Centre For Environmental Justice - පරිසර යුක්ති කේන්ද්රය

  • Home
  • Sri Lanka
  • Colombo
  • Centre For Environmental Justice - පරිසර යුක්ති කේන්ද්රය

Centre For Environmental Justice - පරිසර යුක්ති කේන්ද්රය Centre for Environmental Justice/ Friends of the Earth Sri Lanka is an Environmental Organisation based in Sri Lanka established in 2004.
(2)

කොළඹ- නිපොන් හෝටලයේදී පැවැත් වූ  මාධ්‍ය හමුව - 2026.06.09ශ්‍රී ලංකාව මිල අධික පොසිල ඉන්ධන උගුලක සිර වෙමින් LNG සඳහා සැලස...
10/06/2026

කොළඹ- නිපොන් හෝටලයේදී පැවැත් වූ මාධ්‍ය හමුව - 2026.06.09

ශ්‍රී ලංකාව මිල අධික පොසිල ඉන්ධන උගුලක සිර වෙමින් LNG සඳහා සැලසුම් වූ බලාගාර පවත්වාගෙන යයි. LNG බලාගාරයක් පවත් වාගෙන යාමට පමණක් වසරක් තුලදී ඇ.ඩො. මි.1200 ක් වැය කරයි.
දේශීය පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වෙත මාරුවීම වෙනුවට ආනයනික ඉන්ධන මත යැපීම වේගවත් කරන යටිතල පහසුකම් සඳහා රට ආයෝජනය කරමින් සිටී. ලං .වි. ම. දිගු කාලීන ජනන සැලැස්ම රටේ අනාගත බලශක්ති ප්‍රවනතාවයන් කෙරෙහි දක්වා ඇත්තේ තිරසර ක්‍රමවේදයන් නොවේ.350MV ක ධාරිතාවකින් යුත් " සොබාදනවි" ඩීසල් මත ධාවනය වන නමුත් එය LNG සඳහා නිර්මාණය වූවකි. මෙහි තවත් බලාගාරයක් BOOT පදනම යටතේ නිර්මාණය කරමින් පවතී. ගැටළුව පවතින්නේ සූර්ය බලශක්තිය සුළං මෙන්ම බැටරි බලශක්ති ගබඩා පද්ධති සමඟ පුනර්ජනනීය බලශක්ති ප්‍රභව පිළිබඳව ගැඹුරින් දකින්නේ නම් හරිතාගාර වායු විමෝචනය කරන බලාගාර වලට ඉඩ දෙන්නේ ඇයි? ද යන ප්‍රශ්නය යි. වහල මත ස්ථාපිත සූර්ය බලශක්ති පද්ධති අධෛර්යමත් කරමින් රජය ප්‍රතිපත්ති සකසා ඇත. පාරිසරික බලපෑම් තක්සේරුකරණ ක්‍රියාවලිය මගහැර යාම සඳහා විශාල ව්‍යාපෘති කුඩා ව්‍යාපෘති වලට කොටස්කර ආයෝජ කයින්ට ක්‍රියාත්මක කිරීමට උපදෙස් දී ඇත. හම්බන්තොට 150MW ක සූර්ය බල ව්‍යාපෘතියක් කුඩා පරිමාණ ආයෝ ජකයින් 12 දෙනෙක් අතර බෙදා දීම එක් උදාහරණය කි. අපේක්ෂිත ඉන්ධන භාවිතයෙන් තොරව විකල්ප ඉන්ධන යොදා ගනිමින් ඒවා ක්‍රියාත්මක කිරීම ආර්ථික වශයෙන් අවාසි සහගත සහ පාරිසරික වශයෙන් විනාශකාරී සහ අදුරදර්ශී පියවරක් වන අතර එවැනි ව්‍යාපෘති මහජන මත විමසුමට ලක් කළ යුතු බව පරිසර යුක්ති කේන්ද්‍රයේ අදහසයි.

