11/09/2026
අනුන් කරපු වැරදි කරන්න නෙවේ #පුනරුද රජයක් පත් වුනෙ - දේශපාලන වාසි තකා දරුවන් අවභාවිතාව නවත්වන්න! TB Sarath
නියෝජ්ය ඇමති T B Sarath වෙත,
ඔබ දරුවන් ස්පර්ශ කරන පිංතූර දැකලා බුකිය රත්වුනාට පස්සෙ මේ ඔබ විසින්ම BBC News සිංහල වෙත දුන්නු ප්රතිචාරය:
//ඔය ජාතියේ ෆොටෝ කොච්චර නම් තිබ්බ ද මහින්දලාගේ පැත්තේ. ඔය ලියන මහත්තුරු ලිව්වේ නැහැනේ මහින්දට එහෙම. නාමල්ලාගේ කොච්චර ෆොටෝ තියෙනවා ද ඕවා. අකුරැස්සේ 400ක් දරුවෝ දූෂණය කරපු පොහොට්ටුවේ සභාපතිට ඔය ලියන මහත්තුරුන්ගේ කාලේ මොකක් ද වුණේ... හම්බන්තොට ළමා අපචාර කරපු අයට මොකද වුණේ, ඒ දවස්වල පත්තරයක් අරන් බලන්නකෝ, කොච්චර නම් පොහොට්ටුවේ ප්රාදේශීය සභා මන්ත්රී අහවල් ළමයා දූෂණය කරලා... ඒ දවස්වල පත්තර ටිකක් අරන් බලන්නකෝ කොච්චර ද කියලා. එදා කටක් ඇරපු නැති ඒ මහත්තුරුන්ගේ කට්ටිය දැන් ඔය ලියන්නේ දරුවෙකුට වඳින්න එපා කියලා අතින් අල්ලලා කියපුවා ම, ඒක ලියනවා නම් ඔය විදියට එදා දූෂණයට ලක් වෙච්ච ඒවා ගැන මොනවා ද ඒ මහත්තුරු ලිව්වේ? ඒ මහත්තුරුගේ කට්ටිය නේ. ඔය ෆේස්බුක්වල ලියන කට්ටිය හොයලා බැලුවොත් ඔය දේශපාලන පක්ෂවල කට්ටිය නේ//
පහුගිය දේශපාලකයින් කරපු කියපු දේවල් ප්රතික්ෂේප කරපු නිසා තමයි ඒගොල්ලන්ව ගෙදර යවලා, මහජනතාව NPP ඔබලාව පත් කර ගත්තේ. එබැවින් පරණ දේවල් සන්සන්දනය කිරීම බොලඳ තර්කයක්. තවද, ඔබ පවසා ඇති සියලුම අවස්ථාවන් හිදී ළමා අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නොපැකිලී පෙනී සිටින ළමා හිංසනයට තිත පදනම/Stop Child Cruelty Trust මැදිහත් වී ඇති බව වගකීමෙන් ප්රකාශ කරමි.
කොටින්ම, පාසල් දරුවන්ගෙ අනන්යතාවය හෙලි කරමින් දේශපාලන වාසි ලබා ගැනීමට එදිරිව වර්ථමාන ජනාධිපති Anura Kumara Dissanayake ගෙ මාධ්ය අංශයට, අගමැති සහ අධ්යාපන ඇමති Harini Amarasuriya ගෙ මාධ්ය අංශයට සහ කාන්තා හා ළමා කටයුතු ඇමති Saroja Paulraj ගෙ මාධ්ය අංශයට පවා පැමිණිලි කර ඇත. නමුත් මහ කකුලුවො කෙලින් නොයා කක්කුට්ටො කෙලින් යන්නෙ නැති බව ඔබේ මාධ්ය අංශයත් මැනවින් ඔප්පු කරමින් සිටී. දරුවන්ගෙ මුහුණ පෙන්වමින් තොග ගණන් ඡායාරූප තමුන්ගෙ පෞද්ගලික සමාජ මාධ්ය හරහා ප්රචාරණය කිරීම වෙනුවට, දරුවන්ගෙ පිටුපසින් ගත් එක් ඡායාරූපයකින් පණිවිඩය සමාජගත කරගන්න අසමත් මාධ්යකරණය ලාමකයි, අශිෂඨයි, අසීලාචාරයි.
