PBEU-National Savings Bank Branch

PBEU-National Savings Bank Branch ප්‍රගති බැංකු සේවක සංගමය ජාතික ඉතිරිකිරීමේ බැංකු ශාඛාව

02/05/2026

ප්‍රගති මැයි දින පෙළපාලිය 2026 🚩

ජාත්‍යන්තර කම්කරු දින සැමරුම-2026 වෙනුවෙන් සංවිධානය කල ප්‍රගති මැයි දින පෙළපාලිය කොළඹ නව නගර ශාලාව අසලින් සාර්ථකව අවසන් ...
01/05/2026

ජාත්‍යන්තර කම්කරු දින සැමරුම-2026 වෙනුවෙන් සංවිධානය කල ප්‍රගති මැයි දින පෙළපාලිය කොළඹ නව නගර ශාලාව අසලින් සාර්ථකව අවසන් විය. 🚩🚩🚩

මැයි 01 – සාධාරණ බදු ප්‍රතිපත්තියකට බල කරන ශක්තිමත් කම්කරු හඬක් වෙනුවෙන් එකමුතුවෙමු! ප්‍රගති බැංකු සේවක සංගමයේ සියලුම සා...
27/04/2026

මැයි 01 – සාධාරණ බදු ප්‍රතිපත්තියකට බල කරන ශක්තිමත් කම්කරු හඬක් වෙනුවෙන් එකමුතුවෙමු!

ප්‍රගති බැංකු සේවක සංගමයේ සියලුම සාමාජික සහෝදර සහෝදරියන් වෙත,

මෙවර මැයි දිනය බැංකු සේවක අපගේ අයිතිවාසිකම්, ගෞරවය සහ අනාගතය වෙනුවෙන් ශක්තිමත් ලෙස හඬ නැගීමට ලැබෙන වැදගත් අවස්ථාවක් වේ.
එබැවින්, ප්‍රගති බැංකු සේවක සංගමය විසින් සංවිධානය කරනු ලබන මැයි දින රැලියට ඔබ සියලුදෙනාගේ සහභාගීත්වය ඉතාමත් සහෝදරත්වයෙන් අපේක්ෂා කරමු.

📅 දිනය: 2026.05.01
⏰ වේලාව: පෙ.ව. 11.00
📍 ස්ථානය: කොළඹ නව නගර ශාලාව

ඔබගේ සහභාගීත්වය අපගේ ශක්තියයි. සහෝදර ඔබ සියලුදෙනාම අනිවාර්යයෙන් එක්වන්න!

✊ ප්‍රගති බැංකු සේවක සංගමය

සුබ අලුත් අවුරුද්දක් වේවා..!
14/04/2026

සුබ අලුත් අවුරුද්දක් වේවා..!

16/03/2026

සාතිශය සංවේගය..🏳️
09/03/2026

සාතිශය සංවේගය..🏳️

ප්‍රගති බැංකු සේවක සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීම කොළඹ කොටුව, ලංකා බැංකු නගර කාර්යාලීය ශ්‍රවණාගාරයේදී 2026 පෙබරවාරි 04 ව...
05/02/2026

ප්‍රගති බැංකු සේවක සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීම කොළඹ කොටුව, ලංකා බැංකු නගර කාර්යාලීය ශ්‍රවණාගාරයේදී 2026 පෙබරවාරි 04 වන දින සාර්ථකව අවසන් වූ අතර මව් සංගමය ඇතුළු සියලු ශාඛා සංගම්වල 2026-2027 වර්ෂයන් සඳහා අදාළ නව නිලධාරී මණ්ඩල පත් කිරීම සහ 2024-2025 මුදල් වර්ෂයට අදාල ගිණුම් වාර්තා අනුමත කිරීම සිදුකරන ලදී.
මෙහිදී ජාතික ඉතිරිකිරීමේ බැංකුව නියෝජනය කරමින් කරමින් කැලුම් ලියනගේ සහෝදරයා මව් සංගමයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති වශයෙන් තේරී පත්වූ අතර රනුක මුණසිංහ සහෝදරයා මව් සංගමයේ උප ලේකම් තනතුරකට තේරී පත්විය.

✅ ජාතික ඉතිරිකිරීමේ බැංකු ශාඛාවේ නව නිළධාරී මණ්ඩලය.
> සභාපති - උදාර වීරසිංහ (ඇඹිලිපිටිය ශාඛාව)
> ලේකම් - කැලුම් ලියනගේ (කාඩ්පත් අංශය)
> භාණ්ඩාගාරික - දුමින්ද වේලාහෙට්ටි (කරාපිටිය ශාඛාව)
> ජ්‍යෙෂ්ඨ උප සභාපති - ඉසුරු වීරසිංහ (ශාඛා කළමනාකරණ අංශය)
> ජ්‍යෙෂ්ඨ උප ලේකම් - බුද්ධික කැන්දරගම (මහනුවර ශාඛාව)
> උප සභාපති - දුමින්ද චාමර (කඩුවෙල ශාඛාව)
> උප ලේකම් - රනුක මුණසිංහ (මූල්‍ය හා සැලසුම් අංශය) > උප ලේකම් - AB දිලංක (බොරැල්ල ශාඛාව)
> උප ලේකම් - දුමිදු දිසානායක (පුවක්අරඹ ශාඛාව)
> උප භාණ්ඩාගාරික - බුද්ධිකා මනම්පේරි (තැපැල් බැංකු අංශය)

✅ ජාතික ඉතිරිකිරීමේ බැංකු ශාඛාව වෙනුවෙන් මව් සංගමයේ විධායක සභාව නියෝජනය.
> බුවනක රවිශංක (මූල්‍ය හා සැලසුම් අංශය)
> සචිත් නුවංක (විගණන අංශය)
> රිසිත විජේසිංහ (අන්තර්ජාතික බැංකු අංශය)
> ඉසුරු වනිගසේකර (ශාඛා කළමනාකරණ අංශය)

2026-2027 කාලසීමාව සඳහා තේරී පත්වූ මව් සංගමය සහ සියලු ශාඛා සංගම්වල නව නිලධාරී මණ්ඩලයන්ට අපගේ හෘදයාංගම සුභ පැතුම් එක් කර සිටිමු.

ප්‍රගති බැංකු සේවක සංගමයට ජය වේවා..! 🚩

ආදරණීය දමිල සහෝදර සහෝදරියන්ට සුබ තෛයිපොංගල් දිනයක් වේවා..!
15/01/2026

ආදරණීය දමිල සහෝදර සහෝදරියන්ට සුබ තෛයිපොංගල් දිනයක් වේවා..!

Address

No 255, Galle Road, Colombo 03
Colpetty

Website

Alerts

Be the first to know and let us send you an email when PBEU-National Savings Bank Branch posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to PBEU-National Savings Bank Branch:

Shortcuts

Share

Category