Colombo Business Association

Colombo Business Association CBA provides advocacy for affiliated Trade Associations and membership in addressing business related issues with legislators and Government.

23/07/2025

🎙️ "ආදරණීය ඔබට ආරාධනා ❤"
Listen to Charitha Priyadarshani share her thoughts on Wasanthaye Gi Miyasiya, a night of timeless melodies and soulful memories. 🌸🎶
Grab your Tickets Now: https://www.ticketsministry.com/concerts/wasanthaye-gi-miyasiya/686cdca2535b9/buy-tickets

🗓️ Happening on August 15, 2025 at Bishop’s College Auditorium.
⏰ Time: 7:00 PM Onwards
📞 Reserve Your Seats Now: +94 776 704 357 | +94 771 523 380
✨ Presented by Ceylon Royal Events ✨
🌸 Wasanthaye Gi Miyasiya 2025—where memories are made.

12/07/2025

🎶✨ An Unforgettable Musical Night! ✨🎶
For the first time ever, witness the iconic duo couples—Athula & Samitha and Edward Jayakody & Charitha Priyadarshani by the legendary Manoj Peiris and the Threethall Band. 💥✨ —sharing one stage to bring you the timeless melodies you love.
🌟 Let their voices take you on a journey of nostalgia, romance, and pure Sri Lankan music magic!
📍 Venue: Bishop’s College Auditorium, Colombo
🗓️ Date: 15th August 2025
⏰ Time: 7:00 PM Onwards
📞 Reserve Your Seats Now: +94 776 704 357 | +94 771 523 380
✨ Presented by Ceylon Royal Events ✨
🌸 Wasanthaye Gi Miyasiya 2025—where memories are made.

19/06/2025
We told you it’s going to be iconic 😱!🎤 The voices that shaped generations:Edward Jayakodi, Charitha Priyadarshani, Sami...
30/05/2025

We told you it’s going to be iconic 😱!
🎤 The voices that shaped generations:
Edward Jayakodi, Charitha Priyadarshani, Samitha Mudunkotuwa & Athula Adikari –
all brought to life by the legendary Manoj Peiris and the Threethall Band. 💥✨
📍 Bishop’s College Auditorium | 🗓️ Aug 15, 2025 🔥
Get ready for a night full of nostalgia, music, and magic! 😍


👉 1949 සැප්තැම්බර් 25 වැනිදා ගාල්ලේ බද්දේගම සාමාන්‍ය පවුලක  දොන් ආරියසීල ද සිල්වා වික්‍රමනායක උපත ලැබීය. ඔහුගේ පියා විදු...
04/02/2025

👉 1949 සැප්තැම්බර් 25 වැනිදා ගාල්ලේ බද්දේගම සාමාන්‍ය පවුලක දොන් ආරියසීල ද සිල්වා වික්‍රමනායක උපත ලැබීය. ඔහුගේ පියා විදුහල්පතිවරයෙකු වූ අතර, පවුලේ සහෝදර සහෝදරියෝ එකොලොස් දෙනෙක් වූහ.

👉 ඔවුන්ගේ ගම් ප්‍රදේශය සෑම වසරකදීම ගිංගඟ පිටාර ගැලීමෙන් ඇති වන ගංවතුරට ගොදුරු වන ගමක් වූ අතර. මේ නිසාම ආරියසීය ළමා වියේ සිටම දක්ෂ පිහිනුම් ශූරයෙක් වූයේය.

👉 බද්දේගම කොටගොඩ විද්‍යාලය, බද්දේගම ක්‍රිස්තුදේව, ගාල්ලේ ශාන්ත ඇලෝසියස් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ඔහු 1969 වසරේදී විද්‍යා විෂය ධාරාවෙන් උසස් පෙළ විභාගයට පෙනී සිටියේය.

