Venasa Transgender Network

Venasa Transgender Network We are a non-profit organization based in Colombo, Sri Lanka, that advocates and works for the rights and betterment of the transgender commiunity in SL.

🏳️‍⚧️ Trans Youth Healthcare ගැන ඇමරිකාවේ නව තීරණයක්Trump පරිපාලනය විසින් transgender minors සඳහා ලබාදෙන ඇතැම් gender-af...
19/08/2026

🏳️‍⚧️ Trans Youth Healthcare ගැන ඇමරිකාවේ නව තීරණයක්

Trump පරිපාලනය විසින් transgender minors සඳහා ලබාදෙන ඇතැම් gender-affirming healthcare සඳහා Medicaid සහ CHIP හරහා ලබාදෙන federal funding සීමා කිරීමට නව නීතියක් අවසන් කර තිබෙනවා.

මෙම තීරණය transgender youth සඳහා සෞඛ්‍ය සේවා ලබාගැනීම, සමානාත්මතාවය සහ මානව හිමිකම් පිළිබඳව නැවතත් පුළුල් සාකච්ඡාවක් ඇති කර තිබෙනවා.

💙 සෑම දරුවෙකුටම ආරක්ෂිත, ගෞරවාන්විත සහ අවශ්‍ය සෞඛ්‍ය සේවාවන් වෙත ප්‍රවේශ වීමට හැකි වීම වැදගත්.

🏳️‍⚧️ New US Decision on Healthcare Funding for Trans Youth

The Trump administration has finalized a rule that restricts federal Medicaid and CHIP funding for certain gender-affirming healthcare for transgender minors.

The decision has renewed public debate around healthcare access, equality, human rights, and the wellbeing of transgender young people.

💙 Every young person deserves access to safe, respectful and appropriate healthcare.

🏳️‍⚧️ Respect • Equality • Healthcare • Human Rights
Read more 👉
https://www.lgbtqnation.com/2026/08/administration-finalizes-plan-to-strip-federal-funds-from-trans-youth-health-care/

#🏳️‍⚧️

සියලුම දෙනාට පින්බර ඇසළ පොහෝ දිනයක් වේවා!ඇසළ පොහෝ දිනය අපට සිහිපත් කරන්නේ බුදුදහමේ උතුම් වටිනාකම් වන කරුණාව, සමානාත්මතාව...
29/07/2026

සියලුම දෙනාට පින්බර ඇසළ පොහෝ දිනයක් වේවා!

ඇසළ පොහෝ දිනය අපට සිහිපත් කරන්නේ බුදුදහමේ උතුම් වටිනාකම් වන කරුණාව, සමානාත්මතාව, ගෞරවය සහ මෛත්‍රියයි.

මෙම පින්බර දිනයේ ජාතිය, ආගම, ලිංගිකත්වය හෝ ස්ත්‍රී-පුරුෂ භාවය නොබලා, සෑම මනුෂ්‍යයෙකුටම ගෞරවයෙන්, සමානාත්මතාවයෙන් සහ ආදරයෙන් සැලකීමට අප සැම අදිටන් කරමු.

ඔබටත් ඔබගේ පවුලේ සැමටත් සාමය, සතුට සහ යහපත පිරි ඇසළ පොහෝ දිනයක් වේවා!

Wishing everyone a Blessed Esala Full Moon Poya Day!

May this sacred Esala Poya remind us of the timeless values of compassion, loving-kindness, equality, and respect for all.

Let us continue to build a society where every person—regardless of gender identity, sexual orientation, religion, or background—is treated with dignity, acceptance, and humanity.

May this blessed day bring peace, wisdom, happiness, and hope to you and your loved ones. 💙🩷🤍

Happy Esala Poya!

"අවුරුදු 40 යි. මට තාමත් Trans වෙන්න පුළුවන්ද?"අපෙන් නිතරම අසන ප්‍රශ්නයට පිළිතුර ඔව්.💙🏳️‍⚧️වයස ඔබේ ලිංග අනන්‍යතාවය තීරණය...
27/07/2026

"අවුරුදු 40 යි. මට තාමත් Trans වෙන්න පුළුවන්ද?"

අපෙන් නිතරම අසන ප්‍රශ්නයට පිළිතුර ඔව්.💙🏳️‍⚧️

වයස ඔබේ ලිංග අනන්‍යතාවය තීරණය කරන්නේ නැහැ. නිවැරදි තොරතුරු, වෛද්‍ය උපදෙස් සහ සහාය සමඟ ඔබේ ගමන ඕනෑම වයසකදී ආරම්භ කළ හැකිය.

