07/07/2025
භාතියගේ රුධිර වාර්තා හොදයි, පෝශණය මදිබවක් පමණක් පෙන්වයි 💝🍀🌿.
පසුගිය දින පරීක්ෂණ කටයුතු සදහා පේරාදෙණිය විශ්වවිද්‍යාලය වෙත රැගෙන ගිය රුධිර පරීක්ෂණ වාර්තා හොද මට්ටමක් පවතින අතර එහි නරක තත්වයන් නිරීක්ෂණය වී නොමැත. ඇත් රජුගේ ශරීරයේ පෝශණ තත්වය මදි බවක් එයින් නිරීක්ෂණය වී ඇත.
ඒ අනුව පරීක්ෂණ වාර්තා සමගින් අද දින භාතිය ඇතුගේ ප්‍රතිකාර කටයුතු උදෙසා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ මහාචාර්ය අශෝක් දංගොල්ල මහතා සහභාගි වී සිටින අතර එතුමා සමගින් ශ්‍රී දළදා මාලිගා ඇත් පන්තියේ පශු වෛද්‍ය තරිදු මහතා සහ සුපුරුදු පරිදි වෛද්‍ය ඉසුරු මහතා සහභාවී වී ඇත් රජුගේ ප්‍රතිකාර කටයුතු සිදු කරගෙන යනු ඇත.
භාතිය ඇතු ඉස්සීම උදෙහා වාහනයක් ද මේවනවිට එම ස්ථානයට ලගාවී ඇති අතර, ඇතු දින කිහිපයකට පසුව අද දින ඉතාමත්ම සුවබර නින්දක මේ වනවිට පසු වනු ඇත. ඇතුගේ ජීවිත අවධානමක් නැතැයි පැවසිය නොහැකි නමුත් කෙසේහෝ ඇත් රජුගේ සුවයම අප ප්‍රාර්ථනා කරමු.
ගරු පරිසර අමාත්‍යතුමාගෙ මැදිහත්වීම මත ඇතුගේ ප්‍රතිකාර කටයුතු වඩාත් ක්‍රමවත්ව සහ නිවැරැදි කෝණයකින් යුතුව සිදුවනු අතර ඒ උදෙසා එතුමාට Dammika Patabendi මහතා වෙත අපගේ විශේශ ගෞරවනීය ස්තූතිය පුද කරමු.නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතාටත්, මහාචාර්ය අශෝක් දංගොල්ල මහතාටත් , වනජීවි සෞඛ්‍ය අධ්‍යක්ෂ තාරක ප්‍රසාද් මහතා ඇතුලු වෛද්‍ය ඉසුරු, වෛද්‍ය තරිදු ඇතුලු සියලූමදෙනාටත් ජයසුන්දර මහතා ඇතුලු මහව වනජීවි නිලධාරීන්ටත් අපගේ ගෞරවනීය ස්තූතිය පුද කරමි.
ස්තූතියි 💝
දළදා සමිදු පිහිටයි 🙏
Bhathiya's blood test results are good, only showing malnutrition 💝🍀🌿.
The blood test results taken to the University of Peradeniya for testing the day before yesterday are good and no bad conditions have been observed. It has been observed that the nutritional status of the tusker's body is inadequate.
Accordingly, with the test reports, Professor Ashok Dangolla of the Faculty of Veterinary Medicine of the University of Peradeniya is participating today for the treatment of Bhathiya , and with him, Veterinary Doctor Tharidu of the Sri Dalada Maliga Elephant Class and, as usual, Dr. Isuru are accompanying the tusker and continue the treatment of the tusker.
A vehicle has also reached the place to uplift Bhathiya , and after a few days, the tusker is sleeping soundly today. It cannot be said that the tusker's life is not in danger, but we wish the tusker king good health.
With the intervention of the Honorable Minister of Environment, the treatment of the tusker is carried out more systematically and from the right angle, and for that, we express our special and respectful gratitude to Mr. Dammika Patabendi. I express our respectful gratitude to Deputy Minister Anton Jayakody, Professor Ashok Dangolla, Director of Wildlife Health Tharaka Prasad, Dr. Isuru, Dr. Tharindu and all the staff, and to Mr. Jayasundara and the Mahawa Wildlife Officers.
Thank you 💝
May triple gems bless you 🙏