06/08/2026
Flood Situation Update | 06 August 2026
Current Situation
Floodwaters have receded in many parts of the country, and the flood warnings previously issued for the Kelani and Kalu River Basins have been withdrawn. However, the impacts of flooding continue in parts of the Mahaweli River Basin, where inspections and recovery activities are ongoing. In addition, the spill gates of the Kotmale and Polgolla reservoirs remain open.
Situation Overview
Heavy rainfall between 01–03 August resulted in flooding across several parts of Sri Lanka, with the Mahaweli River Basin experiencing the greatest impacts. While river levels have generally receded, some flood-affected areas continue to recover.
Mahaweli River Basin
Flood-affected conditions continue in parts of Udunuwara, Udapalatha, Doluwa, Kotmale, Pasbage, Ganga Ihala Korale, Pasbage Korale, Gangawata Korale, Harispattuwa, and Pathadumbara.
Kelani & Kalu River Basins
Flood warnings for the Kelani and Kalu River Basins have been withdrawn. However, the Kalu Ganga at Ratnapura remains at Alert Level and is gradually receding.
ගංවතුර තත්ත්වය පිළිබඳ යාවත්කාලීන කිරීම | 2026 අගෝස්තු 06
වත්මන් තත්ත්වය
දිවයිනේ බොහෝ ප්‍රදේශවල ගංවතුර ජලය මේ වන විට බැස යමින් පවතින අතර, කැලණි සහ කළු ගංගා ද්‍රෝණි සඳහා නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීම් ඉවත් කර තිබෙනවා. කෙසේ වෙතත්, මහවැලි ගංගා ද්‍රෝණියේ ඇතැම් ප්‍රදේශවල ගංවතුරේ බලපෑම් තවදුරටත් පවතින අතර, පිරික්සුම් සහ යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු අඛණ්ඩව සිදු කෙරෙමින් පවතිනවා. එමෙන්ම කොත්මලේ සහ පොල්ගොල්ල ජලාශවල වාන් දොරටු තවදුරටත් විවෘතව පවතිනවා.
පසුබිම
අගෝස්තු 01 සිට 03 දක්වා ඇදහැළුණු අධික වර්ෂාව හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසකට ගංවතුර තත්ත්වය ඇති වූ අතර, වැඩිම බලපෑම එල්ල වූයේ මහවැලි ගංගා ද්‍රෝණියටයි.
මහවැලි ගංගා ද්‍රෝණිය
ගංවතුරේ බලපෑම් උඩුනුවර, උඩපළාත, දොළුව, කොත්මලේ, පස්බාගේ, ගඟ ඉහළ කෝරළේ, පස්බාගේ කෝරළේ, ගඟවට කෝරළේ, හාරිස්පත්තුව සහ පාතදුම්බර ප්‍රදේශවල තවදුරටත් දක්නට ලැබෙනවා.
කැලණි සහ කළු ගංගා ද්‍රෝණි
නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීම් මේ වන විට ඉවත් කර තිබෙනවා. කෙසේ වෙතත්, රත්නපුර ප්‍රදේශයේ කළු ගඟේ ජල මට්ටම තවමත් අවධානය යොමු කළ යුතු මට්ටමේ (Alert Level) පවතින අතර, එය ක්‍රමයෙන් පහළ යමින් පවතිනවා.