11/11/2024
ආණ්ඩුවේ දිශානතිය හීනකොට
ජාතික ආරක්ෂාව විනාශ කරන්න යන යූ ටියුබ් මෙහෙයුම
..............................................................
වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක මහත්තයා පත්වෙලා හරියටම මාස දෙකක් කිට්ටු වෙන්න එනවා.මේ වෙද්දි මාළිමාව නියෝජනය කරපු මන්ත්‍රීවරු තුන් දෙනාගෙන් දෙදෙනක් සහ ජනාධිපතිවරයා එකතු වෙලා තමයි බාරකාර ආණ්ඩුව පිහිටුවලා තියෙන්නේ.දැන් මේ වෙද්දී රටේ ක්‍රියාත්මක වෙමින් තියෙන්නේ මහ මැතිවරණයක්.ඒ නිසා මේ පුංචි ආණ්ඩුව මූලිකම අවදානය දීලා තියෙන්නේ රටේ අත්‍යවශ්‍ය මුලික ප්‍රශ්න වලට.ඒ නිසා ආණ්ඩුවේ දිශානතිය තවම පැහැදිලි නෑ.ඒකට හේතුව ජනාධිපතිවරයා පත්වුණාට,ඔවුන්ගේ ආණ්ඩුවක් සඳහා තවම ජනවරම ලැබිලා නෑ.ඒ නිසා ආණ්ඩුව සංයමයකින් කටයුතු කරන්නේ.ඒක හරි වගේම ඒක වියයුතු දෙයක්."වළං කඩේට පැන්න හරකා වගේ" වැඩ කරන්න බෑ.
ආණ්ඩුවේ දිශානතිය හොයාගන්න බැරි නිසා බොහොමයක් ආයතන ක්‍රියාත්මක කරන්නෙත් සංයමයෙන්.ඒක සාමාන්‍ය දෙයක්.අන්න එහෙම මොහොතක සමහර කල්ලි කන්ඩායම් ඉන්නවා ආණ්ඩුවේ දිශානතිය "මෙන්න මෙහෙම" වෙන්න ඕන කියලා පෙන්නන්න හදන,බලපෑම් කරන්න හදන,තර්ජනය කරන්න හදන අය.ඒක සාමාන්‍ය අපේ වගේ තුන්වන ලෝකේ රටවල් ඇතුළේ වෙන දෙයක්.
එක එක විශයන් ගැන කතා කරන්න පුළුවන් වුණත් මේ වෙලාවේ කතා කරන්නම ඕන මාතෘකාවක් නිසා අපි කතා කරන්නෙ ජාතික ආරක්ෂාව ගැන.මොකක්ද මේ ජාතික ආරක්ෂාවට වෙන්න යන්නේ?
හොඳම උදාහරණය තමයි මේ මෑතක ඇමරිකාවෙන් දුන්න ඔත්තුවක් මත ආරුගම්බේ සිද්ධිය සම්බන්ධයෙන් ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය.ඉතාම හොඳට,අවබෝධයෙන්,අවධානයෙන් ලස්සනට වැඩේ කළමනාකරණය කරනවා.මොකද ආණ්ඩුව ඒක හරියට කළ නිසයි මේ රටේ සංචාරක ක්ෂේත්‍රය බේරගන්න පුළුවන් වුණේ.ඒක ඇත්ත හෝ බොරු හෝ වුණත් ආණ්ඩුවත්,ආරක්ෂක අංශත් ඉතාම සංවිධානාත්මක විදිහට වැඩේ අවසන් කළා තුවාලේ වනේ වෙන්න කලින්.
දැන් කතාව ඒක නෙමේ.මාළිමා ආණ්ඩුවක් වුණත් නැතත් මේ රට මහා දැවැන්ත පෙරළියකට සූදානම් වෙනකොට ඒක වට්ටන්න හාන්සි කරන්න කුඩු පට්ටම් කරන්න සූක්ෂම විදිහට කණ්ඩායම් ක්‍රියාත්මක වෙනවා.ඒ කණ්ඩායම් අතරින් ප්‍රබලම කණ්ඩායමක් තමයි ඔය පාතාලය සහ ත්‍රස්ථවාදීන්.විවිධාකාරයේ ගේම් ඒ අය ප්ලෑන් කරනවා.