නමුත්, බලය ඇති ඔබට මේ සමාජ ප්රතිරෝධය භාවිතා කරලා විශාල දේශපාලන පරිවර්තනයක් සඳහා පහත ආකාරයට සූක්ෂමව කටයුතු කල හැකි බව අපි කාරුණිකව පෙන්වා දෙමු:
1️⃣ දේශයෙ හද ගැස්ම වන දරු පුරවැසියන්ගෙ අයිතිවාසිකම් සහ ආරක්ෂණය/Child Rights and Protection, NPP ප්රතිපත්ති ප්රකාශය අනුව දේශපාලන න්යාය පත්රයෙ කේන්ද්රය බවට පත් කිරීමට පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කරන්න. සාමූහික සමාජ වගකීම ඉටු කරන්න මූලිකත්වය ගන්න.
2️⃣ වයසට සරිලන ලිංගිකත්ව අධ්යාපනය/Age Appropriate Sexuality Education වහාම අනිවාර්ය කිරීමට අධ්යාපන ඇමතිට බල කරන්න. ඔබත් ඉගෙන ගන්න.
3️⃣ අවුරුදු 5 ක් තිස්සෙ තෙපරබාන 'ජාතික ළම ආරක්ෂණ ප්රතිපත්තිය/National Child Protection Policy' ක්රියාත්මක කිරීම ඔබේ ආණ්ඩුවෙන් තවත් වසර 5 කට කල් දැමීම ප්රතික්ෂේප කරලා, ළමා කටයුතු ඇමතිට එය වහාම ක්රියාත්මක කිරීමට යෝජනා කරන්න. 'ළමයාගෙ පෞද්ගලිකත්වය හා මාධ්යය' කියව ගන්න.
4️⃣ ජාතික ළමා ආරක්ෂක අධිකාරියට පසුගිය වසරෙ පමණක් ළමා කෘරත්ව පැමිණිලි 3300+ ක් ලැබී ඇත. 2025 දි පාර්ලිමේන්තුවට දාලා හකුල ගත්තු ශාරීරික දඬුවම් අහෝසි කිරීමේ නීති සංශෝධන පනත් කෙටුම්පත/Legal Reform Bill to End Corporal Punishment වහාම පාස් කරන්න කියලා අධිකරණ ඇමති Harshana nanayakkara ට මතක් කරන්න. ඒවත් වැරදි ස්පර්ශ සම්බන්ද අපරාධ බව සිහියේ තබා ගන්න.
5️⃣ 2024 සිට අතිගරු ජනාධිපති තුමා වෙත ළමා අයිතිවාසිකම් සංවිධාන 30කට අධික, විශේෂඟයින් 35 කට අධික සංඛ්යාවක් යවපු ලියුම් සහ යෝජනා වලට "ප්රමුඛව සහ කඩිනමින් අවධානය යොමු කල යුතු ජාතික වශයෙන් වැදගත් කටයුතු වල කාර්ය බහුලත්වය" ලෙස පිළිතුරු දෙමින් සිවිල් සංවිධාන සමඟ සාකච්ඡාවක් ප්රතික්ෂේප කර ඇත. ළමා ආරක්ෂණ අර්බුදය/Child Protection Crisis ජාතික වශයෙන් වැදගත් නොවන බව පිළිගන්නා රාජ්ය නායකයාට කනේ පහරක් දෙන්න... සද්භාවයෙන් පහරදීම ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජයෙ සාපරාධී ක්රියාවක් නොවේ!!
බලය වගවීමට ලක් කිරීම මාගෙ පුරවැසි වගකීම බව තරයෙ විශ්වාස කරන අතර, නීතිගරුක පුරවැසියෙක් ලෙස බලාපොරොත්තු වූ *වෙනස* පුනරුදයෙ මිත්යාවක් බව ප්රත්යක්ෂ කර ගනිමින් සිටිමි.
මීට,
ළමා හිංසනයට තිත පදනමේ නිර්මාතෲ/සභාපති
වෛද්ය තුෂර (තුෂාරා නෙවේ) වික්රමනායක
*NPP මඩ බලකාය - විදුරගෙ පිංතූර ඇලෙව්වට මට වැඩක් නෑ. එයාව ගෙදර අරින්න පළවෙනි වෙඩි මුරය තිබ්බෙත් මමයි. ඔබේ ගැතිකම් මට අදාල නෑ!!!
*උපුටා ගැනීම වෛද්ය Tushara Wickramanayaka
゚viralシ ゚