Inter Company Employees' Union

Inter Company Employees' Union Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Inter Company Employees' Union, Labor Union, No. 10, Council Lane, Dehiwala.

අන්තර් සමගම් සේවක සංගමය තවත් සටනක් ජයග්‍රාහීව අවසන් කරයි.======================================වසර පහකට  පමණ පෙර කටුනායක...
17/08/2026

අන්තර් සමගම් සේවක සංගමය තවත් සටනක් ජයග්‍රාහීව අවසන් කරයි.
======================================
වසර පහකට පමණ පෙර කටුනායක වෙළෙඳ කලාපයේ ඒ.ටී.ජී ඔකියුපේෂනල් ආයතනය (ATG Occupational) තුළ වෘත්තීය සමිතියක් ආරම්භ කිරීමට ගත් උත්සාහයේදී ඒ සඳහා නායකත්වය ගත් අන්තර් සමාගම් සේවක සංගමයට චින්තක ප්‍රදීප් සහෝදරයා ව්‍යාජ චෝදනා නගා සේවයෙන් පහ කරන ලදී..

ඊට විරුද්ධව ආයතනය තුළ දැවැන්ත අරගලයක් ක්‍රියාත්මක වූ අතර අවසානයේ අන්තර් සමාගම් සේවක සංගමයේ ශාඛාවක් එම ආයතනය තුළ පිහිටුවීමට හැකි වූ අතර සටනේ එක් අදියරක් ජයග්‍රහීව නිමා කරන ලදී.

අනෙක් අදියරේ ජයග්‍රාහනය පසුගියදා ලබාගන්නා ලදි. එනම් සටනට නායකත්වය ලබා දුන් චින්තක ප්‍රදීප් සහෝදරයා සෙවයෙන් පහ කිරීමට එරෙහිව පැවරු නඩුව පසුගියදා ජයග්‍රාහීව අවසන් විය. පළමුවර කම්කරු උසාවිය තුළ ලැබූ තීන්දුවට එරෙහිව ආයතන විසින් ඉහළ අධිකරණ තුල අභියාචනා සිදු කලද එම සෑම අධිකරණයක් තුළම අපගේ තර්කය ජයග්‍රහණය කරන ලදී.

ඒ අනුව අවසාන වශයෙන් ආයතනය චින්තක ප්‍රදීප් සහෝදරයා හිඟ වැටුප් සහිතව නැවත සේවය පිහිටුවීමට අදාල අධිකරණ නියෝගයට අනුව කටයුතු කරන ලදී. ඔහු අද දින (17) නැවත සේවයට වාර්ථා කල අතර උනුසුම් සහෝදරත්වයකින් ඔහුව පිළිගන්නා ලදි.

ජයග්‍රහණයන් එක් රැයකින් බලාපොරොත්තු නොවිය යුතු අතර පරාජය වන්නේ සටන් කිරීම අත්හරින මොහොතේ බවත් ජයග්‍රහණය තීරණය වන්නේ අත් නොහැර සටන් කිරීමෙන් බවත් පැහැදිලිය. මෙය අන්තර් සමාගම් සේවක සංගමයේ අත්නොහැර අවසානය දක්වා සටන් කිරීම පිළිබඳ තවත් එක් උදාහරණකි.

#අරගලය

හෙලීස් MGT ආයතනයේ සේවකයින්ගේ සේවා මුර ක්‍රමයේ පැවති ගැටලුව සඳහා අන්තර් සමාගම් සේවක සංගමයේ මැදිහත්වීම හරහා ප්‍රායෝගික විස...
11/08/2026

හෙලීස් MGT ආයතනයේ සේවකයින්ගේ සේවා මුර ක්‍රමයේ පැවති ගැටලුව සඳහා අන්තර් සමාගම් සේවක සංගමයේ මැදිහත්වීම හරහා ප්‍රායෝගික විසඳුමක් ලබා ගැනීමට හැකි විය.

මෙම ගැටලුව නිරාකරණය කරගැනීම සඳහා කම්කරු නියෝජ්‍ය අමාත්‍යය මහින්ද ජයසිංහ සහෝදරයා සහ කම්කරු දෙපාර්තමේන්තුවේ ශ්‍රම ප්‍රමිතිය අංශය සහ කාර්මික සම්බන්ධතා අංශය මැදිහත්විය.