උදාහරණයක් ගත්තම යහපාලන ආණ්ඩුව ජාතික ආරක්ෂාව,ආරක්ෂක අංශ කෙරෙහි ක්‍රියාත්මක වුණු දඩයම ඉතාම දරුණුයි.අපරාධ වෙනුවෙන් සිදුවන පරීක්ෂණ මාධ්‍ය ඉදිරියට ගෙනල්ලා ඉතාම දැවැන්ත ප්‍රහාරයක් ආරක්ෂක අංශවලට යොමු කළා.ආණ්ඩුව විතරක් නෙමෙයි ඉතාම සංවිධානාත්මක සිවිල් කණ්ඩායම් ආරක්ෂක අංශ සහ ආණ්ඩුඩු අතර සම්බන්ධය දුරස් කළා.ඒක ක්‍රම දෙකකට සිද්ධ කළා,
01. ආරක්ෂක අංශ නිළදාරින් කෙරෙහි ආණ්ඩුවට සැකයක් මතුකළා.
02.ආරක්ෂක අංශ නිළදාරීන් සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණ ආණ්ඩුවේ ලකුණු පුවරුවේ කොටසක් කරගන්න උත්සහ ගත්තා.
අන්න මේක නිසා ජාතික ආරක්ෂා දරුණු හානියකට පත්වුණා.හොඳම උදාහරණය රාජ්‍ය බුද්ධි ප්‍රදානී නාලක සිල්වා සම්බන්ධයෙන් සමාජ ක්‍රියාකාරී නාමල් කියන පුද්ගලයා ගෙනාවා ජනාධිපති ඝාතනය කුමන්ත්‍රණ කතාවක්,අන්න ඒක නිසා එම නිළදාරින් එක පැත්තකින් අත් අඩංගුවට ගත්තා.දෙක දේශපාලනික මැදිහත්වීම මත මේ රටේ සිදුකරපු අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණ කරනකොට අදාල චෝදනා එල්ල වුණු ආරක්ෂක අංශයේ නිළදාරින් සමඟ සමස්ත ආරක්ෂක අංශයම මහජනතාව ඉදිරියේ සැකයට මතුකළා.මෙන්න මේ නිසා ජාතික ආරක්ෂාව හුදෙකලා බාවයට පත්වුණා.ඒ වෙන කිසිවක් නිසා නෙමෙයි දේශපාලන වාසි ගන්න යාම නිසා වුණේ.අවසානයේ 2019 අප්‍රේල් 21 ප්‍රහාර මාලාව සිද්ධ වෙන තැනට ජාතික ආරක්ෂාව විනාසයට ගියා.
දැන් වර්තමාන ජනාධිපතිවරයා පත්වෙලා මාස දෙකයි,තවම ආණ්ඩුවක් නෑ.ආණ්ඩුවක් පත්වෙන්න නියමිතයි.අන්න ඒ දේ මුලික කරගෙන ඉතාම සංවිධානාත්මක විදිහට මේ රටේ ජාතික ආරක්ෂාව බාර ආරක්ෂක නිලධාරීන් මුලික කරගනිමින් ප්‍රහාරයක් එල්ලවෙමින් යන්නේ.ඒක සිද්ධ කරන්නේ විදෙස් ගතව ඉන්න,විවිධ චෝදනාවට ලක්වුණ යූටියුබ් කෑල්ලක් අටව ගත්ත පිරිස්.දැන් ඒ පිරිස ආණ්ඩුවේ දිශානතිය ඔවුන්ගේ බලපෑම,තර්ජනය,මත එක තැනකට ගන්න යන්නේ.විශේෂයෙන් ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් සෙල්ලම පටන් ගන්න යන්නේ.කොහොමද වැඩේ වෙන්නේ?
මේ දවස්වල අපි දැක්ක දෙයක් තමයි විශේෂ කාර්ය බලකාය මූලික කරගෙන ඉතාම සූක්ෂම විදිහට ප්‍රහාරයක් එල්ල කරමින් යනවා.මොකක්ද ඒකට හේතුව.ලංකාවේ පාතාලය,මත්කුඩු,ජාවාරම් සියල්ල සම්බන්ධයෙන් මර්දනය කිරීමේ පරම අයිතිය සහ හැකියාව තියෙන්නේ විශේෂ කාර්ය බලකායට.මේ වෙද්දි පහුගිය අවුරුදු දෙකට අවි ආයුධ 150 කට ආසන්න සංඛ්‍යාවක් හොයාගෙන තියෙනවා.මේ දේවල් හොයාගත්තේ පාතාලයෙන්.ඔබ හිතන්න එහෙම ආයුධ අල්ලලත් මනුෂ්‍ය ඝාතන 200කට ආසන්නයි.මේ මිනිස්සු නෙමෙයිද? මේ මිනිස්සුන්ට මානව අයිතියක් නැද්ද? ජීවත් වෙන්න ඉඩක් නැද්ද? ඒත් ඒ බව දැන දැන පාතාලයට කඩේ යන මේ යු ටියුබ්කාරයෝ විශේෂ කාර්ය බලකායේ ඉහළ ඉඳලා පහලට කේන්ද්‍ර කරගෙන ගහගෙන ගහගෙන යන්නේ.
