17/11/2024
“අගමැතිකමයි කැබිනට්ටුවයි අපිට දුන්නොත් මාස 6න් රට ගොඩ ගන්නවා”
මහ බැංකුව හොරාකාපු රනිල් වික්‍රමසිංහ හෝ කෝටිපති ධම්මික පෙරේරා මේ රට ගොඩගනියි කියා කාට හෝ බලාපොරොත්තුවක් තිබෙනවා නම්, එය විහිළුවක් යැයි ජාතික ජන බලවේගයේ නායක කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පැවසීය.
කෝටිපතියෙක් ඇමැතිකමක් භාරගත්ත ද ඔහුගේ මුදල්වලින් ඔහු ජීවත් වෙනවා මිස කිසිසේත් ම, ඒවා රටේ ජනතාව වෙනුවෙන් වෙන් නොකරන බව ද මන්ත්‍රීවරයා කීය.
“අලියගෙ වලිගෙ එල්ලී දිව්‍ය ලෝකෙ ගියා සේ” යම් කෙනෙකුට තනිව රට ගොඩගත නොහැකි බව ද යාපනයේ පැවති දිස්ත්‍රික් සමුළුව අමතමින් ඔහු පැවසීය.
“අපේ මානව සම්පත, අපේ හැකියාවන් ඒ වගේ ම සිංහල, දෙමළ ඩයස්පෝරා මේ සියල්ල එක්කාසු කොට තමයි අපිට රට බේරගන්න පුළුවන්. එහෙම නැතිව තනි කෙනකුට රටක් ගොඩගන්න බැහැ.
අපිට අගමැතිකම දෙනවා නම්, අපිට කැමැති කැබිනට් මණ්ඩලය පත් කරගන්න අවස්ථාව දෙනවා නම්, අපි මාස හයක් ඇතුළත යම් ස්ථාවරත්වයක් ගොඩනගලා මැතිවරණයකට ගොස් මේ අර්බුදයෙන් රට ගොඩගන්නවා. ඒ වෙනුවෙන් අපිට සැලැස්මක් තිබෙනවා.”
- මහේෂ් විජේසූරිය (මව්බිම)