Dambulu Hawula - දඹුලු හවුල

Dambulu Hawula - දඹුලු හවුල Informations de contact, plan et itinéraire, formulaire de contact, heures d'ouverture, services, évaluations, photos, vidéos et annonces de Dambulu Hawula - දඹුලු හවුල, Matale.

22/06/2026

"Hold SLC Elections or Get Blacklisted, ICC Informs President AKD" යන සිරස්තලයෙන් ඩේලි මිරර් පුවත්පතේ මුල් පිටුවේ පළ කර ඇති අසත්‍ය සහ නොමඟ යවනසුළු පුවත රජය දැඩි ලෙස ප්‍රතික්ෂේප කරයි.

මේ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය ඒකකය නිකුත් කර තිබෙන නිවේදනය පහත දැක්වේ.

ඩේලි මිරර් පුවත්පතේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සම්බන්ධයෙන් පළ වූ අසත්‍ය පුවත රජය ප්‍රතික්ෂේප කරයි.

"Hold SLC Elections or Get Blacklisted, ICC Informs President AKD" යන සිරස්තලයෙන් ඩේලි මිරර් පුවත්පතේ මුල් පිටුවේ පළ කර ඇති අසත්‍ය සහ නොමඟ යවනසුළු පුවත රජය දැඩි ලෙස ප්‍රතික්ෂේප කරයි.

මෙම වාර්තාවට කිසිදු සත්‍ය පදනමක් නොමැති අතර, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) සභාපති Jay Shah මහතා අතර ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැති හමුව සිතාමතාම විකෘති කර දැක්වීමකි.

මෙම සාකච්ඡාවේදී ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුව, බිම් මට්ටමින් සහ තරුණ තරුණියන් සඳහා වන ක්‍රිකට් වැඩසටහන් මෙන්ම තරුණ ක්‍රීඩකයන් සඳහා අවස්ථා පුළුල් කිරීම පිළිබඳව අවධානය යොමු වූ බව ජනාධිපතිවරයා සහ ICC සභාපතිවරයා යන දෙදෙනාම සිය X ගිණුම් ඔස්සේ නිල වශයෙන් තහවුරු කළහ. එහිදී කිසිදු අවසාන නිවේදනයක්, අසාදු ලේඛනයට ඇතුළත් කිරීමේ තර්ජනයක් හෝ නිලවරණයට අදාළ කරුණක් සාකච්ඡා නොවූ අතර, එවැනි කිසිදු අවසාන නිවේදනයක් නිකුත් කර නොමැත.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ICC සභාපතිවරයා යන දෙදෙනාගේම නිල ප්‍රකාශයන් සෘජුවම පරිශීලනය කිරීමට පාඨකයන්ට අවස්ථාව තිබියදී, මෙවැනි ප්‍රබන්ධිත පුවතක් පළ කිරීම අදාළ පුවත්පතේ විශ්වසනීයත්වය තවදුරටත් පළුදු කිරීමට හේතු වේ. එම අසත්‍ය පුවත සම්බන්ධයෙන් වන මෙම නිවේදනය ප්‍රසිද්ධියේ පළ කරන ලෙසත්, අදාළ පුවත මුද්‍රිත සහ අන්තර්ජාල සංස්කරණය යන දෙකෙන්ම ඉවත් කර ගැනීමට කටයුතු කරන ලෙසත් රජය ඩේලි මිරර් පුවත්පතෙන් ඉල්ලා සිටියි.

ගම් දහසක් වැඩ දහසක් යටතේ ආයෝජන ව්‍යාපෘති රැසක්.
02/06/2026

ගම් දහසක් වැඩ දහසක් යටතේ ආයෝජන ව්‍යාපෘති රැසක්.

Adresse

Matale

Téléphone

+94775448485

Site Web

Notifications

Soyez le premier à savoir et laissez-nous vous envoyer un courriel lorsque Dambulu Hawula - දඹුලු හවුල publie des nouvelles et des promotions. Votre adresse e-mail ne sera pas utilisée à d'autres fins, et vous pouvez vous désabonner à tout moment.

Contacter L’organisation

Envoyer un message à Dambulu Hawula - දඹුලු හවුල:

Raccourcis

Partager