් නොවන අතර, අදාළ මන්ත්‍රීවරියගේ කතාව සහිත වීඩියෝව තුළ ශ්‍රී ලංකාව ලෝකයේ පුංචිම රට යන ප්‍රකාශය පැහැදිලිව අන්තර්ගතව තිබිණි.)

17/09/2026

💥 අප්‍රිකාවේ බෞද්ධ ප්‍රබෝධයට මුල පිරූ උගන්ඩාවේ හාමුදුරුවෝ
👉 Follow my page for more amazing educational content

👉 මෙය සාමාන්‍ය පෙළ සිංහල සාහිත්‍ය පාඩම් වෙනුවෙන් සැකසූ නිබන්ධන මාලාවක්. 👉 10 - 11 ශ්‍රේණිවල සියලුම සාහිත්‍ය පාඩම්වල මූලි...
16/09/2026

👉 මෙය සාමාන්‍ය පෙළ සිංහල සාහිත්‍ය පාඩම් වෙනුවෙන් සැකසූ නිබන්ධන මාලාවක්.

👉 10 - 11 ශ්‍රේණිවල සියලුම සාහිත්‍ය පාඩම්වල මූලික විස්තර

👉 පෙළ පොතේ නැති සියලුම අමාරු වචනවල තේරුම

👉 සියලුම කවිවල තේරුම හා වැඩිදුර අර්ථ විවරණ

👉 විචාර ලිවීමේ දී වැදගත් වන කරුණු, උදාහරණ සහ උද්ධෘත

👉 නිවැරදිව විචාරයක් ලියන ආකාරය

👉 පසුගිය විභාග ප්‍රශ්න හා ආදර්ශ විචාර ඇතුළු විචාර ප්‍රශ්න 160ක්

👉 ආදර්ශ විචාර පිළිතුරු 33ක්, කෙටි ප්‍රශ්න 125ක් සහ පිළිතුරු

👉 සාහිත්‍ය විචාරය පිළිබඳ මූලික කරුණු සහිත පොදු නිබන්ධනයක් මෙයට ඇතුළත් වෙනවා.

👉 ඒෆෝ ප්‍රමාණයේ පිටු 220කින් යුත් මේ නිබන්ධන 18 තුළ ඉහත කී සියලු ම කරුණු ඉතා සරලව, කෙටියෙන්, පැහැදිලිව ගොනු කොට තිබෙනවා.

👉 සිසුන්ට තනි ව හෝ කියවා අවබෝධ කරගත හැකි ආකාරයට සකසා ඇති මේ නිබන්ධන මාලාව ගුරු භවතුන්ට පහසුවෙන් ඉගැන්වීමට අත්වැලක්.

👉 මේ නිබන්ධන මාලාව පීඩීඑෆ් පිටපත් ලෙස ගෙන්වා ගැනීමට එක් ශ්‍රේණියක් සඳහා වැයවන්නේ රුපියල් 600ක මුදලක් පමණයි.

👉 ශ්‍රේණි දෙකේම නිබන්ධනවල මිල රු. 1200ක් වන අතර, ශ්‍රේණි දෙකම එකවර හෝ දෙවරකට මිලදී ගැනීමට පුළුවන්. ඒ සඳහා 0775 535121 අංකයට දැන්ම වට්ස්ඇප් පණිවිඩයක් එවන්න.

සම්පාදනය - ඉසුරු ප්‍රසංග

👉 ඉන්දියාවේ ජනාධිපති මන්දිරයේ ඇති බුද්ධ ප්‍රතිමාව ගැන මා පසුගිය දිනක මේ පිටුවේ පළ කළ සටහනට විශාල පිරිසක් ප්‍රතිචාර දක්වා...
15/09/2026

👉 ඉන්දියාවේ ජනාධිපති මන්දිරයේ ඇති බුද්ධ ප්‍රතිමාව ගැන මා පසුගිය දිනක මේ පිටුවේ පළ කළ සටහනට විශාල පිරිසක් ප්‍රතිචාර දක්වා තිබුණා. හැබැයි එතෙන්දි සැලකිය යුතු පිරිසක් මෙය බුද්ධ ප්‍රතිමාවක් නොව ජෛන මහාවීරගේ ප්‍රතිමාවක් බවට තර්ක කරමින් කමෙන්ට් ගණනාවක් පළ කර තිබුණා.

