දුම්රිය පොදු සේවක සංගමය

දුම්රිය පොදු සේවක සංගමය වෘත්තීයට සමිතියක්, කම්කරු පන්තියට මධ්‍යස්ථානයක් ! ✊
(1)

📢 ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ නව බඳවාගැනීම්..! 🚆ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ ආශ්‍රිත නිලධාරි සේවා ගණයේ ගමනා...
17/08/2026

📢 ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ නව බඳවාගැනීම්..! 🚆

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ ආශ්‍රිත නිලධාරි සේවා ගණයේ ගමනාගමන පිරිවැය නිලධාරී - III ශ්‍රේණියේ තනතුරු සඳහා බඳවා ගැනීමේ විවෘත තරග විභාගයට සුදුසුකම් ලත් ශ්‍රී ලාංකික පුරවැසියන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.

📌 අයදුම් කිරීමේ ක්‍රමවේදය, අවශ්‍ය සුදුසුකම්, අයදුම්පත් භාරගන්නා අවසන් දිනය ඇතුළු වැඩිදුර තොරතුරු නිල බඳවාගැනීමේ නිවේදනයෙන් ලබාගත හැකිය. 👇
https://www.gazette.lk/2026/08/sri-lanka-government-gazette-2026-august-14-sinhala-tamil-english.html

16/08/2026

කොටගල - නානුඔය අතර ඉදිවෙමින්.. 🫡

බදුල්ල ධාවනාගාරයේදී දෙවන බොගිය මාරු කිරීමත් සාර්ථකව අවසන්..! 🚂පෙර සටහන බලන්න⁠ 👇https://www.facebook.com/share/p/1VY41UDZ...
16/08/2026

බදුල්ල ධාවනාගාරයේදී දෙවන බොගිය මාරු කිරීමත් සාර්ථකව අවසන්..! 🚂

පෙර සටහන බලන්න⁠ 👇
https://www.facebook.com/share/p/1VY41UDZe1/

15/08/2026

ළඟදීම නුවරට.. 🫡

රත්මලාන කර්මාන්තශාලාව හරි ට්‍රැක් එකට..!🔧එන්ජින් සහ මැදිරි තනි තනිව අලුත්වැඩියා කර ධාවනයට එක් කිරීම වෙනුවට, සම්පූර්ණ දුම...
14/08/2026

රත්මලාන කර්මාන්තශාලාව හරි ට්‍රැක් එකට..!🔧

එන්ජින් සහ මැදිරි තනි තනිව අලුත්වැඩියා කර ධාවනයට එක් කිරීම වෙනුවට, සම්පූර්ණ දුම්රියක් ලෙස අලුත්වැඩියා කිරීමේ වැඩපිළිවෙළක් රත්මලාන ප්‍රධාන යාන්ත්‍රික ඉංජිනේරු උපදෙපාර්තමේන්තුවේ ඉංජිනේරුවරුන් ඇතුළු සහෝදර සේවකයින්ගේ මැදිහත්වීමෙන් ආරම්භ කර ඇති අතර,

එහි පළමු පියවර ලෙස, 1991 වසරේ සිට ශ්‍රී ලංකා දුම්රිය සේවයට මහඟු මෙහෙවරක් ඉටු කරන S8 වර්ගයේ බලවේග කට්ටලයක් පූර්ණ අලුත්වැඩියාවකට ලක් කෙරුණා.

ඒ අනුව අලුත්වැඩියා කළ S8-831 බලවේග කට්ටලයේ පරීක්ෂණ ධාවනය අද (14) අලුත්ගම දක්වා සාර්ථකව සිදු කෙරුණා.

නුදුරේදීම මෙම බලවේග කට්ටලය කැලණිවැලි, පුත්තලම් සහ ප්‍රධාන දුම්රිය මාර්ගවල මගී ප්‍රවාහන සේවයට එක්වීමට නියමිතයි.

මේ වෙනුවෙන් ශ්‍රමය සහ කැපවීම එක් කළ සියලුම දුම්රිය සහෝදරත්වයට අපගේ ගෞරවය සහ ස්තූතිය..! ❤️

රඹුක්කන – මාවනැල්ල ප්‍රධාන මාර්ගයේ ගල් බිංගෙය ප්‍රතිසංස්කරණය අවසන් අදියරට..! 🚧රඹුක්කන – මාවනැල්ල ප්‍රධාන මාර්ගය, මධ්‍යම ...
13/08/2026

රඹුක්කන – මාවනැල්ල ප්‍රධාන මාර්ගයේ ගල් බිංගෙය ප්‍රතිසංස්කරණය අවසන් අදියරට..! 🚧

රඹුක්කන – මාවනැල්ල ප්‍රධාන මාර්ගය, මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියට සමගාමීව ඉදිරියේදී ද්විත්ව මංතීරු සහිත මාර්ගයක් ලෙස සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇති අතර, ඒ සඳහා කැබැල්ලවත්ත පැරණි ගල් බිංගෙය ආශ්‍රිත ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීම අත්‍යවශ්‍ය විය.

