Past Pupils Association of Sri Sumangala Central College

Past Pupils Association of Sri Sumangala Central College Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Past Pupils Association of Sri Sumangala Central College, Charitable organisation, radampola urugamuwa, Dikwella.

සංවේගයෙන් දැනුම් දීමයි.අප පාසලේ ආදිශිෂ්‍ය (2005 O/L 2008 A/L)  සචින්ත හේමාල් බන්ඩාර සොහොයුරා අභාවප්‍රාප්ත වී ඇති බව සංවේ...
29/03/2026

සංවේගයෙන් දැනුම් දීමයි.

අප පාසලේ ආදිශිෂ්‍ය (2005 O/L 2008 A/L) සචින්ත හේමාල් බන්ඩාර සොහොයුරා අභාවප්‍රාප්ත වී ඇති බව සංවේගයෙන් දැනුම් දේ. මිය යන විට ඔහු බෙලිදෙනිය මහ විදුහලේ සේවයේ නිරතව සිට ඇත.

ඔහු අප පාසලේ වසර ගනනාවක් සෙවය කොට නියෝජ්‍ය විදුහල්පති වරයකු ලෙස විශ්‍රාමගිය බන්ඩාර ගුරු පියානන්ගේ බාලම පුතු වේ.

අවසන් කටයුතු 2026/03/30 කැකණදුර නිවසේදී සිදු කරනු ලැබේ.

සචින්ත හේමාල් බන්ඩාර සොයුර...

මතු ආත්මබවයක අජරාමර නිවනින් සැනසේවා....

ඒ ආදි සුමංගල අප හැමෝගේම ප්‍රාර්තනයයි...

ලෝක ඉතිහාසයේ පළමු පාසල් ක්‍රිකට් තරගය ලෙස වාර්තා වෙන්නේ, 1805 දී එංගලන්තයේ, Eton College සහ Harrow School අතර  පැවති තරග...
11/03/2026

ලෝක ඉතිහාසයේ පළමු පාසල් ක්‍රිකට් තරගය ලෙස වාර්තා වෙන්නේ, 1805 දී එංගලන්තයේ, Eton College සහ Harrow School අතර පැවති තරගයයි. ශ්‍රී ලාංකේය ඉතිහාසය තුළ පළමු පාසැල් ක්‍රිකට් තරගය ලියවෙන්නේ,1880 දී රාජකීය විද්‍යාලය (එදා Royal Academy) සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය නමිනි. එය, ගාලුමුවදොර පිටියේ දී පැවති අතර පසුව එය, "Big Match, (Battle of the Blues) ලෙස නාමකරණය විය. දෙවැනිව, 1893 දී Dharmaraja vs Kingswood, (Battle of the Maroons - Kandy) ලෙස කන්ද උඩරටට ද තෙවැනිව, 1900 දී ශාන්ත සර්වේෂස් සහ ශාන්ත තෝමස්, (Battle of the Blues) ලෙසින් එය, ඓතිහාසික රෝහණ දේශයේ අගනගරය, මාතරට සම්ප්‍රාප්ත වූ වග සටහන් කරනුයේ සර්වේෂස් ආදි සිසුවෙකු ලෙසින් වූ අභිමානය ද පෙරදැරිවය .

මා අධ්‍යාපන අමාත්‍යවරයාව සිටියදී ශ්‍රී ලංකාවේ පාසල් සංඛ්‍යාව 10,041 කි. මේ අතරින්, ලෙදර් ක්‍රිකට් ක්‍රීඩා කරනු ලැබූ පාසල් 720 කින් Big Match සංස්කෘතියට ප්‍රවේශ වී තිබූ පාසල් සංඛ්‍යාව 120 ට අඩුය.

කිසියම් පාසලක දෙමව්පියන්ගේ සහ ආදි ශිෂ්‍යයන්ගේ ප්‍රභූත්වය මනින දර්ශකයක් ලෙස ඇතමුන් වර්ගීකරණය කරන මෙම Big Match සංස්කෘතියට අනුගත වූ නවමු සාමාජිකයන් වන්නේ, රදම්පොළ, ශ්‍රී සුමංගල මැදි විදුහල සහ පාලටුව, ගුණරතන මැදි විදුහලයි. ඔවුනගේ කුළුඳුල් මහා ගැටුම, පසුගිය ඉරිදා මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගණයේ දී පැවැත්වූයේ අභිමානය, විනය සහ ක්‍රිකට් පෞර්ෂය මනාව ප්‍රදර්ශනය කරවමිනි. ඔවුන් නම් කළ ආකාරයට, වචනාර්ථයෙන්ම එය "Paramount Clash" එකකි.

ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වීම පසෙක තබා "Paramount Clash" මා හදවත තුළ නිදන් කළ කරුණු රාශියකි. පාසැල් ගමන වසර තුනකට කෙටි වූවද සුමංගලය, මනුෂ්‍යත්වයේ "අ" යන්න මට ඉගැන්වූ පින්බිමයි. වරෙක. මගේ ආදරණීය පියාණන්, එහි විදුහල්පතිවරයා වෙද්දි මව, එහි ගුරුවරියක වූවාය. කුඩා හෝ ක්‍රීඩා පිටි නොතිබූ දෙවිදුබිමට ම ක්‍රීඩාංගන සකස් කිරීම සිදුවූයේ මාගේ දේශපාලන නායකත්වයෙන් වීම නිහතමානි සතුටකි. ඊට අමතරව, මෙය තවත් Big Match එකක් පමණක් නොව ක්‍රිකට්, සම්මත ප්‍රභූත්වයට සීමා නොකොට නිර්ප්‍රභූන් වෙත කැන්දාගෙන යාම සඳහා අතුරණ ලද බුමුතුරුණක් විය. එසේම, ලෙදර් ක්‍රිකට් ක්‍රීඩා කිරීම සඳහා ඇවැසි අර්ධ වශයෙන් හෝ ප්‍රමිතිගත ක්‍රීඩා පිටි මේ දෙවිදුහලටම නොතිබීමද දෙවිදුහල, එකාවන්ව විස්මිතව ජයගත් අභියෝගයකි. සුමංගල වික්‍රමසිංහ විදුහල්පතිවරයා ප්‍රමුඛ, පාලටුව ගුණරතනයට ද චම්පිකා යාපා විදුහල්පතිනිය ප්‍රමුඛ රදම්පල ශ්‍රී සුමංගලයට ද දෙවිදුහලේම ඇදුරු මඩුළු, දූ පුතුන්, ආදි සිසුන්, දෙමව්පියන්, අනුග්‍රාහකයන්, පුහුණුකරුවන්, ඉනූප නිම්සර සහ කාව්‍ය චානක ප්‍රමුඛ ක්‍රිකට් කණ්ඩායම් හි පුතුන් සියලුම දෙනාත් එම ගෞරවයෙහි අවිවාදිත හිමිකරුවන්ය.

එසේම, අවවරප්‍රසාදිතව ඈත දුර ගමෙන් මතුව ආ මේ පුතුන්ට ධෛර්යය රැගෙන පැමිණි, සරෝජා පොල් රාජ් ඇමතිතුමියට ද පාසල් ක්‍රිකට් සම්මේලනයේ සභාපති, විරාජිත් කඩවැද්දුව, ශාන්ත සර්වේෂස් විදුහල්පතිතුමා ප්‍රමුඛ සම්භාවනීයයන්ට ද ඔබ ශීර්ෂ ප්‍රණාමය කළ මැනවි!

පළමු තරගයේ, පළමු ඉනිමේ ජය ලබා කුසලානය හිමි කරගත් ශ්‍රී ගුණරතන පුතුන්ට ද පරාජය අභිමුව වුව , ක්‍රිකට් ගුණය අයාලේ යන්නට නොදී හතරේ සීමාව තුළ රඳවාගත් ශ්‍රී සුමංගල පුතුන්ට ද ආදරණීය පියකු සේ මම සුභ පතමි.! අප ජීවත්ව නොසිටිය ද "Paramount Clash", 2126 දී ශතකය වාර්තා කරනු දැක්මට ඔබ සැම වාසනාවන්ත වේවා!!

ඩලස් අලහප්පෙරුම මහතාගේ මුහුනු පොතෙන් උපුටාගන්නා ලදී.

central college matara Radampola Sri Sumangala M.M.V St.Servatius College - Matara

04/03/2026

PaRamount clash -2026

ආරම්බක පිතිකරුවන් දෙදෙනා තරඟය ආරම්භයට පිටියට පිවිසීම

PaRamount clash - 2026තරඟ තීරක ඉදිරියේ කාසියේ වාසිය උරගාබැලීම. කාසියේ වාසිය උරගා බැලීම ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩ...
03/03/2026

PaRamount clash - 2026
තරඟ තීරක ඉදිරියේ කාසියේ වාසිය උරගාබැලීම. කාසියේ වාසිය උරගා බැලීම ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක කසුන් රාජිත මහතා අතින් සිදු විය.

මෙහිදී කාසියේ වාසිය පාලටුව ගුනරත්න විද්‍යාලයේ නායකයා විසින් දිනාගෙන සුමංගල අප පාසලේ නායකයාට මුලින්ම පන්දුවට පහරදීමට ආරාධනා කරන ලදී.