👉 මෙය කිසිදු ආකාරයකින් කරුණු සොයා නොබලා එළැඹෙන සාවද්‍ය නිගමනයක් වුවත් සැලකිය යුතු පිරිසක් ඒ අදහස පළ කර තිබූ නිසාම දැනුම සොයන්නන්ගේ ප්‍රයෝජනය උදෙසා මෙය බුද්ධ ප්‍රතිමාවක් බව සනාථ කළ හැකි පැහැදිලි සාධක ගැන නැවත මේ සටහන ලිවීමට තීරණය කළා.

👉 ඒ අනුව මෙය බුද්ධ ප්‍රතිමාවක් බවට ඇති සාක්ෂි මොනවාද කියන එක එකින් එක විමසා බලමු.
මුලින්ම මේ පිළිමයේ පාදවලට පහළින් ඇති කොටසේ මෙය බුදු පිළිමයක් බව පැහැදිලිව සඳහන් කර තිබෙනවා. එහි එය සටහන් කොට ඇත්තේ Lord Buddha in abhaya mudra වශයෙනුයි.

👉 මීළගට ඉන්දියාවේ රාෂ්ටපති බවන් නිල වෙබ් අඩවියේ මෙය බුද්ධ ප්‍රතිමාවක් බව කියැවෙන මෙවැනි සටහනක් දක්නට ලැබෙනවා.

Against the wall, is placed the 5th century A.D. statue of Lord Buddha on a crimson velvet background.

👉 රාෂ්ටපති බවන් නිල වෙබ් අඩවියේ එම මන්දිරය ඉදිකිරීම ගැන සඳහන් කොටසේ මෙය පැහැදිලිව ගෞතම බුදුන්ගේ පිළිරුවක් බව පහත පරිදි සඳහන් කර තිබෙනවා.

The hall's focal point is a sculpture of Gautama Buddha, a symbol of peace and self-conquest from India's golden age, the Gupta period.

👉 ඉන්දීය ජනාධිපති කාර්යාලයේ පුරාවස්තු නාමාවලිය තුළ මේ පිළිමයේ බාහිර ලක්ෂණ ගැනත් විස්තර කරමින් එය බුදු පිළිමයක් බව සඳහන් කර ඇත්තේ මේ ආකාරයටයි. මේ කිසිදු තැනක ජෛන මහාවීර කෙනෙකු ගැන කිසිම සඳහනක් නැහැ.

Draped in an Ubhayansika Sanghati, high ushnisha amidst meticulous curls of his hair, this Buddha in abhayamudra amalgamates sensuousness and spirituality. With a round face, concentration can be seen in his inward elongated eyes and arched eyebrows, imparting karuna. A sharp nose delineates his full lips and emphatic chin. Confirming to mahapurushalakshanas, Buddha’s elongated earlobes and half closed eyes with an inward look add to the beauty of his samabhag stance with cadenced folds of drapery revealing the form underneath.

👉 මීට අමතරව 2009 පෙබරවාරි 2 වැනිදා මුම්බායි හි පිහිටි The Global Vipassana Pagoda නම් භාවනා මධ්‍යස්ථානය විවෘත කිරීමට සහභාගී වෙමින් හිටපු ඉන්දීය ජනපතිනි ප්‍රතිභා පටෙල් පැවැත්වූ කතාවත් මීට අදාළ ප්‍රබල සාක්ෂියක්. ඇය මේ කතාවේදී රාෂ්ටපති භවන් බුද්ධ ප්‍රතිමාව ගැන මෙවැනි ප්‍රකාශයක් කරනවා.

Just below the Dome at Rashtrapati Bhavan, in the Durbar Hall, where the transfer of power from the the British to a free India took place in 1947, stands the statue of Lord Buddha of the 4th century, belonging to the Gandhara art style.

👉 ඇය මෙතෙන්දි මේ සම්පූර්ණ කතාවම පවත්වන්නේ ඉන්දියාවෙන් බිහි වූ බුදුදහම, බුදුන් වහන්සේ සහ එයින් ලෝකයට සිදුවූ බලපෑම ගැන. බුදු දහම ඉන්දියාවෙන් බිහිවී ශ්‍රී ලංකාව ඇතුළු සෙසු රටවලට ව්‍යාප්ත වූ ආකාරය ගැන ඇය මෙහිදී කරුණු දක්වනවා. ඒ නිසා ඇය මේ කතා කරන්නේ බුදුන් වහන්සේ ගැන මිසක ජෛන මහාවීර කෙනෙක් ගැන නොවන බව ඉතාම පැහැදිලියි.