අන්තර් සමාගම් සේවක සංගමයේ පැල්වත්ත කිරි සමාගම් ශාඛාවේ අභිමානවත් තුන්වන සංවත්සරික මහා සභාව පසුගියදා එම ආයතන පරිශ්‍රයේදී ස...
27/06/2026

අන්තර් සමාගම් සේවක සංගමයේ පැල්වත්ත කිරි සමාගම් ශාඛාවේ අභිමානවත් තුන්වන සංවත්සරික මහා සභාව පසුගියදා එම ආයතන පරිශ්‍රයේදී සංවිධානය විය.

මෙහිදී වෘත්තීය සමිතියක් ලෙස ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ යෝජනා සම්මත වූ අතර නව නිලධාරී මණ්ඩලය සහ විධායක සභිකයින් ඒකමතිකව මහසභාව විසින් පත් කරගන්නා ලදී.

මෙම මහ සභාව සඳහා සහෝදර ආයතනයක් වන පැල්වත්ත සීනි සමාගම් ශාඛාව නියෝජනය කරමින් එහි විධායක සභික ඉන්දික සහෝදරයා, බුත්තල ප්‍රාදේශීය සභාවේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රී මන්ත්‍රීවරුන්වන මැල් සහෝදරයා සහ චාමික සහෝදරයා සම්බන්ධ විය.

එසේම මෙම අවස්ථාවට අන්තර් සමාගම් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් නීතිඥ ජානක අධිකාරී සහෝදරයා සහ අන්ත‍ර් සමාගම් සේවක සංගමයේ උපසභාපති කනිෂ්ක නිරෝෂන් සහෝදරයාා සම්බන්ධ විය.

හදිසියේ අප අතරින් වෙන්වු PGP ග්ලාස් ආයතනයේ සේවය කල පී. ඩබ්ලිව් කපිල සහෝදරය ඔබට සුබ ගමන්
27/06/2026

හදිසියේ අප අතරින් වෙන්වු PGP ග්ලාස් ආයතනයේ සේවය කල පී. ඩබ්ලිව් කපිල සහෝදරය ඔබට සුබ ගමන්

රොයල් සෙරමික් හොරණ ශාඛාවේ 21 වන අභිමානවත් සංවත්සරික මහා සභාව පසුගියදා ඉතා උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.මෙහිදී නව නිලධාර...
19/06/2026

රොයල් සෙරමික් හොරණ ශාඛාවේ 21 වන අභිමානවත් සංවත්සරික මහා සභාව පසුගියදා ඉතා උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.

මෙහිදී නව නිලධාරි මණ්ඩල ඒකමතිකව පත්වීම සහ ඉදිරි වැඩපිළිවෙළට අදාළ යෝජනා රැසක් ඒකමතිකව සම්මත වීම සිදු විය.

මේ සඳහා අන්තර් සමාගම් සේවක සංගමය ප්‍රධාන ලේකම් නීතිඥ ජානක අධිකාරී සහෝදරයා සහ අන්තර් සමාගම් සේවක සංයමයේ උපසභාපති කණිෂ්ක නිරෝෂන් සහෝදරයා සම්බන්ධ විය.
එසේම රෝයල් සෙරමික් ඇහැළියගොඩ, රොසෙල් බාත්වෙයා, පිරමල් ග්ලාස් ඇතුළු සහෝදර ආයතනය සුබ පැතුම් ඉදිරිපත් කරමින් මෙම අවස්ථාවට එක්විය.

දිවයිනේ ප්‍රමුඛ පෙලේ ආයතනයක් වන සිංගර් ශ්‍රී ලංකා ආයතනයේ පිළියන්දල කර්මාන්තශාලාවේ සේවකයින් වෙනුවෙන්, අන්තර් සමාගම් සේවක ...
18/06/2026

දිවයිනේ ප්‍රමුඛ පෙලේ ආයතනයක් වන සිංගර් ශ්‍රී ලංකා ආයතනයේ පිළියන්දල කර්මාන්තශාලාවේ සේවකයින් වෙනුවෙන්, අන්තර් සමාගම් සේවක සංගමයේ සිංගර් ශ්‍රී ලංකා පිළියන්දල ශාඛාව සහ එම ආයතනය අතර සාර්ථක සාමාජික ගිවිසුමක් පසුගියදා අත්සන් තබන ලදී.

