Kadalana Methodist Wesley Guild

Kadalana Methodist Wesley Guild එක සිත - එක මග

2026 අගෝස්තු මස 2වන ඉරුදිනනමස්කාර ශාඛාවමෙදින හිරන්යා  ගුරුතුමිය විසින් ප්‍රශංසා කාලයක් පිළිවෙලින් කළ යුත්තේ කෙසේද කියා ක...
13/08/2026

2026 අගෝස්තු මස 2වන ඉරුදින
නමස්කාර ශාඛාව
මෙදින හිරන්යා ගුරුතුමිය විසින් ප්‍රශංසා කාලයක් පිළිවෙලින් කළ යුත්තේ කෙසේද කියා කණ්ඩායම් තුනකට බෙදා ක්‍රියාවෙන් පෙන්නුම් කරන ලදී.

කඩලාන ජ්‍යෙෂ්ඨ වෙස්ලි සමාජයේ ක්‍රිස්තියානි සේවා ශාඛාව මගින් වාර්ෂිකව සිව්වන වරටත් සංවිධානය කරනු ලැබූ, " සරුවත් හෙරාවක් "...
13/08/2026

කඩලාන ජ්‍යෙෂ්ඨ වෙස්ලි සමාජයේ ක්‍රිස්තියානි සේවා ශාඛාව මගින් වාර්ෂිකව සිව්වන වරටත් සංවිධානය කරනු ලැබූ, " සරුවත් හෙරාවක් " වැඩසටහන මෙවර ජුලි මස 17 වනදා මොරටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදි පැවැත්විනි.

සභාවේ සහ වෙස්ලි සමාජයේ සාමාජිකයන්ගේ ආධාර ඇතිව සිදුකරනු ලැබු මෙම වැඩසටහන තුළින් වෙහෙස මහන්සිවී පැමිණුන 1000කට වැඩි පිරිස වෙනුවෙන් සරුවත් ලබාදීමට අපට හැකියාව ලැබිණි.

මේ සඳහා ආධාර ලබාදුන් සියලු දෙනාට, මොරටුව දුම්රිය ස්ථානයේ ස්ථානාධිපති තුමා ඇතුළු කාර්ය මණ්ඩලයට සහ මේ වෙනුවෙන් වෙහෙස වුනාවු සියලුදෙනාට අප ජ්‍යෙෂ්ඨ වෙස්ලි සමාජයේ ස්තුතිය පුද කර සිටිමු.

FAST CARS & BIG GOALS! 🏎️⚽🔥 Pull up to our gaming stall, take the wheel, and crush the competition. Squad up and let's p...
07/08/2026

FAST CARS & BIG GOALS! 🏎️⚽🔥 Pull up to our gaming stall, take the wheel, and crush the competition. Squad up and let's play! 🎮🏆💥

📅 Saturday | *August 8*
🕓 *4.30 PM* Onwards
📍 *Kadalana Methodist Church*

"ස්වාමින්වහන්සේ තමන් සෙනගට ශක්තිය දෙන සේක.ස්වාමින්වහන්සේ තමන් සෙනගට සාමදානයෙන් ආශිර්වාද කරන සේක."ගීතාවලිය 29 : 112026 ශ්...
29/07/2026

"ස්වාමින්වහන්සේ තමන් සෙනගට ශක්තිය දෙන සේක.ස්වාමින්වහන්සේ තමන් සෙනගට සාමදානයෙන් ආශිර්වාද කරන සේක."

ගීතාවලිය 29 : 11

2026 ශ්‍රී ලංකා මෙතොදිස්ත සභාවේ දක්ෂිණ දිසා කනිෂ්ඨ වැස්ලි සමාජ සම්මේලනය සාමූහිකව වෙහෙස මහන්සි වී සාක්ෂාත් කර ගත් දිනයක් වූ අපට සුවිශේෂී සන්ධිස්ථානයක් විය. ප්‍රථමයෙන් සහ ප්‍රධාන වශයෙන්, මෙම ජයග්‍රහණ සඳහා අපට ආශීර්වාද කිරීම ගැන අපි දෙවියන් වහන්සේට ස්තූතිවන්ත වෙමු.