👉 මීළගට මේ අදහස් පළ කළ බොහෝ දෙනාගේ තර්කයක් වුණේ මේ පිළිමය සිවුරක් රහිත නිරුවත් පිළිමයක් බව සහ පුරුෂ ලිංගය නෙරා ඇති බව. මෙය මුළුමනින්ම වැරදි කරුණක්. මා මෙහි දක්වා ඇති මේ පිළිමයේ සමීප රූපවලින් පෙනෙන පරිදි ශරීරය පුරාම සිවුරේ රැළි පැහැදිලිව දක්නට ලැබෙනවා. ඒ විතරක් නොවෙයි. ප්‍රතිමාවේ අත්වලින් පහළට සිවුර එල්ලා වැටෙන ආකාරය පවා මෙහි පැහැදිලිව දකින්න පුළුවන්. ඒ නිසා මෙය නිරුවත් පිළිරුවක් නොවෙයි. නමුත් බොහෝ ජෛන ප්‍රතිමාවල ඒ ආකාරයෙන් සිවුරේ රැළි නිරූපණය වන්නේ නැහැ.

👉 පුරුෂ ලිංගය ආශ්‍රිතව සියුම් නෙරීමක් පෙන්නුම් කළත් එය ජෛන ප්‍රතිමාවකට වඩා සපුරා වෙනස්. ජෛන ප්‍රතිමාවල පුරුෂ ලිංගය විවෘතව හා පැහැදිලිව නිරූපණය කර තිබුණත් මෙහි ඇත්තේ සිවුරට යටින් පෙනෙන සුළු ඉදිරියට නෙරා ඒමක් පමණයි.

👉 මීළගට බොහෝ ජෛන ප්‍රතිමාවල පපුවේ ශ්‍රීවත්ස නම් ජ්‍යාමිතක සලකුණක් දක්නට ලැබෙනවා. ඒ සලකුණ මේ ප්‍රතිමාවේ නැහැ. ඒ වගේම මෙය බුදු පිළිමයක් බව සනාථ කළ හැකි එවැනි බාහිර ලක්ෂණ තව ගණනාවක් තිබෙනවා. ඒ ගැන දීර්ඝ විස්තර කිරීම් අවශ්‍ය නොවන්නේ මෙය බුද්ධ ප්‍රතිමාවක් බව ඉන්දියාවේ මූලාශ්‍ර තුළින්ම තහවුරු වන නිසායි.

👉 මෙතෙන්දි තවත් සමහර මිතුරන් බුද්ධ කියන නමත් සම්බන්ධ කරගනිමින් අපූරු තර්කයක් ඉදිරිපත් කර තිබූ නිසා ඒ ගැන යමක් කීමත් වැදගත්. බුද්ධ යන වචනය ජෛන මහාවීර හැදින්වීමටත් යොදන නිසා ඉන්දියාවේ බුදුන් ජෛන මහාවීර බවත්, ඉන්දීය මූලාශ්‍රවල බුදුන් කියන්නේ ජෛන මහාවීරට බවත් තමයි මේ තර්කයේ සාරාංශය. මේ අනුව ඉන්දීය මූලාශ්‍රවල බුදුන් කියන්නේ කාටද කියන එක ගැනත් යමෙකුට සැක කරන්න පුළුවන්. හැබැයි මේ තර්කයත් පදනම් විරහිත වන්නේ ඇයි කියන එක ගැන විමසා බලමු.

👉 බුද්ධ යන වචනය ඉතා ඈත අතීතයේ වෙනත් අර්ථයන්ගෙන් භාවිත වූ බව ඇත්ත. අවබෝධය, බුද්ධිය අත්පත් කරගත් තැනැත්තා යන අර්ථයෙන් ඉතා පුරාණ කාලයේ දී බුද්ධ යන වචනය ජෛන මහාවීරටත් භාවිතා වී තිබෙනවා. නමුත් බුද්ධ යන වචනය අප දන්නා ගෞතම බුදුන් වහන්සේ සමග විශේෂයෙන් සම්බන්ධ වූ පසු මෑත කාලීන ඉන්දියාවේ ජෛන මහාවීර හැදින්වීමට බුදුන් යන වචනය භාවිත වන්නේ නැහැ. මේ බව ජෛන ආගම පිළිබද පර්යේෂකයෙකු වූ S. C. Rampuria පවා පෙන්වා දී තිබෙනවා.