මෙහිදී වැටුප් වැඩිවීම් ඇතුළු සේවක ඉල්ලීම් විශාල ප්‍රමාණයක් ජයග්‍රහණය කර ගැනීමට හැකි විය.

මේ සඳහා අන්තර් සමාගම් සේවක සංගමයේ ජේෂ්ඨ උපසභාපති සෝමදාස වීරතුංග සහෝදරයා සහ සිංගර් ශ්‍රී ලංකා පිළියන්දල ශාඛාවේ නිලධාරි මණ්ඩලයේ සහෝදරවරු සම්බන්ධ විය.

අද දින ලාංකීය වැඩකරන ජනතාව නියෝජනය කරමින් අන්තර් සමාගම් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් නීතිඥ ජානක අධිකාරි සහෝදරයා ජාත්‍යන්තර ...
10/06/2026

අද දින ලාංකීය වැඩකරන ජනතාව නියෝජනය කරමින් අන්තර් සමාගම් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් නීතිඥ ජානක අධිකාරි සහෝදරයා ජාත්‍යන්තර කම්කරු සම්මේලනයේ 114 වන සැසිවාරය අමතන ලදී.

මෙහිදී මෙවර සමුළුව ඇමතීමට පදනම් කරගනු ලැබුවේ කම්කරු සම්මේලනයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඉදිරිපත් කරන ලද "A moment of choice : Harnessing Artificial Intelligence for Decent Work" යන වාර්තාවයි.

එහිදී ඔහු විසින් පහත කරුණු අවධාරණය කලේය.
1.තාක්ෂණයේ දියුණුවට වැඩකරන ජනයාට විරුද්ධ විය නොහැක. මන්ද එය වැඩකරන ජනයාගේ සාමුහික නිර්මාණයක් බැවිනි.

2.කාර්මික විප්ලවය සමයේද මෙවැනිම සාකච්චාවක් පැන නැගුණි. "Luddite Movement" නවීන යන්ත්‍රසූත්‍ර විනාශ කිරීම දක්වා එය දික් ගැසුණි.

3.ප්‍රතිවිරෝධය ඇත්තේ තාක්ෂණය හා රැකියා අතර නොව, තාක්ෂණය හා එය කෙසේ යොදවන්නේද යන කරුණු මත බවය.

4.අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ වාර්තාවේ සඳහන් පරිදි, තාක්ෂණය යෙදවීම යනු සමාජීය සහ දේශපාලනික තේරීමක් බව අපි සම්පූර්ණයෙන්ම අනුමත කරමු.

5.අද දවසේ තාක්ෂණික දියුණුව සමාජ සුභසාධනය වෙනුවට අධිරාජ්‍යවාදී යුධ වුවමනාව වෙනුවෙන් යෙදවීම තුල ලෝක වැඩකරන ජනතාවට සිදුව ඇති හානිය අති විශාලය. එය තාක්ෂණයේ අවභාවිතා කිරීමකි.

6.ලෝක සාමය වෙනුවෙන් වැඩකරන ජනතාවගේ කැපවීම මේ යුගයේ සැබෑ අවශ්‍යතාවක් බව තහවුරුව ඇත.
මෙම සමුළුව මේ වන විට ස්විස්ටර්ලන්තයේ පැවැත්වේ.

Today, representing the working people of Sri Lanka, Attorney Janaka Adhikari, General Secretary of the Inter-Company Employees' Union (ICEU), addressed the 114th session of the International Labour Conference.

This address was based on the report presented by the Director-General of the International Labour Organization (ILO) titled, "A moment of choice: Harnessing Artificial Intelligence for Decent Work."

In his address, he emphasized the following points:
1.The working class cannot oppose technological advancement, as it is a collective creation of the working people themselves.

2.A similar discussion arose during the Industrial Revolution, which escalated to the point where the "Luddite movement" began destroying modern machinery.

3.The contradiction lies not between technology and employment, but in how technology is applied.

4.As stated in the Director-General's report, the application of technology is a social and political choice—a position we fully endorse.