මේ ප්‍රහාරයට ලක්වෙන්නේ විශේෂ කාර්ය බලකායේ අණ දෙන නිළදාරී ජ්‍යේෂ්ට නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර.ඔහුට එල්ල වෙන මූලික චෝදනාව මොකක්ද? ඔහු ඔහුගේ නිළදාරින්ට තියෙන අපරාධ නඩු ඉවත් කරගන්න කියලා ජනාධිපතිවරයාගෙන් ඉල්ලුවා කියලා.ඒක කවුද ලියන්නේ? දිලිත් ජයවීරගේ අරුණ පත්තරේ? එහෙම වුණා නම් අනුර කුමාර දිසානායක මහත්තයා රටට ඒක කියන්න ඕන.ඒත් කියන්න බෑ.හේතුව ? එහෙම හමුවීමක් වෙලා නෑ?ඕන මෝඩයෙක් වුණත් ජනාධිපති හම්බෙන පළවෙනි රැස්වීමේ නීතිවිරෝධී ඉල්ලීමක් කරයි කියලා හිතනවා නම් උන්ගේ මොළේ අධෝ/මුඛයේ තියෙන්නේ.අනික අනුර කුමාර වගේ ජනාධිපතිවරයගෙන් ඉල්ලන්න පුළුවන්ද? කවදාවත් බෑ.ඒක සම්පුර්ණයෙන් ගොතපු බොරුවක්.හැබැයි වරුණ ජයසුන්දරට ගහන්න ගත්තේ ඒ අසත්‍ය ප්‍රවෘත්තිය මුලික කරගෙන.
ඊට පස්සේ එස් ටී එෆ් එක සම්බන්ධයෙන් ප්‍රහාරාත්මක සිදුවීම තමයි 2022 දී වෙච්ච "ඇඹිලිපිටියේ ඉන්දික" අත් අඩංගුවදී මියයෑමේ සිදුවීම.කොහොම වුණත් මේ සිදුවීමේදී ඉස්සෙල්ලම A වාර්තාවක් දාලා පසුව B වාර්තාවක් දාන තැනට සිදුවීම දුරදිග ගියා.මෙතනදී ආපු චෝදනාව තමයි ඉන්දිකව හිතාමතා ඝාතනය කළා කියලා.කෝමහරි අවසානයේ බලපිටිය මහේස්ත්‍රාත් නියෝගයක් දෙනවා ඇල්පිටිය කොට්ඨාශ අධ්‍යක්ෂකට මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරලා චෝදනා එල්ල වුණු එස් ටී.එෆ් පොලීස් පරීක්ෂක අත් අඩංගුවට ගන්න කියලා.කෝමහරි අදාල විමර්ශනය සිදුකරනකල් පොලිස් පරීක්ෂකවරයා අත් අඩංගුවට ගත්තේ නෑ.අන්තිමේ පොලිස් විමර්ශන වාර්තාව නීතිපතිට යොමුවුණා මොහුව අත් අඩංගුවට ගන්නද එපාද කියලා නීති උපදෙස් ලබාගන්න.අන්න ඒ විමර්ශනය යනකල් පොලිස් පරීක්ෂකවරයා අත් අඩංගුවට ගත්තෙ නැති නිසා අර සංවිධානාත්මක පිරිස වරුණ ජයසුන්දර ඇතුළු විශේෂ කාර්ය බලකාය ලෙලි ගහන්න ගත්තා.මොකක් කියලද? වරුණ අත් අඩංගුවට ගැනීම් වලට බාධාවෙනවා කියලා.
ඇත්තටම ඉන්දිකව අත් අඩංගුවට ගන්නේ අහුන්ගල්ලෙ පැත්තේ හෝටලයක 2022 දී වුණු සිද්ධියකට.ඉන්දික ඒ නඩුවේ 10 වෙනි සැකකරු.කෝම වුණත් ඉන්දික මිය යන්නේ ආයුධ පෙන්නන්න ගිහින්.ඒක ඇත්තද නැත්තද කියන කාරණය හොයන එක අධිකරණය සතු වගකීමක්.හැබැයි ඒ දේවල් වෙන අතර තුරේ කතාව වෙන පැත්තකට යවලා විශේෂ කාර්ය බලකායට ගහන එක වෙනම ගෙමක්.මෙන්න මේ සිදුවීමේදී එනවා ඉන්දිකව ගන්න වරුණ ජයසුන්දරත් ආවා කියලා.ඒ කට උත්තතර දෙන්නේ ඉන්දිකගේ අනියම් කාන්තාවක් වෙන පියුමි.පස්සේ මේ ගැන ව්මර්ශන කරනවා.අන්න් එතනදී ඔප්පු වෙනවා වරුණ ජයසුන්දර එතන හිටියේ නෑ කියලා.පියුම් බොරු සාක්ෂි ගෙතුවට රිමාන්ඩ් වෙලා දැන් ඇප ලැබිලා තියෙන්නේ.ඒත් කතාව තවමත් හදන්නේ වරුණ ජයසුන්දර එතන හිටියා කියලා.හදන්නේ අර රටින් බැහැරවෙලා ඉන්න යූ ටියුම් කාරයෝ.