👉 විභාග ප්‍රතිඵල අනුව වෛද්‍ය අධ්‍යාපනයට සුදුසුකම් ලැබ තිබුණද ඔහු ඒ සියල්ලට පයින් ගසා පවුලේ දැඩි විරෝධය මැද අමුතුම ආකාරයේ තරමක් දුර්ලභ රැකියාවක් තෝරාගන්නට තීරණය කළේය.

👉 ඒ තම පිහිනීමේ හැකියාවට සම්බන්ධ රැකියාවකි. වෛද්‍ය අධ්‍යාපනය ප්‍රතික්ෂේප කළ ඔහු වරාය කොමිෂන් සභාව විසින් පවත්වන ලද පාඨමාලාවක් අවසාන කොට 1973 දී කිමිදුම් නිලධාරියෙකු ලෙස වරායේ ස්ථිර සේවයට එක් විය.

👉 නැවු අලුත්වැඩියාව, වරාය, වේලි, පාලම් ආදී දිය යට සිදුකෙරෙන ඉදිකිරීම්, සාගර ගවේෂන කටයුතු ආදිය ආරියසීලගේ රාජකාරිය වූ අතර, ඔහු ඒ දුර්ලභ රැකියාවේ ඉතා ඉහළ සමත්කම් පෙන්වීය.

👉 මේ නිසාම ඔහුට 1977දී වසර දෙකක කාලයක් සෞදි අරාබියේ දමාම් වරායේ ඉදිකිරීම්වලට සම්බන්ධ වීමට අහම්බෙන් අවස්ථාවක් ලැබිණි. එයින් විශාල මුදලක් උපයා ගැනීමට ඔහුට හැකිවූ අතර, ඔහුගේ ජීවිතය වෙනස් කළ ධන නිධානය වූයේ මේ මුදලය.

👉 අනතුරුව විදේශ රැකියාවෙන් උපයා ගත් මුදල ආයෝජනය කරමින් ඔහු 1978දී නාවුක හා කිමිදුම් කටයුතු පිළිබඳ ලංකාවේ පළමු පෞද්ගලික සමාගම වූ මාස්ටර් ඩයිවර්ස් ආයතනය ආරම්භ කළේය.

👉 1984 වසරේදී ඔහු වික්ටෝරියා ජලාශයේ පතුලට කිමිදී එහි දොරටුවක තාක්ෂණික දෝශයක් නිවැරදි කිරීමට සමත් වූ අතර, එය ඔහුගේ වෘත්තීය ජීවිතයේ කළ අභියෝගාත්මක හපන්කම් පිළිබඳ ප්‍රකට මතක සටහනකි.

👉 හම්බන්තොට යනු ලංකාවේ වරායක් ඉදිකිරීමට සුදුසුම ස්ථානය යන අදහස මුල්වරට රටට ඉදිරිපත් කරන ලද්දේද ආරියසීල වික්‍රමනායක විසිනි. ඒ ගැන කිසිවෙකු තුළ කිසිදු අදහසක් නොතිබූ 1985 තරම් ඈත කාලයකදී ඔහු තුළ අදහස පහළ විය. අනතුරුව ඔහු ඒ පිළිබඳ අධ්‍යයන කටයුතු ආරම්භ කළේය.

👉 ඔහු 1997 දී හම්බන්තොට වරාය පිළිබඳ සංකල්පය ලිඛිතව රටට ඉදිරිපත් කරමින් Why Hambantota නම් කෘතියක් සම්පාදනය කළේය.

👉 ඔහු ඒ යුගයේ සිට බලයට පත් සෑම රජයකටම හම්බන්තොට වරායක් සෑදීමේ වැදගත්කම පෙන්වා දෙමින් ඒ වෙනුවෙන් විශාල අරගලයක නිරත විය. එහෙත් දේශපාලන ප්‍රශ්න නිසා නොයෙක් බාධක මැද ඒ ව්‍යාපෘතිය දිනෙන් දින කඩාකප්පල් වූයේය. පසුව මහින්දගේ රජය විසින් එය ක්‍රියාවට නැගුවද අද වන තුරුත් විවිධ ගැටලු නිසා ඒ ව්‍යාපෘතියේ නිසි ප්‍රතිලාභ ලංකාවට අත්කර ගත හැකි වී නැති බව ඔහුගේ අදහසය. (එය වෙනම සාකච්ඡා කළ යුතු මාතෘකාවකි.)