මෙම මාධ්‍ය හමුවේදී පරිසර යුක්ති කේන්ද්‍රයේ සභාපති හේමන්ත විතානගේ , විධායක අධ්‍යක්ෂ දිලෙන පාත්‍රාගොඩ, පරිසර නිලධාරි ඉන්දික රාජපක්ෂ කරුණු දැක්වීය.

පරිසර දිනය අර්ථවත් කළ බිබිලේ ප්‍රජාව🌱💚2026 ජුනි 05 ට යෙදුනු ජගත් පරිසර දිනයට සමගාමීව පරිසර යුක්ති කේන්ද්‍රයේ ක්‍රියාකාරී...
08/06/2026

පරිසර දිනය අර්ථවත් කළ බිබිලේ ප්‍රජාව🌱💚

2026 ජුනි 05 ට යෙදුනු ජගත් පරිසර දිනයට සමගාමීව පරිසර යුක්ති කේන්ද්‍රයේ ක්‍රියාකාරීත්වයන් තුළින් බලගැන්වූ වනලිය පරිසර සංවිධානය කරමැටිය, දීකිරිගොල්ල, බුබුල, කුරුවිතැන්න පරිසර සංවිධාන විසින් ප්‍රජා මූලිකත්වයෙන් පරිසරය සුරැකීම පෙරදැරිව ප්‍රජා සහහාගීත්වය ඇතිව රුක්රෝපණ වැඩසටහන් මෙන්ම ශ්‍රමදාන වැඩසටහන් මාලාවක් දියත් කරන ලදී. ගෙවී ගිය කෙටි කාලය තුල මෙම සංවිධාන ප්‍රජා ක්‍රියාකාරීත්වය තුළින් දිරිමත්ව ඉදිරියට පැමිණ ඇත. 🌏🌱

Bibile Communities Meaningfully Celebrated World Environment Day 🌱

In line with World Environment Day 2026, celebrated on 05th June 2026, community-based environmental initiatives were successfully carried out by the Waneliya Environmental Organization in Kerametiya, Deekirigolla, Bubula, and Kuruwitenna environmental community groups, which have been strengthened through the activities of the CEJ.

With active community participation and a strong commitment toward environmental protection, the groups organized a series of tree planting campaigns and community clean-up (Shramadana) programs.

Within a short period of time, these community organizations have shown remarkable progress and dedication through their collective environmental actions, becoming an inspiring example of grassroots environmental stewardship. 🌍💚

🚨 Court Case Against Using Tractors for Madel (Beach Seine) Fishing 🛑🌊The petition filed by the Centre for Environmental...
01/06/2026

🚨 Court Case Against Using Tractors for Madel (Beach Seine) Fishing 🛑🌊

The petition filed by the Centre for Environmental Justice (CEJ), Hemantha Withanage, Dilena Pathragoda and other directors against permitting the use of tractors for beach seine (Madel) fishing was called before the Court of Appeal today. ⚖️👇

Key Issues Raised in the Petition:

🎣 Injustice to Traditional Fishermen: Replacing manual labor with tractors severely impacts the livelihoods of traditional fishermen who have engaged in sustainable beach seine fishing for generations.

🏖️ Environmental Destruction: Pulling heavy nets using tractors causes massive beach erosion and inflicts severe damage on sensitive coastal ecosystems.

🏨 Blow to Tourism: The destruction of natural beaches and coastal landscapes poses a direct threat to the sustenance of the local tourism industry.

