10/06/2025
සාමාන්‍යයෙන් බොහෝ දෙනා විශ්වාස කරන්නේ, මිහින්තලයේ පිහිටි මෙම ආරාධනා ගල මුදුණට මිහිදු මහා රහතන් වහන්සේ වැඩිය බවයි. එහෙත් එය එසේ නොවේ. මෙම ගල් පව්වට ආරාධනා ගල යැයි පවසන්නේ, මිහිදු මහා රහතන් වහන්සේගේ, නියමයෙන් සුමන සමෙණේරයන් දෙවි බඹුන්ට ධර්ම දේශනය අසන්නට පැමිණෙන ලෙසට "ධර්ම ඝෝෂා" කලේ මේ ගල් පව්ව මත සිටයි. ඒ නිසා පසු කාලයේදී මෙම ගල් පව්ව "ආරාධනා ගල" වශයෙන් නම් විනි.
සමන්තා චක්කවාලේසු
අත්‍රාගච්ඡන්තු දේවතා
සද්ධම්මං මුණිරාජස්ස
සුනත්තු සග්ග මොක්ඛදං !
සුමන සාමණේරයන් වහන්සේ ඍද්ධියෙන් ආරාධනා ගලට වැඩම කොට බද්ධපර්යංකයෙන් හිඳ ධර්ම දේශනාව පිණිස ධර්මඝෝෂා පැවැත්වීමට මහින්ද මහරහතන්වහන්සේගේ අවසර පැතීය. එවිට මිහිඳු මහ රහතන් වහන්සේ; “සුමන සාමණේරය, ලක්දිව සියලු ගංගා ඇළ දොළ වැව් අමුණු ආදියට අධිගෘහිත භූමාටු දෙවිවරුන්ට ආරාධනා කරන්න” අවසර ප්‍රධානය කරන ලදි. එසේ හෙයින් සුමන සාරණේරයන් වහන්සේ 'සමන්තා චක්කවාලේසු' යනුවෙන් කාල ඝෝෂා පවත්වන ලදි.
ආරාධනා ගල, මිහින්තලය.