👉 මේ ආකාරයට 1978දී එක් බෝට්ටුවක් පමණක් මිලදී ගනිමින් ඉතා කුඩාවට ආරම්භ කළ මාස්ටර් ඩයිවර්ස් ආයතනය 2000න් පසු දශකය ආරම්භය විට ජාත්‍යන්තර මට්ටමේ ඇගයීම් ගණනාවකට ලක්වූ අතිසාර්ථක ව්‍යාපාරයක් බවට පත්ව තිබිණි.

👉 එය ලෝකයේ විවිධ රටවලට, සමාගම්වලට හා නෞකාවලට තම සේවා සපයාදෙමින් ඩොලර්වලින් විශාල ආදායමක් රටට ගෙන ආ අතර, දෙදාස් ගණන්වල මුල් භාගය වන විට ආරියසීල වික්‍රමනායක දැවැන්ත නැව් අටක හිමිකරුවෙකු වී සිටියේය.

👉 එහෙත් ආරියසීලගේ විශේෂත්වය වූයේ හුදු සාර්ථක ව්‍යවසායකයෙක් වීමෙන් නොනැවතී රටේ ආර්ථිකය පිළිබඳ ජාතික දැක්මක් සහිතව ඒ වෙනුවෙන් කැපවූ ව්‍යවසායකයෙකු වීමය. ඔහුගේ සංකල්පවල සාරය වූයේ දේශීය නිෂ්පාදන නගා සිටුවමින් රටේ ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමය.

👉 ඔහු 2002 වසරේදී පැලවත්ත සීනි කර්මාන්ත ශාලාව මිලට ගෙන සීනි නිෂ්පාදනයට දායක වීම එහි එක් පියවරකි.

👉 2006 වසරේදී ආරියසීල ඇතුළු දේශීය ව්‍යාපාරිකයන්ගේ මැදිහත් වීමෙන් දැයේ දිවිය නම් ව්‍යාපාරයක් ආරම්භ කරන ලද්දේ පාන්පිටි වෙනුවට සහල් ආශ්‍රිත ආහාර භාවිතය ප්‍රවර්ධනය කිරීමේ අරමුණෙනි. එකල ජනතා විමුක්ති පෙරමුණේ මැදිහත් වීමෙන් ක්‍රියාත්මක වූ දේශ හිතෛෂි ජාතික ව්‍යාපාරයද මේ කටයුතු සඳහා විශාල ශක්තියක් සපයා දුන්නේය.

👉 2006 වසරේදීම ආරියසීල පැල්වත්ත සීනි සමාගම තුළ කිරි ආහාර නිෂ්පාදන කර්මාන්ත ශාලාවකට මුල් ගල් තැබුවේය. පසුව ලංකාවේ බෙහෙවින් ජනාදරයට පත් පැල්වත්ත කිරි සන්නාමයේ උපත වූයේ එතැනය.

👉 2007 ජුනි 11 වැනිදා දේශීය ව්‍යාපාර නඟා සිටුවීමේ සටනේ තවත් තීරණාත්මක සන්ධිස්ථානයක් වූ මව්බිම ලංකා පදනම ආරම්භ කෙරුණු අතර, ආරියසීල එහි සභාපති ලෙස කටයුතු කළේය.

👉 මව්බිම ලංකා පදනමේ එක් මූලික කටයුත්තක් වූයේ “ගන්න අපේ දේ” යන තේමා පාඨය පෙරදැරිව පාරිභෝගිකයන්ට දේශීය නිෂ්පාදන පහසුවෙන් හඳුනාගැනීම සඳහා එම නිෂ්පාදනවල ප්‍රමිතිය පරීක්ෂා කොට ඒවාට සූර්ය සිංහ ලාංජනය ලබාදීමය.

