Unions Lanka

Unions Lanka Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Unions Lanka, Nonprofit Organization, Dehiwala, Colombo.

23/08/2026

රනිල් කියන විදියට රට වැටෙන්නද යන්නෙ? නීතීඥ ජානක අධිකාරී ඖෂධ සංස්ථා ...

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථා සේවක සංගමයේ වාර්ෂික මහ සමුලුව අද දින (21) පිළියන්දල ගල් බංගලාවේදී පැවැත්විණි. සෞඛ්‍ය නියෝජ්‍ය...
21/08/2026

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථා සේවක සංගමයේ වාර්ෂික මහ සමුලුව අද දින (21) පිළියන්දල ගල් බංගලාවේදී පැවැත්විණි. සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි, ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ ජාතික කමිටු සාමාජික නීතීඥ ජානක අධිකාරී, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථා සභාපති ආචාර්ය අජිත් ෂන්මුගනාදන් යන අයගේ ප්‍රධානත්වයෙන් පැවති සමුලුව සඳහා සංගමයේ ලේකම් ජගත් චන්‍ද්‍රසිරි සහෝදරයා ඇතුලු සංගම් සාමාජිකයින් සහභාගී විය.

21/08/2026

තමන්ට සත පහක්වත් වැඩිකරගත්තෙ නැති ආණ්ඩුව ඉදිරි බජට් එකෙනුත් සෞඛ්‍ය ක්‍ෂේත්‍රය ගොඩනංවන්න විශාල මුදලක් වෙන්කරනවා.
නීතීඥ ජානක අධිකාරී

20/08/2026
2026 අය වැය යෝජනා අනුව, මාර්ග සංවර්ධන අධිකාරියේ අනියම් හා කොන්ත්‍රාත් පදනමින් සේවය කල 197 දෙනෙක්ට ස්ථිර පත්වීමේ ලිපි පිර...
20/08/2026

2026 අය වැය යෝජනා අනුව, මාර්ග සංවර්ධන අධිකාරියේ අනියම් හා කොන්ත්‍රාත් පදනමින් සේවය කල 197 දෙනෙක්ට ස්ථිර පත්වීමේ ලිපි පිරිනැමීම පුවාහන මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ආසිරි කරැණාවර්ධන මැතිතුමාගේ පුධානත්වයෙන්, 2026. 08. 17 දින සිදුකරන ලදි. මෙම අවස්ථාවට සමස්ත ලංකා දුම්රිය සේවකයින්ගේ පොදු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් එස්.පී. විතානගේ සහෝදරයාද සහභාගී විය.

19/08/2026

විශ්‍රාමික ගැටලු ගැන වැටුප් කොමිසමට සංදේශයක්...

අන්තර් සමගම් සේවක සංගමය තවත් සටනක් ජයග්‍රාහීව අවසන් කරයි.======================================වසර පහකට  පමණ පෙර කටුනායක...
17/08/2026

අන්තර් සමගම් සේවක සංගමය තවත් සටනක් ජයග්‍රාහීව අවසන් කරයි.
======================================
වසර පහකට පමණ පෙර කටුනායක වෙළෙඳ කලාපයේ ඒ.ටී.ජී ඔකියුපේෂනල් ආයතනය (ATG Occupational) තුළ වෘත්තීය සමිතියක් ආරම්භ කිරීමට ගත් උත්සාහයේදී ඒ සඳහා නායකත්වය ගත් අන්තර් සමාගම් සේවක සංගමයට චින්තක ප්‍රදීප් සහෝදරයා ව්‍යාජ චෝදනා නගා සේවයෙන් පහ කරන ලදී..
ඊට විරුද්ධව ආයතනය තුළ දැවැන්ත අරගලයක් ක්‍රියාත්මක වූ අතර අවසානයේ අන්තර් සමාගම් සේවක සංගමයේ ශාඛාවක් එම ආයතනය තුළ පිහිටුවීමට හැකි වූ අතර සටනේ එක් අදියරක් ජයග්‍රහීව නිමා කරන ලදී.
අනෙක් අදියරේ ජයග්‍රාහනය පසුගියදා ලබාගන්නා ලදි. එනම් සටනට නායකත්වය ලබා දුන් චින්තක ප්‍රදීප් සහෝදරයා සෙවයෙන් පහ කිරීමට එරෙහිව පැවරු නඩුව පසුගියදා ජයග්‍රාහීව අවසන් විය. පළමුවර කම්කරු උසාවිය තුළ ලැබූ තීන්දුවට එරෙහිව ආයතන විසින් ඉහළ අධිකරණ තුල අභියාචනා සිදු කලද එම සෑම අධිකරණයක් තුළම අපගේ තර්කය ජයග්‍රහණය කරන ලදී.
ඒ අනුව අවසාන වශයෙන් ආයතනය චින්තක ප්‍රදීප් සහෝදරයා හිඟ වැටුප් සහිතව නැවත සේවය පිහිටුවීමට අදාල අධිකරණ නියෝගයට අනුව කටයුතු කරන ලදී. ඔහු අද දින (17) නැවත සේවයට වාර්ථා කල අතර උනුසුම් සහෝදරත්වයකින් ඔහුව පිළිගන්නා ලදි.
ජයග්‍රහණයන් එක් රැයකින් බලාපොරොත්තු නොවිය යුතු අතර පරාජය වන්නේ සටන් කිරීම අත්හරින මොහොතේ බවත් ජයග්‍රහණය තීරණය වන්නේ අත් නොහැර සටන් කිරීමෙන් බවත් පැහැදිලිය. මෙය අන්තර් සමාගම් සේවක සංගමයේ අත්නොහැර අවසානය දක්වා සටන් කිරීම පිළිබඳ තවත් එක් උදාහරණකි.

17/08/2026

EPF/ETF අරමුදල්වලට කිසිදු හානියක් වෙන්නෙ නෑ...
විපක්‍ෂෙ හැමදාම පොතට කලින් පිටකවරෙ බැලුවෙ...
වාර්තාවක් ගන්න කමිටුවක් පමණයි පත්කරල තියෙන්නෙ..

රාජ්‍ය දැව සංස්ථාවේ සේවක සහෝදරයන්ව දැනුවත් කිරීමේ අවස්ථාව. ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය වෙනුවෙන් ගාමිණී රත්නසිරි සහෝද...
14/08/2026

රාජ්‍ය දැව සංස්ථාවේ සේවක සහෝදරයන්ව දැනුවත් කිරීමේ අවස්ථාව. ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය වෙනුවෙන් ගාමිණී රත්නසිරි සහෝදරයා සම්බන්ධ වූ අතර මෙය රත්මලාන, කල්දෙමුල්ල පරිශ්‍රයේදී පවත්වනු ලැබිණි.

Address

Dehiwala
Colombo

Alerts

Be the first to know and let us send you an email when Unions Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share