Sri Lanka Today

Directions Website

Sri Lanka Today Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sri Lanka Today, Community Center, Colombo.

🔴 හිටපු ජනපති ගෝඨාභයගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට ...
09/10/2026

🔴 හිටපු ජනපති ගෝඨාභයගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාලව තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සමක් ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය දුන් නියෝගයට එරෙහිව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

එහි වග උත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

fans

🔴 විනය පරීක්ෂණයේදී එල්ල වූ සියලු චෝදනා වලට වරදකරු වීම හේතුවෙන්,වැඩ තහනමට ලක් ව සිටි කොළඹ හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් සහ ම...
09/10/2026

🔴 විනය පරීක්ෂණයේදී එල්ල වූ සියලු චෝදනා වලට වරදකරු වීම හේතුවෙන්,වැඩ තහනමට ලක් ව සිටි කොළඹ හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් සහ මොරටුව හිටපු දිසා විනිසුරු තිලිණ ගමගේ තනතුරෙන් නෙරපීමට අධිකරණ සේවා කොමිසම තීරණය කරයි.

fans

🔴 ශ්‍රී ලංකා රේගුවේ සුවි­ශේෂී පරි­ව­ර්ත­න­යක් කර­මින් කඩ­දාසි රහිත රේගු ප්‍රකා­ශන ක්‍රම­වේ­දය (Paperless Customs Declara...
01/10/2026

🔴 ශ්‍රී ලංකා රේගුවේ සුවි­ශේෂී පරි­ව­ර්ත­න­යක් කර­මින් කඩ­දාසි රහිත රේගු ප්‍රකා­ශන ක්‍රම­වේ­දය (Paperless Customs Declaration Process) දියත් කිරීමේ සමා­ර­ම්භක අව­ස්ථාව අද (01) ආර්ථික සංව­ර්ධන නියෝජ්‍ය ඇමැති නිශාන්ත ජය­වීර මහ­තාගේ සහ­භා­ගි­ත්ව­යෙන් ශ්‍රී ලංකා රේගු දෙපා­ර්ත­මේ­න්තු­වේදී පැවැ­ත්වී­මට නිය­මි­තය. ඒ අනුව සියලු ආන­ය­න­ක­රු­වන් සහ ප්‍රකා­ශ­ක­යන් විසින් සිය රේගු ප්‍රකා­ශන (CusDecs) සහ අනෙ­කුත් අදාළ ලිපි­ගොනු වලංගු ඩිජි­ටල් අත්සන සහි­තව යොමු කිරීම අනි­වාර්ය කෙරේ.

ඒ සම­ඟම පැරණි ක්‍රම­යට යොමු­ක­රනු ලබන රේගු ප්‍රකා­ශන භාර ගැනීම තව­දු­ර­ටත් කරනු නොලැබේ.

රජයේ ආර්ථික ප්‍රති­සං­ස්ක­රණ සහ රාජ්‍ය සේවා නවී­ක­රණ වැඩ­පි­ළි­වෙළේ ප්‍රධාන අංග­යක් වන රාජ්‍ය සේවා­වන් ඩිජි­ට­ල්ක­ර­ණය කිරීමේ ක්‍රම­වේ­දය යටතේ ආරම්භ කිරී­මට නිය­මිත කඩ­දාසි රහිත රේගු ප්‍රකා­ශන ක්‍රම­වේ­දය මඟින් රේගු නිශ්කා­ෂණ ක්‍රියා­ව­ලිය යටතේ වඩාත් කාර්ය­ක්ෂම, වේග­වත් සහ විනි­වි­ද­භා­ව­යෙන් යුතු සේව­යක් ලබා­දී­මට හැකි­වනු ඇත.

ඩිජි­ටල් අත්සන තැබී­මෙන් පසු කෙරෙන වෙන­ස්කම් මෙම පද්ධ­තිය මඟින් හඳුනා ගනු ලබන බැවින් වංචා, දූෂණ සඳහා අව­ස්ථාව අවම වීම ද මෙහි විශේ­ෂ­ත්ව­යකි.



ශ්‍රී ලංකා රේගුව 2025දී සිය ආදා­යම් ඉල­ක්කය අබි­බ­ව­මින් රුපි­යල් බිලි­යන 2,231ක ආදා­ය­මක් රැස් කිරී­මට සමත් වූ අතර, මෙම වස­රේදී ගතවූ මාස 08 තුළදී ද සෑම මස­කම තම අපේ­ක්ෂිත ආදා­යම් ඉල­ක්කය අබි­බවා ආදා­යම් රැස් කිරී­මට සම­ත්විය. නව ඩිජි­ටල් ක්‍රම­වේ­දය සම­ගින් තව­දු­ර­ටත් රේගු කට­යුතු කාර්ය­ක්ෂම වීම හරහා රේගුවේ ආදා­යම තව­දු­ර­ටත් ඉහළ යනු ඇත.