What Happened in Court Today? 🤔
It was highlighted that based on a few temporary permits issued around 2020 due to certain political motives, this illegal practice is now being carried out across various parts of the country without any valid authorization. 🚫

However, when the case was called today, the Attorney General had not received instructions on behalf of the Inspector General of Police (IGP), and there was no representation for him. Consequently, the Court of Appeal postponed the case to July 16th. ⏳

Attorneys Dr Ravindranath Dabare, Savanthi Ponnamperuma, and Kanchana Balachandra appeared on behalf of the petitioners .💪🇱🇰

🚨 ට්‍රැක්ටර් යොදාගෙන මාදැල් ඇදීමට එරෙහි නඩුව 🛑🌊ට්‍රැක්ටර් භාවිතයෙන් මාදැල් ඇදීමට අවසර දීමට එරෙහිව සහ ඊට විරෝධය පාමින් පර...
01/06/2026

🚨 ට්‍රැක්ටර් යොදාගෙන මාදැල් ඇදීමට එරෙහි නඩුව 🛑🌊

ට්‍රැක්ටර් භාවිතයෙන් මාදැල් ඇදීමට අවසර දීමට එරෙහිව සහ ඊට විරෝධය පාමින් පරිසර යුක්ති කේන්ද්‍රය (CEJ), හේමන්ත විතානගේ මහතා සහ දිලෙන පාත්‍රාගොඩ ඇතුළු අධ්‍යක්ෂවරුන් ඉදිරිපත් කළ පෙත්සම අද දින අභියාචනාධිකරණයේදී කැඳවනු ලැබුවා. ⚖️👇

පෙත්සමෙන් මතු කරන ප්‍රධාන ගැටලු:

🎣 සාම්ප්‍රදායික ධීවරයින්ට සිදුවන අසාධාරණය: වෙරළ කලාපයේ පාරම්පරිකව මාදැල් කර්මාන්තයේ යෙදෙන ධීවරයින්ගේ ජීවනෝපායට මෙයින් දැඩි බලපෑම් එල්ල වේ.

🏖️ පාරිසරික හානිය: ට්‍රැක්ටර් මඟින් වෙරළ මතුපිට මාදැල් ඇදීම නිසා විශාල වශයෙන් වෙරළ ඛාදනය වීම සහ වෙරළාශ්‍රිත සංවේදී පරිසර පද්ධතීන්ට බරපතළ හානි සිදු වේ.

🏨 සංචාරක කර්මාන්තයට බාධා: ස්වභාවික වෙරළ තීරය විනාශ වීම හේතුවෙන් සංචාරක කර්මාන්තයේ පැවැත්මටද මෙයින් දැඩි බලපෑම් එල්ල වී ඇත.

2020 වසරේදී පමණ දේශපාලනික උවමනාවන් මත නිකුත් කෙරුණු තාවකාලික බලපත්‍ර කිහිපයක් උපයෝගී කරගනිමින්, දැනට රට පුරා කිසිදු අවසරයකින් තොරව නීති විරෝධී ලෙස මෙම ක්‍රියාවලිය සිදු කෙරේ. 🚫

අද උසාවියේදී සිදු වූයේ කුමක්ද? 🤔

අද දින නඩුව කැඳවූ අවස්ථාවේදී පොලිස්පතිවරයා වෙනුවෙන් ඉදිරිපත්වීමට නීතිපතිවරයාට උපදෙස් ලැබී නොතිබීම සහ පොලිස්පතිවරයාගේ නියෝජනයක් නොතිබීම හේතුවෙන්, අභියාචනාධිකරණය විසින් මෙම නඩුව නැවත ජූලි මස 16 වැනි දින දක්වා කල් තබන ලදී. ⏳

අද දින පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතිඥ ආචාර්ය රවීන්ද්‍රනාත් දාබරේ, සවන්ති පොන්නම්පෙරුම සමඟ කාංචනා බාලචන්ද්‍ර මෙනෙවිය පෙනී සිටියහ. 💪🇱🇰

💡

28/05/2026

පරිසර යුක්ති කේන්ද්‍රයේ පෙත්සම විභාගයට!