👉 ඒ අනුව පළමු සූර්ය සිංහ ජාතික මහෝත්සවය 2007 ඔක්තෝබර් 29 වැනිදා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණ අතර, එහිදී දේශීය නිෂ්පාදන දෙසිය ගණනකට සූර්ය සිංහ සම්මානය ලබාදීම සිදුවිය.

👉 2008 දී පැල්වත්ත කිරි සමාගමේ වැඩ ආරම්භ කරමින් දේශීයව කිරිපිටි නිෂ්පාදනය කළ පළමු පෞද්ගලික ව්‍යවසායකයා ලෙස එම නිෂ්පාදන වෙළෙඳපොළට හඳුන්වාදීමට ආරියසීල වික්‍රමනායක සමත් විය.

👉 පාන්පිටි වෙනුවට සහල් පිටි ප්‍රවර්ධනය සඳහා දිගු කාලයක් තිස්සේ කළ මැදිහත් වීමේ ප්‍රතිඵලයක් ලෙස 2011 දී දේශීය ව්‍යාපාරිකයෙකු විසින් හෙල්දි ෆ්ලා නමින් නවීන තාක්ෂණික උපක්‍රම සහිත නව සහල් පිටි කර්මාන්ත ශාලාවක් වේයන්ගොඩ දී ආරම්භ කළ අතර, ඒ කටයුත්ත සඳහාද ආරියසීල සිය නොමඳ දායකත්වය ලබාදුන්නේය.

👉 මීට අමතරව ආනයනික කිරිපිටිවල ගැටලුවලට එරෙහිව අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීම, ජාතික ආර්ථිකයට අහිතකර ලෙස බලපෑ හැකි සීපා ගිවිසුම, එට්කා ගිවිසුම වැනි ගිවිසුම් පරාජය කිරීම, දේශීය නිෂ්පාදනවලට හිතකර පරිදි රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය කරගැනීම ආදී කටයුතු රාශියකට ඔහු මැදිහත් වූයේ ජාතික ආර්ථිකය නම් සංකල්පය නොවෙනස්ව පෙරට ගෙන යමිනි.

👉 සාමාන්‍ය පවුලක දරුවෙකු සේ ඉපිද බොහෝ අභියෝග මැද පෙරට ආ ඔහු අද 75 වැනි විය ඉක්මවා ගිය වැඩිහිටියෙකු වුවද තවමත් හේ තරුණයෙකු මෙන් ජවසම්පන්නය.

👉 මේ ආරියසීල වික්‍රමනායකගේ දිග කතාවේ මූලික සාරාංශයක් පමණක් වන අතර, ඔහුගේ සුවිශේෂී මෙහෙවර වූයේ හුදු ව්‍යවසායකයෙක් වීමෙන් නොනැවතී දේශීය ව්‍යවසායකයන් නඟා සිටුවීම සඳහා අනවරත අරගලයක නිරත වූ ව්‍යවසායකයෙක් වීමය.

👉 ඔහු ඒ අරගලයේ නිරත වූයේ පහසු තත්ත්වයක් යටතේ නොව රටේ දේශපාලන නායකයන්ගේ හා ආණ්ඩුවල විවිධ බාධාකිරීම් කඩාකප්පල් කිරීම් කන්දරාවක් මධ්‍යයේය. ඒ බාධා කිරීම් නිසාම ආරියසීල ඇතුළු පිරිසට බොහෝ විට තමන් අපේක්ෂා කළ උපරිම ජයග්‍රහණ කරා යාමට හැකි නොවීය.

👉 හම්බන්තොට වරාය පිළිබඳ මෙහි විස්තර නොකළ කතාව මීට කදිම උදාහරණයකි.

👉 අද වන විට ලංකාවේ බොහෝ ජනතා බලාපොරොත්තු සහිතව නව රජයක් බලයට පත් වී තිබේ. ඔවුන්ගේ කාර්යය විය යුත්තේ ආරියසීලලාගේ සිහිනය රටේ සිහිනය බවට පත් කරගැනීම සඳහා රජයක් ලෙස තම නොමඳ දායකත්වය සපයා දීමය.