🔴'දිට්වා' නිසා ඇණහිටි කොළඹ - ගම්පොල දුම්රිය මාර්ගය යළි සක්‍රීයයි.කොළඹ කොටුව සිට පේරාදෙණිය සහ ගම්පොල දක්වා සාමාන්‍ය දුම්ර...
01/10/2026

🔴'දිට්වා' නිසා ඇණහිටි කොළඹ - ගම්පොල දුම්රිය මාර්ගය යළි සක්‍රීයයි.කොළඹ කොටුව සිට පේරාදෙණිය සහ ගම්පොල දක්වා සාමාන්‍ය දුම්රිය ධාවනය හෙට (02) සවස සිට යළි ඇරඹේ.ප්‍රතිසංස්කරණයෙන් පසු උඩරට මැණිකේ ඇතුළු දුම්රිය නියමිත කාලසටහනට අනුව ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි

🔴 කොළඹ නගරයේ රථවාහන තදබදය අවම කිරීම මෙන්ම වඩාත් සුවපහසු සහ ආරක්ෂිත පොදු ප්‍රවාහන සේවාවක් සැපයීමේ අරමුණින්, බස්නාහිර පළාත...
28/09/2026

🔴 කොළඹ නගරයේ රථවාහන තදබදය අවම කිරීම මෙන්ම වඩාත් සුවපහසු සහ ආරක්ෂිත පොදු ප්‍රවාහන සේවාවක් සැපයීමේ අරමුණින්, බස්නාහිර පළාතේ මාර්ග 7ක් ඔස්සේ අලුතින් හඳුන්වා දුන් මෙට්‍රෝ බස් රථ 104ක් ධාවනයට එක් කිරීමට නියමිතව තිබෙනවා.

ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් මෙම නව බස් රථ සේවාව ආරම්භ කිරීමට නියමිතයි.

හෙට (29) දින සිට එම මෙහෙයුම් ආරම්භ කිරීම සඳහා සියලු කටයුතු සූදානම් කර ඇති බව මෙට්‍රෝ බස් (Metro Bus) සභාපති එස්.එම්.යූ.පී. තිලකරත්න මහතා පවසනවා.

මෙම නව බස් රථ කොළඹ කේන්ද්‍ර කරගත් මාර්ග 7ක් ඔස්සේ ධාවනය වන අතර, මගීන්ට නියමිත මාර්ග සහ වේලාවන් අනුව තම ගමනාන්ත වෙත ළඟා වීමට හැකි වන පරිදි සේවාවන් ක්‍රියාත්මක කෙරෙනවා.

“මහජනතාවට සුවපහසුවෙන් සහ ආරක්ෂිතව තම ගමනාන්ත වෙත ළඟා වීමට උපකාර කිරීම සඳහා අපි මෙම බස් රථ සේවාව හඳුන්වා දෙන්නෙමු,” යනුවෙන් තිලකරත්න මහතා පවසනවා.

නව බස් රථ හඳුන්වා දීමේ ප්‍රධාන අරමුණක් වන්නේ කොළඹට ඇතුළු වන පෞද්ගලික වාහන සංඛ්‍යාව, විශේෂයෙන්ම එක් මගියෙකු පමණක් ගමන් කරන වාහන සංඛ්‍යාව, අවම කිරීම බව ඔහු සඳහන් කළා.

වර්තමානයේ බොහෝ දෙනෙකු කාර්යාල වෙත යාමට සහ ඒම සඳහා පෞද්ගලික වාහන භාවිතා කරන බවත්, බොහෝ විට එක් වාහනයක ගමන් කරන්නේ එක් පුද්ගලයෙකු පමණක් බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස දෛනික ගමනාගමනය සඳහා විශාල වාහන සංඛ්‍යාවක් භාවිතා වන බවත් තිලකරත්න මහතා පෙන්වා දුන්නා.

fans

🔴 ඔක්තෝබර්, නොවැම්බර්, දෙසැම්බර් මාස තුන සදහා ජනතාවට රුපියල් කෝටි 4100ක ඉන්ධන සහනාධාර පැකේජයක් fans
28/09/2026

🔴 ඔක්තෝබර්, නොවැම්බර්, දෙසැම්බර් මාස තුන සදහා ජනතාවට රුපියල් කෝටි 4100ක ඉන්ධන සහනාධාර පැකේජයක්


fans

🔴මධ්‍යම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ පිරිමි අංශයේ ශූරතාව හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා. තරගාවලිය පැවැත්වු...
08/09/2026

🔴මධ්‍යම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ පිරිමි අංශයේ ශූරතාව හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා. තරගාවලිය පැවැත්වුනේ භූතානයේදී.