වැඩි විස්තර සඳහා පහත තොරතුරු පත්‍රිකාව කියවන්න.

🌈 සමාජයක් වශයෙන් අපි ඉදිරියට යන්නේ දැනුම, ගෞරවය සහ අවබෝධය සමඟයි.ජපානය LGBTQ+ සහ ලිංගිකත්වය සහ ලිංගික අනන්‍යතාවන්  පිළිබඳ...
23/07/2026

🌈 සමාජයක් වශයෙන් අපි ඉදිරියට යන්නේ දැනුම, ගෞරවය සහ අවබෝධය සමඟයි.

ජපානය LGBTQ+ සහ ලිංගිකත්වය සහ ලිංගික අනන්‍යතාවන් පිළිබඳ දැනුවත්භාවය වැඩි කිරීම සඳහා අධ්‍යාපනික වැඩසටහන් ශක්තිමත් කිරීමට පියවර ගනිමින් සිටී.

අධ්‍යාපනය යනු කිසිවෙකු වෙනස් කිරීම නොව, එකිනෙකා තේරුම් ගැනීමට සහ ගරු කිරීමට ඉගෙන ගැනීමයි. විවිධත්වය පිළිගන්නා සමාජයක් සෑම පුද්ගලයෙකුටම ආරක්ෂිත සහ සාධාරණ අවකාශයක් නිර්මාණය කරයි.

❤️🧡💛💚💙💜
අවබෝධය වැඩි වන තැන භීතිය අඩුවේ.
ගෞරවය වැඩි වන තැන සමානාත්මතාවය වර්ධනය වේ.

🌈✨

සංක්‍රාන්ති ලිංගික පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පිළිබඳ වැදගත් නීතිමය සංධිස්ථානයක් 🏳️‍⚧️සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන් හට නීත...
20/07/2026

සංක්‍රාන්ති ලිංගික පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පිළිබඳ වැදගත් නීතිමය සංධිස්ථානයක් 🏳️‍⚧️

සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන් හට නීත්‍යානුකූල ක්‍රමවේදය අනුව තම ලිංගිකත්වය/ස්ත්‍රී-පුරුෂභාවය සම්බන්ධ තොරතුරු සංශෝධනය කිරීම සඳහා නිකුත් කර ඇති චක්‍රලේඛය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කර ඇත. ඒ අනුව, දැනට ක්‍රියාත්මක වන චක්‍රලේඛය තවදුරටත් වලංගු වන අතර, ට්‍රාන්ස්ජෙන්ඩර් පුද්ගලයන්ට පවතින නීත්‍යානුකූල ක්‍රියාපටිපාටිය ඔස්සේ තම අනන්‍යතාව පිළිගැනීමේ ක්‍රියාවලිය ඉදිරියටත් පවත්වාගෙන යා හැකිය.

2002 වසරේ සිට ආරම්භ වූ සංක්‍රාන්ති ලිංගික පුද්ගලයන්ගේ අයිතිවාසිකම් සඳහා වූ අඛණ්ඩ සටනේ වැදගත් සංධිස්ථානයක් මෙලෙස සටහන් වේ. එමෙන්ම මෙම නඩු තීන්දුව මඟින් සංක්‍රාන්ති ලිංගික පුද්ගලයන් මුහුණ දෙන නීතිමය, පරිපාලනමය සහ මානව හිමිකම් සම්බන්ධ ගැටලු ජාතික මට්ටමේ අවධානයට යොමු විය යුතු බව පෙන්වා දෙන අතර, අනාගත නීතිමය හා ප්‍රතිපත්තිමය ප්‍රතිසංස්කරණ සඳහා ශක්තිමත් පදනමක් ද සකස් කරයි. එතෙක් අපගේ උත්සාහයන් තවදුරටත් අඛණ්ඩව ඉදිරියට රැගෙන යමු.

අද දින මෙම නඩුවෙහිදී සංක්‍රාන්ති සමාජභාවි පුද්ගලයන් වෙනුවෙන් පෙනීසිටි ඒ සඳහා කැපවීමෙන් කටයුතු කළ සියලුම නීතිඥ මහත්ම මහත්මීන්ටද, මානව හිමිකම් ක්ෂේත්‍රයේ සියලු ක්‍රියාකාරීන්ට සහ මේ සටනට දායක වූ සැමට වෙනස අපගේ හෘදයාංගම ස්තූතිය පිරිනමමු.