PaRaMount Clash - 2026 තරගයේ දක්ෂතම පන්දු රකින්නාරදම්පළ සුමංගලයේ හංස දිනෙත් නෙත්සරඔහුට හිමි කුසලානය මෙම තරඟාවලිය සඳහා රද...
03/03/2026

PaRaMount Clash - 2026

තරගයේ දක්ෂතම පන්දු රකින්නා

රදම්පළ සුමංගලයේ හංස දිනෙත් නෙත්සර

ඔහුට හිමි කුසලානය මෙම තරඟාවලිය සඳහා රදම්පොල ශ්‍රී සුමංගල විද්‍යාලයීය කන්ඩායමට ප්‍රධාන අනුග්‍රහය දැක්වූ අප ආදිශිෂ්‍ය සංගමයේ හිටපු ලේකම්, U A K ඩිසයිනර් ඇන්ඩ් කන්ස්ට්‍රක්ෂන් අධිපති ප්‍රවීන ගීපද රචක වසන්ත මනෝජ් කඹුරුගමුව මහතා අතින් ලබාගත් අවස්තාව

PaRamount clash - 2026ප්‍රධාන ආරාධිත අමිත්තන් සමග පැමිනි ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක කසුන් රාජිත මහතා අප පාසල ක්‍...
03/03/2026

PaRamount clash - 2026
ප්‍රධාන ආරාධිත අමිත්තන් සමග පැමිනි ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක කසුන් රාජිත මහතා අප පාසල ක්‍රීඩකයන්ට සුබ පැතූ මොහොත..

PaRamount clash මහා ක්‍රිකට් තරඟයේ සමාරම්බක උලෙලේ පාලටුව ගුනරතන විද්‍යාලයේ ක්‍රිකට්  කන්ඩායම
03/03/2026

PaRamount clash මහා ක්‍රිකට් තරඟයේ සමාරම්බක උලෙලේ පාලටුව ගුනරතන විද්‍යාලයේ ක්‍රිකට් කන්ඩායම

PaRamount clash මහා ක්‍රිකට් තරඟයේ සමාරම්බක උලෙලේ අපේ ක්‍රිකට් කන්ඩායම
03/03/2026

PaRamount clash මහා ක්‍රිකට් තරඟයේ සමාරම්බක උලෙලේ අපේ ක්‍රිකට් කන්ඩායම

03/03/2026

PaRamount clash - 2026, opening ceremony

02/03/2026
PaRaMOUNT CLASH - 2026 opening ceremony
02/03/2026

PaRaMOUNT CLASH - 2026
opening ceremony

PARAMOUNT CLASH - 2026 තරඟයේ ජයග්‍රාහී කන්ඩායමට පිරිනමන ශූරතාවය සනත් ජයසූරිය ක්‍රීඩාංගනය වෙත රැඟෙන ඒම පාසල් දෙකේ ප්‍රධාන...
02/03/2026

PARAMOUNT CLASH - 2026

තරඟයේ ජයග්‍රාහී කන්ඩායමට පිරිනමන ශූරතාවය සනත් ජයසූරිය ක්‍රීඩාංගනය වෙත රැඟෙන ඒම පාසල් දෙකේ ප්‍රධාන ශිෂ්‍ය නායකයන් දෙපල විසින් සිදු කරන ලදී.

ප්‍රාධාන ආරාධිතයින් ලෙසින් පාලටුව ගුනරතන ව්ද්‍යාලය වෙනුවෙන් එම පාසලේ හිටපු ආචාර්ය වරියක වන වත්මන් ගරු ළමා හා කාන්තාකටයුතු කැබිනට් අමාත්‍ය සරෝජා පේල්රාජ් අමාත්‍යවරිය සහභාගී වූවාය.

රදම්පොල සුමංගල අප පාසල වෙනුවෙන් විශ්‍රාමික රේගු අධ්‍යක්ෂ අනුර වලවගේ ආදි සුමංගලයා සහභාගී විය. ආදිශිෂය සංගමයේ වත්මන් ප්‍රධාන ලේකම් අනුර විජේසිංහ මහතාද මේ අවස්තාවට එක් විය.

පාසල් දෙකේම ක්‍රිකට් කන්ඩායම් වෙත සුබපැතීම සඳහා ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ 146 වන ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා වන තෙලිජ්ජවිල මද්‍ය මහා විද්‍යාලයේ සහ මාතර සර්වේසස් විද්‍යාලයේ ආදිශිෂ්‍ය කසුන් රාජිත මහතා එක් විය. තවත් ආරධිතයන් කීප පොලක්ම මෙම අවස්තාවට එක් වූහ.

Address

Radampola Urugamuwa
Dikwella
MH 81200

Telephone

+94715308622

Website

Alerts

Be the first to know and let us send you an email when Past Pupils Association of Sri Sumangala Central College posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share