දක්ෂිණ දිසා කනිෂ්ඨ වැස්ලි සමාජ සම්මේලනය අතරතුර, අපගේ වැස්ලි සමාජය කැපී පෙනෙන සාර්ථකත්වයක් අත්කර ගත්තේය:

*ගීතිකා තරගයේ - 6 වන ස්ථානය*
මෙම ජයග්‍රහණය සඳහා පුහුණුව ලබා දුන් භාශිත ප්‍රනාන්දු සහෝදරයාට අපගේ හෘදයාංගම ස්තුතිය පිරිනමන්නෙමු. ඒ වගේම අපිට සහය දුන් සැමටත්, විශේෂයෙන්ම අපිට ගායනයෙන් එකතු වූ වැස්ලි සමාජයේ සහෝදර සහෝදරියන්ටත් අපගේ හද පිරි ස්තුතිය පුද කරනවා.😇

අපි නාට්‍ය තරගයට ද සහභාගි වූ නිසා එතැනින් නොනැවතුණෙමු.🎭

*නාට්‍ය තරගයේ ප්‍රථම ස්ථානය*🥉

කුසලාතා සම්මාන -

• සෙනුජ ප්‍රනාන්දු
• සෙත් ප්‍රනාන්දු
• ආකාශ් මෙන්ඩිස්
• ලෙවන් ඩයස්
• විනුකි මෙන්ඩිස්
• දෙලායා පෙරේරා

මෙහි පිටපත සකස් කර දුන් ගෞ. ඩිල්ෂාන් ප්‍රනාන්දු දේවගැතිතුමාට සහ පුහුණුවීම් සඳහා අපට සහයවු සමීර ප්‍රනාන්දු සහෝදරයාට අපගේ විශේෂ ස්තුතිය පුදකර සිටිමු. එලෙසම විවිධාකාරයෙන් සහය දුන් සැමට සහ නාට්‍යවල රඟපෑ වැස්ලි සමාජයේ සාමාජිකයින්ටද අපි එකසේ ස්තූතිවන්ත වෙමු.☺️

මීට අමතරව කථික තරඟයෙන්,

•5 වන ස්ථානය - සෙනුජ ප්‍රනාන්දු
•4 වන ස්ථානය - ශයෙලි ප්‍රනාන්දු

යන සහෝදර සහෝදරියන් ජයග්‍රහණ ලබා ගත්තේය.🎗️

*සමස්තයක් වශයෙන්, අපගේ කනිෂ්ඨ වෙස්ලි සමාජය පරමාදර්ශී වෙස්ලි සමාජ අතර අනුශූරතාව ලබා ගත් අතර, 2026 දක්ෂිණ දිශා කනිෂ්ඨ වෙස්ලි සමාජ සම්මේලනයේ අනුශූරතාවය දිනා ගත්තේය.🏆🔥*

අපට මග පෙන්වූ අප ස්ථානික දේවගැති ගෞ. අනුර පෙරේරා දේවගැති තුමා සහ මෙම ජයග්‍රහණ සඳහා දායක වූ සැමට අපගේ ප්‍රණාමය පුදකර සිටිමු.🙌🏻😊

Organized annually by the Kadalana Senior Wesley Guild:🏏🤍 Married vs. Unmarried Cricket Match 🤍🏏📅 Date: July 29📍 Venue: ...
28/07/2026

Organized annually by the Kadalana Senior Wesley Guild:

🏏🤍 Married vs. Unmarried Cricket Match 🤍🏏

📅 Date: July 29

📍 Venue: Moratumulla Methodist Church Grounds

⏰ Time: From 7:00 AM onwards 🕖☀️

We warmly invite all youth and adults of our congregation to join us for this event! ❤️

මේ දින ශුද්ධ බයිබලයේ සඳහන් පරිදි බාබල් කොත ගැන දරුවන්ට කියා දී,පසුව youtube හරහා ලෝකය ගැන කියා දීජාතීන්ගේ භාෂාවල්, ඇඳුම්...
27/07/2026

මේ දින ශුද්ධ බයිබලයේ සඳහන් පරිදි බාබල් කොත ගැන දරුවන්ට කියා දී,
පසුව youtube හරහා ලෝකය ගැන කියා දී
ජාතීන්ගේ භාෂාවල්, ඇඳුම් හැසිරීම්, කෑම බීම,කියල ආදී සියලු දේ ගැන විස්තර කරමින් අවසානයේ
රටවල් වල කොඩිය ඇඳ පාට කිරීමට සැලැස්වීම.

