12/08/2025
මේ කතාව එයාල වෙනුවෙන් ...
ඊයෙ (08/07 ) උගුලකට අහු වෙලා කකුලක් නැති වුනු පොඩි ඕලු මුව පැටියෙක් අපේ ගෙදරට අරන් එනවා, ඒ වෙනකොටත් එයාට ගොඩක් අසාධ්‍යයි , මද්දකට අහු වුනු කකුල හොඳටම නරක් වෙලා,මගෙ අම්ම සත්තුන්ට හරිම ආදරෙයි අම්මා vet කෙනෙක්ගෙන් අහල දන්න විදියට සතාට ප්‍රතිකාර කරත් ,එතනින් එහාට කරන්න පුලුවන් එකම දේ වනජීවී එක දැනුවත් කරන එක විටරයි. වනජීවී එකෙන් හෙට (08/ 08 )එන්නම් කියල කිව්වත් 08/08 උදේ 11.30ට විතර ඒ සතා දුක් විදල කෑ ගහල ,මැරිල ගිහින්.
දොස්තර කෙනෙක් ලෙඩෙක් අරන් ගියාම තව විනාඩියකට කලින් ගෙනාවනම් බේරගන්න තිබුණා කියනව නේද ,නිකමට හිතන්න දෙනියාය ,පල්ලෙගම අවට කොහෙවත් hospital එකක් තිබුණෙ නැත්නම් කොහොම වේවිද ?
,දෙණියාය කියන්නෙ සිංහරාජ රක්ෂිතයට ආසන්න ජෛව විවිධත්වයෙන් යුතු පරිසර කලාපයක්.සංරක්ෂණය කල යුතු සත්තු බොහොමයක් ඉන්නවා,දවසකට කොච්චර සත්තු මැරෙනවද තුවාල වෙනවද , අපේ ගෙදරටම දැන් මේ වගේ සත්තු 10කට වඩා ගේන්න ඇති හැබැයි ඒ එක් සතෙක්වත් බේරගන්න බැරි වුනා,
වන ජීවී එකට කතා කරාම ඒ අය එන්නෙ උඩවලව සිට හෝ මිරිස්ස ඉදල ඒ එනකොට වෙන්න ඕන දේවල් වෙලා ඉවරයි . මේ සත්තුන්ට කෑ ගහල කියන්න බෑ "අනේ මාව hospital දාන්න අය්යෝ "කියල , හැබැයි උන් වෙනුවෙන් අපිට කතා කරන්න පුලුවන් .
දැනුවත්ව හෝ නොදැනුවත්ව උඹල අපි ඔක්කොම මේ සත්තු නිසා කාල ඇදල ඉන්නවා, සංචාරකයො එන්නෙ අපිව බලන්න නෙවෙයි උන්ව බලන්න. ඒ එන සංචාරකයො නිසා බස් කොන්දොස්තර ,ත්‍රීවීල් driver, සිල්ලර කඩේ මනුස්සය වගේ ගොඩක් අය රුපියලක් හරි හම්බකරන් තියෙනව,
අවසානෙට කියන්න තියෙන්නෙ උන් වෙනුවෙන් අපි කතා කරන එක අපේ වගකීමක් , දෙනියායට වනජීවී කාර්‍යාලයක් ඕන දැනටමත් එක එක නම් වලින් එක එක කාර්‍යාල තිබුනට සතෙක්ට අනතුරක් වුනාම එන්න කෙනෙක් නෑ, මේ සත්තු ටික බේරගන්න මේ වෙනුවෙන් ක්‍රියාමාර්ගයක් ගන්න පුලුවන් විදියෙ වනජීවී කාර්‍යාලයක් දෙනියායට ඕන. අපිට පුලුවන් ඒ ගැන කියන්න විතරයි, හැබැයි බලය තියෙන කෙනෙක්ට පුලුවන් ඒ වෙනුවෙන් දෙයක් කරන්න. ඒ වගේ මනුස්සයෙක්ගෙ ඇහැ ගැටෙනකන් පුලුවන්නම් මේ කතාව අරන් යන්න. මේ මිනිස්සුන්ගෙ වැඩ නිසයි. සත්තු පව්