05/09/2026
මෙරට ක්‍රීඩා ඉතිහාසයේ හිමි වූ පළමු ඩයමන්ඩ් ලීග් දියමන්තිය දිනා ගැනීමට ශ්‍රී ලංකා ජාතික ශූර රුමේෂ් තරංග සමත් විය!
🔴බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පැවැති 2026 ඩයමන්ඩ් ලීග් මළල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේදී මීටර් 89.04ක දක්ෂතාවක් දක්වමින් පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනාගත් ඔහු, සමස්ත තරගාවලියේ ශූරතාව හිමිකර ගනිමින් මෙම ඓතිහාසික ඩයමන්ඩ් තිළිණය තමන් සතු කරගත්තේය.
මෙවර ඩයමන්ඩ් ලීග් තරගාවලියේ අදියර 6ක් නියෝජනය කළ රුමේෂ්, ඉන් අදියර 5කදීම ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට සමත් වීම විශේෂත්වයකි. රබාට් අදියරේදී දෙවන ස්ථානය හිමි කරගැනීමෙන් අනතුරුව, රෝම, දෝහා, ලොසෑන්, සූරිච් සහ බ්‍රසල්ස් අවසන් අදියරයන්හිදී අඛණ්ඩව ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට ඔහුට හැකි විය.
එහිදී රෝම අදියරේදී මීටර් 92.62ක දක්ෂතාවක් දක්වමින් මෙවසරේ ලොව හොඳම දක්ෂතාව වාර්තා කළ රුමේෂ්, සූරිච් අදියරේදී ද මීටර් 92.07ක විශිෂ්ට දක්ෂතාවක් ප්‍රදර්ශනය කළේය. මෙම අසමසම ජයග්‍රහණ මාලාවත් සමඟ රුමේෂ් තරංග මේ වන විට පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් ලොව අංක එකේ ක්‍රීඩකයා ලෙස අභිෂේක ලබා සිටියි.