5.Today, the application of technological advancements for imperialist war interests instead of social welfare has caused immense harm to the global working class. This represents a misuse of technology.

6.The commitment of the working people to world peace has proven to be a vital necessity in this era.
The conference is currently being held in Switzerland.

මැදපෙරදිග කලාපය තුළ පවතින ඇමරිකානු - ඊශ්‍රායල හමුදා ක්‍රියාකාරීත්වය හේතුවෙන්, බහරේනයේ පැවැත්වීමට සැලසුම් කර තිබූ ලෝක වෘත...
14/05/2026

මැදපෙරදිග කලාපය තුළ පවතින ඇමරිකානු - ඊශ්‍රායල හමුදා ක්‍රියාකාරීත්වය හේතුවෙන්, බහරේනයේ පැවැත්වීමට සැලසුම් කර තිබූ ලෝක වෘත්තීය සමිති සම්මේලනයේ (WFTU) සභාපති මණ්ඩල රැස්වීම, මැයි 12 දින සූම් (Zoom) තාක්ෂණය ඔස්සේ ආරම්භ කරන ලදී.

​මෙම රැස්වීමේදී ලොව පුරා පවතින කම්කරු පන්ති ව්‍යාපාරයන්හි වර්තමාන තත්ත්වය පිළිබඳව අවධානය යොමු කළ අතර, පසුගිය වසර තුළ ලෝක වෘත්තීය සමිති සම්මේලනයේ ක්‍රියාකාරකම් සහ කාර්ය සාධනය ඇගයීමට ලක් කිරීමට සහ වැඩකරන පංතිය නියෝජනය කරන වෘත්තීය සමිති ව්‍යාපාරයේ ශක්තීන් සහ විභවයන් හඳුනා ගැනීම ද මෙහිදී සිදු කිරීමට නියමිතයි. එසේම 2026 වසර සඳහා වන උපායමාර්ගික මාර්ග සහ ක්‍රියාකාරී සැලැසුම් සකස් කිරීම මෙහිදී සිදු කිරීමට නියමිතයි.

​අන්තර් සමාගම් සේවක සංගමයේ (ICEU) ප්‍රධාන ලේකම් සහ ලෝක වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති මණ්ඩල සාමාජික, නීතිඥ ජනක අධිකාරි සහෝදරයා මෙම රැස්වීම සඳහා සහභාගී වෙමින් සිටී.

The Presidential Council Meeting of the World Federation of Trade Unions (WFTU) , originally scheduled to be held in Bahrain, was starting
today (May 12) via Zoom due to the ongoing American-Israeli military aggression in the
Middle East.

This meeting focusing on the current movements of the working class across the world and Evaluating the WFTU’s activities and performance over the past year.

And also Identifying the strengths and potential of the class-oriented trade union movement. Finally Formulating the strategic roadmap and action plan for the year 2026.

Comrade Janaka Adhikari, General Secretary of the Inter Company Employees' Union (ICEU) and a member of Presidential council of the WFTU, participating in this meeting.

අන්තර් සමාගම් සේවක සංගමයේ පුත්තලම සියාම්සිටි ලංකා ශාඛාවේ 08වන අභිමානවත් මහසභා රැස්වීම පසුගියදා පැවැත්විණ.මේ සදහා අන්තර් ...
13/05/2026

අන්තර් සමාගම් සේවක සංගමයේ පුත්තලම සියාම්සිටි ලංකා ශාඛාවේ 08වන අභිමානවත් මහසභා රැස්වීම පසුගියදා පැවැත්විණ.

මේ සදහා අන්තර් සමාගම් සේවක සගමයේ ජේෂ්ඨ උප සභපති සෝමදාස වීරතුංග සහෝදරයා සම්බන්ධවිය. එහිදී එම ශාකඛාවට නායකත්වය දීමට නව නිලධාරීමණ්ඩලයක් පත් වූ අතර ඉදිරි වැඩ කටයුතු සදහා අදාල යෝජනා ඒකමතිකව සම්මතවිය.

11/05/2026

Address

No. 10, Council Lane
Dehiwala

Alerts

Be the first to know and let us send you an email when Inter Company Employees' Union posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Inter Company Employees' Union:

Shortcuts

Share

Category