Awadi Foundation

Directions

Awadi Foundation ආදරය අපේ දරුවන්ටයි
Love for Children

රුදුරු ජල කඳ  තෙත බරිත කොටදියේ ගිල්වා විනාශ කළදරුවන්ගේ සිහිනයන්ට පණ දෙන්නඅපි ආදරය රැගෙන ගිය වගයි...
20/12/2025

රුදුරු ජල කඳ තෙත බරිත කොට
දියේ ගිල්වා විනාශ කළ
දරුවන්ගේ සිහිනයන්ට පණ දෙන්න
අපි ආදරය රැගෙන ගිය වගයි...

18/12/2025
ආදරය අපේ දරුවන්ටයි
11/12/2025

ආදරය අපේ දරුවන්ටයි

සිහිනයෙන් කොටසක් ඔවුන්ට දෙන්න !රුදුරු ජල කඳ  තෙත බරිත කොට දියේ ගිල්වා විනාශ කළ දරුවන්ගේ සියළු සිහිනයන්ට අපි නැවත පණ දෙමු...
06/12/2025

සිහිනයෙන් කොටසක් ඔවුන්ට දෙන්න !

රුදුරු ජල කඳ තෙත බරිත කොට දියේ ගිල්වා විනාශ කළ දරුවන්ගේ සියළු සිහිනයන්ට අපි නැවත පණ දෙමු !

දෙහිඅත්තකණ්ඩිය .
සේරුපිටිය මහා විද්‍යාලය දරුවන් 57 දෙනෙකුගේ අධ්‍යාපනය නැවත නගා සිටවීම සඳහා ඔබේ සිහිනයෙන් කොටසක් ඔවුන්ට ලබා දෙන්න.

පොත් බෑග්
සපත්තු ලබා ගැනීමට තෑගි වවුචර්
අභ්‍යාස පොත් සහ උපකරණ

අවදි පදනම
ආදරය අපේ දරුවන්ටයි

කතා කරන්න
077 3089501 / 077 6484168
071 2667893 / 071 0332290 / 077 7936775

#දරුවන්ටඅනාගතයක්

බෙල් එක වදින පමාවට...පීරියඩ් එකෙන් පීරියඩ් එකටහති දමාගෙන, පුස්තකාලයට දුවගෙන ඇව්ත්රාක්ක පීරමින්"ටීච..අලුත් පොත් නැද්දැයි ...
06/12/2025

බෙල් එක වදින පමාවට...
පීරියඩ් එකෙන් පීරියඩ් එකට
හති දමාගෙන,
පුස්තකාලයට දුවගෙන ඇව්ත්
රාක්ක පීරමින්
"ටීච..අලුත් පොත් නැද්දැයි අසන
පොඩි වුන්ට....
සතුට බෙදන පොලියානා,හයිඩි,ඈන් විතරක් නෙවේ...
එමිලි,ජේන් අයර්,ඔලිවර් ටිවිස්ට්,හැරී පෝටර් ගං වතුරේ සැඟවුණ බව...
ශර්ලොක් හෝම්ස්ටවත් හොයාගන්න බැරි දුරක ගිය
බවත්...
හකල්බරිගේ හපන්කම්
පවා දුබලව ගිය හැඩත්....
අම්මා කඳුළු සලමින්
සැබෑ මිනිසකුගේ කතාවක් සොයන බවත්
මැටි ගෙදර ළමයි
අතුරුදන් වුණු හැටිත්
මඩොල් දූවක් වගේ
කොරල් දූපතක් වගේ..
අපේ ඉස්කෝලෙත් හරියටම
හරි පුදුම ඉස්කෝලයක් වෙලා
කියලා
මම කියන්නේ කොහොමද...
ලයිබ්‍රියට හෙට එනකොට.....
....පුස්තකාලයාධිපති
අනුරාධපුර මධ්‍ය විද්‍යාලය...

පුස්තකාලයට අවශ්‍ය පොත්
ලේඛනය
1.උසස් පෙළ විද්‍යා විෂය පොත්
2 උසස් පෙළ ගණිත විෂය පොත්
3 සම්පත් පොත්(විද්‍ය/ගණිත)අත්‍යවශ්‍යයි.
4 උසස් පෙළ කලා විශය පොත්
5 උසස් පෙළ වාණිජ විෂය පොත්
6 උසස් පෙළ තාක්ෂණ විෂය
පොත්
7 උසස් පෙළ භාශා විෂය පොත්
හින්දි,චීන,ජපන්,ජර්මන්,ප්‍රංශ
8 සිංහල නවකතා,කෙටිකතා,කවිපොත්
9 පරිවර්තන පොත්
අපට ලැබීමට සලස්වන්න...

අපි අලුත් පිටුවකින් පටන්ගමු

කළුතර තිස්ස විද්‍යාලයෙන් ලද ඇගයීම
02/12/2025

කළුතර තිස්ස විද්‍යාලයෙන් ලද ඇගයීම

2024 අප්‍රේල් 08 වැනිදා කළුතර තිස්ස විද්‍යාලයේ සිසු සිසුවියන් වෙනුවෙන් සංවිධාන කළ වැඩමුළුව
02/12/2025

2024 අප්‍රේල් 08 වැනිදා කළුතර තිස්ස විද්‍යාලයේ සිසු සිසුවියන් වෙනුවෙන් සංවිධාන කළ වැඩමුළුව

2024 මාර්තු 22 වැනිදා නුගේගොඩ ශාන්ත ජෝශප් බාලිකා විද්‍යාලයීය උසස් පෙළ ශිෂ්‍යාවන් වෙනුවෙන් පැවැත්වූ වැඩමුළුව
02/12/2025

2024 මාර්තු 22 වැනිදා නුගේගොඩ ශාන්ත ජෝශප් බාලිකා විද්‍යාලයීය උසස් පෙළ ශිෂ්‍යාවන් වෙනුවෙන් පැවැත්වූ වැඩමුළුව

2024 පෙබරවාරි 07 කොළඹ ලුම්බිණි විද්‍යාලයීය දරුවන් වෙනුවෙන් පැවැත්වූ වැඩමුළුව
02/12/2025

2024 පෙබරවාරි 07 කොළඹ ලුම්බිණි විද්‍යාලයීය දරුවන් වෙනුවෙන් පැවැත්වූ වැඩමුළුව

Address

7A, Ocean Tower , Colombo 04
Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Awadi Foundation posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share