👉 අනික මෙහිදී බුදුන් යන්න සමග ගෞතම කියන පදයත් එක්ව යෙදෙන්නේ අප අදහන බුදුන් වහන්සේ සම්බන්ධව පමණයි. ජෛන මහාවීර හෝ වෙනත් කිසිවෙකු හැදින්වීම සදහා මේ වචන දෙකම එක්ව යෙදෙන්නේ නැහැ. මා ඉහත දැක්වූ ඉන්දියානු මූලාශ්‍රවල බුද්ධ, ලෝඩ් බුද්ධ යන වචනවලට අමතරව ගෞතම බුද්ධ යන වචනයත් ඉතා පැහැදිලිව යෙදී තිබෙනවා. ඒ අනුව මේ කියන්නේ බුදුන් වහන්සේ ගැන බවට කිසිදු විවාදයක් නැහැ. ඉන්දියානු ජනාධිපතිනිය බුදුන් හා බුදු දහම ගැන පවත්වන ලද කතාවෙනුත් මේ බව ඉතා හොදින් පැහැදිලි වෙනවා.

👉 මේ අනුව මේ සා ප්‍රබල සාධක තිබියදීත් යම් කෙනෙක් මෙය බුදු පිළිමයක් බව නොපිළිගන්නේ නම් ඔහුට හෝ ඇයට ඇත්තේ වෙනත් ප්‍රශ්නයක් මිස කරුණු පිළිබද ගැටලුවක් නොවෙයි.

👉 ලෝකයේ කොහෝ හෝ බුදු පිළිමයක් තිබෙනු දැකීම සිතට මහත් වේදනාවක් වන අය වගේම බුදුන් ලංකාවේ ඉපදුනා ය යන පදනම් විරහිත මතය දරන අයත් මේ කාරණා ගැන තවදුරටත් පදනම් විරහිත තර්ක ඉදිරිපත් කිරීමට ඉඩ තිබෙනවා. ඒ අනුව මෙය ඉන්දියානු රජය දැන දැනම කියන බොරුවක් වැනි හාස්‍යජනක තර්ක පවා ඔවුන්ගේ පාර්ශ්වයෙන් ඉදිරිපත් වෙන්න පුළුවන්.

👉 එහෙත් සැබෑවටම කරුණු නොදැනීම නිසා මෙය ජෛන ප්‍රතිමාවක් බවට තර්ක කළ අයට ඒ තර්ක සාවද්‍ය බව පිළිගැනීමට මේ කාරණා හොදින්ම ප්‍රමාණවත් වේ යැයි සිතනවා. ඕනෑම අයෙකුට මා මෙහි දක්වන ලද මූලාශ්‍රවලට ගොස් ඒ ගැන සොයා බැලීමට පුළුවන්. ඒ වගේම ජෛන මහාවීරගේ ප්‍රතිමා නිරීක්ෂණය කර බැලීමත් මේ වෙනස අවබෝධ කරගැනීමට ඉතා වැදගත්.

ඉසුරු ප්‍රසංග

රන් ගිරි ගිරි ගිගිරි ගිගිරි ගිගිරි වළලු සල සලා කොමළ ලන්දු ගයන සින්දු සවන පිනන අම මෙනා... නන්දා සහ සුජාතා 1967 වසරේ දී...
13/09/2026

රන් ගිරි ගිරි ගිගිරි ගිගිරි
ගිගිරි වළලු සල සලා
කොමළ ලන්දු ගයන සින්දු
සවන පිනන අම මෙනා...

නන්දා සහ සුජාතා 1967 වසරේ දී...

👉 සීයට අසූවක් හින්දු ආගමිකයන් වෙසෙන ඉන්දියාව නම් රාජ්‍යයේ, ජනාධිපති මන්දිරයේ, ජනාධිපතිවරයාගේ නිල ආසනය පිටුපස, වසර 1500කට...
12/09/2026

👉 සීයට අසූවක් හින්දු ආගමිකයන් වෙසෙන ඉන්දියාව නම් රාජ්‍යයේ, ජනාධිපති මන්දිරයේ, ජනාධිපතිවරයාගේ නිල ආසනය පිටුපස, වසර 1500කට පමණ පෙර නිර්මාණය වූ බුද්ධ ප්‍රතිමාවක් තැන්පත් කර තිබේ.

👉 වර්තමානයේ ඉන්දීය අගමැතිවරයා දිවුරුම් දීම, අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම, ජාතික සම්මාන ප්‍රදානය කිරීම, විදේශීය රාජ්‍ය නායකයන් පිළිගැනීම ආදි වැදගත් රාජ්‍ය තාන්ත්‍රික කටයුතු බොහොමයක් සිදුවනුයේ මෙම බුදු පිළිමය සහිත පසුබිමේ වන අතර, මෙය නිදහස් ඉන්දියාවේ පළමු රජය දිවුරුම් දුන් ස්ථානය ද වේ.