මධ්‍යම ආසියානු වොලිබෝල් සම්මේලනය විසින් තරගාවලිය සංවිධාන කර තිබුණා. ඊට ඉන්දියාව, මාලදිවයින, නේපාලය, උස්බෙකිස්තානය, බංගලාදේශය, භූතානය සහ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කණ්ඩායම් එක්ව සිටිනවා.

මෙහි පිරිමි අංශයේ අවසන් තරගයට සුදුසුකම් ලබාගත්තේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාවයි. එහි පළමු වටය ලකුණු 21 ට 18 ක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමත්වුනා. ඔවුන් දෙවන වටය ජයගත්තේ ලකුණු 21 ට 14 ක් ලෙසයි.

ඒ අනුව වට 2 ට 0 ක් ලෙස අවසන් තරගය ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායමට තරගාවලියේ රන් පදක්කම හිමිවුනා. මෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කලේ සදුන් මධුශංක සහ දිලීප චාමික සෙනෙවිරත්නයි.

තුර්කි ජාතික ඕනූර් අර්ගුන් මහතා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරනවා. ශ්‍රී ලංකා කණ්ඩායමක් මධ්‍යම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියක රන් පදක්කම දිනූ පළමු අවස්ථාව මෙයයි.


fans

මෙරට ක්‍රීඩා ඉතිහාසයේ හිමි වූ පළමු ඩයමන්ඩ් ලීග් දියමන්තිය දිනා ගැනීමට ශ්‍රී ලංකා ජාතික ශූර රුමේෂ් තරංග සමත් විය!🔴බෙල්ජිය...
05/09/2026

මෙරට ක්‍රීඩා ඉතිහාසයේ හිමි වූ පළමු ඩයමන්ඩ් ලීග් දියමන්තිය දිනා ගැනීමට ශ්‍රී ලංකා ජාතික ශූර රුමේෂ් තරංග සමත් විය!

🔴බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පැවැති 2026 ඩයමන්ඩ් ලීග් මළල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේදී මීටර් 89.04ක දක්ෂතාවක් දක්වමින් පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනාගත් ඔහු, සමස්ත තරගාවලියේ ශූරතාව හිමිකර ගනිමින් මෙම ඓතිහාසික ඩයමන්ඩ් තිළිණය තමන් සතු කරගත්තේය.

මෙවර ඩයමන්ඩ් ලීග් තරගාවලියේ අදියර 6ක් නියෝජනය කළ රුමේෂ්, ඉන් අදියර 5කදීම ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට සමත් වීම විශේෂත්වයකි. රබාට් අදියරේදී දෙවන ස්ථානය හිමි කරගැනීමෙන් අනතුරුව, රෝම, දෝහා, ලොසෑන්, සූරිච් සහ බ්‍රසල්ස් අවසන් අදියරයන්හිදී අඛණ්ඩව ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට ඔහුට හැකි විය.

එහිදී රෝම අදියරේදී මීටර් 92.62ක දක්ෂතාවක් දක්වමින් මෙවසරේ ලොව හොඳම දක්ෂතාව වාර්තා කළ රුමේෂ්, සූරිච් අදියරේදී ද මීටර් 92.07ක විශිෂ්ට දක්ෂතාවක් ප්‍රදර්ශනය කළේය. මෙම අසමසම ජයග්‍රහණ මාලාවත් සමඟ රුමේෂ් තරංග මේ වන විට පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් ලොව අංක එකේ ක්‍රීඩකයා ලෙස අභිෂේක ලබා සිටියි.

🔴සිදුවෙමින් පවතින විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (04) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමු...
04/09/2026

🔴සිදුවෙමින් පවතින විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (04) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගෙන තිබේ

fans

🔴ශ්‍රී ලංකා රේගුව 2026 වසරේ පළමු මාස 08 තුළ සෑම මසකම ආදායම් ඉලක්ක අභිබවා ආදායම් රැස් කිරීමට සමත්වේ ! fans
04/09/2026

🔴ශ්‍රී ලංකා රේගුව 2026 වසරේ පළමු මාස 08 තුළ සෑම මසකම ආදායම් ඉලක්ක අභිබවා ආදායම් රැස් කිරීමට සමත්වේ !


fans

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Sri Lanka Today posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share