සියලු ගෞරවයත් මහිමයත් දෙවියන් වහන්සේටම වේවා!🙏🏼

කඩලාන ජ්‍යෙෂ්ඨ වෙස්ලි සමාජයේ සංස්කෘතික ශාඛාවේ විසින් සංවිධානය කරනු ලැබූ, " JUSTICE STARTS WITH YOU " වැඩසටහන ජුලි මස 10 ...
26/07/2026

කඩලාන ජ්‍යෙෂ්ඨ වෙස්ලි සමාජයේ සංස්කෘතික ශාඛාවේ විසින් සංවිධානය කරනු ලැබූ, " JUSTICE STARTS WITH YOU " වැඩසටහන ජුලි මස 10 වනදා පැවැත්විනි. මූලික නීති දැනුම පිළිබඳ වැඩසටහනක් පවත්වනු ලැබු අතර, එය මෙහෙයවීම සඳහා අපගේ ආරාධනය මත නීතිඥ අයෝනි ද මැල් මහත්මිය අපත් සමග එකතුවිය. එම වැඩසටහන පැමිණි සියලුදෙනාටම ඉතාමත් වැදගත් වූ අතර, කරුණු රැසක් අනාවරණය කරගැනීමට අපට හැකියාව ලැබිණි.

2026 ජූලි මස 19 වන ඉරුදිනඅප කඩලාන  මෙතො දිස්ත සභාවේ වැඩිහිටි කාන්තාවකගේ 74වෙනි උපන්දිනය සැමරීමට අප කනිෂ්ඨ වෙස්ලි  සමාජයේ...
25/07/2026

2026 ජූලි මස 19 වන ඉරුදින
අප කඩලාන මෙතො දිස්ත සභාවේ වැඩිහිටි කාන්තාවකගේ 74වෙනි උපන්දිනය සැමරීමට අප කනිෂ්ඨ වෙස්ලි සමාජයේ දරුවන් සමඟ උපන්දින කේක් එකක් රැගෙන යෑම

මේ සඳහා අපට මඟ පෙන්නුවා දෙවියන් වහන්සේට සියලු ගෞරවයත්, මහිමයත් ප්‍රශංසාවත් අත් වේවා🙏🏼

කඩලාන ජ්‍යෙෂ්ඨ වෙස්ලි සමාජයේ නමස්කාර ශාඛාව මගින් සංවිධානය කරනු ලැබූ, ISRAEL නම් වූ වැඩසටහන ජුලි මස 03 වනදා පැවැත්විනි. එ...
21/07/2026

කඩලාන ජ්‍යෙෂ්ඨ වෙස්ලි සමාජයේ නමස්කාර ශාඛාව මගින් සංවිධානය කරනු ලැබූ, ISRAEL නම් වූ වැඩසටහන ජුලි මස 03 වනදා පැවැත්විනි. එදින වැඩසටහන මෙහෙයවීම සඳහා මොරටුමුල්ල පළාතේ ගිහිදේශක මධු මිහිරි ප්‍රනාන්දු මහත්මිය අපත් සමග එක්විය. ඊශ්‍රායලය පිළිබඳ විස්තරාත්මක හා සාකච්ඡාමය වැඩසටහනක් එදින පැවති අතර, පැමිණි සියලුදෙනාටම මෙය ඉතාමත් වැදගත් සහ දැනුමෙන් පුර්ණ වැඩසටහනක් විය.

Address

Kadalana Methodist Church, Kadalana, Moratuwa
Colombo
10400

Opening Hours

19:15 - 21:30

Telephone

+94768702631

Alerts

Be the first to know and let us send you an email when Kadalana Methodist Wesley Guild posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Kadalana Methodist Wesley Guild:

Shortcuts

Share