👉 පුරාවිද්‍යා ලාංඡනයේ චෛත්‍යයක් තිබීම පවා සහජීවනයට බාධාවක් ලෙස සලකන්නන් සිටින, පාසලක බුදු පිළිමයක් තිබීම අන්‍යාගමික දරුවන්ගේ සිත් තැලීමක් බවට තර්ක ඉදිරිපත් කෙරෙන, ශ්‍රී ලංකාව වැනි බෞද්ධ රටකට හින්දු ඉන්දියාවේ මේ කතාව බෙහෙවින් වැදගත්ය.

👉 ඉන්දියාවේ ජනාධිපතිවරයාගේ නිල මන්දිරය වන නව දිල්ලියේ රාෂ්ටපති බවන් හි ඇති වටිනාම ඓතිහාසික කලාකෘති අතර ක්‍රි.ව. 5 වැනි සියවසට අයත් මෙම බුද්ධ ප්‍රතිමාවට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි.

👉 මේ ප්‍රතිමාව අද ගණතන්ත්‍ර මණ්ඩපය ලෙස හැඳින්වෙන, ජනාධිපති මන්දිරයේ ප්‍රධාන උත්සව ශාලාවේ ජනාධිපති ආසනයට පසුපසින් තැන්පත් කර තිබේ.

👉 මෙම බුද්ධ ප්‍රතිමාව 5 වන සියවසේ, ගුප්ත යුගයේ මථුරා කලා සම්ප්‍රදායට අයත් නිර්මාණයකි. රතු වැලිගලින් නිමවා ඇති ප්‍රතිමාවේ බුදුන් වහන්සේ අභය මුද්‍රාවෙන් නිරූපණය කර ඇති අතර හිස වටා ඇති විශාල ප්‍රභා මණ්ඩලය නෙළුම් පෙති, මල් හා පත්‍ර රටාවලින් අලංකාර කර තිබේ.

👉 1947 - 48 කාලයේ ලන්ඩනයේ පැවැත්වූ ප්‍රදර්ශනයකට එය යවා තිබූ මෙම ප්‍රතිමාව ඇතුළු පුරාවස්තු එකතුවක් නැවත ඉන්දියාවට ගෙන ඒමෙන් පසු මෙම බුද්ධ ප්‍රතිමාව ජනාධිපති මන්දිරයේම තබා ගැනීමට ජවහර්ලාල් නේරු සහ සී. රාජගෝපාලාචාරි විශේෂ උනන්දුවක් දැක්වූ බව ඉන්දීය නිල වාර්තා පෙන්වා දෙයි.

👉 ඉන්දියාවේ හිටපු ජනාධිපතිනි ප්‍රතිභා පටෙල් 2009දී පැවැත්වූ කතාවක මෙම බුද්ධ ප්‍රතිමාව ගැන සෘජුවම සඳහන් කර තිබේ. බුදුන්ගේ ධර්මය, සාමය, අවිහිංසාව සහ ජනතා සුබසාධනය සමඟ රාජ්‍ය පාලනය සම්බන්ධ කරන සංකේතයක් ලෙස ඉන්දියාවෙන් ආසියාව පුරා සාමකාමීව පැතිර ගිය බවත්, මේ බුද්ධ ප්‍රතිමාව රාජ්‍ය කටයුතුවලදී ජනතාවගේ සුබසාධනය මූලික විය යුතු බව නිරන්තරයෙන් සිහිපත් කරන සංකේතයක් බවත් ඇය එහිදී ප්‍රකාශ කොට ඇත.

👉 ඉන්දියාව අද හින්දු බහුතරයක් වෙසෙන රාජ්‍යයකි. එසේ වුවද ඉන්දියාව තම ශිෂ්ටාචාරයේ වැදගත් කොටසක් වූ ඓතිහාසික බෞද්ධ උරුමයට නූතන ජාතික අනන්‍යතාව තුළ සංකේතාත්මකව හෝ ගෞරවනීය ඉඩක් සලසා දී බවට මේ ප්‍රතිමාව වැදගත් නිදසුනකි.

Address

Near The Temple, Induragara
Colombo
11264

Alerts

Be the first to know and let us send you an email when Next page - Isuru prasanga posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Next page - Isuru prasanga:

Shortcuts

Share