සෑම පුද්ගලයෙකුටම ගෞරවයෙන්, සමාන අයිතිවාසිකම් සමඟ ජීවත් වීමේ අයිතිය ඇත. 🌹🏳️‍⚧️

A Significant Legal Milestone for the Rights of Transgender People 🏳️‍⚧️

The Supreme Court has dismissed, without hearing, the Fundamental Rights petition that sought to invalidate the circular issued to enable transgender individuals to legally amend information relating to their sex/gender through the established legal procedure. As a result, the circular currently in force remains valid, and transgender people can continue to have their gender identity legally recognized through the existing lawful process.

This marks an important milestone in the ongoing struggle for the rights of transgender people, which has continued since 2002. The court's decision also highlights the need for greater national attention to the legal, administrative, and human rights challenges faced by transgender individuals, while laying a strong foundation for future legal and policy reforms. Until then, let us continue our efforts with determination.

Today, we extend our heartfelt gratitude to all the lawyers who appeared on behalf of transgender individuals in this case and worked with dedication, as well as to all human rights advocates and everyone who contributed to this struggle.

Every person has the right to live with dignity and equal rights. 🌹🏳️‍⚧️

🏳️‍⚧️🌈

🏳️‍⚧️ සංක්‍රාන්තික සමාජභාවී ප්‍රජාවට වැදගත් පියවරක්!ඇමරිකාවේ රෝහල්වල සංක්‍රාන්තික සමාජභාවී  පුද්ගලයන්ට ලබාදෙන ලිංගික අනන...
18/07/2026

🏳️‍⚧️ සංක්‍රාන්තික සමාජභාවී ප්‍රජාවට වැදගත් පියවරක්!

ඇමරිකාවේ රෝහල්වල සංක්‍රාන්තික සමාජභාවී පුද්ගලයන්ට ලබාදෙන ලිංගික අනන්‍යතාවය තහවුරු කිරීමේ (gender-affirming) සෞඛ්‍ය සේවාවන් රටපුරා තහනම් කිරීමට ගත් උත්සාහයන් ඉවත් කර ගැනීම් සිදු කර ඇත.

මෙය ට්‍රාන්ස් අයිතිවාසිකම් වෙනුවෙන් කටයුතු කරන සංවිධානවලට මෙන්ම, සාක්ෂි මත පදනම් වූ සෞඛ්‍ය සේවාවන්ට සහය දක්වන ප්‍රධාන වෛද්‍ය සංගම්වලට වැදගත් ජයග්‍රහණයක් ලෙස සැලකේ.

🏳️‍⚧️ A Positive Step for Trans Rights!

An effort to impose a nationwide restriction on hospitals providing gender-affirming care for transgender people has been withdrawn.

This is seen as a significant victory for transgender rights advocates and for major medical associations that support evidence-based healthcare.

💙 Every person deserves access to respectful, evidence-based healthcare and the right to be treated with dignity and equality.

👉Read More
https://www.lgbtqnation.com/2026/07/backs-off-attempt-to-nationally-ban-hospitals-from-providing-trans-care/

#ට්‍රාන්ස්අයිතිවාසිකම් #සමානාත්මතාව #මානවහිමිකම් #සෞඛ්‍යඅයිතිය #ගෞරවයෙන්ජීවත්වීමටඅයිතිය

🌏✈️ Honored and Excited to Share!Venasa We delighted to have participated in the Feminist Opportunities Now (FON) Asia P...
23/06/2026

🌏✈️ Honored and Excited to Share!

Venasa We delighted to have participated in the Feminist Opportunities Now (FON) Asia Partners Meet 2026 in Bangkok, Thailand.

This was Organized under the Feminist Opportunities Now (FON) project and facilitated by CREA, this regional gathering brought together partners from across Asia to engage in meaningful discussions on gender justice, feminist movements, and collective efforts to address gender-based violence.

It was a valuable opportunity to connect with inspiring activists, community leaders, and organizations, share experiences from Sri Lanka and Bangladesh, learn from diverse perspectives, and strengthen regional solidarity.

We are grateful to CREA and the FON consortium for creating this space for dialogue, collaboration, and learning. I look forward to bringing back the knowledge, connections, and inspiration gained through this experience to further support the communities we serve through Venasa.

Together, we continue working towards a more inclusive, equitable, and just world for all.

එකමුතුකමේ ශක්තියෙන් සමාජයට ආලෝකයක්...මෙම මස පැවති අනුරාධපුර සිවිල් සමාජ සංවිධාන සම්මේලනයේ මහ සභා රැස්වීම සාර්ථකව පැවැත් ...
21/06/2026

එකමුතුකමේ ශක්තියෙන් සමාජයට ආලෝකයක්...

