22/08/2026
එගොඩ කැළණි පුදබිමේදී ජීවමාන සංඥාවෙන් සිදුකළ ඖෂධ පූජාව
៚━━━━━━━━ • ❂ • ━━━━━━━━࿐
බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩසිටි සමයේ උන්වහන්සේට හටගත් රෝගාබාධ කිහිපයක් පිළිබඳව ත්‍රිපිටකයේ සඳහන් වේ.
ආයුර්වේද හා දේශීය වෛද්‍ය ක්‍රමවල පැවත එන පුරාණ වට්ටෝරු මෙන්ම, භේසජ්ජක්ඛන්දයේ සඳහන් ඖෂධ වර්ගද අනුගමනය කරමින්, විවිධ රෝගාබාධ සඳහා භාවිත වූ ඉපැරණි ඖෂධ වර්ග 116ක් අප අතින්ම සකස් කර ගෞරවයෙන් පූජා කළෙමු.
මෙම උතුම් ඖෂධ පූජාව ජීවමාන භාග්‍යවතුන් වහන්සේ ඇතුළු තුන්කල් වැඩසිටින ආර්ය මහා සංඝරත්නය අරමුණු කරමින් සිදු කළ අතර, එහිදී බුදුරජාණන් වහන්සේට හටගත් රෝගාබාධ හා ඒ සඳහා භාවිත කළ ඖෂධ පිළිබඳවද විශේෂ අවධානය යොමු කරන ලදී.
⚜️තුනටිය අපහසුවට.
හීං අරත්ත අල, දේවදාර, රසකිද, බැබිල, සාරණ, ගල් මද, සුද්ධ ගුගුල් ,වැල් කහඹිලියා, කිළිද හාල්, ඇහැල පොතු, බොකුටු, ආපසුමධු යන ඖශධ වලින් සකස් කල පානයක්.
⚜️හිසේ අපහසුතාවයට.
නෙළුම් රේණු, ඉඟුරු පියලිය, බිං කොහොඹ, දේවදාර, වියලි මුද්දරස්පලම්, වැල්මී යන ඖශධ වලින් සකස් කල පානයක්.
⚜️ලේ අතීසාරයට.
වළද සහල්, වියළි ඉඟුරු, ගම්මිරිස්, තිප්පිලි, කලාඳුරු අල, බිං කොහොඹ යන ඖශධ වලින් සකස් කල පානයක්.
අතීතයේදී ජීවක වෙදදුරන් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට යම් ආකාරයකින් ඖෂධ සකස් කර උවටැන් කළාද, ඒ අයුරින්ම එම පුරාණ සම්ප්‍රදායට ගරු කරමින්, ජීවමාන සංඥාවෙන් යුතුව මෙම ඖෂධ වර්ග අප අතින්ම සකස් කර පූජා කිරීම සිදු කරන ලදී.
ඉහතින් දැක්වූයේ බුදුරජාණන් වහන්සේට වැළඳුනු රෝග සඳහා ඖශධ පමණි. මේ ආකාරය ඖශධ වර්ග 116 ක් සකස් කරන ලදි. ඖශධ සැකසීමේදී සොයා ගත යුතු ඉතාම දුර්ලභ ශාක කොළ, පොතු, මුල්, මල් ආදිය සීහල දීපය පුරා වනාන්තර වලින් සොයාගෙන "පත 8, 1 ට සිඳීම", "පත4 1ට සිඳීම" වැනි ක්‍රමයන් නිවරදිව, නියමිත "කලං" ප්‍රමාණයන් අනුව ගනිමින් සකසා ජීවමාන සංඥාවෙන් බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ තුන්කල් පහළ වූ ආර්‍යය මහා සංඝරත්නය මේ ඖශධ පිළිගනිත්වා! සුවපත් වේවා! යයි සිතා ඖෂධ පූජාවන් සකසා විශේෂයෙන් සැකසූ මැටි පාත්‍ර වල බහා පූජා කරන ලදි. රෝගාබාධයට අවශය වනුයේ පත්තු බැඳීමක්, ආලේපනයක් නම් එම ඖශධය සමඟ බැන්ඩේජ්, ගෝස්, පුලුන්, ප්ලාස්ටර්, කතුරු ආදිය සමඟ සියලුම ආකාරයෙන් අංගසම්පූර්ණව රතු පලස් දමා වේදිකාවක් මත පැනවූ ආසනයක ගෞරව සම්ප්‍රයුප්තව පූජා කරන ලදි.
නිරතුරුවම ජීවමාන සංඥාවෙන් යුතුව දින ගණනක් වෙහෙස මහන්සිවෙමින් මෙවැනි ආකාරයේ පිංකමක් සිදු කිරීමට ලැබෙනුයේ බොහෝවිට ජීවිතයක වරක් දෙවරක් පමණි. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ රහතන් වහන්සේලා පන්සියයක් සමවත් සුවයෙන් වැඩ සිටි අසිරිමත් එගොඩ කැලණි පුද බිමේ දී මෙම ඖෂධ පූජාව සිදුකළ අතර මෙම පිංකම අවසානයේදී මාතර මහින්ද ස්වාමීන් වහන්සේගේ සුමදුර ස්වරයෙන් අසිරිමත් ධර්ම දේශනාවක්ද සිදු කළ අසිරිමත් පින්කම නිමා කරන ලදී , ඒ දුර්ලභ අවස්තාව ලද "සසුන් කෙත අස්වද්දමු" මිතුරන් සැවොම සැබෑම වාසනාවන්තයෝ ය. මේ ආකාරයයෙන් බුදුරජාණන් වහන්සේ ඇතුළු ආර්‍යය මහා සංඝරත්නයේ නිරෝගී සුවය පතා කරන ලද මේ මහානීය ඖශධ පූජාවෙන් ජනිත වුනා වූ සියලු පුණ්‍ය සංස්කාරයෝ මේ පිංකම සඳහා දායකත්වය දැරූ සියලු මිතුරන්ටත්, ඖශධ සකස් කල සියලු මිතුරන්ටත්, පිංකම සඳහා අපමණ වෙහෙස මහන්සි වූ හර්ශ,ප්‍රියන්ත,නුවන්,උශාන්ත,මධුර ඇතුළු "සසුන් කෙත අස්වද්දමු" කළණ මිතුරන්ටත්, ඖෂධ වට්ටෝරු පිළිබඳ අපට වෛද්‍ය උපදෙස් ලබා දුන් Keshala Dasanayaka , Erandi Gunathilaka, Sanjeewani යන වෛද්‍යවරියන් ටද , එගොඩ කැලණි විහාරාධිකාරි අතිපූජනීය අඹේපුස්සේ අමරජෝති ස්වාමීන් වහන්සේට ද, අතිපූජනීය මාතර මහින්ද ස්වාමින් වහන්සේටද ඇතුළු සියලු ස්වාමීන්වහන්සේලාටද , දැකබලා අනුමෝදන් වන ඔබ සැමටත් නිර්වාණය අවබෝධය පිණිසම සියලු පින් හේතු උපකාර වේවා!!!
තෙරුවන් සරණයි!