06/07/2026
පොසොන් පොල් රොටී දන්සල
ප්‍රගති බැංකු සේවක සංගමය විසින් පොසොන් පොහොයට සමගාමීව වසරක් පාසා පවත්වන පොල් රොටී දන්සල මෙවරත් අනුරාධපුර රුවන්වැලි මහ සෑ පුද බිමේදී සුවහසක් බැතිමතුන්ගේ කුසගිනි විඩාව නිවාලමින් ඉතා සාර්ථකව පැවැත්විණි.
පොසොන් පොහෝ දින සවස 6ට ආරම්භ වූ රොටී දන්සල පසුදා උදෑසන 3 වන තෙක් පැය නවයකට අධික කාලයක් පුරා පැවති අතර ඒ සඳහා මහජන බැංකුවේ ගරු සභාපති නාරද ප්‍රනාන්දු මැතිතුමා, මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී ක්ලයිව් ෆොන්සේකා මැතිතුමා සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි මහත්ම මහත්මීන් සහභාගි විය. තවද ප්‍රගති බැංකු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් A.K.බණ්ඩාර සහෝදරයා , මහජන බැංකුවේ අනුරාධපුර ප්‍රාදේශීය ප්‍රධාන කාර්‍යාලයේ සුරංග සහෝදරයා, වවුනියාව ප්‍රාදේශීය ප්‍රධාන කාර්‍යාලයේ දීපාල් සහෝදරයා සහ ශාඛා සංගම් වල නායක සහෝදරයන් ඇතුලු ප්‍රගති සාමාජිකත්වය මේ සඳහා සහභාගී විය.
මෙම මහඟු පුණ්‍යකර්මයට සංගම් බේදයකින් තොරව සහයෝගය දැක්වූ රාජ්‍ය බැංකු සියල්ලේම සහෝදර සහෝදරියන්ට ගෞරවපූර්වක ස්තූතිය පිරිනමා සිටිමු.
ප්‍රගති බැංකු සේවක සංගමය
මහජන බැංකු ශාඛාව