මෙම නඩුවේ,පරිසර ඇමතිවරයා, මධ්‍යම පරිසර අධිකාරිය , පරිසර අමාත්‍යංශයේ ලේකම්වරයා,කෘෂිකර්ම අමාත්‍යවරයා , කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා,ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා,වාරිමාර්ග අධ්‍යක්ෂ,ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ,ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ සභාපති,කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා,ව්‍යසන කළමනාකරණ ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා, ආරක්ෂක ලේකම්,පොලිස්පතිවරයා,පාර්ශවයන් වශයෙන් නම් කර ඇත.

28/05/2026

ස්වභාවික අපදා කළමනාකරණය නිසි ලෙස නොකිරීමට එරෙහිව පරිසර යුක්ති කේන්ද්‍රය පවරන ලද අභියාචනාධිකරණ නඩුව සඳහා නොතීසි නිකුත් කෙරේ.
පරිසර යුක්ති කේන්ද්‍රයත්, එහි අධ්‍යක්ෂවරුන් වන හේමන්ත විතානගේ , දිලෙන පාත්‍රාගොඩ යන අයත් ඉදිරිපත් කළ රිට් නඩුවක් සම්බන්ධව අද දින (27) අභියාචනාධිකරණයේ නොතීසි නිකුත් කිරීම සිදු විය.එහි ප්‍රධාන ප්‍රශ්නය වී තිබුණේ අප රටේ වගකිව යුතු ඇමතිවරුන් සහ රාජ්‍ය නිලධාරීන් සහ ආයතන නීතියෙන් ව්‍යසන කළමනාකරණය සදහා සකස් කොට ඇති ව්‍යවස්ථාපිත ප්‍රතිපාදන සහ අදාල නීති රෙගුලාසි නිසි ලෙස අනුගමනය කර නොමැති බවත් , ඒ සදහා එකි ප්‍රතිපාදන ප්‍රකාරව නීත්‍යානුකූලව පියවර ගත යුතුව තිබියදී අවශ්‍ය නිසි සුදානමක් නොතිබූ බවයි. ඒ අනුව නීත්‍යානුකූලව සහ ශ්‍රී ලංකා නීතියේ ව්‍යවස්ථාපිත නීතිවල විවිධ අණපනත්වල එක් එක් රාජ්‍ය අමාත්‍යවරුන් , රාජ්‍ය ආයතන සහ නිලධාරීන් සඳහා නීතියෙන් දී ඇති වගකීම් නිසියාකාරව ඉෂ්ඨ කරවීම පිණිස මැන්ඩාමුස් ආකාරයේ රිට් අධිකරණ නියෝග නිකුත් කරන මෙන් ඉල්ලා පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුළු පෙත්සම්කරුවන් මෙම නඩුව ගොනු කර තිබිණි.

27/05/2026

"Not all renewable projects are created equal ⚠️

Some can harm communities and ecosystems if poorly planned—like large projects that displace people or damage forests 🌳🏘️

"

🌧️🌊 ජලගැලීම් සහ නායයෑම් — ස්වභාවික විපත් පමණක් නොවේ!ශ්‍රී ලංකාවේ නැවත නැවතත් සිදුවන ජලගැලීම් හා නායයෑම් බොහෝවිට “ස්වභාවි...
27/05/2026

🌧️🌊 ජලගැලීම් සහ නායයෑම් — ස්වභාවික විපත් පමණක් නොවේ!

ශ්‍රී ලංකාවේ නැවත නැවතත් සිදුවන ජලගැලීම් හා නායයෑම් බොහෝවිට “ස්වභාවික” විපත් ලෙස හැඳින්වුවද, ඒවායේ විනාශකාරී බව වැඩි කර ඇත්තේ මිනිස් අක්‍රමිකතා සහ රාජ්‍ය අකාර්යක්ෂමතාවයි. 🚨

🏗️ අනවසර ඉදිකිරීම්
🌳 වනාන්තර විනාශය
🛑 ජලාශ, ඇළ මාර්ග හා ජල බැසයාම් පද්ධති අවහිර කිරීම
🏘️ තෙත්බිම් හා කුඹුරු ගොඩකිරීම
📑 පරිසර බලපෑම් ඇගයීම් (EIA) නොසලකා සංවර්ධන අනුමැති ලබාදීම

මෙම සියල්ල එක්ව, සාමාන්‍ය වැසි පවා මාරාන්තික ව්‍යසනයක් බවට පත් කරයි.

