21/04/2026
2019 අප්‍රේල් මස 21... පාස්කු ඉරිදා දින මිලේච්ඡයන් විසින් සිදු කළ බෝම්බ ප්‍රහාරය...
අදට ඒ ඛේදවාචකය සිදු වී අවුරුදු 7...
😢😢😢
"කොළඹ ශැංග්‍රිලා හෝටලයේ පිපිරූ පළමු බෝම්බයට ගොදුරු වී තුවාල සිදු වුවත් තම ජීවිතාරක්ෂාව වෙනුවෙන් එම ස්ථානයෙන් ඉවත්වීම වෙනුවට නැගිටවිත්, එම ස්ථානයේ සිටි, පළමුවෙනි බෝම්බයට ගොදුරු වූ විදේශිකයෙකුට උදවු කරමින් සිටින අතරතුරේ මිලේච්ඡයන් විසින් පුපුරවන ලද දෙවන බෝම්බයට ගොදුරු වී දිවි අහිමි විය..."
පාස්කු ප්‍රහාරයෙන් දිවි අහිමි වූ ලක්ෂාන් රොඩ්‍රිගො (2002 A/L) ඉසිපතන විද්‍යාලයීය ආදි ශිෂ්‍යයා...
ඉසිපතන විදු බිමෙන් බිහිවූවෙකු කිසි විටෙකත් ප්‍රශ්න මගහැර පලා නොයා අනිත් අයටත් උදවු කරන බව පෙන්වමින්, වීරයෙක් ලෙස ඔබ දිවියෙන් සමු ගත්තා...
අන් සෑම දෙයකටම වඩා "ජීවිතය, මනුෂ්‍යත්වය වටිනා බව" මියැදෙන්න මොහොතකට පෙර ඔබ සිදු කළ ඒ උතුම් ක්‍රියාවෙන් පෙන්වා දුන්නා.
ඔබ අප අතරින් සමුගෙන අදට සත්වසරක්......
ආදි ඉසිවර Lakshan Rodrigo ( 2002 A/L ) මහතාට ඉක්මන් භවයකදී නිවන් අවබෝධ කරගැනීමට හැකිවේවා!!!!…
💚💚💚
මෙම අභාග්‍ය සම්පන්න සිදුවීමේදි අනෙකුත් දිවි අහිමි වූවන්හටද ඉක්මන් භවයකදී නිවන් අවබෝධ කරගැනීමට හැකිවේවා!!!!…/ මොක්සුව ලැබේවා!!!
රෝගීවී, අසරණ ව සිටින්නන් හට නිදුක් නිරෝගී සම්පත්තිය උදා වී පෙර සේම ජීවත් වීමට වාසනාව උදා වේවා!!!
💚💚💚
ජීවිතයට සමුදෙන්න මොහොතකට පෙර ඔබ කළ ඒ උතුම් ක්‍රියාව අප කිසිදෙනක අමතක නොකරන්නෙමු...
💚💚💚
අපි අදිටනින් වෙර වඩමු!!!
මනුෂ්‍යත්වය අගයමින් ධර්මිෂ්ට සමාජයක් ගොඩනැගීමට!!!
💚💚💚
_
_
https://web.facebook.com/isipathanaJOBU/posts/1281351095403211