ඉසුරු ප්‍රසංග ✍️
Next Page පිටුවෙන් උපුටා ගැනීමකී ස්තූතියී
Colombobusinesassociation

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ව්‍යාපාරික නායකයෙකු වන දේශමාන්‍ය හැරී ජයවර්ධන මහතා අභාවප්‍රාප්ත වී තිබේ.බේ.කලක සිට රෝගාතුරව සිටි ...
03/02/2025

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ව්‍යාපාරික නායකයෙකු වන දේශමාන්‍ය හැරී ජයවර්ධන මහතා අභාවප්‍රාප්ත වී තිබේ.බේ.

කලක සිට රෝගාතුරව සිටි ඒ මහතා මිය යන විට 82 වන වියේ පසු විය.

දොන් හැරල්ඩ් ස්ටැසන් ජයවර්ධන හෙවත් හැරී ජයවර්ධන මහතා 1942 අගෝස්තු 17 වැනි දින ජා-ඇළ ප්‍රදේශයේ දී උපත ලබා ඇත.

2008 වසරේදී ශ්‍රී ලංකාවේ පොහොසත්ම පුද්ගලයා ලෙස ලැයිස්තු අතරට එක්ව ඇති එතුමා මෙරට ඩෙන්මාර්කය සඳහා ගරු කොන්සල් ජනරාල්වරයෙකු ලෙසද කටයුතු කර ඇත.

ප්‍රසිද්ධ කර්මාන්තකරුවෙකු මෙන්නම ප්‍රබල ව්‍යාපරිකයෙකු වූ ජයවර්ධන මහතා මිය යන විට මෙල්ස්ටාකෝප් පීඑල්සී හි සභාපතිවරයා ලෙස මෙන්ම ඩිස්ටිලරීස්, ශ්‍රී ලංකා පීඑල්සී, ලංකා බෙල් සහ එයිට්කන් ස්පෙන්ස් පීඑල්සී යන සමාගම්වල ද සභාපතිත්වය දැරීය.

ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ පළමු ශ්‍රී ලාංකික සභාපතිවරයා වූ දේශමාන්‍ය කන්දයියා කෙන් බාලේන්ද්‍ර අභාවප්‍රාප්ත වී තිබේ.මියය...
03/02/2025

ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ පළමු ශ්‍රී ලාංකික සභාපතිවරයා වූ දේශමාන්‍ය කන්දයියා කෙන් බාලේන්ද්‍ර අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඒ මහතා 84 වන වියේ පසුවුණි.

කෙන් බාලේන්ද්‍ර යනු මෙරට ව්‍යාපාරික ලෝකයේ සන්ධිස්ථානයක් ලෙස හැඳින්විය හැකිය.

ජෝන් කීල්ස් සමූහයේ සභාපතිත්වය දරන වකවානුවේ දී එහි පාලිත සමාගම් සියල්ලගේම සභාපතිවරයා ලෙසින් කෙන් බාලේන්ද්‍ර මහතා කටයුතු කළ අතර ඊට අමතර ලංකා දුම්කොළ සමාගම, බ්‍රැන්ඩික්ස්, යූනියන් ඇෂුවරන්ස් ඇතුළු සමාගම් ගණනාවකම සභාපති ධූර මෙන්න අධ්‍යක්ෂ ධූර ද හොබවා ඇති බාලනේද්‍ර මහතා ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපතිවරයෙකු (1998 - 2000) ද වේ.

Address

199/1/1, Galle Road
Colombo
00300

Opening Hours

Monday 09:00 - 16:00
Tuesday 09:00 - 16:00
Wednesday 09:00 - 16:00
Thursday 09:00 - 16:00
Friday 09:00 - 16:00

Telephone

+94777773841

Alerts

Be the first to know and let us send you an email when Colombo Business Association posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Colombo Business Association:

Share