මේ වන විට දුම්රිය ධාවනය සිදු නොවන කාලසීමාව ඒ සඳහා අවස්ථාවක් කර ගනිමින් ආරම්භ කළ ඉදිකිරීම් කටයුතු අවසන් අදියරට පැමිණ තිබේ.

ඉවත් කරන ලද පැරණි ගල් බිංගෙය වෙනුවට, එහි අනුරුවක් යාබද ස්ථානයක ඉදිකිරීමටද නියමිතය.

මාර්ග සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඇතුළු වගකිවයුතු සියලු ආයතනවල මැදිහත්වීමෙන් මෙම කාර්යය නිම කර, එළඹෙන නොවැම්බර් මාසය තුළදී පාලම මතින් දුම්රිය ධාවනයටත්, පාලම තුළින් රථවාහන ගමනාගමනයටත් අවස්ථාව සැලසීමට අපේක්ෂා කෙරේ.

උපුටා ගැනීම : Dr Prasanna Gunasena ෆේස්බුක් පිටුව

පේරාදෙණිය කළු පාලමේ ඉදිකිරීම් කටයුතු..! 🌉 පසුගිය දිනවල පැවති අධික වර්ෂාවත් සමඟ මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් පේරා...
09/08/2026

පේරාදෙණිය කළු පාලමේ ඉදිකිරීම් කටයුතු..! 🌉

පසුගිය දිනවල පැවති අධික වර්ෂාවත් සමඟ මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් පේරාදෙණිය කළු පාලමේ සිදුකෙරෙන ඉදිකිරීම් කටයුතුවලට බාධා ඇතිවිය.

මේ වන විට ජල මට්ටම ක්‍රමයෙන් පහළ බසිමින් පැවතියද, ඉදිකිරීම් කටයුතු සාමාන්‍ය පරිදි සිදුකළ හැකි මට්ටමට තවමත් පහළ බැස නොමැත.

ජල මට්ටම පහළ බැසීමත් සමඟ හැකි ඉක්මනින් ඉදිකිරීම් කටයුතු නැවත වේගවත් කර, දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත් කිරීමට අපේක්ෂා කෙරේ. 🚆

08/08/2026

දුම්රිය ගොඩනැගෙන හැටි.. 😍

🚧 නාවල පාර දුම්රිය හරස් මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු සාර්ථකව අවසන්..!කැලණිවැලි දුම්රිය මාර්ගයේ පිහිටි නාවල පාර දුම්රිය හ...
04/08/2026

🚧 නාවල පාර දුම්රිය හරස් මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු සාර්ථකව අවසන්..!

කැලණිවැලි දුම්රිය මාර්ගයේ පිහිටි නාවල පාර දුම්රිය හරස් මාර්ගයේ, වසර 15කට පමණ පසු සිදු කළ අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ කටයුතු සාර්ථකව නිම කර, ඊයේ (03) උදෑසන සිට මහජන භාවිතය සඳහා විවෘත කර තිබේ.

මෙම ප්‍රතිසංස්කරණයත් සමඟ දුම්රිය ගමනාගමනයේ ආරක්ෂාව, කාර්යක්ෂමතාව සහ ගමනාගමන පහසුව තවදුරටත් ඉහළ නැංවීමට හැකි වන අතර, මාර්ගය භාවිත කරන රියදුරන්ට සහ මහජනතාවට වඩාත් සුරක්ෂිත හා පහසු ගමනාගමන පහසුකම් සැලසෙනු ඇත.

මෙම කාර්යය සාර්ථකව නිම කිරීම සඳහා කැපවීමෙන් දායක වූ සියලු පාර්ශ්වයන්ට අපගේ හෘදයාංගම ස්තූතිය! 🙏

Address

78/6, Union House, W E Bastian Mawatha, Colombo 11
Colombo

Alerts

Be the first to know and let us send you an email when දුම්රිය පොදු සේවක සංගමය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category