මෙම මස පැවති අනුරාධපුර සිවිල් සමාජ සංවිධාන සම්මේලනයේ මහ සභා රැස්වීම සාර්ථකව පැවැත් වූ අතර, පසුගිය කාලය තුළ ඇති වූ අයහපත් දිට්වා කාලගුණික තත්ත්වයන් සහ හදිසි අවස්ථාවන්හිදී ජනතා සුභසිද්ධිය වෙනුවෙන් කැපවී සේවය කළ සිවිල් සමාජ සංවිධාන හා ස්වේච්ඡා සේවකයින් ඇගයීමේ සහතිකපත්‍රවලින් පිදුම් ලැබීය.

මෙම අවස්ථාවේදී වෙනස සංක්‍රාන්තික සමාජභාවී පුද්ගලයන්ගේ ජාලයෙහි අපගේ සහභාගීත්වය වෙනුවෙන් ලැබුණු මෙම ඇගයීම අපට මහත් ගෞරවයක් සහ දිරිගැන්වීමක් වූ අතර සමාජයේ සියලුම පුද්ගලයින්ගේ අයිතිවාසිකම්, සමානාත්මතාවය සහ යහපැවැත්ම වෙනුවෙන් අපගේ කැපවීම තවදුරටත් ශක්තිමත් කිරීමට මෙය මහඟු ශක්තියක් වනු ඇත.

මෙම ගමනේදී අප සමඟ කැපවීමෙන් කටයුතු කරන Venasa volunteer team එක සදහාද අපගේ හෘදයාංගම ස්තුතිය පුද කරමු. ඔබගේ කාලය, ශ්‍රමය සහ කැපවීම නොමැතිව මෙම සේවාවන් ඉදිරියට ගෙන යාම අපහසුය. 🙏❤️

සමාජ සේවය යනු වෘත්තියක් නොව, හදවතින් සිදුකරන උතුම් වගකීමකි. ජනතාව වෙනුවෙන් තම කාලය, දැනුම සහ ශක්තිය කැප කරන සියලුම සිවිල් සමාජ නායකයින් හා ස්වේච්ඡා සේවකයින් අප සමාජයේ සැබෑ ශක්තියයි.

අපගේ අනන්‍යතාවය වලංගුයි.ජූනි මාසය Pride Month ලෙස සමරන මේ අවස්ථාවේ, සෑම පුද්ගලයෙකුගේම අනන්‍යතාවයට ගරු කිරීම අපගේ වගකීමකි...
11/06/2026

අපගේ අනන්‍යතාවය වලංගුයි.
ජූනි මාසය Pride Month ලෙස සමරන මේ අවස්ථාවේ, සෑම පුද්ගලයෙකුගේම අනන්‍යතාවයට ගරු කිරීම අපගේ වගකීමකි. ❤️

විවිධත්වය අපව වෙන් නොකරයි. එය අපව වඩාත් ශක්තිමත්, වර්ණවත් සහ ලස්සන සමාජයක් බවට පත් කරයි.
ආදරය, ගෞරවය සහ පිළිගැනීම මත පදනම් වූ ලෝකයක් ගොඩනගමු.

✨ ඔබ කවුද යන්න ගැන ආඩම්බර වන්න.
✨ ඔබේ හඬට වටිනාකමක් ඇත.
✨ ඔබේ අනන්‍යතාවය වලංගුයි

🌈 Happy Pride Month!

🌈 Our Identity Is Valid.

This Pride Month, we celebrate the beauty of diversity, inclusion, and authenticity. Every person deserves respect, dignity, and the freedom to be who they truly are.

Let's build a world where everyone feels seen, valued, and accepted.

💜 Be Yourself.
💙 Be Proud.
💚 Be Respected.
❤️ Be Loved.

Together, we create a more inclusive future for all.

🌈💜

🌈 Love is Love. Equality is for Everyone. 🌈Let’s celebrate diversity, promote inclusion, and stand together for respect,...
07/06/2026

🌈 Love is Love. Equality is for Everyone. 🌈

Let’s celebrate diversity, promote inclusion, and stand together for respect, dignity, and human rights for all. Every voice matters. Every person belongs.

Address

Colombo

Opening Hours

Monday 09:00 - 19:00
Tuesday 09:00 - 19:00
Wednesday 09:00 - 19:00
Thursday 09:00 - 19:00
Friday 09:00 - 19:00
Saturday 09:00 - 19:00
Sunday 09:00 - 19:00

Telephone

+94774447639

Website

Alerts

Be the first to know and let us send you an email when Venasa Transgender Network posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Venasa Transgender Network:

Shortcuts

Share