දැන් එමු මේ යුටියුබ් හාදයෝ කවුද කියලා.ඇත්තටම මේ අයගෙන් බහුතරයක් රටින් බැහැරව ඉන්න අය.ඒ නිසා එයාලා කරන ගනුදෙනු,සම්බන්ධතා ගැන එළියට ඒමක් නෑ.ඒ අය මේ රටේ ආරක්ෂක අංශ කේන්ද්‍රකරගෙන ප්‍රහාර එල්ල කිරීමේ අරමුණු දෙකක් තියෙනවා,
01. රටින් බැහැරව ඉන්න පාතාල සාමාජිකයන්ට සෘජුව සහ වක්‍රව ඔවුන්ගේ අරමුණු ඉෂ්ට කරනවා
02. ඔවුන් වෙනත් රටක දේශපාලන ආරක්ෂාව ගන්න ඔහුට රාජ්‍ය භීෂණයක් ක්‍රියාත්මක වෙනවා කියලා පෙන්නවා.
මේ දවස්වල ඉන්නවා විශේෂ කාර්ය බලකායට වැඩියෙන්ම ගහන මිනිහෙක්.මිනිහා මිනිස්සු රට යවනවා කියලා ගෙඩිය පිටින් සල්ලි අරන් රටින් පැනලා ඉන්න මිනිහෙක්.මිනිහට විරුද්ධව පැමිණිලි විස්සකට වඩා තියෙනවා.ඒ හැමදේම මිනිස් ජාවාරම්.හැබැයි මිනිහව කොයිවෙලේ හරි අහුවුනොත් ඩිපෝට් කරන නිසා දැන් මිනිහා තමන්ගේ ආරක්ෂාව තහවුරු කරගන්න විශේෂ කාර්ය බලකාය එක්ක හැප්පෙනවා.අන්න ඒ හරහා ඔහුට රාජ්‍ය තර්ජනයක් තියෙනවා කියලා පෙන්නන්න යනවා.සිංහ|ලේ අරක මේක හදාගත්ත,රාජපක්ෂලට කඩේ ගිහිල්ලා ජාතිවාදය වැපරුව තරක්කඩියෝ දැන් අනුරගේ ආණ්ඩුවත් ආරක්ෂක අංශත් අතර ගැප් එක හදන්න යනවා.අනුරට මේ ආරක්ෂක අංශ එපා කරලා,අනුරගේ අතින්ම ඒ නිළදාරීන් දඩයම් කිරීමේ යහපාලන පා|දඩ ක්‍රමය ක්‍රියාත්මක කරවන්න උන් උත්සහ ගන්නවා.මේ හරහා ඇති කරන්න යනවා ජාතික ආරක්ෂාවේ ලොකු හිස්කමක්.අන්න ඒ හිස්කම ඉතාම භයානකයි.මොකද අම්බ හොරු යුක්තිය සාදාරණත්වය වෙනුවෙන් රටින් පැනලා කතා කරනකොට ඊළඟට වෙන්න යන්නේ මොකක්ද කියන එක ආණ්ඩුව අවධානයෙන් ඉන්න ඕන.ආණ්ඩුවේ දිශානතිය ඇඳලා දෙන්න හදන මු ටියුබ් අයියලා ජාතික ආරක්ෂාව මළගමට ඇරලා රට කුල්ල කුජිත කරන වැඩේ එච්චර හොඳ දෙයක් නෙමේ.ඒ නිසා ආණ්ඩුව මීට වඩා අවදානයෙන් ඉන්න ඕන.එහෙම නොවුනොත් යහපාලන අත්වැරදීම මේ රටට වෙන්න පුළුවන්.
මොකද දැන් ටික ටික මේ රට මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෝ පාලනය කරන්න ලෑස්ති වෙමින් ඉන්නේ.අන්න ඒකට එක චරිත දානවා.අන්න ඒ චරිත හදුන ගන්න නැත්තන් සියල්ල ගඟට කපපු ඉනි වෙනවා.