📍2017 වසරේ විපතෙන්:
⚫ 219 දෙනෙකු ජීවිතක්ෂයට පත් විය
⚫ ලක්ෂ 8කට අධික ජනතාවක් බලපෑමට ලක්විය
⚫ බිලියන ගණනක ආර්ථික හානි සිදු විය

📍2025 දී:
⚫ 635 දෙනෙකු මියගොස්
⚫ මිලියන 1.7කට අධික ජනතාවක් බලපෑමට ලක්විය
⚫ දස දහස් ගණනක නිවාස විනාශ විය

⚖️ පරිසර නීති ක්‍රියාත්මක නොකිරීම, නීතිවිරෝධී ඉඩම් පරිහරණයට ඉඩදීම සහ පූර්ව අනතුරු ඇඟවීම් හා සැලසුම් ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් ජනතාවගේ ජීවිත අනතුරට ලක්ව ඇත.

🌱 පරිසරය රැකීම යනු ජීවිත රැකීමයි.
🌧️ ජලගැලීම් වැළැක්වීම සඳහා:
✅ වනාන්තර ආරක්ෂා කරමු
✅ ඇළ මාර්ග හා ජලාශ රැකගනිමු
✅ තෙත්බිම් හා කුඹුරු විනාශ කිරීම නවත්වමු
✅ නීතිවිරෝධී ඉදිකිරීම් වලට එරෙහිව කටයුතු කරමු
✅ පරිසර නීති දැඩිව ක්‍රියාත්මක කරමු

අනාගත පරපුර වෙනුවෙන් දැන්ම ක්‍රියා කරමු! 🌍💚

#ජලගැලීම් #නායයෑම් #පරිසරය

🌧️ Floods & Landslides Are NOT Just Natural Disasters!

The devastating floods and landslides repeatedly affecting Sri Lanka are not caused by nature alone. Human negligence, environmental destruction, and weak enforcement of laws have significantly worsened these disasters. 🚨

🏗️ Illegal and unplanned constructions
🌳 Deforestation and destruction of catchment forests
🛑 Blocking canals, waterways, and drainage systems
🏘️ Filling wetlands and paddy lands
📑 Ignoring Environmental Impact Assessments (EIA) and climate risks

All of these have transformed heavy rainfall into deadly catastrophes.

📍During the 2017 disaster:
⚫ 219 lives were lost
⚫ Over 879,000 people were affected
⚫ Billions of rupees in damages occurred

📍During the 2025 disaster:
⚫ 635 deaths were reported
⚫ More than 1.7 million people were affected
⚫ Thousands of homes were destroyed

⚖️ Failure to enforce environmental laws, prevent illegal land use, maintain drainage systems, and implement proper disaster preparedness has placed communities at grave risk.

🌱 Protecting the environment means protecting human lives.

To reduce future disasters, we must:
✅ Protect forests and watersheds
✅ Safeguard canals, rivers, and wetlands
✅ Stop illegal land filling and constructions
✅ Strengthen Environmental Impact Assessments (EIA)
✅ Demand accountability from authorities
✅ Invest in climate-resilient development

The climate crisis is real — but many disasters are preventable if action is taken NOW. 🌍💚

Address

20A, Kuruppu Road
Colombo
00800

Alerts

Be the first to know and let us send you an email when Centre For Environmental Justice - පරිසර යුක්ති කේන්ද්රය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Centre For Environmental Justice - පරිසර යුක්ති කේන්ද්රය:

Share